දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම සලාත් යන්නෙහි අර්ථය හා එහි මහිමය

ඉස්ලාමය තුළ සලාතය සඳහා විශාල ස්ථානයක් හිමි වන අතර එය මුස්ලිම්වරයෙකුගේ ජීවිතයේ අත්‍යවශ්‍ය කුළුණකි. මෙම ඒකකය තුළ, ඔබ සලාත් හි අර්ථය, එහි තත්ත්වය සහ ගුණධර්ම ගැන ඉගෙන ගනු ඇත.

  • සලාත්හි අර්ථය දැන ගැනීම.
  • ඉස්ලාම්හි සලාත‌යේ තත්ත්වය දැන ගැනීම.
  • සලාත්හි මහිමය හා එහි වැදගත්කම දැන ගැනීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

සලාත් යන වචනයේ මූලික අර්ථය

එහි තේරුම ඇරයුම වේ. එය ගැත්තෙකු සිය නිර්මාතෘ හා පරමාධිපති සමඟ පවත්වන සම්බන්ධතාවයි. එහි වහල්භාවයේ උත්තරීතර අර්ථය, අල්ලාහ් වෙත නැඹුරු වීම සහ ඔහුගෙන් උපකාර පැතීම යනාදිය ඇතුළත් වේ. ඒ අනුව එහි ඔහු අල්ලාහ්ට ආයාචනා කරයි, ඔහු සමඟ කතා කරයි, ඔහුව සිහිපත් කරයි. එබැවින් ඔහුගේ හදවත පැහැදිලි වේ. ඔහුගේ සහ ඔහු ජීවත් වන ලෝකයේ යථාර්ථය සිහිපත් කරයි. ඔහුට තම ස්වාමියාගේ තේජස හා දයාව දැනේ. එවිට මෙම යාච්ඤාව ඔහුව ආගම තුළ ස්ථාවර ව තබා අයුක්තිය, දුෂ්චරිතය සහ පාපයන්ගෙන් ඔහුව ඈත් කරනු ඇත. අල්ලාහ් මෙසේ පවසයි: "සැබැවින් ම සලාතය වනාහි දුශ්චරිතවලින් සහ පාපයන්ගෙන් වළක්වාලනු ඇත." (අන්කබූත්: 45).

සලාතයේ තත්ත්වය

සලාතය යනු ශාරීරික වන්දනාමාන ක්‍රියාවන්ගෙන් ශ්‍රේෂ්ඨතම සහ වැදගත්ම දෙය වන අතර එය හදවත, මනස සහ දිව යන තුනම එකතු කරන පුළුල් වන්දනාවක් වේ. එහි වැදගත්කම බොහෝ කාරණාවලදී පෙනී යයි.

1. එය ඉස්ලාම් දහමෙහි කුළුණු අතරින් දෙ වන කුළුණ වේ. ඒ බව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමා මෙසේ පවසා ඇත: ඉස්ලාම් දහම කරුණු පහක් මත ගොඩනැගී ඇත. ඒවා වනාහි: නැමැදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවකුත් නොමැති බවත් මුහම්මද් තුමාණන් ඔහුගේ ධර්ම දූතයාණන් බවත් සාක්ෂි දැරීම, සලාතය ස්ථාපිත කිරීම.......(බුහාරි 8‍, මුස්ලිම් 16) ගොඩනැගිල්ලක කුළුණක් වනාහි එම ගොඩනැගිල්ල රඳා පවතින පදනම වන අතර එය නොමැතිව එම ගොඩනැගිල්ල නො පවතී.

2. එය මුස්ලිම් හා මුස්ලිම් නො වන අය වෙන් කර පෙන්වන්නකි. ඒ බව නබිතුමාණන් මෙසේ වදාල ඇත: "මුස්ලිම්වරයකු අතරත් දේවත්වයට ආදේශ කිරීම හා දේවත්වය ප්‍රතික්පේප කිරීම අතරත් වූ දෙය වනාහි සලාතය මගහැරීමයි." (මුස්ලිම් 82) තවද නබිතුමාණන් මෙසේ වදාල ඇත: "අප අතරත් ඔවුනතරත් තිබෙන්නාවූ ගිවිසුම වනාහි සලාතය වේ. කවරෙකු එය අත් හැරියේ ද සැබැවින් ම ඔහු ප්‍රතික්ෂේපකයකු විය." (තිරිමිදි 2621, නසාඊ 463)

3. උත්තම වූ ද මහෝත්තම වූ ද අල්ලාහ් එය ගමනක යෙදෙන විටත්, ගමෙහි නිරත ව සිටින විට, සාමය, යුද්ධය, සෞඛ්‍යය සහ රෝගාබාධ යන සෑම තත්ත්වයේ දී ම ආරක්‍ෂා කරන ලෙසත් එය හැකිතාක් ඉටු කළ යුතු බවටත් අණ කර ඇත. ඔහු මෙසේ පවසා ඇත: "සලාතයන් මත සුරක්ෂිත ව රැඳී සිටිනු." (අල්බකරා: 238), සහ ඔහුගේ විශ්වාසවන්ත ගැත්තන් පිළිබඳ මෙසේ පවසමින් විස්තර කර ඇත: "ඔවුන් වනාහි ඔවුන්ගේ සලාතයන් මත සුරක්ෂිත ව රැඳී සිටින්න්නන්ය." (අල් මුඃමිනූන්: 9).

සලාතයේ මහිමයන්

අල් කුර්ආන් හා සුන්නාහ් වෙහි සලාතයේ මහිමය පිළිබඳ බොහෝ සාධක පැමිණ ඇත. ඒවායින් සමහරක් මෙහී දැක් වේ.

1. සැබැවින් ම සලාතය වනාහි පාපයන් සඳහා ප්‍රතිකර්මයකි. ඒ බව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමා මෙසේ වදාල ඇත: "පස්වේල සලාතය, එක් ජුමුුආ සලාතයක සිට අනෙකුත් ජුමුආ සලාතය දක්වා, මහා පාපයන් සිදු නො කළ හොත් ඒ කාල පරතරයන් අතර සිදු කරන ලද පව්වලට ඒවා ප්‍රතිකර්මයක් වේ." (මුස්ලිම් 233, තිර්මිදි 214)

2. එය මුස්ලීම්වරයාගේ ජීවිත කාලය පුරාවට ම බැබළෙන ආලෝකයක් වන අතර, යහපත සඳහා ඔහුට සහාය වී නපුරෙන් ඔහුව ඈත් කරයි. උත්තරීතර අල්ලාහ්‌ මෙසේ පවසා ඇත: "නියත වශයෙන් ම සලාතය අශික්ෂිත දැයින් හා පිළිකුල් සහගත දැයින් වළක්වයි." (අන්කබූත්: 45) නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමාණන් ‌මෙසේ වදාලහ: "සලාතය ආලෝකයකි." (මුස්ලිම් 223)

3. අවසන් දින ගැත්තෙකු පළමුවෙන් විමසනු ලබන්නේ සලාතය පිළිබඳවයි. එය විධිමත් වී පිළිගැනීමට ලක් වූයේ නම් අනෙකුත් සියළු ක්‍රියාවන් පිළිගනු ලැබේ. එය ප්‍රතික්ෂේප වූයේ නම් අනෙකුත් සියළු ක්‍රියාවන් ප්‍රිතික්ෂේප වේ. ඒ පිළිබඳ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමා මෙසේ වදාල ඇත: "ගැත්තෙකු විමසනු ලබන පළමු දෑ සලාතයයි. එය විධිමත් වූයේ නම් ඔහුගේ සියළු ක්‍රියාවන් විධිමත් වේ. එය අවිධිමත් වූයේ නම් ඔහුගේ සියළු ක්‍රියාවන් අවිධිමත් වේ." (අල් මුඃජමුල් අව්සත් ලිත් තබරානී 1859)

සලාතය යනු ගැත්තෙකු තම ස්වාමියා සමඟ කතා කරන විට ඔහුට වඩාත්ම ප්‍රණීත මොහොත වේ. එබැවින් ඔහු සර්වබලධාරී අල්ලාහ් සමඟ සැනසීම, සන්සුන්කම සහ සමීපත්වය එහි දකිනු ඇත.

තවද එය නබිතුමාණන්ට තිබූ ඉතා මිහිරි ම දෑ එයයි. එතුමාණෝ මෙසේ පැවසූහ: "මාගේ සැනසීම සලාතය තුළ පත් කළෙමි." (අන්-නසාඊ 3940).

සලාතය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ සැනසීමයි.

සලාතය වෙනුවෙන් ඇරයුම් කරන බිලාල් (රළියල්ලාහු අන්හු) තුමාණන් හට "අහෝ බිලාල්! එමඟින් අපට සැනසීම ඇති කරන්න" යනුවෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) පවසනු ඇත.(අබූ දාවූද් 4985)

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ යම් පීඩාවක් හෝ කරදරයක් පැමිණි විට සලාතය වෙත ම පිවිසෙනු ඇත. (අබූ දාවූද් 1319).

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.