දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම අවුරුදු දිනය

අවුරුදු දින සැමරීම ඉස්ලාම් ආගමේ ප්‍රසිද්ධ චාරිත්‍ර අතරින් එකකි. නබි (සල්) තුමාණන් මදීනාවට පැමිණ, අන්සාර්වරුන් - මදීනා මුස්ලිම්වරුන් - වසරේ දින දෙකක් සෙල්ලම් කරමින් ප්‍රීතියෙන් සිටිනු දුටු විට, නබිතුමාණන්: "මේ දවස් දෙක කුමක්ද?" යනුවෙන් විමසා සිටියහ. එවිට ඔවුන් : ඉස්ලාමයට පෙර යුගයේ අපි ඒ දිනවල සෙල්ලම් කරමින් සිටියමු යැයි පැවසූහ. එවිට නබිතුමාණන් "දෙවිඳාණන් ඒ දෙදින වෙනුවෙන් ඒවාට වඩා යහපත් දෙදිනක් ඔබලාට හුවමාරු කර ඇත. ඒ දෙදින වනාහි හජ් අවුරුදු දිනය සහ රමළාන් අවුරුදු දිනය වේ යනුවෙන් පැවසූහ. (බුහාරි 909/ මුස්ලිම් 892)

  • මුස්ලිම්වරුන්ගේ අවුරුදු දින ගැන දැන ගැනීම.
  • ඊද් සලාතය ඉටු කරන ආකාරය ගැන ඉගෙන ගැනීම.
  • අවුරුදු දිනට අදාළ සමහර විධිවිධාන සහ ආචාර විධි ගැන ඉගෙන ගැනීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

අවුරුදු දින සැමරීම ඉස්ලාම් ආගමේ ප්‍රසිද්ධ චාරිත්‍ර අතරින් එකකි.

නබි (සල්) තුමාණන් මදීනාවට පැමිණ, අන්සාර්වරුන් - මදීනා මුස්ලිම්වරුන් - වසරේ දින දෙකක් සෙල්ලම් කරමින් ප්‍රීතියෙන් සිටිනු දුටු විට, නබිතුමාණන්: "මේ දවස් දෙක කුමක්ද?" යනුවෙන් විමසා සිටියහ. එවිට ඔවුන් : ඉස්ලාමයට පෙර යුගයේ අපි ඒ දිනවල සෙල්ලම් කරමින් සිටියමු යැයි පැවසූහ. එවිට නබිතුමාණන් "දෙවිඳාණන් ඒ දෙදින වෙනුවෙන් ඒවාට වඩා යහපත් දෙදිනක් ඔබලාට හුවමාරු කර ඇත. ඒ දෙදින වනාහි හජ් අවුරුදු දිනය සහ රමළාන් අවුරුදු දිනය වේ යනුවෙන් පැවසූහ. (බුහාරි 909/ මුස්ලිම් 892)

ඉස්ලාම් හි අවුරුදු සැමරීම

ඉස්ලාමයේ ඊද් යනු සර්වබලධාරී දෙවියන්ගේ මඟ පෙන්වීම සහ නමස්කාරයේ සාර්ථකත්වය සඳහා ස්තුති කරමින් නමස්කාරය සම්පූර්ණ කිරීමෙන් මුස්ලිම්වරුන් ප්‍රීතිය පෙන්වන දිනයකි, එදින පොදුවේ මිනිසුන්ගේ හදවත්වලට සතුට ගෙන දීම, අලංකාර ඇඳුම් ඇඳීම, අසරණයන්ට පුණ්‍යානුමෝදනා කිරීම සහ සැමගේ හදවත් සතුටු කරන සැමරුම් සහ ක්‍රියාකාරකම් වැනි සියලුම අවසර ලත් ක්‍රම මගින් සතුටු වීම සහ ඔවුන්ට දෙවියන්ගේ ආශීර්වාදය මතක් කිරීම යනාදී කරුණු සිදු කිරීමට අවසර ලැබේ.

මුස්ලිම්වරුන්ට ඔවුන් සැමරීම සඳහා වසරකට උත්සව දෙකක් ඇත. ඒ දෙදින හැර උත්සවයක් ලෙස සැමරීම සඳහා වෙන දිනක් වෙන් කිරීමට අවසර නැත, ඒවා නම්:

١
ඊද් අල් ෆිත්ර් යන නෝම්බි අවුරුදු දිනය යනු ෂව්වාල් මස පළවෙනි දිනය වේ.
٢
ඊද් අල් අල්හා යන හජ්ජි අවුරුදු දිනය යනු දුල් හිජ්ජා මාසයේ දහවෙනි දිනය වේ.

ඊද් සලාතය

එය ඉස්ලාමය අවධාරණය කළ සලාතයකි, එය ඉටු කිරීම සඳහා එලිමහනක රැස්වන ලෙස පිරිමින්, කාන්තාවන් සහ ළමයින් යන සියල්ලෝම ඉස්ලාමය විසින් දිරිගන්වනු ලබයි. එහි වේලාව අවුරුදු දිනයේ හිරු උදාවීමෙන් පසුව සිට- ක්ෂිතිජයට ඉහළින් හෙල්ලයක ප්‍රමාණයක් ඉහළට පැමිණ- බටහිර දෙසට හිරු බැස යෑම දක්වා වේ.

ඊද් සලාතයේ ක්‍රමවේදය

එය රක්අත් දෙකකි. එහි සලාතය මෙහෙයවන්නා විසින් ශබ්ද නගා පාරායනය කරනු ලබයි. සලාතයට පසු දේශනා දෙකක් පවත්වනු ලැබේ. සෑම රක්අතයකම ආරම්භයේ තක්බීර් අධික ලෙස කියනු ලැබේ. පළවෙනි රක්අත් හි පාරායානයට පෙර ආරම්භ තක්බීරය හැර අමතර ව තක්බීර් හයක් කියනු ඇත. දෙවන රක්අතයෙහි සුජූද් ඉරියව්වෙන් නැගිටීමේදී කියනු ලබන තක්බීරය හැර අමතරව තක්බීර් පහක් පවසනු ලැබේ.

පවුල තුළ ප්‍රීතිය හා සතුට පැතිරවීම

පවුලේ බාල, තරුණ, මහලු, පිරිමි, ගැහැණු යන සැමට අවසර ඇති ක්‍රමවලින් ප්‍රීතිය හා සතුට පතුරුවාලීමටත්, අලංකාරවත් වස්ත්‍ර හැඳගෙනත්, එදින ආහාර අනුභවයෙන් දෙවියන්ට නැමදුම් කිරීම නියම කර ඇත. එබැවින් ඊද් දින උපාවසයේ නිරත වීම තහනම්ය.

අවුරුදු දින වල තක්බීර් පැවසීම

තවද දෙවිඳාණන්ගේ ආශීර්වාද සහ උපවසාය වෙත වූ ඔහුගේ මඟ පෙන්වීම සඳහා ඔහුට කෘතඥ වීම, ප්‍රීතිය පෙන්වීම සහ රමළාන් උපවාසය සම්පූර්ණ කිරීම නිමිත්තෙන් නෝන්බි අවුරුදු දින තක්බීර් කිව යුතුයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: නුඹලා දින ගණන් සම්පූර්ණ කරනු පිණිස ද අල්ලාහ් නුඹලාට මඟ පෙන්වූ දෑ සඳහා ඔහු ව විභූතිමත් කරනු පිණිස ද නුඹලා කෘතඥතාව පුද කිරීමට හැකි වනු පිණිස ද වේ.(අල් බකරා: 185) එමෙන්ම හජ් අවුරුදු දිනයෙහි ද තක්බීර් පැවසිය යුතුයි. එය එදින පිළිබඳ ප්‍රීතිය පෙන්වීම සහ හජ් වන්දනාකරුවන් එම හජ් කර්තව්‍ය ඉටු කිරීම සඳහා ඔවුනට ලැබුණු භාග්‍යයෙහි සතුට පෙන්වීම, දුල්-හිජ්ජා දින දහයේ දැහැමි ක්‍රියාවන් සඳහා ඔවුන්ටත් සෙසු මුස්ලිම්වරුන්ටත් භාග්‍ය ලැබීම නිමිත්තෙනි. උල්හියියා පිළිබඳ අල්ලාහ් පැවසීමේදී මෙසේ සඳහන් කරයි: උන්ගේ මාංශ හෝ උන්ගේ රුධිරය හෝ අල්ලාහ් වෙත නොලැබෙන්නේමය. එනමුත් ඔහු වෙත ලැබෙනුයේ නුඹලා අතුරින් වූ බිය බැතිමත්කමයි. නුඹලාට ඔහු මග පෙන්වූ දෑ වෙනුවෙන් නුඹලා අල්ලාහ් ව ශ්‍රේෂ්ඨත්වයට පත් කරනු පිණිස අපි උන් වසඟ කර දුන්නෙමු. තවද දැහැමියන්හට (නබිවරය!) නුඹ ශුභාරංචි දන්වා සිටිනු. (අල් හජ්: 37)

තක්බීර් පැවසිය යුතු ආකාරය

"අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, ලා ඉලාහ් ඉල්ලල්ලාහු අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර් වලිල්ලාහිල් හම්දු," තවද මෙසේ පවසයි. "අල්ලාහු අක්බර් කබීරා, වල්හම්දු ලිල්ලාහු කසීරා, වසුබ්හානල්ලාහි බුක්රතන් වඅසීලා."

මිනිසුන්ට හානියක් හෝ කරදරයක් නොවන අයුරින් එම තක්බීරය ශබ්ද නගා පැවසීම, පිරිමින්ට නියම කර ඇති අතර කාන්තාවන් තම කටහඬ පහත් කර එය පවසයි.

මක්කාවේ පිහිටි මස්ජිදුල් හරාම් හි විකාශනය වන තක්බීර් වෙත සවන් දෙන්න

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.