වත්මන් කොටස: model:
පාඩම කෙනෙකු ඉස්ලාමයට පිවිසෙන්නේ කෙසේ ද?
ෂහාදා දෙක යනු?
කෙනෙකු ඉස්ලාමයට පිවිසෙන මොහොත ඔහුගේ ජීවිතයේ සුවිශේෂී හා ශ්‍රේෂඨතම මොහොත වනු නියත ය. එමෙන් ම, එය මෙලොව ජීවිතයේ සැබෑ අරුත තේරුම් කරදෙන්නා වූ සැබෑ උපත වනු ඇත. ඉස්ලාමයට පිවිසෙන අවස්ථාවේ දී තම සිත ආදේශ තැබීමෙන් හා පාපී ක්‍රියාවන්වලින් පවිත්‍ර කරගත්තා සේ තම ගත ද පවිත්‍ර කරගැනීම පිණිස ස්නානය කිරීම මුස්තහබ් (ප්‍රියජනක) ක්‍රියාවකි.
“අරාබිවරුන්ගේ නායකයින්ගෙන් කෙනෙකු වන සහාබිවරයෙකු ඉස්ලාමයට පිවිසීමට තීරණය කළ අවස්ථාවේ දී ඔහුට ස්නානය කරන මෙන් දේව දූතයාණෝ අණ කළහ.” (බයිහකී - 837)
එබැවින්, කවරෙකු මෙවැනි තත්ත්වයක පසු වන්නේ ද, නැවත ඔහු ව පාපී කටයුතුවලට යොමු කරන ෂෙයිතාන්ගේ උගුල්වලට හසු නො වී සිටීම පිණිස ඔහු තම තව්බාව ආරක්ෂා කරගැනීමට උපරිම උත්සාහ කිරීම ඉතා අත්‍යාවශ්‍ය ය.
ෂහාදා දෙකෙහි අරුත පිළිබඳ මනා අවබෝධයකින් හා ඒ පිළිබඳ ස්ථීර විශ්වාසයකින් යුතු ව, එහි අන්තර්ගත අදහසට අවනත වෙමින් එම ෂහාදා දෙක පැවසීම මඟින් කෙනෙකු ඉස්ලාමයට පිවිසෙයි.
අත්තව්බා නමැති පශ්චාත්තාපය හෙවත් පාපක්ෂමාව අයැදීම
වලංගු පාපාක්ෂමාවක කොන්දේසි:
අධිෂ්ධානශීලීත්වය ඇති කරගැනීම සඳහා වූ පියවර
තව්බා කිරීමෙන් පසු කුමක් සිදු වන්නේ ද?
කෙනෙක් නිවැරදි ව හා සැබෑ ලෙස පාපක්ෂමාව අයැදීමෙන් පසු කිසිදු පවක් නොමැති පිවිතුරු පුද්ගලයෙකු බවට පත් වේ. එපමණක් නො ව, එලෙස අවංක ව හා තම පාපයන් පිළිබඳ සැබෑ ලෙස ම පසුතැවිලි වී, පාපක්ෂමාව අයදින්නන්ට උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ සුවිශේෂී වරප්‍රසාදයක් ලබා දෙති. එනම්, ඔහුගේ පාපයන් සියල්ල, යහක්‍රියා බවට පරිවර්තනය කිරීම ය. මේ පිළිබඳ ව උතුම් අල් කුර්ආනයේ මෙසේ සඳහන් ය. “එහෙත් (ඔවුන්ගෙන්) කවරෙකු පාපක්ෂමාව අයැද, (ධර්මය කෙරෙහි) පරපූර්ණ විශ්වාසය තබා, යහක්‍රියාවන්හි නිරත වන්නේ ද, එවැනි උදවියගේ පාපයන් යහක්‍රියා බවට උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ පරිවර්තනය කරති. උත්තරීතර අල්ලාහ් දෙවිදාණෝ අති ක්ෂමාශීලී හා කරුණාවන්තයෙකු වශයෙන් සිටිති.” (සූරා ෆුර්කාන් - 70)
උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගේ සෘජු මාර්ගය හා නීතිරීතිවලින් වූ සැබෑ සතුට, සිත් සැනසීම හා උන්වහන්සේට සමීප වීමෙන් ඇති වන තෘප්තිය යනාදිය මඟින් වූ ඊමානයේ සුවය විඳීමට හැකි වන්නේ, උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ට හා දේව දූතයාණන්ට අන් සියල්ලට ම වඩා ආදරය හා සෙනෙහස දක්වන්නා වූත්, කවුරුන් කෙතරම් දුරට උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ට සමීප වෙමින් නිවැරදි ව දහම අනුගමනය කරන්නේ ද, එතරම් දුරට ඔවුනට ආදරය හා සෙනෙහස දක්වන්නා වූත්, නිරා ගින්නෙන් වේඳනා විඳීම කෙසේ අප්‍රිය කරන්නේ ද, එලෙස ම නැවත කුෆ්රය වෙත යොමු වී නොමඟ යෑම, අප්‍රිය කරන්නා වූත් උදවියට පමණි. මේ පිළිබඳ ව දේව දූතයාණෝ මෙසේ දේශනා කොට ඇත්තාහ. “කවරෙකු සතුව කරුණු තුනක් ඇත්තේ ද ඔහු ඊමානයේ සුවය විඳිනු ඇත. ඒවා නම්, උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් හා දේව දූතයාණන් අන් සියල්ලට ම වඩා තමන් වඩාත් කැමතිම උදවිය බවට පත් වීම, උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් වෙනුවෙන් පමණක් කෙනෙකුට ආදරය කිරීම සහ නිරයට විසි කරනු ලැබීම පිළිකුල් කරන්නා සේ උත්තරීතර අල්ලාහ් කුෆ්රයෙන් තමන් ව බේරා ගැනීමෙන් පසු ව, නැවත කුෆ්රය (උත්තරීතර අල්ලාහ් ව ප්‍රතික්ෂේප කිරීම) වෙත යොමු වීම පිළිකුල් කිරීම යනාදිය යි.” (බුහාරි - 21, මුස්ලිම් - 43)
ධර්මයෙහි ස්ථීර ව සිටීම හා සියලු අපහසුතා ඉවසා සිටීම.
කෙනෙකු ඉස්ලාමයට පිවිසීමෙන් අනතුරු ව තමන්ට විවිධ අපහසුතා හා කරදරවලට මුහුණ පාන්නට සිදු වූවා යැයි දුකට හෝ කණගාටුවට පත් නො විය යුතු ය. මන් ද, එය උත්තරීතර අල්ලාහ් දෙවිදාණන් අපගේ ඊමානය පරීක්ෂා කර බැලීම සඳහා වූ ක්‍රමවේදයකි. අපටත් වඩා ශ්‍රේෂ්ඨ හා උසස් උදවිය කෙතරම් අපහසුතා හා දුක් කරදරවලට මුහුණ දී ඇත් ද? ඔවුහු ඒ සියලු අපහසුතා හා දුක් කරදරවල දී කණගාටුවට පත් නො වී, ඉවසිලිවන්ත ව කටයුතු කරමින් එම අපහසුතා අභිබවා යෑමට උත්සාහ කළහ. උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් සඳහන් කර ඇති පරිදි, දේව දූතයින්ගේ ජීවිතයෙහි ඔවුන් තම ඥාතීන්ගෙන් හා සතුරන්ගෙන් කෙතරම් දුක් කරදර හා අපහසුතාවලට ලක් ව ඇත් ද? එනමුත්, උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් කටයුතු කිරීමේ දී කෙතරම් බාධක, දුක් කරදර හා අපහසුතා පැමිණිය ද, ඔවුහු දුකට පත් ව, අධෛර්යමත් වී අල්ලාහ්ගේ ධර්මය පිළිබඳ විශ්වාසය අත් හැර දැමීමට හෝ එයින් බැහැර වීමට හෝ කිසිවිටකත් නො සිතූහ. උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් විසින් එවැනි අපහසුතා ඇති කරන්නේ, ඔබගේ ඊමානයේ සත්‍යවන්ත භාවය හා ශක්තිමත් භාවය පරීක්ෂා කර බැලීමට ය. එබැවින්, ඔබත් උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගේ එවැනි පරීක්ෂණවලට මුහුණ දී උන්වහන්සේ කෙරෙහි ඇති ඔබේ ඊමානය තහවුරු කිරීමට උත්සාහ කරන්න. එමෙන් ම, උන්වහන්සේගේ ධර්මය නිවැරදි ව අනුගමනය කරන්න. තවද, “සිත් වෙනස් කරන්නාණෙනි! මාගේ සිත ඔබේ දහමෙහි ස්ථීර කරනු මැන!” (තිර්මිදි - 2140) යනුවෙන් දේව දූතයාණන් වැඩිවැඩියෙන් ප්‍රාර්ථනා කළා සේ ඔබත් උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගෙන් ප්‍රාර්ථනා කරන්න.