වත්මන් කොටස: model:
පාඩම වකෘත්වයෙන් පසු දේව දූතයාණන්ගේ චරිතාපදානය
ඉස්ලාමයේ පණිවිඩය සමඟ මුහම්මද්තුමාණන් ව දේව දූතයෙකු වශයෙන් යැවීම
ධර්ම දූත මුහම්මද්තුමාණන්ට දූතත්වය හිමි වීම ආරම්භ වූයේ අර්රුඃයා අස්සාදිකා (සැබෑ වන සිහිනය) මඟිනි. එනම්, උදෑසන උදාවීම සත්‍යය කරුණක් වන්නේ කෙසේ ද එලෙස ම එතුමාණන් නින්දෙහි දකින සිහින සියල්ල සැබෑ වීම ය.
නබි (සල්) තුමාණන්ගේ වයස හතළිහට ආසන්න වූ විට, එතුමා හුදකලාව ප්‍රිය කළ අතර, එතුමා හුදකලා වී, නැමදුම් කිරීම පිණිස රමළාන් මාසය හිරා ගුහාවේ ගත කළහ.මේ අයුරින් වසර තුනක් ම සිටියහ. ඉන් එක් හුදකලාවක සිටිය දී දිව්‍යමය හෙළිදරව්වක් පහළ වුණි.
එතුමාට වයස අවුරුදු හතළිහක් සම්පූර්ණ වූ විට, වක්තෘත්වයේ ආලෝකය ඔහු කෙරෙහි බැබළුණි. සර්වබලධාරී දෙවියන් ඔහුගේ පණිවිඩයෙන් ඔහු ගෞරව කර, ඔහුගේ මැවීම් වෙත යවා, ඔහුගේ ගෞරවයෙන් ඔහුව සුවිශේෂී කර, ඔහු සහ ඔහුගේ ගැත්තන් අතර විශ්වාසවන්තයෙකු බවට පත් කළේය. එබැවින් ජිබ්රීල් (අලෙයිහිස් සලාම්), ඔහුට ශාන්තිය අත්වේවා, සර්ව බලධාරී දෙවියන්ගේ අණ පරිදි ඔහු වෙත පැමිණි අතර, ලෝකයට දයාව ලෙසත්, සියලු මිනිසුන්ට ශුභාරංචිය හා අනතුරු අඟවන්නෙකු ලෙසත් ඔහු එව්වේය.
(අහෝ පොරවා ගෙන සිටින්නාණනි! නුඹ නැගී සිට, අවවාද කරනු.) යන වැකියෙන් දේව පණිවිඩය දන්වා සිටීම පිළිබඳ අල්ලාහ්ගේ නියෝගය ධර්ම දූතයාණන් ලබා ගත් කල්හි සැණින් අල්ලාහ් වෙත මිනිසුන් ඇරයුම් කිරීමටත් අල්ලාහ් එවා තැබූ මෙම දහම ක්‍රියාත්මක කිරීමටත් ආරම්භ කළහ.
රහසිගත ඇරයුම
ධර්ම දූතයාණන් , මක්කම වැසියන් කලබල නොවන පරිදි රහසිගතව ඉස්ලාමය වෙත කැඳවීමට පටන් ගත්හ. එබැවින් එතුමාට අනුගත වූ සිය පවුලේ අය සහ එතුමාගේ මිතුරන් හට ඉස්ලාම් ආගම ඉදිරිපත් කිරීමට පටන් ගත්හ. සත්‍යයට සහ යහපත්කමට වූ ඇල්ම හේතුවෙන් තමන් දන්නා අයගෙන් යහපත් අය යැයි විශ්වාස කළ සියල්ලන්ට එය ඉදිරිපත් කළහ, ඔවුන් එතුමාගේ අවංකවභාවය හා ධර්මිෂ්ඨකම පිළිබඳ හොඳින් දැන සිටියෝය.
ඉස්ලාම් දහම වැළඳ ගත් ප්‍රථමයා
එතුමාණන් සමඟ ඉස්ලාමය වැළඳගත් පළමු පුද්ගලයා වූයේ එතුමාගේ භාර්යාව වන කදීජා බින්ති කුවයිලිද් (අල්ලාහ් ඇය පිළිබඳ තෘප්තියට පත් වේවා!), එතුමාගේ මිතුරකු වන අබූ බක්ර් අස් සිද්දීක්, එතුමාගේ ඥාති සොහොයුරා වන අලී බින් අබී තාලිබ් සහ එතුමාගේ සේවකයා වූ සයිද් බින් හාරිසා යන අයවලුන් ය. (අල්ලාහ් ඔවුන් සියල්ල පිළිබඳ තෘප්තියට පත් වේවා!)
පසුව ( එහෙයින් නුඹට අණ කරනු ලබන දෑ නුඹ හෙළිපිටම පවසනු.) යන අල් කුර්ආන් වැකිය හරහා ඇරයුම ප්‍රසිද්ධියේ සිදු කරන ලෙස අල්ලාහ්ගෙන් නියෝගය ලැබුණි.
-
ඉස්ලාමීය ඇරයුම නැවැත්වීමට මෙම ක්‍රම ඔවුන්ට ප්‍රයෝජනයක් නොවන බව බහුදේවවාදීන් දුටු විට, ඔවුන් ඉස්ලාමයට එරෙහිව සටන් කිරීමටත්, ඉස්ලාමයේ දූතයාට හානි කිරීමටත්, එයට ඇතුළු වන අයට වධහිංසා පැමිණවීමටත්, පීඩා කිරීමටත් තීරණය කළහ. ධර්ම දූතයාණන් මුස්ලිම්වරුන්ට තම ආගම අර්බුධ වලින් බේරාගැනීම පිණිස හබෂාව වෙත සංක්‍රමණය වන ලෙස අණ කළහ.
නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාගේ ඇරයුම් මෙහෙවර සාර්ථකත්වය සහ පීඩාව අතර වූ මාවතක සිර වී තිබූ අවස්ථාවක අල්-ඉස්රා සහ අල්-මිඃරාජ් සිද්ධිය සිදු විය. මෙම සිදුවීම බහුදේවවාදීන් සිදු කළ වධ හිංසා, ප්‍රතික්ෂේප කිරීම් සහ ඔවුන්ගේ විරසකය යනාදිය ඉදිරියේ නබිතුමාගේ ඉවසීම වෙනුවෙන් සහ වසර ගණනාවක් ඇරයුම් කිරීම වෙනුවෙන් ගෞරවය දැක්වීමක් ලෙස සහ එතුමා ව ස්ථීර කිරීමක් ලෙස මෙම සිදුවිය.
මක්කමෙන් පිටත ඇරයුම් කිරීම
නබිතුමාණන් මක්කාවෙන් පිටත ඉස්ලාමය ඉදිරිපත් කිරීමට පටන් ගත්හ. ඒ අනුව එතුමාණන් තාඉෆ් නගරය වෙත ගිය අතර, ඔවුන්ගෙන් අවහිරතාවන් හා පිටුදැකීම් එතුමා දුටු විට, එතුමා නැවත මක්කම වෙත ගොස් හජ් සමයේදී ගෝත්‍රිකයන්ට සහ තනි පුද්ගලයන්ට ඉස්ලාමය ඉදිරිපත් කිරීමට පටන් ගත්හ.
අකබා නමැති එකඟතාවන් දෙක
පසුව අල්ලාහ්ගේ දූතයාණෝ, යස්රිබ් නොහොත් මදීනා වැසියන්ගෙන් හය දෙනෙකු අකාබා නමැති ස්ථනයේ හමු වූ අතර, එතුමාණන් ඔවුන්ට ඉස්ලාමයේ යථාර්ථය සහ එහි ඇරයුම පැහැදිලි කර, ඔවුන්ව සර්වබලධාරී දෙවියන් වෙත කැඳවා, අල්කුර්ආනය පාරායනය තර පෙන්වූහ. ඉන් අනතුරුව ඔවුන් විසින් ඉස්ලාම් දහම වැළඳ ගනු ලැබීය. පසුව ඔවුන් මදීනාවට ආපසු ගොස් ඉස්ලාමය ඔවුන්ගේ සමූහයා අතර ප්‍රචලිත කළහ. පසුව පළමු හා දෙවන අකබා ප්‍රතිඥාවන් රහසින් සිදු විය. එය අවසන් වූ පසු අල්ලාහ්ගේ දූතයාණන් ඔහු සමඟ සිටි මුස්ලිම්වරුන්ට මදීනාව වෙත සංක්‍රමණය වන ලෙස නියෝග කළහ. ඉන්පසු ඔවුන් කණ්ඩායම් වශයෙන් පිටත් ව ගියෝය.
මදීනා වෙත එතුමාණන්ගේ නික්ම යෑම: සාමාන්‍ය මුස්ලිම් ජනතාව මක්කාවෙන් නික්ම ගිය පසු ධර්ම දූතයාණන් සහ අබූ බක්ර්තුමාණන් මදීනා වෙත නික්ම යෑමට පිටත් වූහ. කුරෙයිෂ්වරුන්ට මෙම සිද්ධිය සැඟවීම සඳහා සවුර් නැමැති ගුහාව වෙත ගොස් එහි දින තුනක් රැඳී සිටියහ. පසුව සවුර් ගුහාවෙන් පිට වී මදීනා වෙත පිටත් ව ගියහ. මදීනා නගරයට ආසන්නයට එතුමාණන් ළඟා වුණු විට මුස්ලිම්වරුන් එතුමාව ප්‍රීතියෙන් හා සතුටින් පිළිගත්හ.
තවද දූතයාණන් මදීනාවට පැමිණි විට කළ පළමු කාර්යය වූයේ අන නබවී දේවස්ථානය ගොඩනැගීම සහ සංක්‍රමණිකයන් සහ අන්සාර්වරුන් අතර සහෝදරත්වය සහ නව ඉස්ලාමීය සමාජයට අඩිතාලම දැමීමයි.
එතුමාණන් මදීනාවේ ස්ථීර ලෙස පදිංචි වූ විට, සකාත්, උපවාස, හජ්, අරගල කිරීම, යාඥාවට කැඳවීම, යහපත ආඥා කිරීම සහ අයහපත තහනම් කිරීම සහ ඉස්ලාමයේ අනෙකුත් නීති වැනි ඉස්ලාමයේ ඉතිරි නීති එතුමාණන් නියෝග කළේය.
සර්වබලධාරී දෙවියඳාණන් ආගම සහ රාජ්‍යය ආරක්ෂා කිරීම සහ ඉස්ලාමයේ සදාකාලික පණිවිඩය ප්‍රචලිත කිරීම සඳහාත් මුස්ලිම්වරුන් වෙත සටන් කිරීමේ අවසරය පහළ කළේහ. ඒ බව මෙසේ සඳහන් කරයි “තමන්ට අසාධාරණයක් සිදු වූ හෙයින් සටන් කරන අයට අවසර දෙනු ලැබීය” [අල්- හජ්: 39]. එය සටන් කිරීම පිළිබඳ හෙළිදරව් වූ පළමු පදය වන අතර ධර්ම දූතයාණන් විසින් සටන් විසිහතක් සිදු කර ඇති අතර සේනාවන් පනස් හයක් එතුමාණන් විසින් යවන ලදී. ඇත.
හිජ්රත් නොහොත් නික්මයාමෙන් පසු සිදුවූ වැදගත් සිදුවීම්
නබි (සල්) තුමාණන් මදීනාවට සංක්‍රමණය වීමෙන් පසු සිදු වූ වැදගත්ම සිදුවීම් පිළිබඳ කෙටි ඉදිරිපත් කිරීමක් පහත දැක්වේ:
සංක්‍රමණයේ පළමු වසර:
සංක්‍රමණයේ දෙවන වසර
මහා බද්ර් සටන, එහිදී දෙවිඳාණන් දේවත්වය විශ්වාස කළ අයව ගෞරව කළ අතර, කුරෙයිෂ්වරුන් අතරින් දේවත්වය ප්‍රතික්ෂේප කළ අයට එරෙහිව ඔවුනට ජයග්‍රහණය ලබා දුන්හ.
සංක්‍රමණයේ තුන්වන වසර
උහුද් සටන: ඝනීමත් හෙවත් යුද්ධයෙන් අත්පත් කර ගත් දෑ එකතු කිරීම සඳහා අර්රුමාත් නම් කන්දෙන් බැස නබි ﷺ තුමාගේ උපදෙස් කඩ කිරීම හේතුවෙන් එහි පරාජය සිදු විය.
සංක්‍රමණයේ සිව්වන වසර
බනු අල් නදීර් සටන: එහිදී ධර්ම දූතයාණන් විසින් බනූ අල් නදීර් යුදෙව්වන් මදීනාවෙන් පිටමං කරන ලදී. මන්ද ඔවුන් සහ මුස්ලිම්වරුන් අතර ඇති කරගත් ගිවිසුම ඔවුන් කඩ කළ බැවිනි.
සංක්‍රමණයේ පස්වන වසර
බනී අල්මුස්තලත් සටන සහ අහ්සාබ් සටන සහ බනී කුරයිළා සටන.
සංක්‍රමණයේ හයවන වසර
මුස්ලිම්වරුන් සහ කුරෙයිෂ්වරුන් අතර හුදයිබියා ගිවිසුම
සංක්‍රමණයේ හත්වන වසර
කයිබර් සටන. තවද මෙම වසරේ ධර්ම දූතයාණන් සහ මුස්ලිම්වරු මක්කමට ඇතුළු වී උම්රා ඉටු කළහ.
සංක්‍රමණයේ අටවන වසර
මුස්ලිම්වරුන් සහ රෝමවරුන් අතර මුඅත්තාහ් සටන. තවද මක්කම ජයගැනීම සහ හවාසින් සහ සකීෆ් ගෝත්‍රවලට එරෙහිව හුනයින් සටන.
සංක්‍රමණයේ නවවන වසර
ධර්ම දූතයාණන්ගේ අවසාන සටන වන තබූක් සටන. මෙම වසරේ නොයෙකුත් කණ්ඩායම් ඉස්ලාමය වැළඳ ගනිමින් ධර්ම දූතයාණන් වෙත පැමිණියහ. එමෙන්ම මිනිසුන් රංචු පිටින් අල්ලාහ්ගේ ආගමට ඇතුළු වූ අතර, මෙම වසර (ආමුල් වුෆූද්) කණ්ඩායම් වර්ෂය ලෙස නම් කරන ලදී.
සංක්‍රමණයේ දසවන වසර
හජ්ජතුල් වදා නමැති සමුගැනීමේ හජ් වන්දනාව, ලක්ෂයකට අධික මුස්ලිම් ජනතාවක් නබිතුමා සමඟ එහි දී හජ් ඉටු කළහ.
ඇරයම් මෙහෙවර සම්පූර්ණ වී ඉස්ලාමය අරාබි අර්ධද්වීපය පුරා ව්‍යාප්ත වී, මිනිසුන් කණඩායම් වශයෙන් අල්ලාහ්ගේ ආගමට ඇතුළු වූ විට සහ එහි ව්‍යාප්තියේ සංඥාවන් ලෝකයේ දර්ශනය වී එය සියලු ආගම් අභිබවා යන විට, දෙවියන් වහන්සේගේ දූතයාණන් කෙරෙහි, එතුමාගේ අවසන් කාලය ළං වන බව එතුමා වටහා ගත්හ. එබැවින් එතුමා තම ස්වාමියා හමුවීමට සූදානම් වීමට පටන් ගත් අතර මේ අනියත ලෝකයෙන් ඉවත්වීම ළඟා වන බව එතුමාගේ වචනවලින් සහ ක්‍රියාවන්ගෙන් පෙනී ගියේය.
සහ හිජ්රි එකොළොස්වන වසරේ: අල්ලාහ්ගේ දූතයාණෝ රබී අල්-අව්වල් මාසයේ සඳුදා දිනක අභාවප්‍රාප්ත විය.
එතුමාණන් වයස අවුරුදු හැට තුනේදී මිය ගියහ, ඉන් අවුරදු හතළිහක වක්තෘත්වයට පෙර ද අවුරුදු විසිතුනක් වක්තෘවරයෙකු සහ දූතයෙකු ලෙස ද අවුරුදු දහතුනක් මක්කමේ ද අවුරුදු දහයක් මදීනාවේ ද විය.
එතුමා මිය ගිය ද , එතුමාගේ ආගම ඉවතිරිව පවතී. මෙය එතුමාගේ ආගමයි, මානය සමූහයා වෙනුවෙන් සෑම යහපතක් වෙතම එතුමා මඟ පෙන්වීය.සෑම නපුරක් පිළිබඳව එතුමා අනතුරු ඇඟවීය. එතුමා පෙන්වූ යහපත වනාහි ඒකදේවවාදය, සහ දෙවිඳාණන් ඇලුම් කරන සහ සතුටු වන සියල්ල වේ. එතුමා අනතුර ඇඟවූ නපුර වනාහි ශිර්ක් නොහාත් ආදේශය සහ දෙවිඳාණන් පිළිකුල් කරන සහ ප්‍රතික්ෂේප කරන සියල්ල වේ