වත්මන් කොටස: model:
පාඩම හවුල් ව්‍යාපාරය
පාඩම පිළිබඳ තොරතුරු
අරමුණු
count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.
හවුල් ව්‍යාපාරයක් යනු පුද්ගලයින් දෙදෙනෙකු සඳහා හෝ ඊට වැඩි ගණනක් සඳහා හිමිකමෙහි හෝ කළමනාකරනයෙහි ඇති වන සාමූහික සම්බන්ධතාවයි. හිමිකමෙහි හවුල් වීම සඳහා උදාහරණයක් වන්නේ: දෙදෙනෙකු උරුමයක් හෝ තෑග්ගක් බෙදා ගන්නා අවස්ථාවන් වැනි ය. කළමනාකරනයෙහි හවුල් වීම සඳහා උදාහරණයක් වන්නේ: යමක් මිලදී ගැනීම සහ විකිණීම සඳහා ඔවුන් තුළ ඇති වන්නා වූ හවුල්කාරත්වය වැනි ය.
හවුල් ව්‍යාපාරයේ නීතිය
පුද්ගලයෙකුට තම මුදල් වර්ධනය කිරීමට අවශ්‍ය නමුත් ඔහුගේ නොහැකියාව සහ පළපුරුද්ද, නැතිනම් ප්‍රාග්ධනය ප්‍රමාණවත් නොවීම නිසා ඇතැම් විට ඔහුට එය තනිවම කළ නොහැකි විය හැකිය. එසේ ම, සමාජයට ද විශාල ව්‍යාපෘති අවශ්‍ය වේ. ඒවායින් යම් ව්‍යාපෘතියක් තනිව ම කළ හැකි පුද්ගලයෙකු සිටීමේ සම්භාවිතාව අඩු ය. හවුල් ව්‍යාපාරය ඒ සියල්ලට ම පහසුකම් සපයයි.
හවුල්කාරීත්වයේ වර් ග
දේපළ හවුල්කාරීත්වය කොටස් දෙකකි
නිශ්චල දේපළකින් හෝ චංචල දේපළකින් යමක් මිල දී ගැනීම වැනි හවුල්කරුවන් දෙදෙනාගේ අභිමතයට අනුව සිදු වන හවුල්කාරීත්වය. මෙහි ඔවුන් දෙදෙනා හිමිකාරත්වයේ හවුල් කරුවෝ වෙති.
තෙවන පාර්ශවයක් හරහා ලැබෙන හවුල්කාරීත්වය
දේපල හිමිකාරත්වයේ හවුල්කරුවන් කටයුතු කළ යුතු ආකාරය
ගිවිසුම් හවුල්කාරීත්වය
ගිවිසුම් හවුල්කාරීත්වයේ කොටස්
අල්මුදාරබා හවුල්කාරිත්වය
අල්වුජූහ් හවුල්කාරිත්වය
අල්ඉනාන් හවුල්කාරිත්වය
අල්අබ්දාන් හවුල්කාරිත්වය
අල්මුෆාවළා හවුල්කාරිත්වය
සෑම හවුල්කරුවෙකු ම ඔහුගේ සහකරු කරන දෙයට බැඳී සිටීන අතර හවුල්කාරිත්වය ඔවුන්ගේ මුදල්වලින් කොන්ත්‍රාත්තුව අවසන් කළ දේ මත පවතිනු ඇත, කොන්දේසිය අනුව ඔවුන් අතර ලාභය බෙදෙන අතර පාඩුව එක් එක්කෙනාට සමාගමේ ඇති කොටස් අනුව බෙදී යයි. මෙය අනුමත හවුල්කාරිත්ව ක්‍රමයකි. එය පෙර හවුල්කාරිත්ව හතර ඒකාබද්ධ කරයි. ඒ සියල්ල අනුමත හවුල්කාරිත්ව ක්‍රමය. මක්නිසාද යත්, ජීවනෝපාය උපයා ගැනීමේ දී සහයෝගීතාවය, මිනිසුන්ගේ අවශ්‍යතා ආමන්ත්‍රණය කිරීම, යුක්තිය සහ පොදු යහපත ස්ථාපිත කිරීම වැනි බොහෝ ප්‍රතිලාභ මෙම ක්‍රමයට ඇති බැවිනි.
1- ධනය උත්පාදනය කිරීමට, කම්කරුවන් සේවයට බඳවා ගැනීමට, මානව ප්‍රජාවේ සහ සමස්ත ජාතියේ යහපත සඳහා වැඩ කිරීමට, ජීවනෝපාය පහසු කිරීමට සහ යුක්තිය ඉටු කිරීමට හොඳම මාර්ගය එය යි.
2- පොලී, සූදුව යනාදි නීති විරෝධී ඉපැයීම්වල අවශතාව නැති වීම.
3- හලාල් ඉපැයීමේ මාර් ග පුළුල් කිරීම. ඉස්ලාමය පුද්ගලයෙකුට තනිව උපයා ගැනීමට මෙන් ම අන් අය සමඟ හවුල් වී උපයා ගැනීමට අවසර දෙයි.