වත්මන් කොටස: model:
පාඩම සලාතයේ කොන්දේසි හා එහි නීතිය.
සලාතයේ කොන්දේසි
කිලිටිවලින් සහ අපවිත්‍ර දැයින් පිරිසිදු ව සිටීම. අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හුමා) තුමාණන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමා පවසමින් සිටීමට සවන් දුන් බව මෙසේ වාර්තා කරයි: "පවිත්‍ර කිරීමකින් තොර ව කිසිදු සලාතයක් අල්ලාහ් පිිළිගන්නේ නැත."
එහි කෙටි බව හෝ විනිවිදභාවය නිසා ශරීර අවයවවල විස්තර නො පෙන්වන ඇඳුමකින් පෞද්ගලික අවයව ආවරණය කිරීම අවශ්‍ය වේ.
පෙකණිය සිට දණහිස දක්වා
ඇගේ මුහුණ සහ අත්ල දෙක හැර ඇගේ මුළු සිරුර ම පෞද්ගලික අවයව වේ. ආඉෂා (රළියල්ලාහු අන්හා) මෙසේ පැවසුවාය: "නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසුවේය: 'වැඩිහිටි කාන්තාවකගේ සලාතය වැස්මකින් හැර පිළිගන්නේ නැත.' " අබු දාවුද් සහ අත් තිරිමිදි විසින් විස්තර කරන ලදී. තිර්මිදි මෙය හසන් ඝනයට අයත් හදීසයක් ලෙස වර්ග කර ඇත.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: "තවද නුඹ කොතැනක සිට පිට ව ගිය ද එවිට නුඹගේ මුහුණ ශුද්ධ දේවස්ථානය දෙසට හරවනු." (අල් බකරා 149)
මුස්ලිම්වරුන්ගේ කිබ්ලා දිශාව යනු වක්තෘවරුන්ගේ පියා වන ඉබ්‍රාහිම් විසින් ගොඩනඟන ලද ගෞරවනීය කාබාව වේ. වක්තෘවරු සියළු දනන් ඒ වෙත හජ් වන්දනාවේ ගියහ. ඒවා හානියක් හෝ ප්‍රයෝජනයක් ගෙන නො දෙන ගල් බව අපි දනිමු, නමුත් සියලු ම මුස්ලිම්වරුන් එක් දිශාවයක් වෙත එක්සත් වීම අරමුණු කොට ගෙන දෙවියන් සලාතය ඉටු කරන විට අපට ඒ වෙත මුහුණලා සිටීමට අණ කළේ ය. මේ අයුරින් ඒ වෙත මුහුණලා සිටීමෙන් අපි අල්ලාහ්ට වන්දනා කරමු.
කිබ්ලාව මුහුණලා සිටීමේ ක්‍රමය.
ඉටු කිරීමට ශක්තියක් නොමැති වීම නිසා අනිවාර්ය කරුණු බිඳ වැටනවාක් මෙන් ඔහුගෙන් මෙම වගකීමට බිඳ වැටේ. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "ඔබට හැකි අයුරින් අල්ලාහ් බිය වනු."(අත්තඝාබුන් 16)
මෙය සලාතය වලංගු වීම සඳහා වූ එක් කොන්දේසියකි. සලාතයේ නියමිත වේලාව පැමිණීමට පෙර එය ඉටු කිරීම වලංගු නො වේ. එමෙන් ම එහි නියමිත වේලාවෙන් ප්‍රමාද කිරීම ද තහනම් වේ. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "සැබැවින් ම සලාතය දේව විශ්වාසවන්තයින් කෙරෙහි කාල නියමයක් වශයෙන් නියම කරනු ලැබූවකි."(අන් නිසා:103)
සලාතය එහි මුල් වේලාවේ දී ම ඉටු කිරීම වඩාත් සුදුසු ය. උම්මු ෆර්වා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කර ඇත: "නබි (සල්ලල්ලාහු අලෙයහි වසල්ලම්)තුමාණන් ක්‍රියාවෙන් අති ශ්‍රේෂ්ඨ ක්‍රියාව වන්නේ කුමක් දැ?යි විමසන ලදී: එවිට එතුමාණෝ 'සලාතය එහි මුල් වේලාවේ දී ම ඉටු කිරීම වේ' " යනුවෙන් පැවසූහ. (සුනන් අබූ දාවූද්)
සලාතය නියමිත වේලාවට ඉටු කිරීම අනිවාර්ය වේ. සලාතයන් දෙකක් එකට එක් කර ඉටු කිරීමට අවකාශය දෙනු ලැබූ අවස්ථාවන් හි හැර අනෙකුත් සියළු අවස්ථාවන්හි එය ප්‍රමාද කිරීම තහනම් වේ.
එය මතක් වූ විගස එය නැවත ඉටු කිරීමට යුහුසුළු වීම ඔහුට අනිවාර්ය වේ. නබි(සල්ලල්ලාහු අලෙයහි වසල්ලම්)තුමා පැවසූ බව අනස් බින් මාලික් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කරයි: "කවරෙකුට සලාතය අමතක වූවේ ද නැතහොත් එය ඉටු නො කර නිදා ගත්තේ ද එහි ප්‍රතිකර්මය වනාහි එය මතක් වූ විගස එය ඉටු කිරීමයි." (මුස්ලිම් 684)
සලාතයේ අනිවාර්යභාවය
පහත සඳහන් සලකුණුවලින් එකක් ඇති වූ විට වැඩිවිය පැමිණීම විනිශ්චය කරනු ලැබේ:
අනිවාර්ය පස් වේල් සලාතයන් සහ එහි වේලාවන්
එය රකආත් දෙකක් වන අතර, එහි වේලාව වනාහි: නැගෙනහිර සිට ක්ෂිතිජයේ ආලෝකයේ ආරම්භය වන දෙ වන උදාවේ සිට ආරම්භ වන අතර එහි වේලාව හිරු උදාවෙන් අවසන් වේ.
එය රක්අත් හතරක් වන අතර, එහි කාලය හිරු මුදුණින් බැසයාමෙන් ආරම්භ වේ. (හිරු අහසේ මැද ට වූ පසු බටහිර දෙසට බැස යාම) සහ සෑම දෙයක ම සෙවනැල්ල එහි දිගට සමාන වූ විට එහි වේලාව අවසන් වේ.
එය රක්ආත් හතරක් වන අතර, එහි වේලාව සැවනැලි එක හා සමාන වී ළුහර් සලාතයේ අවසන් වේලාවේ සිට ආරම්භ වේ. තවද එය හිරු බැස යෑමෙන් අවසන් වේ. මුස්ලිම්වරයා හිරු කිරණ දුර්වල වී කහ පැහැයට හැරීමට පෙර සලාතය ඉක්මන් කළ යුතු ය.
එය රකඅත් තුනක් වන අතර එහි වේලාව හිරු බැස, එය ක්ෂිතිජයෙන් වසන් වී යාමෙන් ආරම්භ වේ. හිරු බැස යෑමෙන් පසු දිස්වන රතු සන්ධ්‍යාව වසන් වීමත් සමඟ අවසන් වේ.
එය රක්අත් හතරක් වන අතර, එහි වේලාව රතු වළාකුළු වසන් වීමෙන් ආරම්භ වී මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. හදිසි අවස්ථාවක එය ෆජ්ර් වේලාව උදාවන තෙක් සිදු කළ හැකි ය.