වත්මන් කොටස: model:
පාඩම ගමන් බිමන් යෑමේදී උපවාසය රැකීම හා සලාතය ඉටු කිරීම
අසල මුස්ලිම් දේවස්ථානයනක් නොමැති උද්‍යානයක සිටින විට සලාතයේ වේලාව පැමිණියේ නම් සෑම සලාතයක් සඳහාම අදාන් නොහොත් ඇරයුම සිදු කිරීම නියම කෙරේ.
මෙයින් අදාන් හි මහඟුභාවය පෙනී යයි. එමෙන් ම ගමනක නිරත සිටින අයෙකු වේ නම් අදාන් පැවසීමට ලැජ්ජා නොවිය යුතුයි. තවද ඒ පිළිබඳ නොසැලකිලිමත් වීම ද සුදුසු නැත.තවත් හදීසයක : ඇරයුම් කරන්නාගේ කඩ හඬ ඇසෙන දුරට (ඔහුගේ පාපයන් පිරී ඇතත්) ඔහුට සමාව දෙනු ලැබේ. තවද ඔහුගේ ඇරයුමට සවන් දෙන සියලුම තෙත් සහ වියලි දෑ (සෑම ශාකයක්ම හා ගලක්ම) ඔහු වෙනුවෙන් පාපක්ෂමාවෙහි නිරත වෙති.
ගමනක හෝ සංචාරයක නිරත වන යන ඕනෑම අයෙකු කිබ්ලාහි දිශාව දැන ගැනීමට උත්සාහ කළ යුතු අතර දිශාව යන්නෙන් අදහස් වන්නේ මක්කමෙහි දිශාවයි. ඔහු එය නොදකිනවා නම් එහි දිශාව ඔහුට ප්‍රමාණවත් වන අතර කාබාව වෙතම සෘජූවම හැරී සිටීම අනිවාර්ය නොවේ. මන්ද එය දුෂ්කර වන අතර නබිතුමාගේ මිතුරන්ගෙන් ද එසේ කළ යුතු යැයි නොපැමිණි බැවිනි.
සංචාර හා ගමන් බිමන් වලදී සලාතය සුරක්ෂා කිරීම විශාලතම කාර්යයන් අතරික් එකක් වන අතර, එය ගැත්තෙකුගේ ඇදහිල්ලේ හා අවංකභාවයේ ප්‍රකාශනයකි.
මිනිසුන් ශීත සෘතුවේ දී ගින්දර දල්වා ගනිති. ඇතැම් අවස්ථාවල එය කිබ්ලා දිශාවට වන අයුරින් පවතිනු ඇත. එනමුත් ගින්නෙහි දිශාව වෙත යොමු වී සලාතය ඉටු නොකිරීම වඩා හොඳය, ගින්නට නමස්කාර කරන අය අනුකරණය කිරීමෙන් වැළකීම සඳාහායි එසේ කරනුයේ. එමෙන්ම, එය සලාතය ඉටු කරන්නාගේ අවධානය ද වෙනතකට යොමු කරන නිසා ය. එනමුත් උණුසුම ලබා ගැනීමට ගින්දර අත්‍යාවශ්‍ය නම් හෝ ස්ථානය වෙනස් කිරීමට අපහසු නම් හෝ ඒ වෙතට යොමු වී සලාතය ඉටු කිරීමෙන් කිසිදු වරදක් නැත.
සලාතයන් දෙකක් එකට එකතු කිරීම වනාහි සුදුසු හේතූන් මත ළුහර් සලාතය අසර් සලාතය සමඟත් මග්රිබ් සලාතය ඉෂා සලාතය සමඟත් එකට එකතු කර සලාත් දෙකින් එක් වේලාවක සලාත් දෙකම ඉටු කිරීමයි. එය ප්‍රථම සලාතයේ වේලාවෙහි සලාත් දෙකම ඉටු කළ ද නැතහොත් දෙවන සලාතයේ වේලාවෙහි සලාත් දෙකම ඉටු කළ ද කම් නැත.
සලාතයන් දෙකක් එකට එකතු කර ඉටු කිරීමේදී එක් අදානයක් පමණක් ප්‍රමාණවත් වන අතර සෑම සලාතයක් සඳහාම ඉකාම ව කිව යුතුයි. වෛකල්පිත සලාතයන් ඉන් පසු ඉටු කළ යුතු අතර සලාතයෙන් පසු කිව යුතු ප්‍රාර්ථනාවන් ඒ සලාතයන් දෙක ම ඉටු කළ පසු කිව යුතුයි.
ගමනක නිරත වීමට නම් උපවාසයේ නිරත විය යුතුයි යනුවෙන් කිසිදු නීතියක් නොමැත. එනමුත් පුරුද්දක් වශයෙන් කෙනෙකු උපවාසයේ නියැලෙන දිනය හා ඔහු ගමනක නිරත වන දිනය එක සමාන වූ අවස්ථාවක උපවාසයේ නියැලීමට කිසිදු තහනමක් නොමැත.
අනස් (රළි) තුමාණන් විසින් මෙසේ වාර්තා කරන ලදී: අපි නබි (සල්) තුමාණන් සමඟ ගමනක නිරත වූයෙමු. උපවාසයේ නිරත වූ අය උපවාසයේ නිරත නොවූ අයට දෝෂාරෝපනය කළේ නැත. උපවාසයේ නිරත නොවූ අය උපවාසයේ නිරත වූ අයට ද දෝෂාරෝපනය කළේ නැත. (මූලාශ්‍රය: බුහාරි)