වත්මන් කොටස: model:
පාඩම උම්රා කරන ආකාරය
උම්රා යනු ඉහ්රාම් තත්ත්වයට පැමිණීම, කාබාව වටා සත් වරක් සක්මන් කිරීම හෙවත් තවාෆය, සෆා මර්වා කඳු දෙක අතර සත් වරක් ගමන් කිරීම නොහොත් සඊ කර්තව්‍යය සහ හිස මුඩුකිරීම හෝ හිසකෙස් කොට කිරීම යනාදිය මඟින් අල්ලාහ්ව නැමදුම් කිරීම වේ.
උම්රාවෙහි නීතිය
උම්රා කර්තව්‍යය ජීවිත කාලය තුළ එක් වරක් ශාරීරික හැකියාවන් ඇති අය සඳහා අනිවාර්ය වන අතර, පසුව පහසුව සහ හැකියාව අනුව එය නැවත කිරීම හා කිහිප වරක් හෝ ඉටු කිරීම සුන්නත් වේ.
උත්තරීතර අල්ලාහ් මෙසේ සඳහන් කරයි: නුඹලා අල්ලාහ් වෙනුවෙන් හජ් හා උම්රා ව සම්පූර්ණ කරනු. (අල් බකරා: 196)
ආඉෂා (රළි) තුමිය මෙසේ වාර්තා කර ඇත.කාන්තාවන් සඳහා ජිහාදය අනිවාර්ය වේද යනුවෙන් මා නබි (සල්) තුමාණන්ගෙන් විමසුවෙමි. "එසේය ඔවුන් සඳහා ජිහාදය අනිවාර්ය වේ. එනමුත් එම ජිහාදය වනාහි එහි කිසිදු සටනක් නැතිහජ් හා උම්රා යන කර්තව්‍ය වේ යනුවෙන් එතුමාණන් පැවසූහ. (අහ්මද්/ ඉබ්නු මාජාහ්)
උම්රාවෙහි මහිමය
අවුරුද්දේ සෑම අවස්ථාවකම උම්රා ඉටු කළ හැකි ඇති අතර එය හජ් මාසවලදී ඉටු කිරීම වඩා යෝග්‍ය වේ. රමළාන් මසෙහි ඉටු කරනු ලබ උම්රාවක් සඳහා එහි කුලිය ප්‍රගුණ කර දෙනු ලැබේ. එමෙන්ම එය හජ් කර්තව්‍යයට කුසලෙන් සමාන වේ. නබි තුමාණන් පැවසූ බව ඉබ්නු අබ්බාස් (රළි) තුමාණන් මෙසේ ප්‍රකාශ කර ඇත: "රමළාන් හි උම්රා ඉටු කිරීම වනාහි හජ් ඉටු කිරීමකට හෝ මා සමඟ කළ හජ් කර්තනව්‍යයකට හෝ සමාන වේ." (බුහාරි සහ මුස්ලිම්)
උම්රා ඉටු කළ යුතු ආකාරය
උම්රා කර්තව්‍යය ඉටු කරන බවට චේතානාව ඇති කර ගත් අයෙකු තම වස්ත්‍ර ශරීරයෙන් ඉවත් කළ පසු ස්නානය කර තම හිසෙහි සහ රැවුලෙහි සුවඳ විලවුන් ගල්වා ඉහ්රාම් වස්ත්‍රය පැළඳ ගනී.
පසුව මීකාත් හි සිට අනිවාර්ය සලාතයක් ඒ වේලාවෙහි වී නම් එය ඉටු කරනු ඇත. නැතහොත් ඔහු කැමති නම් රක්අත් දෙකක් (වුළු හි සුන්නත් රක්අත් දෙක) ඉටු කරනු ඇත. පසුව සිතෙන් උම්රා කර්තව්‍යයට ඇතුල් වන බව චේතනාව ඇති කර ගනී. පසුව (ලබ්බයිකල්ලාහුම්ම උම්රතන්) යනුවෙන් පවසයි.
-
ඔහු මස්ජිදුල් හරාම් තුළය ඇතුළු වන්නේ නම්, ඔහු තම දකුණු පාදය ඉදිරියට තබා ඇතුළු වේ. ඔහු කඃබාවට ළඟා වූ විට, තවාෆය ආරම්භ කිරීමට පෙර තල්බියා ප්‍රකාශ කිරීම අවසන් කරයි.,පිරිමියකු නම් ඉල්තිබාඋ කිරීම සුන්නත් වේ. එනම් තම වස්ත්‍රයෙහි මැද දකුණු කිහිල්ල තුළද එහි කෙළවර දෙක වම් උරහිසෙහිද තැබීමයි.
පසුව තවාෆය ආරම්භ කිරීම සඳහා හජරුල් අස්වද් වෙත ගොස් තම දකුණතින් එය ස්පර්ශ කර සිප ගත යුතුයි. එසේ කිරීමට නොහැකි නම් හජරුල් අස්වද් වෙත හැරී තම අතින් සංඥා කරනු ඇත. පසුව කාබාව දකුණු පසට වන ආකාරයට සිට ගනිමින් හත් වරක් තවාෆය ඉටු කරනු ඇත. පිරිමියෙකු නම් පළවෙනි තවාෆ් තුනෙහි රම්ල් ක්‍රමය අනුගමනය කරයි. රම්ල් යනු ඉක්මණින් ඇවිද යාම වේ.
-
හජරුල් අස්වද් ස්ථානය පසුකර යන සෑම අවස්ථාවකම කත්බීර් පැවසිය යුතුයි. තවාෆයෙහි තමන් කැමති ප්‍රාර්ථනාවක් අයැදිය හැකි අතර අල්කුර්ආන් පාරායනය හා අල්ලාහ්ව මෙනෙහි කිරීමේ පාඨ පැවසිය හැක.
තවාෆ්හි වට හත අවසන් කළ පසු ඉහ්රාම් හි ඉහළ වස්ත්‍රයෙන් ශරීරයේ ඉහළ කොටස ආවරණය වන අයුරින් පැළඳ ගත යුතුයි. පසුව මකාම් ඉබ්රාහීම් නමැති ස්ථානයට පසුපස හෝ දේවස්ථානයේ ඕනෑම ස්ථානයට ගොස් රක්අත් දෙකක් ඉටු කළ යුතුයි. එහි පළමු රක්අතයෙහි සූරතුල් ෆාතිහාවට පසු " කුල් යා අයියුහල් කාෆිරූන්" පරිච්ඡේදය ද දෙවන රක්අතයෙහි "කුල් හුවල්ලාහු අහද්" පරිච්ඡේදය ද පාරායනය කළ යුතුයි.
පසුව සඊ ඉටු කරන ස්ථානය වෙත යනු ඇත. සෆා කන්ද වෙත ළඟා වන විට " ( إِنَّ الصَّفَا وَالْمَرْوَةَ مِنْ شَعَائِرِ اللَّهِ) යනුවෙන් පාරායනය කර " أبدأ بما بدأ الله به."අබ්දඋ බිමා බදඅල්ලාහු බිහී" යනුවෙන් පැවසිය යුතුයි. එහි අර්ථය අල්ලාහ් ආරම්භ කළ දැයින් මා ආරම්භ කරමි යන්නයි.
පසුව සෆා කන්දට නැග කාබාව දෙසට හැරී අත් ඔසවා අල්ලාහ්ට ප්‍රශංසා කර ඔහුගේන අයැද සිටී. මෙහිදී නබි(සල්) තුමාණන් මෙසේ පවසනනෙකු වූහ: ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහු, ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂයිඉන් කදීර්, ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ, අන්ජස වඅ්දහූ, වනසර අබ්දහූ, වහසමල් අහ්සාබ වහ්දහූ" මෙය තුන් වරක් පවසයි. පසුව තමන් අභිමත කරන දෑ අයැද සිටිය හැක. ඒ අයැදීම තුන් වරක් සිදු කළ යුතුයි.
-
පසුුවසෆා කන්දෙන් බැස මර්වා කන්ද වෙත ගමන්ඇ කරනු ඇත. එහි සවිකර තිබෙන කොළ පැහැති විදුලු පහන් වෙත ළඟා වූ වීට පිරිමියකු නම් ඔහුට හැකි පමණින් මද වේගයෙන් ගමන් කරනු ඇත. කාන්තාවක් නම් සඊ ඉටු කිරීමේ දී සම්පූරණයෙන් ම ඇවිද යනු ඇත.
-
ඉන්පසු ඔහු අල්-මර්වා වෙත ළඟා වී එහි නඟින තුරු ඔහු දිගටම ගමන් කරයි. පසුව කිබ්ලාව දෙසට මුහුණ ලා, දෑත් ඔසවා, සෆා හි ඔහු පැවසූ දේ පවසනු ඇත. එහි පාරායනා කළ අල්කුර්ආන් වැකිය හැර. එය මෙහිදී පාරායනා නොකරයි. එමෙන් ම " අබ්දඋ බිමා බදඅල්ලාහු බිහී" යනුවෙන් ද නොපවසයි.
-
ඉන්පසු ඔහු මර්වා කන්දෙන් බැස සෆා දෙසට ගමන් කරයි, ඒ කොළ පාට විදුලි පහන් සවි කර ඇති ස්ථානය ළඟා වූ විට මද වේගයෙන් ගමන් කරයි. මර්වා හි ඔහු කළ දේ සෆා හිදී ද සිදු කරයි, මේ අයුරින්ඔ වට හතක්හු ඔහු අවසන් කළ යුතුයි. සඊ කරන විට අධික ලෙස අල්ලාහ්ව මෙනෙහි කළ යුතු අතර අධත ලෙස ඔහුගෙන් අයැද සිටීම ද යෝග්‍ය වේ. එමෙන්ම සුළු හා මහා කිල්ලෙන් ඔහු පිරිසිදු ව සිටිය යුතුයි.
-
සඊ කර්තව්‍ය අවසන් කළ පසු හිසකෙස් මුඩු කිරීම හෝ කොට කිරීම සිදු කරනු ඇත. හිසකෙස් මුඩු කිරීම පිරිමීන්ට වඩාත් යෝග්‍යය.
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළි) තුමාණන් මෙසේ ප්‍රකාශ කළහ: සැබැවින්ම නබි (සල්) තුමාණන් " අහෝ අල්ලාහ්! හිස මුඩුකරන්නන් සඳහා ඔබ කරුණාව දක්වනු මැන! යනුවෙන් අයැද සිටියහ. එවිට අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! හිසකෙස් කොට කරන්නන් සඳහා ද අයැද සිටින්න යනුවෙන් එහි සිටි අය ඉල්ලා සිටියේය. එවිට එතුමාණන් "අහෝ අල්ලාහ්! හිස මුඩුකරන්නන් සඳහා ඔබ කරුණාව දක්වනු මැන!" යනුවෙන් අයැද සිටියහ. පසුව ද අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! හිසකෙස් කොට කරන්නන් සඳහා ද අයැද සිටින්න යනුවෙන් එහි සිටි අය ඉල්ලා සිටියේය. එවිට "අහෝ අල්ලාහ්! හිසකෙස් කෙටි කරන්නන් සඳහා ඔබ කරුණාව දක්වනු මැන!" යනුවෙන් අයැද සිටියහ. (බුහාරි)
කාන්තවක් ගත කල ඇය තම හිසකෙස් අඟලකින් කෙටි කර ගනු ඇත. මේ කරුණු සම්පූර්ණ කළ විට ඔහුගේ උම්රා ව අවසන් වේ. ඉහ්රාම් තත්ත්වයට ඇතුල් වීමෙන් ඔහුට අනුමත නොවූ සියල්ල ඔහුට අනුමත වේ.
اختر مستوى الشرح المناسب لك
يحتوي الدرس الآن على طبقات اختيارية تساعدك على المراجعة السريعة أو التعمق دون مغادرة الدرس.
- الملخص: نظرة سريعة في نحو دقيقة.
- الأساسي: محتوى الدرس الأصلي وهو المسار المعتمد للتقدم.
- المتعمق: تفاصيل إضافية اختيارية عند توفرها.
تقدمك وإكمال الدرس يعتمدان دائما على صفحات المستوى الأساسي.