දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම මදීනා ව බැහැ දැකීම

ආශීර්වාද ලත් මදීනා නගරයේ ගෞරවය නබි (සල්) තුමාණන්ගේ සංක්‍රමණයෙන් උසස් වූ අතර, එය මක්කා අල්-මුකර්රමාට පසුව මහපොළවේ ඇති අනෙකුත් ප්‍රදේශවලට වඩා ශ්‍රේෂ්ඨ ය. එය බැහ දැකීම සඳහා නියමිත කාල වේලාවක් නොමැත. එය ඕනෑම වේලාවක බැහැ දකින්නට පුළුවණි. එමෙන්ම එය බැහැ දැකීම හජ් වගකීම සමඟ සම්බන්ධ නොවේ. නබි (සල්) තුමාණන් මෙසේ පැවසූහ: මස්ජිදුල් හරාම්, මාගේ මෙම මස්ජිදය සහ මස්ජිදුල් අක්සා යන දේවස්ථාන තුන වෙත හැර වෙනත් දේවස්ථාව වෙත ගමනක නිරත නොවන්න. (බුහාරි1139/ මුස්ලිම් 1397/ අබූ දාවූද් 2033)

  • මදීනා නගරයේ මහිමය ගැන ඉගෙන ගැනීම.
  • මදීනා නගරයට පැමිණීමේ ආචාර විධි පිළිබඳ ඉගෙන ගැනීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

මදීනා ව පිළිබඳ මහිමයන්

ආශීර්වාද ලත් මදීනා නගරයේ ගෞරවය නබි (සල්) තුමාණන්ගේ සංක්‍රමණයෙන් උසස් වූ අතර, එය මක්කා අල්-මුකර්රමාට පසුව මහපොළවේ ඇති අනෙකුත් ප්‍රදේශවලට වඩා ශ්‍රේෂ්ඨ ය. එය බැහ දැකීම සඳහා නියමිත කාල වේලාවක් නොමැත. එය ඕනෑම වේලාවක බැහැ දකින්නට පුළුවණි. එමෙන්ම එය බැහැ දැකීම හජ් වගකීම සමඟ සම්බන්ධ නොවේ. නබි (සල්) තුමාණන් මෙසේ පැවසූහ: මස්ජිදුල් හරාම්, මාගේ මෙම මස්ජිදය සහ මස්ජිදුල් අක්සා යන දේවස්ථාන තුන වෙත හැර වෙනත් දේවස්ථාව වෙත ගමනක නිරත නොවන්න. (බුහාරි1139/ මුස්ලිම් 1397/ අබූ දාවූද් 2033)

1) එහි නබිතුමාණන්ගේ දේවස්ථානය පිහිටා ඇත.

නබි (සල්) තුමාණන් මදීනාවට පැමිණි විට කළ පළමු දෙය නම්, මිනිසුන් අතර ඉගෙනීම, ඇරයුම් කිරීම සහ යහපත්කම පැතිරවීම සඳහා වූ මධ්‍යස්ථානයක් වශයෙන් නබි (සල්) තුමාණන්ගේ දේවස්ථානය ඉදිකිරීමයි. මෙම ආශීර්වාද ලත් දේවස්ථානය සඳහා විශාල මහිමයන් ඇත. නබි (සල්) තුමාණන් මෙසේ පැවසූහ: "මාගේ මෙම දේවස්ථානය‍ේ සලාතයක් වනාහි මස්ජිදුල් හරාමය හැර අනෙකුත් ස්ථාන වල ඉටු කරන සලාතයන් දහසකට වඩා විශිෂ්ඨය" (බුහාරි 1133, මුස්ලිම් 1394) .

2) එය ආරක්ෂිත ශුද්ධ භූමි ප්‍රදේශයකි.

අල්ලාහ්ගෙන් වූ දිව්‍යමය හෙළිදරව්වක් මඟින් නබි (සල්) තුමාණන් එය ශුද්ධ භූමියක් බවට පත් කර ඇත. එහි ලේ වැගීරීම සිදු නොකළ යුතුයි. එහි කිසිදු ආයුධයක් රැගෙන නොයනු ඇත, එහි කිසිවෙකු බිය ගන්වන්නේ නැත, එහි කිසිදු ගස් කපා නොදැමිය යුතුය. ඒ හැර එහි තහනමට යටත් වන වෙනත් දේ එහි සිදු නොකළ යුතුයි. නබි (සල්) තුමාණන් මෙසේ පැවසූහ: මෙහි තිබෙන තණකොල කපා ඉවත් නොකළ යුතුයි. මෙහි දඩයම් ගොදුර ලුහුබැඳ නොයන්න; කිසිවකුට අතපසු වූ භාණ්ඩ නිවේදකයා හැර අන් කිසිවකු විසින් අහුලා නොගත යුතුය! සතුන්ට ආහාර වශයෙන් මිස මෙහි ගස් කපා නොදැමිය යුතුය; යුද්ධයක් වෙනුවෙන් මෙහි ආයුධ නොගත යුතුයි" (අබූ දාවූද් 2035/ අහ්මද් 959)

3- එහි ඇති ආහාර, පලතුරු, ජීවිතයේ සෑම දෙයක්ම ආශිර්වාදය

නබි (සල්) තුමාණන් මෙසේ පැවසූහ: අහෝ අල්ලාහ්! අපගේ පලතුරු වල අභිවෘද්ධිය ලබා දෙත්වා! අපගේ නගරයේ අභිවෘද්ධිය ලබා දෙත්වා! අපගේ සාඋ හා මුද් යන මිනුම් ක්‍රම වල අභිවෘද්ධිය ලබා දෙත්වා! අහෝ අල්ලාහ්! සැබැවින් ඉබ්රාහීම් ඔබේ ගැත්තාය. ඔබේ මිතුරාය. ඔබේ වක්ථෘවරයාය. සැවැබිව්ම මා ඔබේ ගැත්තාය. ඔබේ වක්ථෘවරයාය. සැබැවින් ඔහු ඔබෙන් මක්කා විෂයෙහි අයැදීය. මා ඔබෙන් මදීනා විශයෙහි අයැදිමි. ඔහුගේ මක්කා විෂයෙහි අයැදීමට වඩා දෙගුණයක් මා මදීනා විෂයෙහි අයැද සිටිමි." (මුස්ලිම් 1373).

4- දජ්ජාල්ගේන සහ වසංගත වලින් අල්ලාහ් එය ආරක්ෂා කරනු ඇත.

නබි (සල්) තුමාණන් මෙසසේ පැවසූහ: මදීනාවේ දොරටුවල දේවදූතයන් සිටිනු ඇත! වසංගතය සහ දජ්ජාල් මදීනාවට ඇතුළු විය නොහැක! (බුහාරි 1781/ මුස්ලිම් 1379)

5- එහි වාසය කිරීම, ජීවත්වීම සහ මරණයට පත් වීමේ මහිමය:

නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණෝ, මදීනාවේ දුෂ්කරතා සහ එහි පටු ජීවිතය පිළිබඳ ඉවසිලිවන්ත අයට නැවත නැඟිටුවීමේ දිනයේදී මැදිහත් වීම සිදු කරන බව පොරොන්දු වූහ. නබි (සල්) තුමාණන් පැවසූ බව සඅද් බින් අබී වක්කාස් (රළි) තුමාණන් විසින් මෙසේ වාර්තා කරන ලදී: මිනිසුන් දැන ගැන සිටියේ නම් මදීනාව නගරය ම ඔවුනට යහපත් නගරයකි.යමෙක් එයට වෛර කර එය අත්හැරියේ නම්, අල්ලාහ් ඔහුට වඩා හොඳ අයෙකු එහි පත් කරනු මිස නැත. එහි සාගතය සහ දුෂ්කරතා විඳදරාගන්නා අයට නැවත නැඟිටුවීමේ දිනයේදී මා මැදිහත්කරු හෝ සාක්ෂිකරු වන්නෙමි. (මුස්ලිම් 1363)

නබි (සල්) තුමාණන් මෙසේ පැවසූහ: කවරෙකු මදීනාවේ මරණයට පත් වන්නට හැකියාව දරන්නේ ද ඔහු එහි ම මරණයට පත් වේ. මන්ද කවරෙකු එහි මරණයට පත් වන්නේ ද මා ඔහු වෙනුවෙන් මැදිහත් වෙමි. (තිර්මිදි 3917/ ඉබ්නු මාජා 3112)

6- මදීනාව යනු දේව විශ්වාසයේ වාසස්ථානය වන අතර එය එහි ඇති වන නපුර හා දුෂ්ටකම් ඉවතලනු ඇත.

මහපොළවේ කෙතරම් අර්බුද පැවතියද අවසානයේ විශ්වාසය මදීනාව තුළ මුල් බැස ගනී. දුෂ්ටයන්ට, සහ නපුරු අයට එහි අඛණ්ඩව රැඳී සිටිය නොහැක. නබි (සල්) තුමාණන් මෙසේ පැවසූහ: සර්පයා උගේ ගුලෙහි රැකවරණය පතනවා සේම දේව විශ්වාසය (ඊමානය) මදීනාවෙහි රැකවරණය පතයි. (බුහාරි 1777/ මුස්ලිම් 147) තවද මෙසේ පැවසීය: "සැබැවින්ම, මාගේ ආත්මය කා සතුව තිබෙන්නේ ද ඔහු මත දිවුරා පවසමි. කිසිවකු හෝ මදීනාවට වෛර කර එයින් ඉවත් වන්නේ ද, ඔහුට වඩා හොඳ අයෙකු අල්ලාහ් එහි ඇති කරන්නේමය.දැනගනු! " මදීනාව උදුනක් මෙන් අපිරිසිදු දේ ඉවත් කරයි. යකඩෙහි මලකඩ උදුන ඉවත් කළාක් මෙන් මදීනාවෙන් දුෂ්ටයන් නෙරපා හැරීමෙන් තොරව අවසාන දිනය සිදු නොවනු ඇත ”(මුස්ලිම් 1382).

7. මෙම නගරය පාපයෙන් පිරිසිදු කරනු ඇත.

නබි (සල්) තුමාණන් පැවසූ බව සයිද් බින් සාබිත් (රළි) තුමාණන් මෙසේ පැවසූහ. මදිනා ව වනාහි පාරිශුද්ධ ය. තවද සැබැවින් ම එය වනාහි ගින්න රිදී හි තිබෙන කසල පිරිසිදු කරනවාක් මෙන් පාපයයෙන් ද (මිනිසා) පිරිසිදු කරනු ඇත. (බුහාර 4589/ මුස්ලිම් 1384)

මදීනා ව බැහැ දැකීමේ ආචාරවිධි

මදීනා ව බැහැ දකින්නා සැලකිලිමත් විය යුතු ආචාරවිධි කිහිපයක්

මදීනාව බැහැ දැකීමට පැමිණෙන් පුද්ගලයාගේ චේතනාව විය යුත්තේ එම දේවස්ථානය බැහැ දැකීම මිස නබිතුමාණන්ගේ සොහොන බැහැ දැකීම නොවේ. මන්ද නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී. මස්ජිදුල් හරාම් මස්ජිදුර් රසූල් හා මස්ජිදුල් අක්සා නම් මස්ජිදයන් තුන වෙත මිස (වෙන කිසිදු මස්ජිදයකට කුසල් බලාපොරොත්තු වෙමින්) වන්දනා චාරිකා ක්‍රියාත්මක කරනු ලැබේ. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

2- දේවස්ථානය තුළ පා තබන විට පළමුව දකුණු පාදය තබා (අල්ලාහුම්ම ඉෆ්තහ් ලී අබ්වාබ රහ්මතික) යනුවෙන් පැවසීම සුන්නත් වේ.

තහියියතුල් මස්ජිද් රක්ආත් දෙක ඉටු කරනු ලැබේ. රව්ලා අෂ් ෂරීෆා යන තැනැහි සලාතය ඉටු කළේ නම් වඩා යෝග්‍ය ය.

4- නබි(සල්) තුමාණන්ගේ සහ එතුමාණන්ගේ මිතුරන්ගේ සොහොන් බැහැ දැකීම සුන්නත් වේ. නබිතුමාණන්ගේ සොහොනට ඉදිරියෙන් ආචාරශීලීව සිට ගෙන පහත් හඬින් පහත සඳහන් දෑ ප්‍රකාශ කළ යුතුයි. අස්සලාමු අලෙයික අයියුහන් නබියියු වරහ්මතුල්ලාහි වබරකාතුහු, අෂ්හදු අන්නක රසූලුල්ලාහි හක්කන්, වඅන්නක කද් බල්ලග්තර් රිසාලත, වඅද්දයිතල් අමානත, වනසහ්තල් උම්මත, වජාහත්තල්ලාහු හක්ක ජිහාදිහිථ ෆජසාකල්ලාහු අන් උම්මතික අෆ්ළල මා ජසා නබියියන් අන් උම්මතිහීග

පසුව පසුව ඊට දකුණ පසින් පියවරක් ඉදිරියට ගොස් ඒ අයුරින්ම අබූ බක්ර් (රළියල්ලාහු අන්හු) තුමා වෙත සලාම් පවසයි. පසුව ඊට දකුණු පසින් තවත් පියවරක් ඉදිරියට ගොස් ඒ අයුරින්ම උමර් (රළියල්ලාහු අන්හු) තුමා වෙත සලාම් පවසයි.

5- මස්ජිදය තුළ සිට අධික ලෙස සලාතට ඉටු කිරීම සුන්නත් වේ. එමඟින් නබි(සල්) තුමාණන් ප්‍රතිඥා දුන් කුසල් රාශියක් හිමි වේ. ඒ බව නබි (සල්) තුමාණන් මෙසේ වදාල ඇත: මාගේ මෙම මස්ජිදයෙහි තුළ ඉටු කෙරෙන එක් සලාතයක් වනාහි මස්ජිදුල් හරාම් හැර අනෙකුත් සෑම ස්ථානයකම කරන සලාතයන්ට දාහකට වඩා ශ්‍රේෂ්ඨය. (බුහාරි සහ මුස්ලිම්)

6- කුබා මස්ජිදය ද බැහැ දැකීම සුන්නත් වේ. නබි (සල්) තුමාණන් මෙසේ පැවසූහ: කවරෙකු මෙම මස්ජිද් කුබා වෙත පැමිණෙන එහි සලාතයක් ඉටු කළේද එය උම්රාවකට සමාන වේ. (නසාඊ)

7- බකී නැමැති සොහොන් පිට්ටනිය සහ උහද් හි දිවි පිදූවන් මිහිදන් කර ඇති සොහොන් පිට්ටනිය බැහැ දැකීම ද සුන්නත් වේ.. නබි(සල්) තුමාණන් ඒ ස්ථාන බැහැ දැක ඔවුන් වෙනුවෙන් අයැදීම් කරනු ඇත. තවද මෙසේ පවසු ඇත: අස්සලාමු අලෙයිකුම් අහ්ලද් දියාරි මිනල් මුඅ්මිනීන වල්මුස්ලිමීන්. වඉන්නා ඉන්ෂා අල්ලාහු බිකුම් ලාහිකූන්, අස්අලුල්ලාහ ලනා වලකුමුල් ආෆියත. (මුස්ලිම්)

8- මුස්ලිම්වරයා දෙවියන්ගේ අණට අනුව අවංකව මෙම නගරයේ සිටීමට උනන්දු විය යුතුයි, දෙවියන්ට සහ ඔහුගේ දූතයාණන්ට කීකරු වීමට වග බලා ගත යුතුයි. මිථ්‍යාදෘෂ්ටික හා අකුසල් කරුණු වල නොවැටී ඉතා ප්‍රවේශමින් කටයුතු කළ යුතුයි.

9- එහි ගස්කොලං කපා හැරීම, දඩයම් කිරීම වැනි කටයුතු වල නිරත නොවිය යුතුයි. මන්ද නබි (සල්) තුමාණන් මෙසේ පැවසූහ: සැබැවින්ම ඉබ්රාහීම්තුමාණන් මක්කාව පාරිශුද්ධ භූමියක් කළහ. මා මදීනා ව එහි කොටස් දෙක අතර පාරිශුද්ධ භූමියක් කළෙමි. එහි ගස්වැල් නොකැපිය යුතුයි. එහි සතුන් දඩයම් නොකෙරේ. (මුස්ලිම්)

10- මේ නගරයේ සිටින විට තමා සිටින්නේ ආලෝකයක් බැබළුණු සහ ප්‍රයෝජනවත් දැනුම ලොව පුරා ව්‍යාප්ත කළ ප්‍රදේශයක බව මුස්ලිම්වරයා දැනගත යුතුයි. එබැවින් ඔහු එහි ඉස්ලාමීය නීතිමය දැනුම ලබා ගැනීමට උනන්දු විය යුතුයි., විශේෂයෙන් දැනුම හැදෑරීම නබිතුමාණන්ගේ මස්ජිදය තුළ කරන්නේ නම් වඩාත් සුදුසුය. ඒ බව අබු හුරෙයිරා (රළි) තුමාගේ හදීසයය මෙසේ සඳහන් වේ. සඳහා, “අපගේ මෙම දේවස්ථානයට ඉගෙන ගැනීමට හෝ ඉගැන්වීමට ඇතුළු වන ඕනෑම අයෙකු අල්ලාහ්ගේ මාර්ගයේ කැප වන අයකු හා සමාන ය. එය හැර වෙනත් දෙයකට එයට ඇතුළු වන තැනැත්තා තමාට අනවශ්‍ය දෑ දෙස බලන්නා හා සමාන වේ. ” (අහ්මද්/ ඉබ්නු මාජාහ්).

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.