වත්මන් කොටස: model:
පාඩම අල් උලූහිය්යා (උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ දේවත්වය) පිළිබඳ විශ්වාස කිරීම.
අල් උලූහිය්යා (උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ දේවත්වය) පිළිබඳ විශ්වාස කිරීමෙහි අර්ථය:
ප්‍රාර්ථනා කිරීම, අල්කව්ෆ් (අල්ලාහ් කෙරෙහි ගරු බියෙන් යුක්ත ව කටයුතු කිරීම), අත්තවක්කුල් (සියලු කටයුතු අල්ලාහ් වෙත භාර කිරීම), උදව් උපකාර පැතීම, සිරස නමා නැමදීම, සකාත් (දුගී බද්ද) ලබා දීම, උපවාසයේ නියැලීම යනාදී සියලු ම ආකාරයේ වත්පිළිවෙත් සඳහා සුදුස්සා, උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් පමණක් බවට තරයේ විශ්වාස කිරීම. මන්ද, උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් හැර නැමදීමට සුදුසු වෙනත් කිසිවෙක් නොමැත. මේ පිළිබඳ උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ උතුම් අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් කරති. “ඔබලාගේ (සැබෑ) දෙවිඳාණෝ ඒකීය දෙවිඳාණෝ (වන අල්ලාහ් පමණ) ය. ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත. ඔහු අසමසම කරුණාන්විත හා අපරිමිත දයාන්විත ය.” (සූරා අල්බකරා - 163)
සැබෑ දෙවිඳාණන් ඒකීය දෙවිඳාණන් වන අල්ලාහ් පමණක් යැයි උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් අපට පවසා ඇත. එබැවින්, ඔහු හැර වෙනත් දෙවියෙකු වෙත යොමු වීම හෝ ඔහු හැර වෙනත් දෑ නැමදීම හෝ නො කළ යුතු ය.
අල් උලූහිය්යා (උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ දේවත්වය) පිළිබඳ විශ්වාස කිරීමේ වැදගත්කම
උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ දේවත්වය පිළිබඳ විශ්වාස කිරීමේ වැදගත්කම විවිධ කෝණයන් තුළින් ඉස්මතු වේ.
1. අල් උලූහිය්යා පිළිබඳ විශ්වාසය ජින් වර්ගයා හා මිනිස් වර්ගයා මැවීමේ මූලික ම අරමුණ වේ.
ඔවුන් (මිනිසුන් හා ජින්වරුන්) මවනු ලැබුවේ උත්තරීතර දෙවිඳුන් හට නැමදුම් කිරීමට සහ ඔහුට ආදේශ නො කිරීමට මිස අන් කිසිවකට නො වේ. මේ පිළිබඳ උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ මෙසේ ප්‍රකාශ කරති. “ජින් (මෙලොව ජීවත් වන, මිනිස් ඇසට නො පෙනෙන ජීවී) වර්ගයා හා මිනිස් වර්ගයා, මා නැමදීමට මිස නො මැව්වෙමි.” (සූරා අස්සාරියාත් - 56)
2. ධර්ම දූතවරුන් (ඔවුනට අල්ලාහ් දෙවිඳුන්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) මෙලොවට යැවීමේ අරමුණ අල් උලූහිය්යා පිළිබඳ විශ්වාසය තහවුරු කිරීම ය.
ධර්ම ග්‍රන්ථ පහළ කිරීමෙහි අරමුණ, නැමදීමට සුදුස්සා උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් පමණක් බවත්, උත්තරීතර අල්ලාහ් හැර වෙනත් දෑ නැමදීම කුෆ්ර් හෙවත් අල්ලාහ් දෙවිඳුන් ව ප්‍රතික්ෂේප කිරීමේ ක්‍රියාවක් බවත් තහවුරු කිරීම ය. මේ පිළිබඳ උතුම් කුරානයේ මෙසේ සඳහන් වේ. "අල්ලාහ් නමදිනු තවද තාඝූත් ( අල්ලාහ්ට විරුද්ධ පිළිවෙත්)වලින් වැළකී සිටිනුයි පවසන දේවදූතයින් සියලු ජන සමාජයන් වෙත නියතවශයෙන් අපි යැව්වෙමු."(අන් නහ්ල්:36)
3. උලූහිය්යා පිළිබඳ විශ්වාස කිරීම මිනිසා හට පැවරෙන පළමු වගකීම වේ.
දේව දූත මුහම්මද්තුමාණන් මුආද් බින් ජබල්තුමා ව යෙමනයට යැවූ අවස්ථාවේ දී, එතුමාණෝ ඔහුට කළ අනුශාසනාවෙහි “ධර්ම ග්‍රන්ථ ලද (යුදෙව් හා ක්‍රිස්තියානි) උදවිය අතුරින් පිරිසක් ඔබට හමුවනු ඇත. එවිට ඔබ ප්‍රථමයෙන් ම ඔවුන් ව ඇරයුම් කළ යුත්තේ "උත්තරීතර අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැත යනුවෙන් සාක්ෂි දැරීම (හෙවත් සියලු ම ආකාරයේ වත්පිළිවෙත්වල දී උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ ඒකීයත්වය තහවුරු කිරීම) කෙරෙහි ය” යනුවෙන් පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි - 1389, මුස්ලිම් - 19)
අල්උලූහිය්යා පිළිබඳ විශ්වාසය ලා ඉලාහ ඉල්ලල්ලාහ් (උත්තරීතර අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නොමැත) යන්නෙහි යථාර්ථය වේ.
දෙවියා යනු නමදිනු ලබන්නා වේ. එබැවින්, සත්‍ය වශයෙන් ම උත්තරීතර අල්ලාහ් හැර වෙනත් නමදිනු ලබන්නෙක් නොමැත. නැමදුම් කටයුතුවලින් කිසිවක් ඔහුට හැර වෙනත් කිසිවකටත් ඉටු නො කළ යුතු ය.
අල් උලූහිය්යා පිළිබඳ විශ්වාස කිරීම යනු “උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් සියල්ල හසුරුවන්නා මෙන් ම, සියල්ලෙහි ම අධිපති හා මැවුම්කරු වෙති” යි විශ්වාස කිරීමෙහි න්‍යායානුකූල ප්‍රතිඵලයකි.
اختر مستوى الشرح المناسب لك
يحتوي الدرس الآن على طبقات اختيارية تساعدك على المراجعة السريعة أو التعمق دون مغادرة الدرس.
- الملخص: نظرة سريعة في نحو دقيقة.
- الأساسي: محتوى الدرس الأصلي وهو المسار المعتمد للتقدم.
- المتعمق: تفاصيل إضافية اختيارية عند توفرها.
تقدمك وإكمال الدرس يعتمدان دائما على صفحات المستوى الأساسي.