වත්මන් කොටස: model:
පාඩම ගමන් බිමන් යෑමේදී උපවාසය රැකීම හා සලාතය ඉටු කිරීම
අසල මුස්ලිම් දේවස්ථානයනක් නොමැති උද්‍යානයක සිටින විට සලාතයේ වේලාව පැමිණියේ නම් සෑම සලාතයක් සඳහාම අදාන් නොහොත් ඇරයුම සිදු කිරීම නියම කෙරේ.
අබ්දුල්ලාහ් ඉබ්නු අබ්දුර් රහ්මාන් බින් අබී සඅ්සආ (රළි) තුමාට අබූ සඊද් අල් කුද්රි (රළි) තුමාණන් පැවසූ බව ඔහු මෙසේ වාර්තා කොට ඇත. ඔබ බැටළුවන්ට සහ කාන්තාරයට ආදරය කරන බව මට පෙනේ. ඔබ බැටළුවන් සමඟ හෝ කාන්තාරයේ සිටින විට අදානය කීවේ නම් එය උස් හඬින් කියන්න. මන්ද මෙම ඇරයුම කරන්නාගේ ශබ්දයේ දුරට සිටින ජින්වරුන් මිනිසුන් හෝ සියළු දෑ මතුලොවෙහි ඔබ විශයෙහි සාක්ෂි දරනු ඇත. එසේ පවසා මා මෙය නබි (සල්) තුමාණන් පවසා සිටීම අසා සිටියෙමි යනුවෙන් අබූ අබූ සඊද් අල් කුද්රි (රළි) තුමාණන් පැවසූහ.
මෙයින් අදාන් හි මහඟුභාවය පෙනී යයි. එමෙන් ම ගමනක නිරත සිටින අයෙකු වේ නම් අදාන් පැවසීමට ලැජ්ජා නොවිය යුතුයි. තවද ඒ පිළිබඳ නොසැලකිලිමත් වීම ද සුදුසු නැත.තවත් හදීසයක : ඇරයුම් කරන්නාගේ කඩ හඬ ඇසෙන දුරට (ඔහුගේ පාපයන් පිරී ඇතත්) ඔහුට සමාව දෙනු ලැබේ. තවද ඔහුගේ ඇරයුමට සවන් දෙන සියලුම තෙත් සහ වියලි දෑ (සෑම ශාකයක්ම හා ගලක්ම) ඔහු වෙනුවෙන් පාපක්ෂමාවෙහි නිරත වෙති.
ගමනක හෝ සංචාරයක නිරත වන යන ඕනෑම අයෙකු කිබ්ලාහි දිශාව දැන ගැනීමට උත්සාහ කළ යුතු අතර දිශාව යන්නෙන් අදහස් වන්නේ මක්කමෙහි දිශාවයි. ඔහු එය නොදකිනවා නම් එහි දිශාව ඔහුට ප්‍රමාණවත් වන අතර කාබාව වෙතම සෘජූවම හැරී සිටීම අනිවාර්ය නොවේ. මන්ද එය දුෂ්කර වන අතර නබිතුමාගේ මිතුරන්ගෙන් ද එසේ කළ යුතු යැයි නොපැමිණි බැවිනි.
ඔහු කිබ්ලා දිශාව පිළිබඳ සොයා බා සලාතය ඉටු කළේ නම් එම සලාතය වලංගු වේ, ඔහු කිබ්ලා හැර වෙනත් දිශාවක් වෙත සලාතය කළ බව සලාතය ඉටු කළ පසුව දැනගත්තේ නම් ද කම් නැත. නැවත වරක් එම සලාතය ඉටු කිරීම අවශ්‍ය නොවේ. නමුත් සලාතය ඉටු කරන අතරවාරයේදී නිවැරදි දිශාව ඔහු දැනගන්නනට ලැබුනේ නම් ඔහු කිබ්ලාහි දිශාවට වෙනස් වේ. නමුත් ඔහු කිබ්ලා දිශාව සොයා නොබලා සලාතය ඉටු කර කිබ්ලා හැර වෙනත් දිශාවක් වෙත සලාතය ඉටු කළ බව සලාතය ඉටු කළ පසුව දැනගත්තේ නම් ඔහුට නැවත් වරක් සලාතය ඉටු කිරීම අනිවාර්ය වේ.
නවීන උපකරණ භාවිතා කරමින් හෝ සූර්යයාගෙන් සහ වෙනත් විශ්වාසදායක ඇඟවීම් මගින් හෝ එම ප්‍රදේශයේ වාසය කරන ජනතාවගෙන් හෝ කිබ්ලාව පැහැදිලිව හඟවන යම් සලකුණක් හෝ තිබීම කිබ්ලා දිශාව දැන ගැනීම සඳහා ප්‍රමාණවත්ය.
සංචාර හා ගමන් බිමන් වලදී සලාතය සුරක්ෂා කිරීම විශාලතම කාර්යයන් අතරික් එකක් වන අතර, එය ගැත්තෙකුගේ ඇදහිල්ලේ හා අවංකභාවයේ ප්‍රකාශනයකි.
නබි වදනක මෙසේ සඳහන් වී ඇත: සාමුහිකව ඉටු කරන සලාතය වනාහි තනිව ඉටු කරන සලාතයට වඩා උසස්වීම් විසිපහකින් අධික වේ. ඔහු එම සලාතය පාළු ප්‍රදේශයක සිට ඒ සඳහා වූ දෝවනය සුම්පූර්ණ කරමින් එහි රුකූ හා සුජූද් යන ඉරියව් සම්පූර්ණ කරමින් ඉටු කරන්නේ නම් ඔහුගේ සලාතය උසස්වීම් පනහක් වෙත ළඟා වේ. (මූලාශ්‍රය: අබූ දාවූද්)
මෙය සැබෑවකි. මන්ද මෙය ඔහු මිනිසුන්ගෙන් සහ ඔවුන්ගේ බැල්මෙන් ඈත්ව සිටින විට පවා සර්වබලධාරි දෙවියන් සමඟ සම්බන්ධ වීම හා උන් වහන්සේ කෙරෙහි බියවීම පිළිබඳ වූ සාක්ෂියකි. නබි වදනක මෙසේ සඳහන් වී ඇත්තේ එහෙයිනි: ඔබේ දෙවිඳුන් එඬේරෙකුගේ ක්‍රියාවෙන් පුදුමයට පත් වේ. ඔහු කඳු මුදුනක කොටසක සිටියදී පවා සලාතය සඳහා අදානය පවසා සලාතය ඉටු කරයි. එය දුටු අල්ලාහ් මෙසේ පවසන්නේ ය.මාගේ මේ දාසයා දෙස බලනු, ඔහු අදානය පවසා සලාතය ඉටු කරයි. මා කෙරෙහි බිය වේ. එහෙයින් මාගේ මේ දාසයාට මා සමාව ලබා දෙමි. මා ඔහු ව ස්වර්ගයට ඇතුලත් කරමි. (මූලාශ්‍රය: අබූ දාවූද්)
මිනිසුන් ශීත සෘතුවේ දී ගින්දර දල්වා ගනිති. ඇතැම් අවස්ථාවල එය කිබ්ලා දිශාවට වන අයුරින් පවතිනු ඇත. එනමුත් ගින්නෙහි දිශාව වෙත යොමු වී සලාතය ඉටු නොකිරීම වඩා හොඳය, ගින්නට නමස්කාර කරන අය අනුකරණය කිරීමෙන් වැළකීම සඳාහායි එසේ කරනුයේ. එමෙන්ම, එය සලාතය ඉටු කරන්නාගේ අවධානය ද වෙනතකට යොමු කරන නිසා ය. එනමුත් උණුසුම ලබා ගැනීමට ගින්දර අත්‍යාවශ්‍ය නම් හෝ ස්ථානය වෙනස් කිරීමට අපහසු නම් හෝ ඒ වෙතට යොමු වී සලාතය ඉටු කිරීමෙන් කිසිදු වරදක් නැත.
සලාතයන් දෙකක් එකට එකතු කිරීම වනාහි සුදුසු හේතූන් මත ළුහර් සලාතය අසර් සලාතය සමඟත් මග්රිබ් සලාතය ඉෂා සලාතය සමඟත් එකට එකතු කර සලාත් දෙකින් එක් වේලාවක සලාත් දෙකම ඉටු කිරීමයි. එය ප්‍රථම සලාතයේ වේලාවෙහි සලාත් දෙකම ඉටු කළ ද නැතහොත් දෙවන සලාතයේ වේලාවෙහි සලාත් දෙකම ඉටු කළ ද කම් නැත.
කෙටි කිරීමෙන් අදහස් කෙරෙන්නේ: රක්ආත් සතරක් ඇති ළුහර්, අසර්, ඉෂා වැනි සලාතයන් රක්ආත් දෙක බැගින් ඉටු කිරීමයි. මග්රිබ් හා ෆජ්ර් සලාතයන් ගත කළ ඒවා කෙටි කර ඉටු කළ නොහැක.
එකට එකතු කිරීම (කැටි කිරීම) හා කෙටි කිරීම සඳහා අවසර දී ඇති හේතූන් අතර: සංචාරය ද එකකි. එයින් අදහස් වන්නේ සංචාරයක් යැයි සලකනු ලබන දුර ප්‍රමාණයක් එක් ප්‍රදේශයකින් තවත් ප්‍රදේශයකට පිටත් ව යාමයි. සමහර විද්වතුන් එය නවීන ප්‍රමිතීන්ට අනුව කිලෝමීටර 80 කට ආසන්න වේ යනුවෙන් පවසා ඇත. ඒ මත පදනම්ව, ඔහු තම නගරයට ආසන්නව විනෝද චාරිකාවක් සඳහා පිටත්ව යන්නේ නම්, ඔහු තම සලාතය කෙටි නොකළ යුතු අතර, ඔහු බොහෝ දුරක් පිටතට යන්නේ නම් එය විනාේද චාරිකාවක් වුවද, ඔහුගේ සලාතය කෙටි කළ යුතුය.
සලාතය එකට එකතු කිරීම වනාහි, ඔහු ගමනෙහි නිරතව සිටින්නේ නම් ප්‍රථම සලාත් වේලාවේ දී සලාතයන් දෙකම එකට එකතු කර ඉටු කිරීමටත් දෙවන සලාත් වේලාවේ දී සලාතයන් දෙකම එකට එකතු කර ඉටු කිරීමටත් ඔහුට අනුමැතිය ඇත. එනමුත් ඔහු යම් ස්ථානයක ලැඟුම් ගත්තේ නම් සෑම සලාතයක් ම ඒවායෙහි නියමිත වේලාවන් වල ඉටු කිරීම යෝග්‍ය වේ. විශේෂයෙන් දේවස්ථානයේ සිදු වන සාමූහික සලාතයත් සමඟ ඔහුගේ සලාතයන් ඉටු කිරීමට හැකි වූයේ නම්.
ගමනේ වැඩකටයුතු වල නිරත වීම හේතුවෙන් සංචාරකයා සහ සංචාරයේ යෙදෙන අය සලාතය සඳහා වූ නියමිත වේලාවන් නොසලකා නොහැරිය යුතුය. උත්රතීතර අල්ලාහ් යුධමය අවස්ථාව පිළිබඳ ප්‍රකාශ කළ පසු මෙසේ පවසයි: නුඹලා අභයදායී වූයෙහු නම් දැන් නුඹලා සලාතය (පූර්ණ ව) ඉටු කරනු. සැබැවින්ම සලාතය දේව විශ්වාසවන්තයින් කෙරෙහි කාල නියමයක් වශයෙන් නියම කරනු ලැබූවකි. (අන්නිසා: 103)
සලාතයන් දෙකක් එකට එකතු කර ඉටු කිරීමේදී එක් අදානයක් පමණක් ප්‍රමාණවත් වන අතර සෑම සලාතයක් සඳහාම ඉකාම ව කිව යුතුයි. වෛකල්පිත සලාතයන් ඉන් පසු ඉටු කළ යුතු අතර සලාතයෙන් පසු කිව යුතු ප්‍රාර්ථනාවන් ඒ සලාතයන් දෙක ම ඉටු කළ පසු කිව යුතුයි.
ඇතැම් විට ගමනෙහි සලාතයන් එකට එකතු කිරීමට සහ කෙටි කිරීමට අවසර දෙන හේතු පිළිබඳ මතභේද ඇති වේ. නීතිය වන්නේ ඉමාම් හෝ (උදාහරණයක් ලෙස පියා) කණ්ඩායම් නායකයා එයට වගකිව යුත්තා ය. එබැවින් ඔහුට ඒ පිළිබඳ දැනුමක් තිබේ නම් ඔහු අධ්‍යයනය කරනු ඇත, නැතහොත් ඥානවන්තයන්ගෙන් උපදෙස් ලබා ගනී. එකට එකතු කිරීමේ හෝ කෙටි කෙටි කිරීමේ අදහස එතරම් සුදුසු යැයි ඔහුට නොසිතුනේ නම් එකට එකතු කර හෝ කෙටි කර සලාතය ඉටු කළ නොහැකි වන අතර දේවස්ටථානයට පැමිණෙන අය ඒ පිළිබඳ ආරවුල් ඇති කර නොගත යුතුයි. මන්ද සමගිය ද එක් වන්දනාවකි.
ගමනක නිරත වීමට නම් උපවාසයේ නිරත විය යුතුයි යනුවෙන් කිසිදු නීතියක් නොමැත. එනමුත් පුරුද්දක් වශයෙන් කෙනෙකු උපවාසයේ නියැලෙන දිනය හා ඔහු ගමනක නිරත වන දිනය එක සමාන වූ අවස්ථාවක උපවාසයේ නියැලීමට කිසිදු තහනමක් නොමැත.
අනස් (රළි) තුමාණන් විසින් මෙසේ වාර්තා කරන ලදී: අපි නබි (සල්) තුමාණන් සමඟ ගමනක නිරත වූයෙමු. උපවාසයේ නිරත වූ අය උපවාසයේ නිරත නොවූ අයට දෝෂාරෝපනය කළේ නැත. උපවාසයේ නිරත නොවූ අය උපවාසයේ නිරත වූ අයට ද දෝෂාරෝපනය කළේ නැත. (මූලාශ්‍රය: බුහාරි)