වත්මන් කොටස: model:
පාඩම වකෘත්වයෙන් පසු දේව දූතයාණන්ගේ චරිතාපදානය
ඉස්ලාමයේ පණිවිඩය සමඟ මුහම්මද්තුමාණන් ව දේව දූතයෙකු වශයෙන් යැවීම
නබි (සල්) තුමාණන්ගේ වයස හතළිහට ආසන්න වූ විට, එතුමා හුදකලාව ප්‍රිය කළ අතර, එතුමා හුදකලා වී, නැමදුම් කිරීම පිණිස රමළාන් මාසය හිරා ගුහාවේ ගත කළහ.මේ අයුරින් වසර තුනක් ම සිටියහ. ඉන් එක් හුදකලාවක සිටිය දී දිව්‍යමය හෙළිදරව්වක් පහළ වුණි.
එතුමාට වයස අවුරුදු හතළිහක් සම්පූර්ණ වූ විට, වක්තෘත්වයේ ආලෝකය ඔහු කෙරෙහි බැබළුණි. සර්වබලධාරී දෙවියන් ඔහුගේ පණිවිඩයෙන් ඔහු ගෞරව කර, ඔහුගේ මැවීම් වෙත යවා, ඔහුගේ ගෞරවයෙන් ඔහුව සුවිශේෂී කර, ඔහු සහ ඔහුගේ ගැත්තන් අතර විශ්වාසවන්තයෙකු බවට පත් කළේය. එබැවින් ජිබ්රීල් (අලෙයිහිස් සලාම්), ඔහුට ශාන්තිය අත්වේවා, සර්ව බලධාරී දෙවියන්ගේ අණ පරිදි ඔහු වෙත පැමිණි අතර, ලෝකයට දයාව ලෙසත්, සියලු මිනිසුන්ට ශුභාරංචිය හා අනතුරු අඟවන්නෙකු ලෙසත් ඔහු එව්වේය.
(අහෝ පොරවා ගෙන සිටින්නාණනි! නුඹ නැගී සිට, අවවාද කරනු.) යන වැකියෙන් දේව පණිවිඩය දන්වා සිටීම පිළිබඳ අල්ලාහ්ගේ නියෝගය ධර්ම දූතයාණන් ලබා ගත් කල්හි සැණින් අල්ලාහ් වෙත මිනිසුන් ඇරයුම් කිරීමටත් අල්ලාහ් එවා තැබූ මෙම දහම ක්‍රියාත්මක කිරීමටත් ආරම්භ කළහ.
රහසිගත ඇරයුම
ඉස්ලාම් දහම වැළඳ ගත් ප්‍රථමයා
පසුව ( එහෙයින් නුඹට අණ කරනු ලබන දෑ නුඹ හෙළිපිටම පවසනු.) යන අල් කුර්ආන් වැකිය හරහා ඇරයුම ප්‍රසිද්ධියේ සිදු කරන ලෙස අල්ලාහ්ගෙන් නියෝගය ලැබුණි.
ඉස්ලාමීය ඇරයුම නැවැත්වීමට මෙම ක්‍රම ඔවුන්ට ප්‍රයෝජනයක් නොවන බව බහුදේවවාදීන් දුටු විට, ඔවුන් ඉස්ලාමයට එරෙහිව සටන් කිරීමටත්, ඉස්ලාමයේ දූතයාට හානි කිරීමටත්, එයට ඇතුළු වන අයට වධහිංසා පැමිණවීමටත්, පීඩා කිරීමටත් තීරණය කළහ. ධර්ම දූතයාණන් මුස්ලිම්වරුන්ට තම ආගම අර්බුධ වලින් බේරාගැනීම පිණිස හබෂාව වෙත සංක්‍රමණය වන ලෙස අණ කළහ.
නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාගේ ඇරයුම් මෙහෙවර සාර්ථකත්වය සහ පීඩාව අතර වූ මාවතක සිර වී තිබූ අවස්ථාවක අල්-ඉස්රා සහ අල්-මිඃරාජ් සිද්ධිය සිදු විය. මෙම සිදුවීම බහුදේවවාදීන් සිදු කළ වධ හිංසා, ප්‍රතික්ෂේප කිරීම් සහ ඔවුන්ගේ විරසකය යනාදිය ඉදිරියේ නබිතුමාගේ ඉවසීම වෙනුවෙන් සහ වසර ගණනාවක් ඇරයුම් කිරීම වෙනුවෙන් ගෞරවය දැක්වීමක් ලෙස සහ එතුමා ව ස්ථීර කිරීමක් ලෙස මෙම සිදුවිය.
මක්කමෙන් පිටත ඇරයුම් කිරීම
අකබා නමැති එකඟතාවන් දෙක
මදීනා වෙත එතුමාණන්ගේ නික්ම යෑම: සාමාන්‍ය මුස්ලිම් ජනතාව මක්කාවෙන් නික්ම ගිය පසු ධර්ම දූතයාණන් සහ අබූ බක්ර්තුමාණන් මදීනා වෙත නික්ම යෑමට පිටත් වූහ. කුරෙයිෂ්වරුන්ට මෙම සිද්ධිය සැඟවීම සඳහා සවුර් නැමැති ගුහාව වෙත ගොස් එහි දින තුනක් රැඳී සිටියහ. පසුව සවුර් ගුහාවෙන් පිට වී මදීනා වෙත පිටත් ව ගියහ. මදීනා නගරයට ආසන්නයට එතුමාණන් ළඟා වුණු විට මුස්ලිම්වරුන් එතුමාව ප්‍රීතියෙන් හා සතුටින් පිළිගත්හ.
තවද දූතයාණන් මදීනාවට පැමිණි විට කළ පළමු කාර්යය වූයේ අන නබවී දේවස්ථානය ගොඩනැගීම සහ සංක්‍රමණිකයන් සහ අන්සාර්වරුන් අතර සහෝදරත්වය සහ නව ඉස්ලාමීය සමාජයට අඩිතාලම දැමීමයි.
සර්වබලධාරී දෙවියඳාණන් ආගම සහ රාජ්‍යය ආරක්ෂා කිරීම සහ ඉස්ලාමයේ සදාකාලික පණිවිඩය ප්‍රචලිත කිරීම සඳහාත් මුස්ලිම්වරුන් වෙත සටන් කිරීමේ අවසරය පහළ කළේහ. ඒ බව මෙසේ සඳහන් කරයි “තමන්ට අසාධාරණයක් සිදු වූ හෙයින් සටන් කරන අයට අවසර දෙනු ලැබීය” [අල්- හජ්: 39]. එය සටන් කිරීම පිළිබඳ හෙළිදරව් වූ පළමු පදය වන අතර ධර්ම දූතයාණන් විසින් සටන් විසිහතක් සිදු කර ඇති අතර සේනාවන් පනස් හයක් එතුමාණන් විසින් යවන ලදී. ඇත.
හිජ්රත් නොහොත් නික්මයාමෙන් පසු සිදුවූ වැදගත් සිදුවීම්
සංක්‍රමණයේ පළමු වසර:
සංක්‍රමණයේ දෙවන වසර
සංක්‍රමණයේ තුන්වන වසර
සංක්‍රමණයේ සිව්වන වසර
සංක්‍රමණයේ පස්වන වසර
සංක්‍රමණයේ හයවන වසර
සංක්‍රමණයේ හත්වන වසර
සංක්‍රමණයේ අටවන වසර
සංක්‍රමණයේ නවවන වසර
සංක්‍රමණයේ දසවන වසර
ඇරයම් මෙහෙවර සම්පූර්ණ වී ඉස්ලාමය අරාබි අර්ධද්වීපය පුරා ව්‍යාප්ත වී, මිනිසුන් කණඩායම් වශයෙන් අල්ලාහ්ගේ ආගමට ඇතුළු වූ විට සහ එහි ව්‍යාප්තියේ සංඥාවන් ලෝකයේ දර්ශනය වී එය සියලු ආගම් අභිබවා යන විට, දෙවියන් වහන්සේගේ දූතයාණන් කෙරෙහි, එතුමාගේ අවසන් කාලය ළං වන බව එතුමා වටහා ගත්හ. එබැවින් එතුමා තම ස්වාමියා හමුවීමට සූදානම් වීමට පටන් ගත් අතර මේ අනියත ලෝකයෙන් ඉවත්වීම ළඟා වන බව එතුමාගේ වචනවලින් සහ ක්‍රියාවන්ගෙන් පෙනී ගියේය.
සහ හිජ්රි එකොළොස්වන වසරේ: අල්ලාහ්ගේ දූතයාණෝ රබී අල්-අව්වල් මාසයේ සඳුදා දිනක අභාවප්‍රාප්ත විය.
එතුමාණන් වයස අවුරුදු හැට තුනේදී මිය ගියහ, ඉන් අවුරදු හතළිහක වක්තෘත්වයට පෙර ද අවුරුදු විසිතුනක් වක්තෘවරයෙකු සහ දූතයෙකු ලෙස ද අවුරුදු දහතුනක් මක්කමේ ද අවුරුදු දහයක් මදීනාවේ ද විය.
එතුමා මිය ගිය ද , එතුමාගේ ආගම ඉවතිරිව පවතී. මෙය එතුමාගේ ආගමයි, මානය සමූහයා වෙනුවෙන් සෑම යහපතක් වෙතම එතුමා මඟ පෙන්වීය.සෑම නපුරක් පිළිබඳව එතුමා අනතුරු ඇඟවීය. එතුමා පෙන්වූ යහපත වනාහි ඒකදේවවාදය, සහ දෙවිඳාණන් ඇලුම් කරන සහ සතුටු වන සියල්ල වේ. එතුමා අනතුර ඇඟවූ නපුර වනාහි ශිර්ක් නොහාත් ආදේශය සහ දෙවිඳාණන් පිළිකුල් කරන සහ ප්‍රතික්ෂේප කරන සියල්ල වේ