වත්මන් කොටස: model:
පාඩම සලාතයේ කොන්දේසි හා එහි නීතිය.
සලාතයේ කොන්දේසි
කිලිටිවලින් සහ අපවිත්‍ර දැයින් පිරිසිදු ව සිටීම. අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හුමා) තුමාණන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමා පවසමින් සිටීමට සවන් දුන් බව මෙසේ වාර්තා කරයි: "පවිත්‍ර කිරීමකින් තොර ව කිසිදු සලාතයක් අල්ලාහ් පිිළිගන්නේ නැත."
එහි කෙටි බව හෝ විනිවිදභාවය නිසා ශරීර අවයවවල විස්තර නො පෙන්වන ඇඳුමකින් පෞද්ගලික අවයව ආවරණය කිරීම අවශ්‍ය වේ.
පෙකණිය සිට දණහිස දක්වා
ඇගේ මුහුණ සහ අත්ල දෙක හැර ඇගේ මුළු සිරුර ම පෞද්ගලික අවයව වේ. ආඉෂා (රළියල්ලාහු අන්හා) මෙසේ පැවසුවාය: "නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසුවේය: 'වැඩිහිටි කාන්තාවකගේ සලාතය වැස්මකින් හැර පිළිගන්නේ නැත.' " අබු දාවුද් සහ අත් තිරිමිදි විසින් විස්තර කරන ලදී. තිර්මිදි මෙය හසන් ඝනයට අයත් හදීසයක් ලෙස වර්ග කර ඇත.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: "ආදම්ගේ දරුවනි! සෑම නැමදුම් ස්ථානයකම නුඹලාගේ අලංකාරය පවත්වා ගනු." (අල් ආරාෆ්: 31) පෞද්ගලික අවයව ආවරණය කිරීම වනාහි එය අලංකාරයේ අවම තත්ත්වයි. "සෑම නැමදුම් ස්ථානයකම" යන්නෙහි අර්ථය සෑම සලාතයක ම වේ.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: "තවද නුඹ කොතැනක සිට පිට ව ගිය ද එවිට නුඹගේ මුහුණ ශුද්ධ දේවස්ථානය දෙසට හරවනු." (අල් බකරා 149)
මුස්ලිම්වරුන්ගේ කිබ්ලා දිශාව යනු වක්තෘවරුන්ගේ පියා වන ඉබ්‍රාහිම් විසින් ගොඩනඟන ලද ගෞරවනීය කාබාව වේ. වක්තෘවරු සියළු දනන් ඒ වෙත හජ් වන්දනාවේ ගියහ. ඒවා හානියක් හෝ ප්‍රයෝජනයක් ගෙන නො දෙන ගල් බව අපි දනිමු, නමුත් සියලු ම මුස්ලිම්වරුන් එක් දිශාවයක් වෙත එක්සත් වීම අරමුණු කොට ගෙන දෙවියන් සලාතය ඉටු කරන විට අපට ඒ වෙත මුහුණලා සිටීමට අණ කළේ ය. මේ අයුරින් ඒ වෙත මුහුණලා සිටීමෙන් අපි අල්ලාහ්ට වන්දනා කරමු.
කිබ්ලාව මුහුණලා සිටීමේ ක්‍රමය.
තම ඇස් ඉදිරිපිට කඃබාව දකින මුස්ලිම්වරයෙකු අනිවාර්යයෙන් ම ඒ දෙස මුහුණලා සිටිය යුතුයි. දුර සිටින අයෙකු වේ නම් එය පිහිටා ඇති මක්කම දිශාව මුහුණලා සිටිය යුතුයි.එයින් සුළු ප්‍රමාණයක් ඉවතට හැරීමෙන් හානියක් සිදු නො වේ. ඒ පිළිබඳ නබි (සල්ලල්ලාහු අලෙයහි වසල්ලම්)තුමා මෙසේ පවසා ඇත: "නැගෙනහිර සහ බටහිර අතර ප්‍රදේශය කිබ්ලා වේ." (තිර්මිදී 342)
ඉටු කිරීමට ශක්තියක් නොමැති වීම නිසා අනිවාර්ය කරුණු බිඳ වැටනවාක් මෙන් ඔහුගෙන් මෙම වගකීමට බිඳ වැටේ. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "ඔබට හැකි අයුරින් අල්ලාහ් බිය වනු."(අත්තඝාබුන් 16)
මෙය සලාතය වලංගු වීම සඳහා වූ එක් කොන්දේසියකි. සලාතයේ නියමිත වේලාව පැමිණීමට පෙර එය ඉටු කිරීම වලංගු නො වේ. එමෙන් ම එහි නියමිත වේලාවෙන් ප්‍රමාද කිරීම ද තහනම් වේ. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "සැබැවින් ම සලාතය දේව විශ්වාසවන්තයින් කෙරෙහි කාල නියමයක් වශයෙන් නියම කරනු ලැබූවකි."(අන් නිසා:103)
සලාතය එහි මුල් වේලාවේ දී ම ඉටු කිරීම වඩාත් සුදුසු ය. උම්මු ෆර්වා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කර ඇත: "නබි (සල්ලල්ලාහු අලෙයහි වසල්ලම්)තුමාණන් ක්‍රියාවෙන් අති ශ්‍රේෂ්ඨ ක්‍රියාව වන්නේ කුමක් දැ?යි විමසන ලදී: එවිට එතුමාණෝ 'සලාතය එහි මුල් වේලාවේ දී ම ඉටු කිරීම වේ' " යනුවෙන් පැවසූහ. (සුනන් අබූ දාවූද්)
සලාතය නියමිත වේලාවට ඉටු කිරීම අනිවාර්ය වේ. සලාතයන් දෙකක් එකට එක් කර ඉටු කිරීමට අවකාශය දෙනු ලැබූ අවස්ථාවන් හි හැර අනෙකුත් සියළු අවස්ථාවන්හි එය ප්‍රමාද කිරීම තහනම් වේ.
එය මතක් වූ විගස එය නැවත ඉටු කිරීමට යුහුසුළු වීම ඔහුට අනිවාර්ය වේ. නබි(සල්ලල්ලාහු අලෙයහි වසල්ලම්)තුමා පැවසූ බව අනස් බින් මාලික් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කරයි: "කවරෙකුට සලාතය අමතක වූවේ ද නැතහොත් එය ඉටු නො කර නිදා ගත්තේ ද එහි ප්‍රතිකර්මය වනාහි එය මතක් වූ විගස එය ඉටු කිරීමයි." (මුස්ලිම් 684)
සලාතයේ අනිවාර්යභාවය
ඔසප් කාන්තාව, දරු ප්‍රසූතියෙන් පසු රුධිරය වහනය වන කාන්තාව හැර අනෙකුත් සිහිබුද්ධියෙන් සිටින සෑම මුස්ලිම්වරයකුට ම සලාතය අනිවාර්ය වේ. ඔසප් හෝ දරු ප්‍රසූතියෙන් පසු රුධිරය වහනය වන තත්ත්වයේ කාන්තාවක් සලාතය ඉටු නො කළ යුතුයි. ඔසප් තත්ත්වයෙන් පිරිසිදු වී රුධිරය වහනය වීම අවසන් වූ පසු සලාතය නැවත ඉටු කිරීම ද ඇයට අවශ්‍ය නො වේ.
පහත සඳහන් සලකුණුවලින් එකක් ඇති වූ විට වැඩිවිය පැමිණීම විනිශ්චය කරනු ලැබේ:
අනිවාර්ය පස් වේල් සලාතයන් සහ එහි වේලාවන්
අල්ලාහ් දෙවිඳුන් මුස්ලිම්වරයෙකුට දිවා රාත්‍රියේ සලාතයන් පහක් නියම කර ඇත. එය ඔහුගේ ආගමේ කුළුණු වන අතර ඔහුට පැවරුණු වගකීම් අතරින් අති වැදගත් ම වගකීමකි. ඒ සඳහා ප්‍රකට වේලාවන් ඔහු නියම කර ඇත. එය පහත අයුරිනි:
එය රකආත් දෙකක් වන අතර, එහි වේලාව වනාහි: නැගෙනහිර සිට ක්ෂිතිජයේ ආලෝකයේ ආරම්භය වන දෙ වන උදාවේ සිට ආරම්භ වන අතර එහි වේලාව හිරු උදාවෙන් අවසන් වේ.
එය රක්අත් හතරක් වන අතර, එහි කාලය හිරු මුදුණින් බැසයාමෙන් ආරම්භ වේ. (හිරු අහසේ මැද ට වූ පසු බටහිර දෙසට බැස යාම) සහ සෑම දෙයක ම සෙවනැල්ල එහි දිගට සමාන වූ විට එහි වේලාව අවසන් වේ.
එය රක්ආත් හතරක් වන අතර, එහි වේලාව සැවනැලි එක හා සමාන වී ළුහර් සලාතයේ අවසන් වේලාවේ සිට ආරම්භ වේ. තවද එය හිරු බැස යෑමෙන් අවසන් වේ. මුස්ලිම්වරයා හිරු කිරණ දුර්වල වී කහ පැහැයට හැරීමට පෙර සලාතය ඉක්මන් කළ යුතු ය.
එය රකඅත් තුනක් වන අතර එහි වේලාව හිරු බැස, එය ක්ෂිතිජයෙන් වසන් වී යාමෙන් ආරම්භ වේ. හිරු බැස යෑමෙන් පසු දිස්වන රතු සන්ධ්‍යාව වසන් වීමත් සමඟ අවසන් වේ.
එය රක්අත් හතරක් වන අතර, එහි වේලාව රතු වළාකුළු වසන් වීමෙන් ආරම්භ වී මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. හදිසි අවස්ථාවක එය ෆජ්ර් වේලාව උදාවන තෙක් සිදු කළ හැකි ය.
සලාතය ඉටු කරන ස්ථානය
ඉස්ලාම් ආගම විසින් සාමුහිකව ඉටු කරනු ලබන සලාතය සමඟ එකතු වී සලාතය ඉටු කරන ලෙස පිරිමීන්ට අණ කරන ලදී. එමෙන් ම මුස්ලිම්වරුන් සඳහා සංසදයක් සහ රැස්වීම් ස්ථානයක් වීමේ අරමුණින් එය දේවස්ථානයක් තුළ සිදු කිරීමට ඉස්ලාම් ආගම විසින් උනන්දු කරවන ලදී. ඒ හේතුවෙන් ඔවුන් අතර සහෝදරත්වයේ සහ ආදරයේ බැඳීම් වර්ධනය වේ. එමෙන් ම ඉස්ලාම් ආගම විසින් කෙනෙකු තනිව ඉටු කරන සලාතයට වඩා සාමුහික ව ඉටු කරන සලාතය ඉතා ශ්‍රේෂ්ඨ හා ගුණාත්මකභාවයෙන් වඩා උසස්භාවයට පත් කර ඇත.
සලාතය ඉටු කරන ස්ථානය පිළිබඳ වූ විධිවිදාන
සලාතය ඉටු කරන ස්ථානය සඳහා ඒ භූමි ප්‍රදේශය පිරිසිදු ව තිබීම ඉස්ලාම් ආගම කොන්දේසියක් බවට පත් කර ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ සඳහන් කරයි: "තවද නුඹලා ඉබ්‍රාහීම්ගේ ස්ථානය නැමදුම් ස්ථානයක් ලෙස ගනු. ඉබ්‍රාහීම් හා ඉස්මාඊල් යන දෙදෙනා මාගේ නිවස තවාෆ් (වට වන්දනාව) කරන්නන් ට ද ඉඃතිකාෆ් (රැඳී) සිටින්නන් ට ද රුකූඋ කරන්නන් ට ද සුජූද් කරන්නන් ට ද පවිත්‍ර කරන මෙන් අපි ගිවිසුමක් ගත්තෙමු." (අල්බකරා: 125)
ස්ථානයක් ගත් කළ එහි මුල් තත්ත්වය එම ස්ථානය පිරිසිදු ස්ථානයකි යන්නයි
ස්ථානයක් ගත් කළ එහි මුල් තත්ත්වය එම ස්ථානය පිරිසිදු ස්ථානයකි යන්නයි. අපිරිසිදුභාවය ඉන්පසුව පැමිණියකි. අපිරිසිදුභාවයක් යම් ස්ථානයක තිබෙන බව ඔබ නො දන්නෙහි නම් එම ස්ථානය පිරිසිදු ස්ථානයකි යැයි ඔබ තීන්දු කරනු. තවද සෑම පිරිසිදු මතුපිටකම සලාතය කිරීමට අවසර ඇත. සලාතය ඉටු කිරීම සඳහා පමණක් භාවිත කරන මුසල්ලාවක් හෝ යම් රෙදි කැබැල්ලක් හෝ ලබා ගැනීම සඳහා වෙහෙස දැරීමට අවශ්‍ය නො වේ.
සලාතය ඉටු කරන්නා විසින් පිළිපැදිය යුතු සලාතට ඉටු කරන ස්ථානය සඳහා වූ පොදු විධිවිදාන.
1) ඔහු සලාතය කරන ස්ථානයේ සිටින මිනිසුන්ට හානියක් නො කිරීම. ගමන් කරන මාර්ගවල සහ මිනිසුන්ගේ කරදර සහ තදබදයට හේතු වන හෙයින් එහි ගැවසීම හෝ එහි නැවතී සිටීම තහනම් කර ඇති ස්ථානවල සලාතය කරන්නෙකු මෙන් ය. එසේ කිරීම තහනම් ය. ධර්ම දූතයාණන් මෙවැනි හිංසාවන් සහ හානියෙන් මෙසේ තහනම් කරයි: "හිංසාවක් හෝ ප්‍රතිහිංසාවක් හෝ නොමැත." (ඉබ්නු මාජාහ් 2340, අහ්මද් 2865)
2. පින්තූර ගැනීම, ඝෝෂාකාරී ශබ්ද සහ සංගීතය වැනි සලාතය ඉටු කරන්නාගේ අවධානය වෙනතකට යොමු කරන කිසිවක් එම ස්ථානයේ අඩංගු නො විය යුතු ය.
3. රාත්‍රී සමාජශාලා වැනි පාපයන් සිදු කිරීම සඳහා ම සූදානම් කර තිබෙන ස්ථානයක් ලෙස නො තිබීම. ඒවා තුළ සලාතය ඉටු කිරීම පිළිකුල් සහගතය.