පාඩම හවුල් ව්‍යාපාරය
මෙම පාඩමේ දී, අපි හවුල් ව්‍යාපාරය සංකල්පය සහ ඉස්ලාමීය නීතියේ ඊට අදාළ විධිවිධාන ගැන ඉගෙන ගනිමු.
- ඉස්ලාමීය නීතියේ හවුල් ව්‍යාපාරය යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි දැන ගැනීම.
- හවුල් ව්‍යාපාරයේ වර් ග දැන ගැනීම.
- කොන්ත්‍රාත් වර් ග පිළිබඳ දැනුම.
- හවුල් ව්‍යාපාරයේ සමහර විධිවිධාන දැන ගැනීම.
count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.
මෙම පාඩමේ පරිවර්තනය පහත භාෂාවලින් ලබාගත හැකිය:
හවුල් ව්‍යාපාරයේ නීතිය
හවුල් ව්‍යාපාරය අනුමැතිය ලත් ව්‍යාපාරයකි. මන් ද මූල්‍ය ගනුදෙනු සියල්ල මූලික වශයෙන් අනුමැතිය ලත් ඒවා වේ. දෙවිඳාණෝ එයට අවසර දී ඇත්තේ මිනිසුන් ජීවන සම්පත් සොයගැනීමට පහසු වන පිණිස ය. එම හවුල් ව්‍යාපාරය මුස්ලිම් හෝ මුස්ලිම් නොවන අය සමඟ සිදු කළ හැකි නමුත් කළමනාකාරත්වය මුස්ලිම් නොවන්නාගේ හස්තයෙහි පමණක් නොතිබිය යුතු යි.
තෙවන පාර්ශවයක් හරහා ලැබෙන හවුල්කාරීත්වය
දෙදෙනකුට යමක් උරුම වීම වැනි තෙවන පාර්ශවයක් හරහා පුද්ගලයන් දෙදෙනකුට හෝ වැඩි ගණනකට ලැබෙන හවුල්කාරීත්වය වේ. මෙහි දී උරුම වූ දෑ හි ඔවුන් සියල්ල හිමිකාරිත්වයේ හවුල්කාරිත්වයක් ලබා ගනු ඇත.
දේපල හිමිකාරත්වයේ හවුල්කරුවන් කටයුතු කළ යුතු ආකාරය
හවුල්කරුවන් දෙදෙනා අතරින් එක් හවුල්කරුවෙකු අනෙකුත් හවුල්කරුවාගේ කොටසෙහි ආගන්තුකයෙක් මෙන් වන බැවින් ඔහුගේ අවසරයකින් තොරව එය කළමනාකරණය කිරීමට ඔහුට අවසර නැත. යම් හෙයකින් ඔහු එය කළමනාකරණය කරන්නේ නම් තම කොටසෙහි පමණක් එය සිදු කරයි. දෙවන හවුල්කරුගේ අනුමැතිය ලැබුණේ නම් ඒ මුළු කොටසම ඔහුට කළමනාකරණය කරන්නට පුළුවණි.
ගිවිසුම් හවුල්කාරීත්වය
ඒ යනු කළමනාකාරීත්වයේ සම්බන්ධතාවක් ඇති කර ගැනීමයි. විකිණීම, මිලදී ගැනීම, කුලියට දීම යනාදියෙහි සම්බන්ධතාවක් ඇති කර ගැනීම වැනිය.
අල්මුදාරබා හවුල්කාරිත්වය
මෙම ආකාරයේ හවුල්කාරිත්වයක දී, එක් හවුල්කරුවෙකු ආයෝජනය කරන අතර අනෙක් හවුල්කරු ලාභයෙන් ස්ථාවර ප්‍රතිශතයක් ලබා ගැනීමේ කොන්දේසිය මත වෙළඳාම් කරයි. නිදසුන් ලෙස ප්‍රතිලාභයෙන් හතරෙන් එකක් හෝ තුනෙන් එකක් වශයෙනි. අනෙකුත් සියලු ම ප්‍රතිලාභ ආයෝජකයාට අයත් වේ. වෙළඳපොලේ භාණ්ඩ ආයෝජනය කිරීමේ දී පාඩුවක් සිදුවුවහොත් එය කලින් උපයාගත් ලාභයෙන් වන්දි ගෙවන නමුත් වැඩ කරන පුද්ගලයාට වන්දි ගෙවීමට සිදු නොවේ. සේවකයාගේ වරදක් හෝ නොසැලකිල්ලක් නිසා පාඩුව සිදු නොවන්නේ නම්, සේවකයා අලාභයට වගකිව යුතු නොවේ.එහි වැඩ කරන පුද්ගලයා මුදල් ලබා ගැනීම කෙරෙහි විශ්වාසනීය විය යුතු යි, ඔහුට ප්‍රාග්ධනය බැහැර කිරීමට බලය ඇත, එසේම සේවකයෙකි, සහ ලාභ බෙදාගැනීමේ හවුල්කරුවෙකි.
අල්වුජූහ් හවුල්කාරිත්වය
එය ප්‍රාග්ධන ආයෝජනයකින් තොරව හවුල්කරුවන් බෙදා ගන්නා හවුල්කාරිත්වයකි. ඔවුන් සමාජය තුළ ඇති කීර් තිය හා විශ්වාසය මත මුදල් මිලදී ගැනීම සහ විකිණීම සිදු කරයි. මෙලෙස ව්‍යාපාර කිරීමේ දී අල්ලාහ් ලබා දෙන ලාභය බෙදා ගන්නා අතර පාඩුවේ ද බෙදා ගනී. සෑම හවුල්කරුවෙකුම මිලදී ගැනීම සහ විකිණීම සම්බන්ධයෙන් අනෙකාගේ නියෝජිතයාය සහ වගකිව යුතු ය. මෙය "අල්-වජුහ් හවුල්කාරිත්වය" ලෙස හඳුන්වනු ලබන්නේ ව්‍යාපාරික සමාජයේ කීර් තිමත් සහ විශ්වාසවන්ත පුද්ගලයන්ගේ මුහුණ හෝ විශ්වසනීයත්වය දෙස බලා ණය ගනුදෙනුව සිදු කරන බැවිනි.
අල්ඉනාන් හවුල්කාරිත්වය
මෙය හවුල්කරුවන් දෙදෙනෙකු තම ශ්‍රමය හා නිශ්චිතව වටිනාකම දන්නා තම ප්‍රාග්ධනය ද යොදා කරන හවුල්කාරිත්වය යි. මෙහි දී ප්‍රාග්ධන අගයන් අඩු වැඩි විය හැකි වුව ද, දෙදෙනාගේ ම ශ්‍රමය අනිවාර්ය වේ. දෙදෙනාගේ ම ප්‍රාග්ධන අගයන් නිශ්චිතව දැන සිටීම කොන්දේසියක් වේ. දෙදෙනාගේ ම අන්‍යෝන්‍ය එකඟතාව හා කොන්දේසිය අනුව ලාභ අලාභය බෙදා ගනී.
අල්අබ්දාන් හවුල්කාරිත්වය
මෙය දෙදෙනෙකු තම ශ්‍රමයෙන් හවුල්ව කටයුතු කර ඉපයීම යි. එය වෙළඳ හෝ වෘත්තීමය කටයුත්තක විය හැකි ය. නිදසුන් ලෙස කම්මල් වැඩ, වඩු වැඩ හෝ එවැන්නක්. හෝ වෙනත් අවසර ලත් රැකියාවක් වේවා, නිදසුන් ලෙස දර කැපීම සහ වල් නෙලීම වැනි. ඔවුන් දෙදෙනාගේ ම අන්‍යෝන්‍ය එකඟතාව හා කොන්දේසිය අනුව අල්ලාහ් දායාද කළ දේ ඔවුන් බෙදා ගනී.
අල්මුෆාවළා හවුල්කාරිත්වය
මෙම හවුල්කාරිත්වය තුළ සෑම හවුල්කරුවෙකු ම ඔහුගේ සියලු ම හවුල්කරුවන්ට මූල්‍ය හා භෞතික කටයුතු භාර දෙයි.මේ අනුව, සෑම හවුල්කරුවෙකුට ම මිලදී ගැනීම සහ විකිණීම, ගනුදෙනු, ඇපකර, වගකිවයුතු ණය ගැනීම්, ආධාර සහ පරිත්‍යාග යනාදිය ඇතුළුව ව්‍යාපාරයේ අවශ්‍ය සියලු දේ කිරීමට පූර්ණ බලය ඇත.
සෑම හවුල්කරුවෙකු ම ඔහුගේ සහකරු කරන දෙයට බැඳී සිටීන අතර හවුල්කාරිත්වය ඔවුන්ගේ මුදල්වලින් කොන්ත්‍රාත්තුව අවසන් කළ දේ මත පවතිනු ඇත, කොන්දේසිය අනුව ඔවුන් අතර ලාභය බෙදෙන අතර පාඩුව එක් එක්කෙනාට සමාගමේ ඇති කොටස් අනුව බෙදී යයි. මෙය අනුමත හවුල්කාරිත්ව ක්‍රමයකි. එය පෙර හවුල්කාරිත්ව හතර ඒකාබද්ධ කරයි. ඒ සියල්ල අනුමත හවුල්කාරිත්ව ක්‍රමය. මක්නිසාද යත්, ජීවනෝපාය උපයා ගැනීමේ දී සහයෝගීතාවය, මිනිසුන්ගේ අවශ්‍යතා ආමන්ත්‍රණය කිරීම, යුක්තිය සහ පොදු යහපත ස්ථාපිත කිරීම වැනි බොහෝ ප්‍රතිලාභ මෙම ක්‍රමයට ඇති බැවිනි.
2- පොලී, සූදුව යනාදි නීති විරෝධී ඉපැයීම්වල අවශතාව නැති වීම.
3- හලාල් ඉපැයීමේ මාර් ග පුළුල් කිරීම. ඉස්ලාමය පුද්ගලයෙකුට තනිව උපයා ගැනීමට මෙන් ම අන් අය සමඟ හවුල් වී උපයා ගැනීමට අවසර දෙයි.