වත්මන් කොටස: model:
පාඩම ස්වාමිපුරුෂයා සහ භාර්යාව තෝරා ගැනීමේ පදනම.
විවාහ ගිවිසුම ඉස්ලාමයේ වැදගත්ම ගිවිසුම්වලින් එකක් වන අතර උසස් ම ගිවිසුමක් ද වේ. එය එහි දෙපාර්ශ්වයන් සඳහා ගිවිසුමෙන් ඔහුගේ සුභසාදනය සහ ප්‍රතිලාභ අත්කර ගන්නා දේ සූදානම් කරන අතර විවාහ දිවිය දිගට ම කරගෙන යාමට සහ මුස්ලිම් නිවසේ ස්ථාවරත්වයට උපකාරී වන සේ ඉස්ලාමීය නීතිය මූලික පියවර වලින් එය වට කර ඇත.
පවුලක් ගොඩනැගීමේ ප්‍රධාන කුළුණු දෙක වන්නේ ස්වාමිපුරුෂයා සහ භාර්යාව ය. දහම ඔවුන් අතර හොඳ සම්බන්ධතාවයක් ඇති කිරීමට උනන්දු වී ඇත. තවද අල්ලාහ් මෙය තම ගැත්තන්ට ලබා දුන් ඔහුගේ සංඥා සහ ආශිර්වාදයන්ගෙන් එකක් බවට තහවුරු කළේය.
උතරිතර අල්ලාහ් ප්‍රකාශ කරයි: "තවද නුඹලා ඇය සමග වාසය කර (සැනසුම ලබ)නු පිණිස නුඹලා තුළින්ම නුඹලා වෙනුවෙන් බිරියන් මවා තිබීම ද ඔහුගේ සංඥා අතරිනි. තවද නුඹලා අතර ආදරය හා කරුණාව ඇති කළේය. නියත වශයෙන්ම එහි සිතන ජනයාට සංඥා ඇත." (අර් රූම් : 21).
යහපත් සහකරුවෙකු හෝ සහකාරියක් තෝරා ගැනීම.
යහපත් ජීවිත සහකරුවෙකු තෝරා ගැනීම ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කිරීමට සහ ස්ථාවර පවුලක් ගොඩනැගීමට ඇති වැදගත් ම පියවර යි.
සහකරු හෝ සහකාරිය තෝරා ගැනීම සඳහා වඩාත් ම වැදගත් නිර්ණායක
ජීවන සහකරුවෙකු තෝරා ගැනීමේ දී ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය ම උනන්දු විය යුතු මූලික පදනම මෙය යි. දැහැමි සහ සදාචාරසම්පන්න බව දෙවියන්ගේ කැමැත්ත මත දෙලොවෙහි ම සතුට ළඟා කර ගැනීමට ප්‍රමාණවත් වේ,
ධර්මිෂ්ඨ සහ ආගමික භාර්යාවක් තෝරා ගන්නා ලෙස නබිතුමාණෝ දිරිමත් කළහ. නබි තුමාණෝ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) පැවසූහ, “කාන්තාවක් කාරණා හතරක් සඳහා විවාහ වනු ලබයි., එනම් ඇගේ ධනය, ඇගේ වංශවත් බව, ඇගේ සුන්දරත්වය සහ ඇගේ දැහැමි බව, එබැවින් ඔබ දැහැමි කාන්තාවක් සමඟ විවාහ වන්න, ඔබට සෞභාග්‍ය හිමි වේ." (බුහාරි 5090, මුස්ලිම් 1466). ආගමානුකූල කාන්තාවක් සර්වබලධාරී අල්ලාහ්ට බිය වන අතර, තම සැමියා ඉදිරියේ සහ ඔහු නොමැති විට තම නිවසේ සහ ඔහුගේ අයිතිවාසිකම් සැලකිල්ලට ගනී.
ස්වාමිපුරුෂයෙකු තෝරා ගැනීමේ දී නබි තුමා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) පැවසුවේ: ඔබ තෘප්තිමත් චරිතයක් සහ දැහැමි බවක් ඇති අයෙකු ඔබ වෙත පැමිණියේ නම්, ඔහුව විවාහ කර දෙන්න, එසේ නොකළහොත්, භූමියේ අසමගිය සහ මහා අපරාධ ඇති වේ. (ඉබ්නු මාජා 1967). තවද සමහර ආගමික මුතුන්මිත්තෝ පැවසුවේ: "ඔබ ඔබේ දියණිය විවාහ කර දෙන්නේ නම්, ඇයව ධාර්මිෂ්ඨ කෙනෙකුට විවාහ කර දෙන්න, ඔහු ඇයට ආදරය කරන්නේ නම්, ඇයට ගෞරව කරයි, ඔහු ඇයට වෛර කළහොත් ඇයට පීඩා නොකරයි."
මානසික තෘප්තිය.
නබි තුමාණෝ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) පැවසූහ: “ආත්මයන්, බඳවා ගත් භටයන් හා සමාන ය. හිතවත් අය එකිනෙකාට නැඹුරු වෙති, නමුත් නාදුනන අය භේද වෙති” (බුහාරි 3336, මුස්ලිම් 2638). මෙය හිතවත් වීමට සහ ප්‍රීතිමත් විවාහ ජීවිතයක් දිගටම පවත්වාගනු පිණිස තෘප්තිමත්ව සිටීමේ සහ අඹු සැමියන් අතර මානසික ඒකාග්‍රතාව පවත්වා ගැනීමේ වැදගත්කම තහවුරු කරයි.
එබැවිනි කාන්කතාවට විවාහ යෝජනාවක් කිරීමට බලපොරෝතුවන ඕනෑම කෙනෙකුට මෙසේ පවසමින් නබිතුමා (ඔහුල අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය ඇත වේවා!) අණ කළේ . “ඇය දෙස බලන්න, ඇත්ත වශයෙන් ම එයින් ඔබ දෙදෙනා අතර දේවල් යහපත් වීමට ඉඩ ඇත.” (තිර්මිදී 1087). එයින් අදහස් කරනුයේ: ඔවුන් අතර සෙනෙහස සදා පවතින බවයි. එකිනෙකා දැන හඳුනා ගැනීමට සහ අනෙකා ගැන තමා තුළ තෘප්තියක් ඇති වීම සඳහා මෙම බැල්ම පිරිමියාගේ මෙන් ම කාන්තාවගේ ද අයිතියකි.
ගැලපීම
ගැලපීම යනු මුල්‍යමය හා සමාජීය තත්ත්වයන් තුළ අඹුසැමියන් අතර සමීපත්වය සහ ගැළපීම යි. සමහර විද්වතුන් මෙය කොන්දේසියක් ලෙස සළකන අතර තවත් සමහරු පිළිගත් මතය ලෙස සලකන්නේ ආගම සහ සදාචාරය පමණක් බවය. කෙසේ වෙතත්, අඹුසැමියන් අතර සමාජීය, අධ්‍යාපන හා මූල්‍ය මට්ටම්වල අසමානකම විවාහ ජීවිතය අස්ථාවර වීමට, එහි ව්‍යාකූලත්වයට සහ බිඳවැටීමේ තර්ජනයට හේතුවක් විය හැකි බවට සැකයක් නැත.
තෘප්තිය සහ පිළිගැනීම
ප්‍රවේශම් තෝරා ගැනීමකින් අනතුරුව, විවාහය සිදු විය යුත්තේ දෙපාර්ශවයේ ම තෘප්තිය සහ පිළිගැනීම ඇතිවය. එහි දී කිසිවෙකුගේ බලපෑම් හෝ බල කිරීමක් සිදු නොවිය යුතු අතර, ඔවුන් දෙපළට සමීපතම අයගෙන් කෙනෙකු ගෙන් වුව ද බලපෑම් හෝ බල කිරීමක් සිදු නොවිය යුතු ය.
නබි තුමාණෝ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) පැවසූහ: "වැන්දඹුවන්ගෙන් විමසීමෙන් පසුව මිස විවාහ කර නොදිය යුතු අතර, කන්‍යාවක් ඇයගේ අවසරයෙන් පසුව හැර විවාහ කර නොදිය යුතුය." ජනතාව: "අල්ලාහ්ගේ දූතයාණනි (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!)! අපි ඇයගේ අවසරය දැන ගන්නේ කෙසේ ද?" ඔහු පැවසුවේ, "ඇගේ නිශ්ශබ්දතාවය (ඇගේ අවසරය පෙන්නුම් කරයි). (බුහාරි 5136, මුස්ලිම් 1419). කන්සා බින්ත් කිදාම් අල් අන්සාරීයහ්ගේ සිදුවීමේ දී: ඇය ැන්දඹුවකව සිටිය දී ඇගේ පියා ඇයට විවාහ කර දුන් අතර ඇය එම විවාහයට අකමැති වූවාය. එබැවින් ඇය අල්ලාහ්ගේ දූතයා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) වෙත ගිය අතර ඔහු විවාහය අවලංගු බව ප්‍රකාශ කළේය.(බුහාරි 5138).
اختر مستوى الشرح المناسب لك
يحتوي الدرس الآن على طبقات اختيارية تساعدك على المراجعة السريعة أو التعمق دون مغادرة الدرس.
- الملخص: نظرة سريعة في نحو دقيقة.
- الأساسي: محتوى الدرس الأصلي وهو المسار المعتمد للتقدم.
- المتعمق: تفاصيل إضافية اختيارية عند توفرها.
تقدمك وإكمال الدرس يعتمدان دائما على صفحات المستوى الأساسي.