වත්මන් කොටස: model:
පාඩම උතුම් අල් කුර්ආනය කියවීමේ නීතිරීති හා ආචාරධර්ම
අල් කුර්ආනය පාරායනය කිරීමේ ආචාර විධි
උතුම් අල් කුර්ආනය කටපාඩම් කිරීමේ නීතිය
දේව දූතයාණන් දේශනා කළ බවට ආයිෂාතුමිය මෙසේ වාර්තා කරයි. “උතුම් අල් කුර්ආනය කටපාඩම් කර, එය කියවන පුද්ගලයා ඉතා කීකරු හා ගෞරවණීය දූතයින් (මලාඉකාවරුන්) සමඟ සිටින්නෙකු වැනි ය.” (බුහාරි - 4937)
උතුම් අල් කුර්ආනය කියවීමේ නීතිය
උතුම් අල් කුර්ආනය කියවනු ලබන විට නිශ්ශබ්ද වීම හා ඊට සවන් දීම හා සම්බන්ධ නීතිය
උතුම් අල් කුර්ආනය පිළිබඳ විශ්වාස කිරීම, එහි නීතිරීතිවලට අනුව කටයුතු කිරීම, එහි හලාල් (අනුමත) යැයි සඳහන් දෑ එ් අයුරින් ම පිළිගෙන කටයුතු කිරීම, එහි හරාම් (තහනම්) යැයි සඳහන් දෑ ඒ අයුරින් ම පිළිගෙන කටයුතු කිරීම, වැළකී සිටිය යුතු යැයි සඳහන් කරුණුවලින් වැළකී දුරස් ව සිටීම, ඉටු කළ යුතු යැයි අණ කර ඇති කරුණු ඉටු කිරීම හා සියලු ම කටයුතු උතුම් අල් කුර්ආනයට අනුව ම ඉටු කිරීම සෑම පුද්ගලයෙකුට ම වාජිබ් හෙවත් අනිවාර්ය වේ.
මුස්ලිම්වරයෙකු උතුම් අල් කුර්ආනය නොකඩවා කියවීමට දැඩි ව අධිෂ්ඨාන කර ගත යුතු ය. උතුම් අල් කුර්ආනය කියවීම මඟ හැර නොයෑම හා අමතක නොවීම පිණිස උතුම් අල් කුර්ආනයෙහි වැකි කිහිපයක් හෝ නොකියවා දවසක් ගත කිරීම නොකළ යුත්තකි. “මාගේ පරමාධිපතියාණෙනි, නියත වශයෙන් ම මාගේ ජනතාව මෙම උතුම් අල් කුර්ආනය නොසලකා හරින ලද්දක් වශයෙන් ගත්තෝය’ යැයි දේව දූතයාණෝ පැවසූහ.” (සූරා අල්ෆුර්කාන් - 30)
දේව දූතයාණන් දේශනා කළ බවට අබූ මූසාතුමා මෙසේ වාර්තා කරයි. “නිතර නිතර උතුම් අල් කුර්ආනය කියවන්න. නියත වශයෙන් ම, ලණුවෙන් ගැට ගසා ඇති ඔටුවාට වඩා වේගයෙන් (ඉක්මණින්) උතුම් අල් කුර්ආනය (මතකයෙන්) ගිලිහී යනු ඇතැ යි මාගේ ප්‍රාණය ඇත්තේ කවරෙකුගේ අතෙහි ද ඔහු මත දිවුරා පවසමි.” (බුහාරි - 5033)