වත්මන් කොටස: model:
පාඩම සලාත් යන්නෙහි අර්ථය හා එහි මහිමය
සලාත් යන වචනයේ මූලික අර්ථය
සලාතය යනු ශාරීරික වන්දනාමාන ක්‍රියාවන්ගෙන් ශ්‍රේෂ්ඨතම සහ වැදගත්ම දෙය වන අතර එය හදවත, මනස සහ දිව යන තුනම එකතු කරන පුළුල් වන්දනාවක් වේ. එහි වැදගත්කම බොහෝ කාරණාවලදී පෙනී යයි.
2. එය මුස්ලිම් හා මුස්ලිම් නො වන අය වෙන් කර පෙන්වන්නකි. ඒ බව නබිතුමාණන් මෙසේ වදාල ඇත: "මුස්ලිම්වරයකු අතරත් දේවත්වයට ආදේශ කිරීම හා දේවත්වය ප්‍රතික්පේප කිරීම අතරත් වූ දෙය වනාහි සලාතය මගහැරීමයි." (මුස්ලිම් 82) තවද නබිතුමාණන් මෙසේ වදාල ඇත: "අප අතරත් ඔවුනතරත් තිබෙන්නාවූ ගිවිසුම වනාහි සලාතය වේ. කවරෙකු එය අත් හැරියේ ද සැබැවින් ම ඔහු ප්‍රතික්ෂේපකයකු විය." (තිරිමිදි 2621, නසාඊ 463)
3. උත්තම වූ ද මහෝත්තම වූ ද අල්ලාහ් එය ගමනක යෙදෙන විටත්, ගමෙහි නිරත ව සිටින විට, සාමය, යුද්ධය, සෞඛ්‍යය සහ රෝගාබාධ යන සෑම තත්ත්වයේ දී ම ආරක්‍ෂා කරන ලෙසත් එය හැකිතාක් ඉටු කළ යුතු බවටත් අණ කර ඇත. ඔහු මෙසේ පවසා ඇත: "සලාතයන් මත සුරක්ෂිත ව රැඳී සිටිනු." (අල්බකරා: 238), සහ ඔහුගේ විශ්වාසවන්ත ගැත්තන් පිළිබඳ මෙසේ පවසමින් විස්තර කර ඇත: "ඔවුන් වනාහි ඔවුන්ගේ සලාතයන් මත සුරක්ෂිත ව රැඳී සිටින්න්නන්ය." (අල් මුඃමිනූන්: 9).
සලාතයේ මහිමයන්
1. සැබැවින් ම සලාතය වනාහි පාපයන් සඳහා ප්‍රතිකර්මයකි. ඒ බව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමා මෙසේ වදාල ඇත: "පස්වේල සලාතය, එක් ජුමුුආ සලාතයක සිට අනෙකුත් ජුමුආ සලාතය දක්වා, මහා පාපයන් සිදු නො කළ හොත් ඒ කාල පරතරයන් අතර සිදු කරන ලද පව්වලට ඒවා ප්‍රතිකර්මයක් වේ." (මුස්ලිම් 233, තිර්මිදි 214)
2. එය මුස්ලීම්වරයාගේ ජීවිත කාලය පුරාවට ම බැබළෙන ආලෝකයක් වන අතර, යහපත සඳහා ඔහුට සහාය වී නපුරෙන් ඔහුව ඈත් කරයි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: "නියත වශයෙන් ම සලාතය අශික්ෂිත දැයින් හා පිළිකුල් සහගත දැයින් වළක්වයි." (අන්කබූත්: 45) නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමාණන් මෙසේ වදාලහ: "සලාතය ආලෝකයකි." (මුස්ලිම් 223)
සලාතය යනු ගැත්තෙකු තම ස්වාමියා සමඟ කතා කරන විට ඔහුට වඩාත්ම ප්‍රණීත මොහොත වේ. එබැවින් ඔහු සර්වබලධාරී අල්ලාහ් සමඟ සැනසීම, සන්සුන්කම සහ සමීපත්වය එහි දකිනු ඇත.
තවද එය නබිතුමාණන්ට තිබූ ඉතා මිහිරි ම දෑ එයයි. එතුමාණෝ මෙසේ පැවසූහ: "මාගේ සැනසීම සලාතය තුළ පත් කළෙමි." (අන්-නසාඊ 3940).
සලාතය වෙනුවෙන් ඇරයුම් කරන බිලාල් (රළියල්ලාහු අන්හු) තුමාණන් හට "අහෝ බිලාල්! එමඟින් අපට සැනසීම ඇති කරන්න" යනුවෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) පවසනු ඇත.(අබූ දාවූද් 4985)
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ යම් පීඩාවක් හෝ කරදරයක් පැමිණි විට සලාතය වෙත ම පිවිසෙනු ඇත. (අබූ දාවූද් 1319).