වත්මන් කොටස: model:
පාඩම වසංගත වනාහි පාඩම් හා උපදෙස් ය
වසංගත රෝගයෙන් පීඩා විඳීම වනාහි මුස්ලිම් හා මුස්ලිම් නොවන සියළු මිනිසුන් හට පහළ විය හැකි දෙවියන්ගේ නිර්ණයන් අතුරින් එකකි. නමුත් මෙවැනි තත්ත්වයක දී මුස්ලිම්වරයෙකුගේ තත්වය අන් අයගේ තත්වය හා සමාන නොවේ. එවැනි තත්ත්යක් හට ගත්තේ නම් ඒ සඳහා ප්‍රතිකාර සෙවීම, එවැනි තත්ත්යක් හට ගන්නට පෙර එයින් වැළකී සිටීමට අවශ්‍ය සියළු අවසරලත් ක්‍රමවේද භාවිතා කිරීම, ඉවසිලිවන්ත භාවයෙන් කටයුතු කිරීම වැනි අල්ලාහ්ගේ නියෝග අනුව ඔහු එම වසංගතයට මුහුණ දෙයි.
අන්වීක්ෂයකින් පමණක් දැකිය හැකි දුර්වල සත්වයෙකු නිසා වසංගතය පැතිරීම සහ ආත්මයන් තුළ භීතිය ඇති කිරීම, සර්වබලධාරිගේ හැකියාවේ ශ්‍රේෂ්ඨත්වය සහ ජීවීන්ගේ දුර්වලතාවය පෙන්නුම් කරයි. ඔවුන් කෙතරම් දියුණු වුවත්, ඔවුන් සතුව තාක්‍ෂණය කෙතරම් ඇතත් ඔවුන් මිනිස් දුර්වලතාවයේ හා බෙලහීනත්වයේ කවයෙන් ඉවත්ව නොයනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු ස්ථාවර බලය ඇත්තාය. පොළොවෙහි හෝ අහසෙහි තිබෙන කිසිවක් ඔහුව නොහැකියාවට පත් කළ නොහැක.
පෙරනියමයන් පිළිබඳ විශ්වාසය
සැබැවින්ම අල්ලාහ් අභිමත කළ දෑ සිදු වේ. ඔහු අභිමත නොකළ දෑ සිදු නොවේ. මහපොළොවෙහි හෝ නුඹලා තුළ හෝ කවර විපතක් සිදු වුවද ඒවා මැවීමට පෙරම ග්‍රන්ථයේ ලියා තිබීමෙන් මිස (ඒවා) නැත. නියත වශයෙන්ම එය අල්ලාහ් වෙත පහසු කාර්යයකි. (අල් හදීද් : 22)
මැවීම් මැවීමට පෙර විශ්වයේ ඇති සෑම දෙයක්ම අල්ලාහ් විසින් කලින් නියම කර ලියා ඇති බව මුස්ලිම්වරු විශ්වාස කරති. මෙම විශ්වාසය නිසා භීතිය හමුවේ ඔවුන් සන්සුන්ව සහ ස්ථිරව සිටින අතර දෙවියන්ගේ නියමය විවෘත හදවතින්ම ලබා ගනී.
පාඩමක් උගනීම සහ සලකා බැලීම
ව්‍යසනයක දී මිනිසුන් තුළ දක්නට ලැබෙන සෝචනීය කරුණක් නම්, විමර්ශනයකින් හා සැලකිල්ලකින් තොරව ප්‍රවෘත්ති සම්ප්‍රේෂණය කිරීමට මිනිසුන් පෙළඹීමයි. වසංගතය පැතිරීම හා විපත්තිය සිදුවීම පිළිබඳව සලකා බැලීම සහ එයින් පාඩමක් උගනීම වනාහි අතහැර දැමූ නබි මඟක් මෙන්ම මහා නමස්කාරයකි. “හිල්යත් අල් අව්ලියා” නමැති කෘතියෙහි ”අබු අල්-දර්දා (රළි) තුමාණන් විසින් මෙසේ වාර්තා කළ බව මෙසේ සඳහන් වී ඇත: “ රාත්‍රියක් පුරා සිටගෙන යාඥා කරනවාට වඩා ස්වල්ප වේලාවක් සිතීම අගනේ ය. ”
මුස්ලිම්වරයෙකුට අවාසනාවන්ත තත්ත්වයන් හා පීඩාවන් ඇති වීමට හේතු රාශියකි.
සර්වබලධාරි දෙවියන්ට අයැදීම, යටත් වීම සහ බැගෑපත් වීම යන නමස්කාරය සහ සර්වබලධාරි දෙවියන්ගෙන් පමණක් උපකාරය පැතීම සහ විපතෙන් සහ පීඩාවෙන් බැහැර කරන මෙන් අයැදීම යන නමස්කාරය ද වනාහි මෙම විපත් සිදු වූ විට කරන ලද විශාල වන්දනාමාන ක්‍රියාවන් අතර වේ.
ඉබ්නු කසීර් (රහ්) තුමාණන් අල් අන්ආම් පරිච්ඡේදයේ 43 වන වාක්‍යය විස්තර කිරීමේ දී මෙසේ පවසයි: "එබැවින් ඔවුන් වෙත අපගේ දුෂ්කරතාවන් පැමිණි විට" එනම් එමඟින් අපි ඔවුන් ව පරීක්ෂණයට ලක් කල විට "අප වෙත ඔවුන් බැගෑපත් වී ඔවුන් යටහත් පහත් විය යුතු නොවේ ද?" "නමුත් ඔවුන්ගේ හදවත් දැඩි විය" එනම් ඔවුන්ගේ හදවත් සියුම් නොවීය, තවද බිය නොවීය. "ඔවුන් කරමින් සිටි දෑ ෂෙයිතාන් ඔවුන්ට අලංකාරවත් කළේය." ඔවුන් කරනමින් සිටි දෑ වනාහි පාපයන් හා දේව ආදේශය වේ.
අල්ලාහ් වෙතින් පැමිණෙන පීඩාවන්ගෙන් සහ රෝගයන්ගෙන් අප නිදහස් බව විශ්වාස කිරීම සහ පාපයන් අතරත් පරීක්ෂණ අතරත් ඒ පිළිබඳ අල් කුර්ආනයේ බොහෝ වාක්‍ය හරහා තහවුරු කර තිබියදීත් කිසිදු සම්බන්ධයක් නොමැති බව සිතීම මුලාවක් මෙන්ම අල්ලාහ්ගේ සූක්ෂම ක්‍රම වලට බිය නොවීමකි.
අල්ලාහ් තම ගැත්තන්හට මෛත්‍රිය.
ව්‍යසන හා අර්බුද ඇති වූ විට, ඒවා සමනය කිරීමෙන්, නපුරෙන් ඔවුන්ව ආරක්ෂා කිරීමෙන්, අන් අයට සිදු වූ දේවලින් වැළකී සිටීමෙන් හා විපත්ති කාලවලදී දෙවියන්ගේ නිර්ණයන් කෙරෙහි ඉවසීම සහ තෘප්තිය ලබා දීමෙන් සර්වබලධාරි දෙවියන්ගේ මෛත්‍රිය හා කරුණාව ඇදහිලිවන්තයන් තුළ ප්‍රකාශ වේ.
නියත වශයෙන්ම මාගේ පරමාධිපති ඔහු අභිමත කරන දෑට මෛත්‍රීය. යන අල් කුර්ආන් වැකිය විවරණය කිරීමේදී අස් සඅදී (රහ්) තුමාණන් මෙසේ පවසයි: ඔහුගේ යහපත සහ අශිර්වාදයන් ඒ දාසයා වෙත ඔහුට නොහැඟුනු අයුරින් ලැබෙන්නට සලස් වන්නේය. ඔහුට අකැමති දෑ සිදු වූ හේතුවෙන් ඔහුව උසස් නිවහන් වෙත ළඟා කරවයි.
දෙවියන් කෙරෙහි විශ්වාසය තැබීම සහ උන් වහන්සේ වෙතම සියළු දෑ යහපත් ලෙස භාර කිරීම පරික්ෂාවන් සහ පීඩාවන් ජය ගැනීමට ඇති හොඳම ක්‍රමයකි. ඉතා සීඝ්‍රයෙන් සහනයක් ලැබේ යන ස්ථීර විශ්වාසය ගොඩ නගා ගන්න. ඔබ අවට සිටින අය අතර සුභවාදී හැඟීම් පතුරුවා හරින්න, භීතියෙන් හා අශුභවාදී හැඟීම්වලින් වළකින්න. එබැවින් නියත වශයෙන්ම දුෂ්කරතාව සමඟ පහසු ව ඇත. නියත වශයෙන්ම දුෂ්කරතාව සමඟ පහසු ව ඇත. යන අල් කුර්ආන් වාක්‍යය දෙන හඟවන පරිදි දුෂ්කරතාව සදා ජය ගන්නේ නැත.
නපුර දුරු කිරීමට අවසර ලත් භෞතික හේතූන් අනුගමනය කිරීම වනාහි දෙවියන් විශ්වයේ තබා ඇති නීති අතරින් එකකි. පණිවිඩකරුවන් සහ ධර්මිෂ්ඨයන් ඒ ක්‍රමය අනුගමනය කර ඇති අතර මෙය අල්ලාහ් මත සම්පූර්ණයෙන් ම රඳා පැවතීමේ කොටසක් මෙන්ම ඔහු කෙරෙහි වහල්භාවය තහවුරු කිරීමේ කොටසකි.
තවක්කුල් නොහොත් සියල්ල අල්ලාහ් කෙරෙහි භාර කිරීම යන්නෙහි යතාර්ථය නම් : හදවත දෙවියන් මත රඳවා භෞතික හේතු සාධක මෙහෙයවීමයි. හුදෙක් දෙවියන් කෙරෙහි විශ්වාසය පමණක් තබා හේතු සාධක නොසලකා හැරීම දහමට කරන අපහාසයක් මෙන්ම බුද්ධියේ මදිකමකි. දෙවියන් කෙරෙහි විශ්වාසය නොතබා කෙනෙකුගේ හදවත හේතු වලට පමණක් සීමා කිරීම වනාහි ඒක දේවවාදය උල්ලංඝනය කිරීමක් මෙන්ම හේතු සාධක විෂයෙහි දේව ආදේශයකි.
එය මෙලොව ජනයාට ඔවුන්ගේ සතුට, රුචිය, ආරක්ෂාව, ස්ථාවරත්වය සහ ජීවනෝපාය අවුල් කළ සැඟවුණු සත්වයෙකි. ඇදහිලිවන්තයෙකුට පමණක් නොව කවරහෝ බුද්ධිමත් පුද්ගලයෙකුට, විවේක ගැනීම, ගහකොටා ගැනීම, එහි ඇති වස්තූන් ලබා ගැනීම පිණිස තරඟකාරිත්වයක් ගොඩ නගා ගැනීම සඳහා මෙලොව නිවහනක් ලෙස හෝ ස්ථාවර ස්ථානයක් ලෙස ගැනීම සුදුසු ද?
දෙවියන් තම සේවකයින් ව බිය ගන්වන, උපදෙස හා පාඩම් උගනීම වෙත යොමු කරවන, බය නැමති වන්දනාමානය පුනර්ජීවනය කරවන දෙවියන්ගේ විශ්වීය සංඥා අතර මෙම වෛරස ඇති බවට කිසිදු සැකයක් නැත.
අල්ලාහ්ගේ සංඥාවන්ට බිය වීම නැමති වන්දනාමානය පුනර්ජීවනය කිරීම.
අල්ලාහ්ගේ සංඥාවන් ට බිය වීම නබි (සල්) තුමාණන්ගේ මග පෙන්වීමකි. සහීහ් අල් බුහාරි හි අනස් (රළි) තුමාණන්ගේ ප්‍රකාශයක මෙසේ පැමිණ ඇත: අධික වේගයෙන් සුළඟක් හැමුවේ නම් නබි (සල්) තුමාණන්ගේ මුහුණහෙි (යම් කලබලකාරී තත්ත්වයක්) දැක ගන්නට හැකි වුනි.
කාලය යනු මේ ලෝකයේ මුස්ලිම්වරුන්ගේ ප්‍රාග්ධනය වන අතර එය මුදලට වඩා වටින අතර ඕනෑම මිලකට වඩා මිල අධිකය. නබි (සල්) තුමාණන් පැවසූ බව බුහාරි ග්‍රන්ථයෙහි මෙසේ සඳහන් වේ: “බොහෝ දෙනෙකුට අහිමි වන ආශීර්වාද දෙකක් තිබේ: ඒවා නම් නීරෝගිකම සහ නිදහස් කාලය.”
බුද්ධිමත් පුද්ගලයකු සෑම විටම තම කාලයෙන් ප්‍රයෝජනය ගනී. අර්බුදකාරී හා පරීක්ෂණ වලදී එය සනාථ වේ. එබැවින් ඔහු සර්වබලධාරි දෙවියන් වෙත සමීප කරවන සෑම කරුණක ම කාලය ගත කරයි. ඉබ්නුල් කයියිම් (රහ්) තුමාණන් මෙසේ ප්‍රකාශ කරයි: කාලය නාස්ති කිරීම මරණයටත් වඩා භයානක ය. මන්ද කාලය නාස්ති කිරීම දෙවියන්ගෙන් හා මතුලොවෙන් ඔබව විසන්ධි කර දමනු ඇත. මරණය ලෝකයෙන් සහ එහි වාසය කරන අයගෙන් ඔබව විසන්ධි කර දමනු ඇත.
එතුමාණන් "එබැවින්, නුඹ (නුඹගේ ලෞකික කටයුතු) අවසන් කළ විට (මතුලොව කටයුතු සඳහා) නැගී සිටිනු." යන අල් කුර්ආන් වැකිය විවරණය කිරීමේදී මෙසේ පවසයි: ලෝකය වාඩිලාගත් හිස්බව පිළිබඳ ගැටලුවට මෙය කදිම විසඳුමකි; මුස්ලිම්වරයාට ඔහුගේ කාලයේ විවේකයක් නොමැත. මන්ද ඔහුගේ වේලාව එක්කෝ මෙලොව සඳහා වැඩ කිරීමෙන් හෝ පරලොව සඳහා වැඩ කිරීමෙන් හෝ ගත වේ.”