වත්මන් කොටස: model:
පාඩම ගමන් බිමන්හි බහුලව අවශ්‍ය වන පොදු නීති
බොහෝ විට ශීත සෘතුවේ කෙරෙන චාරිකා වලදී රාත්‍රියේ නින්දට යාමට පෙර, විශේෂයෙන් කූඩාරම් ආදිය තුළ දැල්වෙන ගින්න නිවා දැමිය යුතුය;
නීතිය නම් දඩයම් කිරීමට අනුමැතිය ඇත යන්නයි. එනමුත් දඩයම් කිරීමට ඇබ්බැහි වීම නුසුදුසු කරුණක් වන අතර ආගමේ සහ පවුලේ අවශ්‍යතාවයන්ගෙන් ඈත් වීම, නාස්තිය, නිෂ්ඵලකම සහ පුරසාරම් දෙඩීම යන කරුණු සඳහා එය හේතුවක් නොවිය යුතුය. නබි වදනක මෙසේ සඳහන් වේ: කවරෙකු ගම්බද ප්‍රදේශයක වාසය කරන්නේද ඔහු රළු වේ. කවරෙකු දඩයම පසුපස හඹා යන්නේ ද ඔහු නොසැලකිලිමත් වේ. (මූලාශ්‍රය: අබූ දාවූද්)
දහම තුලින් තහනම් නොකෙරුනු සියලු සතුන් දඩයම් කිරීමට හා ආහාරයට ගැනීමට අවසර ඇත. උදා: වෘකයන් හා හිවලුන් වැනි සෑම දඩයම් දත් ඇති සතුන්, රාජාලීන් වැනි සෑම නියපොතු ඇති පක්ෂීන්, සර්පයින් වැනි සෑම විෂ සහිත සතුන් සහ එවැනි වෙනත් සතුන් තහනම් ය.
හරම් නමැති පිංබිමේ දඩයම් කිරීම තහනම් ය. එහෙන් ම ඉහ්රාම් තත්ත්වයේ පසුවන්නාට ද දඩයම් කිරීම තහනම් වේ. පූජනීය මාස, රමළාන් මස සහ සිකුරාදා දින ඇතුලුව අවුරුද්ද පුරා ම දඩයම් කිරීමට අනුමැතිය ඇත. එනමුත් අන් අයට අයත් සතුන් දඩයම් කිරීම තහනම්ය.
දඩයම්කරු මුස්ලිම්වරයකු වීම, අල්ලාහ්ගේ නාමය පැවසීම යනාදිය එහි කොන්දේසීන් ය. තම අනුදැනුමකින් තොරව දඩයම සඳහා භාවිතා කරන පක්ෂියා පියඹා ගොස් දඩයම් කළේ නම් හෝ තම තුවක්කුවෙන් උණ්ඩය පිටවී ගියේ නම් ඒ ගොදුර ජීවිතක්ෂයට පත් වීමට පෙර එය වෙත ළගා වී අල්ලාහ්ගේ නාමය පවසා එය කැප කළේ නම් මිස ඒ ගොදුර අනුභව කිරීම වැරදී ය.
දඩයම් කළ සත්ත්වයාගේ මරණය ඌට තුවාල වීම නිසා විය යුතු අතර ගෙල සිර කිරීම, දියේ ගිලීම, අධික බරකින් ඌට පහර දීම හෝ උඩින් බිමට ඇද දැමීම යන ආකාරයෙන් උගේ මරණය නොවිය යුතුයි. ඒ සතා ස්ථාවර ජීවිතයක සිටියදී අල්ලා ගන්නේ නම් ආගමික නීතියට අනුව ඒ සතාව කැප කළ යුතුය.
දඩයම් කර ඉන් කිසිවක් ආහාරයට නොගැන සිටීම වැනි නිකරුණේ දඩයම් කිරීම තහනම් වන අතර දඩයම් කිරීමේ යන්ත්‍රවලින් මිනිසුන් බිය ගැන්වීම ද තහනම් වේ. එමෙන් ම දඩයම් කිරීමට පෙරහුරුවක් ලෙස කුරුල්ලන්ව බැඳ තැබීම ද පාපයකි.
අනවශ්‍ය ආකාරයකින් ආයුධක් මාර්ගයෙන් අන් අය වෙත ඇඟවීම තහනම්ය. නබි වදනක මෙසේ සඳහන් වේ: තම සහෝදරයා වෙත ආයුධයකින් ඇඟවීම් නොකරන්න. මන්ද ෂෙයිතාන් ඔහුගේ අතින් එය උදුරා (ඒ සහෝදරයා ඝාතනය කර) ඒ හේතුවෙන් නිරයෙහි වළකට ඔහු වැටෙන්න ට පුළුවන. ඒ බව ඔබෙන් කිසිවකුත් නොදන්නේය. තවත් නබි වදනක තම සහෝදරයකු වෙත යම් ආයුධයක් ඔසවන්නේ ද සැබවින්ම මලක්වරුන් ඔහුට ශාප කරනු ඇත. ඒ සහෝදරයා තම එක් කුස උපන් සහෝදරයකු වුව ද. (මූලාශ්‍රය: බුහාරි)
තමා සහ වෙනත් අය ආරක්ෂා කර ගැනීම සඳහා ඔහු දඩයම් කිරීමේ රෙගුලාසි සහ ආරක්ෂක පියවරයන් දැන සිටිය යුතුය. කැප කිරීමේ ක්‍රමවේදය, දඩයමට භාවිතා කරන සුනඛයින් සමඟ කටයුතු කිරීම සහ ගොදුරෙහි මරණීය තත්ත්වයන් පිළිබඳ විශේෂ නීති ඇත .. ඒ කරුණු පිළිබඳ විශේෂඥයින්ගෙන් අසා දැන ගත යුතුයි.
දහමින් තහනම් කොට ඇති ආහාර හැර අනෙකුත් සියළුම ආහාර අනුමත වේ යන්න නීතියයි.
තහනමට ලක් වූ ආහාර වර්ග
වනයේ හෝ වෙළඳපොලේ සොයා ගන්නා සියලුම ශාක හා පලතුරු අවසර ලත් ආහාර තුළ ඇතුලත් වේ. නමුත් ඔහුට හානියක් විය හැකි දේ හෝ ආරක්ෂිත යැයි ඔහු නොදන්නා දේ අනුභව නොකළ යුතුය.