වත්මන් කොටස: model:
පාඩම මුල්‍ය ගනුදෙනු වල දී ඉස්ලාමීය සදාචාර
සදාචාරය සියලු ජීවිත කාරණා සමඟ සමීපව සම්බන්ධ වන අතර, ඇතැම් විට ඉස්ලාමීය මූල්‍ය පද්ධතියේ වැදගත්ම ලක්ෂණයක් වන්නේ සදාචාරාත්මක වටිනාකම් විය හැකිය. ඉස්ලාමීය මූල්‍ය ක්‍රමය අනෙකුත් මූල්‍ය පද්ධතිවලට වඩා සුවිශේෂී වන්නේ මේ හේතුවෙනි.
අනුමත වූ ඉපැයීම් සඳහා ක්‍රියාත්මක වීමට ෂරිආව විසින් අවසර දෙන සෑම දෙයක් ම ඉස්ලාමීය මූල්‍ය ගනුදෙනු වේ, මූල්‍ය ගනුදෙනුවලට මුදල් මත පදනම් වූ හෝ මූල්‍ය අයිතිවාසිකම් ඇති කරන සියලු ම කොන්ත්‍රාත්තු ඇතුළත් වේ. මිලදී ගැනීම සහ විකිණීම, කුලියට දීම, සමූහ ව්‍යාපාරය සහ වෙනත් කොන්ත්‍රාත්තු එයට නිදසුන් වේ. ඉස්ලාමීය ගණුදෙණුවලට අදාළ නීති රීති ඒවා මිනිසුන්ගේ මූල්‍ය හා ආර්ථික ගනුදෙනු නියාමනය කරන නීතිමය තීන්දු වේ.
ඉස්ලාමීය මූල්‍ය ගනුදෙනුවල අරමුණු සහ ඉලක්ක
ඉස්ලාමය සැබෑ ආගමකි. එය මිනිසුන්ට ප්‍රයෝජනවත් වන දේ සමඟ පැමිණ ඇත. එමෙන් ම එය ඔවුන්ව ප්‍රතිසංස්කරණය කරන දෑ සමඟ පැමිණ ඇත. මන් ද එම දහම මිනිසුන්ගේ මැවුම්කරුගෙන් පැමිණ ඇති බැවින්, ඔහු ඔවුන් ගැන සහ ඔවුන්ට ප්‍රයෝජනවත් වන දේ ගැන හොඳින් දනී. උත්තරීතර ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත: (සියල්ල) මැවූ ඔහු නොදන්නේ ද? ඔහු සියුම් ඥානීය; අභිඥානවන්ත ය. (සූරා අල්මුල්ක්:14) අනෙකුත් පිළිවෙත් හා නීති පද්ධති මෙන් නොව, ඉස්ලාම් ආගම පැමිණි ඇත්තේ ශරීරයේ අවශ්‍යතා සහ ලෞකික කාරණා මෙන් ම ආත්මයේ අවශ්‍යතා සහ පරලොව කාරණා සැලකිල්ලට ගන්නා මූල්‍ය ක්‍රමයක් සමඟිනි.
පළමුව - ලෞකික පැතිකඩ: ඉස්ලාමීය නීතිය මගින් මිනිසුන්ගේ මූල්‍ය ගනුදෙනු නියාමනය කෙරේ, ගනුදෙනු කරන සියලු පාර්ශවයන් අතර යුක්තිය ඉටු වන ආකාරයෙන් එය සැකසී ඇත. තවද එය සෑම පුද්ගලයකුට ම ඔහුට හිමි අයිතිය ලබා දෙන අතර සියල්ලන්ට ම ප්‍රමාණවත් බව ළඟා කර දෙයි. එමෙන් ම එය හලාල් වූ අනුමත ගනුදෙනුවල දොරකඩ පුළුල් කරමින් යම් හෝ ගනුදෙනුකරුවෙකුට හානි කරන සියලු දේවල් තහනම් කළේය.
දෙවනුව- ආගමික පැතිකඩ: සියලු ම ආගමික නීතිමය ප්‍රතිපාදනවල අවසාන ඉලක්කය වන්නේ දෙවියන්ගේ තෘප්තිය සාක්ෂාත් කර ගැනීම සහ ස්වර්ගය දිනා ගැනීම වේ, ඊට අමතරව, යුක්තිය පතුරුවා හැරීම සහ බංකොලොත් වූ අයෙකුට කල් ලබා දීම වැනි පුණ්‍ය කටයුතු සඳහා උනන්දු කරවීම, පොළිය සහ සූදුව වැනි හදවත් තුළ ක්‍රෝධය ඇති කරවන සියල්ල තහනම් කිරීම මඟින් ඉස්ලාමීය ගනුදෙනු වල ප්‍රතිපාදන ඇදහිලිවන්තයන් අතර සහෝදරත්වය තහවුරු කරයි.
පළමුව: යුක්තිය: එනම් කිසිදු වැඩිවීමක් හෝ අඩුවීමක් නොමැතිව මූල්‍ය ගනුදෙනුව සිදු කරන දෙපාර් ශවයේ අයිතිය ආරක්ෂ කිරීමයි. ඒ සඳහා: විකිණීම, එකම මිලට කුලියට දීම, යනාදි ගනුදෙනු නිදසුන් වේ. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත: "අල්ලාහ් ව්‍යාපාරය අනුමත කර ඇත" (සූරා අල්බකරා: 275) දෙවනුව: උපකාරය: එනම් බංකොලොත් වූ අයෙකුට කල් ලබා දීම නැතහොත් ඔහුව ණය බරින් ඉවත් කිරීම යනාදිය නිදසුනක් ලෙස කිව හැක. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත: ඔහු දුෂ්කරත්වයෙන් පෙළෙන අයෙකු නම් එවිට පහසුකම් ඇති වන තෙක් අවකාශයක් (ලබා දිය යුතුව) ඇත. තවද නුඹලා (එය) දානයක් ලෙස පිරිනැමීම නුඹලාට යහපතය. නුඹලා (ඒ බව) දැන සිටියෙහු නම්. (සූරා අල්බකරා: 280) එලෙසම, සේවකයෙකු සමඟ යම් වැටුපකට එකඟ වී පසුව ඔහුට ඊට වඩා වැඩි යමක් ලබා දීම ද එක් නිදසුනකි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත: තවද නුඹලා උපකාරශීලී ව කටයුතු කරනු. සැබැවින් ම අල්ලාහ් උපකාරශීලී ව කටයුතු කරන දැහැමියන් ව ප්‍රිය කරන්නේය. (සූරා අල්බකරා: 195)
තෙවනුව - අයුක්තිය: එය පොලී, සූදුව, සේවකයාගේ අයිතිය ප්‍රතික්ෂේප කිරීම යනාදී පුද්ගලයෙකු තම අයිතියට වඩා වැඩි යමක් ලබා ගැනීම සහ මිනිසුන්ගේ මුදල් අසාධාරණ ලෙස පරිභෝජනය කිරීම වේ. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත: අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. තවද නුඹලා විශ්වාසවන්තයින් ව සිටියෙහු නම්, පොලියෙන් ඉතිරි දෑ අත හැර දමනු. එලෙස නුඹලා කටයුතු නොකළේ නම් එවිට අල්ලාහ් හා ඔහුගේ දූතයා සමග යුද වැදීමට සූදානම් වනු යැයි දන්වා සිටිනු. තවද නුඹලා පශ්චාත්තාප වූයෙහු නම් එවිට නුඹලාගේ ප්‍රාග්ධනය නුඹලා සතුය. නුඹලා අපරාධ නොකළ යුතුය. තවද නුඹලා ද අපරාධයට ලක් නොවිය යුතු යි. (සූරා අල්බකරා: 278-279) නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ වදාලහ: නැවත නැගිටුවීමේ දී පාර්ශව තුනක් සමඟ මා විරුද්ධ වෙමි. මා කෙරෙහි දිවුරුමක් දී පසුව එය කඩ කළ පුද්ගලයා. නිදහස් පුද්ගලයකු විකුණා එහි මුදල් භුක්ති විඳි පුද්ගලයා. සේවකයෙකු කුලියට ගෙන ඔහු සම්පූර්ණ ලෙස තම රාජකාරිය ඉටු කළ පසු ඔහුට හිමි කුලිය ලබා නොදුන් පුද්ගලයා. (බුහාරි 2227)
ඉස්ලාමීය ගනුදෙනු වල ඇති සදාචාර කිහිපයක් (1)
ඉස්ලාමීය ගනුදෙනු වල ඇති සදාචාර කිහිපයක් (2)
اختر مستوى الشرح المناسب لك
يحتوي الدرس الآن على طبقات اختيارية تساعدك على المراجعة السريعة أو التعمق دون مغادرة الدرس.
- الملخص: نظرة سريعة في نحو دقيقة.
- الأساسي: محتوى الدرس الأصلي وهو المسار المعتمد للتقدم.
- المتعمق: تفاصيل إضافية اختيارية عند توفرها.
تقدمك وإكمال الدرس يعتمدان دائما على صفحات المستوى الأساسي.