දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම කාන්තාව හා සමකාලීන් ප්‍රචාරයන්

මෙම පාඩමේදී, කාන්තාවන් හා සම්බන්ධ ගැටළු වලට බලපාන වඩාත්ම වැදගත් විශ්වාසයන්, මූලධර්ම සහ සමකාලීන ප්‍රචාරයන් ගැන අපි ඉගෙන ගනිමු.

  • කාන්තා ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී ෂරිආහි යුක්තිය සහ ප්‍රඥාව ඉස්මතු කිරීම.
  • කාන්තා ගැටළු වලට බලපාන වැදගත්ම සමකාලීන මූලධර්ම සහ අදහස් හඳුන්වා දීම.
  • කාන්තාවන්ගේ ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීමේ විෂය පිළිබඳ තිබෙන අසත්‍ය ප්‍රචාරවල සමහර දෝෂයන් පැහැදිලි කිරීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

පුරාණ කාලයේ සහ බොහෝ පැරණි ශිෂ්ටාචාර තුළ කාන්තාවන් පිළිබඳ කිසිදු යහපත් මානව දෘෂ්ටියක් නොතිබිණි.ඔවුන් කිසිදු වටිනාකමක් නොමැති නොසලකා හරින ලද අය සේ සැලකිනි. එමෙන් ම, ඇය සඳහා කිසිදු අයිතියක් හෝ සුදුසුකමක් ලබා නොදෙන ලදී. ඇයව මිල දී ගෙන විකුණනු ලැබුවේ ඇගේ මනුෂ්‍යත්වය නොසලකා හැර දමාය. ඇය පිරිමින්ට වඩා පහත් තරාතිරමක අයෙකු ලෙස බලන ලදී.

කාන්තාවන්ගේ වැදගත්කම අවතක්සේරු කිරීමේ මෙම ප්‍රවේශය මෑතක් වන තුරුම විවිධ ශිෂ්ටාචාරවල සහ සංස්කෘතීන්වල අඛණ්ඩව සිදු වූ අතර - උදාහරණයක් ලෙස - මෑත කාළයේ අධිරාජ්‍යයන්ගේ පීඩනයෙන් සහ පල්ලියේ බලපෑම් වලින් බටහිර ලෝකය නිදහස් වී වෙනස් වීමේ සහ විමුක්තියේ අවධිය ආරම්භ කළ පසුව ද, කාන්තාවන් සහ ඔවුන්ගේ ගැටළු වල වෙනසක් සිදු නොවීය. තවද යම් ප්‍රමාදයක් එහි දක්නට ඇත.

කාන්තාවන් පිළිබඳ මෙම විකෘති දෘෂ්ටිය ප්‍රධාන අංශ දෙකකින් පණගන්වන ලදී.

පළමුව - දාර්ශනික අංශය

පුරාණ ශතවර්ෂ වල දී, දාර්ශනිකයෝ කාන්තාවන් හෙළා දුටුවෝය. ඔවුන් අවතක්සේරු කළෝය. ඔවුනට ගෞරවයක් හෝ යම් අයිතිවාසිකමක් නොදුන්නෝය. මෙම දාර්ශනිකයන් අතර: සොක්‍රටීස්, ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් වැනි අය සිටිති.

දෙවනුව - ආගමික අංශය

හින්දු ආගමේ, කාන්තාවකට තම දෙමාපියන්ගෙන් හිමි වන දේපළ උරුම වීමට අයිතියක් නොතිබුණු අතර, ඇගේ ස්වාමිපුරුෂයා මිය ගියහොත්, ඇය ව ද ඔහු සමඟ පුළුස්සා දැමිය යුතුව තිබුණි, මන්ද ඇය ඔහුට පසුව ජීවත් නොවීම වඩා සුදුසු යැයි විශ්වාස කෙරිණි.යුදෙව්වන් සහ කිතුනුවන් සම්බන්ධයෙන් ගත් කල, කාන්තාවන්ට ඇත්තේ පහත් තත්වයකි. ඔවුන් නපුරේ, දුරාචාරයේ සහ පාපයේ මූලය යැයි චෝදනා කරන ලද අතර ඔවුන් අපිරිසිදු ලෙස සලකනු ලැබීය. මෙම අදහස් ව්‍යුත්පන්න වූයේ ඔවුන්ගේ විකෘති පොත් වලින් සහ ආගමික සම්මන්ත්‍රණ වලිනි. පූජකවරුන්ගේ සහ පල්ලියේ අධිකාරියේ අනුග්‍රහය එයට ලැබුණි.

නූතන යුගයේ බොහෝ සමාජවල කාන්තාවන් සම්බන්ධයෙන් වූ අදහස්, සංජානන සහ චර්යාවන්ට බලපෑම් කළ විශ්වාසයන්, අදහස් සහ න්‍යායන් සමූහයක් බිහි වී ඇත.

1- නූතනවාදය

නූතනත්වය මිනිසා විශ්වයේ කේන්ද්‍රය බවට පත් කරයි. දිව්‍යමය හෙළිදරව්වෙන් ඔහුගේ ස්වාධීනත්වය තහවුරු කර ඔහුගේ බුද්ධියෙන්, ඔහුගේ ආත්මයට ඔහුගේ පරිසරයට සහ විශ්වයට පැහැදිලි කිරීම් ලබා දීමට ඔහුට හැකි බව නිවේදනය කරයි. පසු කාලීනව බිහි වූ බොහෝ අදහස්, දැකීම්, විග්‍රහයන් මතු වූයේ නූතනත්වයෙනි.

2- තාර් කිකත්වය

මිනිසා විශ්වයේ කේන්ද්‍රය ලෙස සැලකීම පදනම් කරමින් බුද්ධිය සහ එහි සංසන්දනයන් උසස් කිරීමකි.

3- නිදහස සහ පෞද්ගලිකත්වය

එයින් අදහස් වන්නේ ඔහුගේ සිවිල් කටයුතුවල දී තමාට සුදුසු යැයි හැඟෙන ආකාරයෙන් තීරණය ගැනීමේ මානව අයිතිය තහවුරු කිරීමයි.

4- ඩාවින්වාදය

මිනිසාගේ සම්භවය සහ ඔහු වර්තමාන ස්වරූපයට පත් වන තෙක් වසර මිලියන ගණනක ඔහුගේ වර්ධනය ගැන කතා කරන න්‍යාය එය යි.

5- කාන්තා විමුක්තිය

කාන්තා විමුක්තිය පිළිබඳ අදහස යුරෝපයේ ඇති විය. ඒ කාලවකවානුව තුළ කාන්තාවන් සියලු ආකාරයේ පීඩාවලින් හා අයුක්තියෙන් පීඩා විදින ලදී. එබැවින් යල් පැන ගිය උරුමයන්ගෙන් නිදහස සහ විමුක්තිය පිළිබඳ සටන් පාඨ මතු විය. එහි දී කාන්තාවන්ට මානව, සමාජීය, දේශපාලනික සහ ආර් ථික අයිතීන් රැසක් හිමි වූ නමුත් ඉල්ලීම්වලට ආගමික හෝ වටිනාකම් මත පදනම් වූ නියාමකයෙකු සංවිධානය කර නොතිබූ නිසා ඔවුන් ආගමෙන් සහ සාරධර්මවලින් මිදීමේ කැඳවීම් බවට පත් වූවා මිස තාඩන පීඩනවලින් නිදහස් වීමේ අරගලයක් නොවීය. මේ සියල්ල පිරිමි හෝ පීතෘමූලික අධිකාරියෙන් මිදීමේ කඩතුරාවෙන් ඔතන ලදී.

ලෞකිකවාදය සහ කාන්තා විමුක්තිය

කාන්තා විමුක්තිය පිළිබඳ සංකල්පය හා සම්බන්ධ අදහස් සහ සටන් පාඨ අතර: සියලු ම ජීවන කටයුතු වලින් ආගම වෙන් කිරීම සහ ලෞකිකත්වය ජීවන මාර්ගයක් ලෙස භාවිතා කිරීම යන සංකල්පය ද එකකි. මෙම සංකල්පය ලෞකිකත්වයට සම්බන්ධ වන්නේ එහි අභිලාෂයන්ට බාධා කරන සෑම දෙයකින් ම විමුක්තිය ඉල්ලා සිටීම හේතුවෙනි. විශේෂයෙන් ම ආගමික පාලනයන් සහ ඉගැන්වීම්.

ලෞකිකවාදය

එයින් අදහස් කරන්නේ සියලු ජීවන කටයුතු කළමනාකරණයට සම්බන්ධ දේ ආගමෙන් වෙන් කිරීම සහ දේශපාලන, ආර්ථික, සමාජීය සහ වෙනත් විවිධ ක්ෂේත්‍රවල මානව භාවිතයන් සඳහා යොමු සංකල්පයක් ලෙස මිනිසාගෙන් ආරම්භ කිරීමයි.

7- ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය

මෙම ඇරයුම මූලික වශයෙන් පදනම් වී ඇත්තේ අධ්‍යාපනය, රැකියා, සිවිල්, දේශපාලන සහ වෙනත් අයිතිවාසිකම් සඳහා ඇති අයිතිය තුළ පිරිමින් සහ කාන්තාවන් අතර සමානාත්මතාවය මත සහ කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් තුරන් කිරීම මත ය. කෙසේ වෙතත්, සමාන අයිතිවාසිකම් සඳහා වන ඉල්ලීම් ඔවුන්ගේ මූලික සන්දර්භයෙන් බැහැරව, පිරිමි සහ ගැහැණු අතර තිබෙන වෙනස්කම් වලට සංවේදී නොවන සංකල්පයක් බවට පත් වී එමඟින් එය වෙනස් ස්වභාවයන් තිබෙන්නා වූ දෙවර්ගයක් අතර සමානාත්මතාවයක් ඇති කිරීමේ කැඳවීමක් බවට පත්ව ඇත.

8- කාන්තාවාදය

කාන්තා විමුක්තිය සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඉල්ලා සිටින චින්තනය “ස්ත්‍රීවාදී චින්තනය” ලෙස හැඳින්වේ. බොහෝ බුද්ධිමය, දේශපාලනික, සමාජීය සහ වෙනත් ක්‍රියාකාරකම්වල යෙදෙන ව්‍යාපාර මේ චින්තනයෙන් බිහිවී ඇත. ස්ත්‍රීවාදී චින්තනය, එහි විවිධ ක්‍රියාකාරකම් සමඟ, සමාජවල බොහෝ අදහස් සහ භාවිතයන් ඒකාබද්ධ කිරීමට උත්සාහ කළේය.

කන්තාවාදී චින්තනයේ මූලධර්ම

١
නිරපේක්ෂ නිදහස, පවුල මත නොව තනි පුද්ගලයකු මත පදනම් වූ සමාජයක් පිළිබඳ අදහස මත පදනම් වේ.
٢
ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය අතර සම්බන්ධය නිර්වචනය කිරීම සඳහා GENDER (ස්ත්‍රී පුරුෂ සමාජභාවය/ ස්ත්‍රී පුරුෂ ලිංගභේදය) යන සංකල්පය අනුගමනය කිරීම සහ පිරිමි සහ ගැහැණු යන සංකල්ප කොන් කිරීම.
٣
කාන්තාවකට තම සිරුරේ හිමිකාරිත්වය සහ සීමාවන් හෝ පාලනයකින් තොරව ඇයට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට ඇයට ඇති පූර්ණ අයිතිය.
٤
පියාගේ අධිකාරිය ප්‍රතික්ෂේප කිරීමෙන් පවුල තුළ පියාගේ භූමිකාව අහෝසි කිරීම.
٥
- සමහර ස්ත්‍රීවාදී ප්‍රවාහයන් හරහා - සමලිංගිකත්වය, ගබ්සාව නීතිගත කිරීම සහ මානව සහජ බුද්ධිය සහ විශ්වීය සහ ධාර්මික වටිනාකම් විනාශ කිරීමේ අදහස් වෙත ඇරයුම් කිරීම.

සිඩෝ (CEDAW) සම්මුතිය

සිඩෝ (CEDAW) සම්මුතිය හෙවත් “කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ ම වෙනස්කොට සලකනු ලැබීම ඉවත් කිරීම පිළිබඳ ප්‍රඥප්තිය” 1979 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලද ජාත්‍යන්තර සම්මුතියක් රාජ්‍යයන් විසින් අනුමත කිරීම හරහා කාන්තා අයිතිවාසිකම් සංවිධාන සහ ස්ත්‍රීවාදී සංවිධාන දේශපාලන සහාය අපේක්ෂා කළහ.

සිඩෝ (CEDAW) සම්මුතියේ හරය

මෙම ගිවිසුම පදනම් වී ඇත්තේ දේශපාලන, ආර්ථික, සමාජීය, ක්‍රිඩාමය, නෛතික සහ ඒ හා සමාන සෑම ක්ෂේත්‍රයකම පිරිමි සහ ගැහැණු අතර නිරපේක්ෂ සමානාත්මතාවය සහ එකඟතාවය මත යි. මෙය නිවැරදිභාවයට පටහැනි, දිව්‍යමය නීතිවලට පටහැනි, අල්කුර්ආන් හා සුන්නාහ්හි බාහිර අර්ථයට සහ යහපත් බුද්ධියට මෙන් ම සහජ බුද්ධියට විරුද්ධ වන මූලධර්මයකි. එය අල්කුර්ආනයට විරුද්ධ වන්නේ මෙහි සඳහන් අල්කුර්ආන් පාඨ වලට එය විරුද්ධ වන බැවිනි. {සහ පිරිමියා ගැහැනිය මෙන් නොවේ} [ආලු-ඉම්රාන්: 36], සහ {පිරිමින් කාන්තාවන් නඩත්තු කරන්නන්ය} [අන් නිසා: 34], සහ {නමුත් ඔවුනට වඩා පිරිමින්ට නිලයක් ඇත. }: [අල්-බකරා: 228] එය සුන්නාහ්වට විරුද්ධ වන්නේ මෙම නබි වදන හේතුවෙනි. නබිතුමාණෝ ඔහු මෙසේ පැවසූහ: "ඔබ සියල්ලෝම වගකිව යුත්තෝය. ඔබ සියලු දෙනා තම වගකීම ගැන විමසනු ලබන්නෝ වෙති. මිනිසා තම පවුල තුළ වගකිව යුත්තෙකි. ඔහු තම වගකීම ගැන විමසනු ලබන්නෙකි. කාන්තාව ඇගේ ස්වාමිපුරුෂයාගේ නිවස තුල වගකිව යුතු තැනැත්තියෙකි. තම වගකීම ගැන විමසනු ලබන්නීය” (බුහාරි 893, මුස්ලිම් 1829). යහපත් බුද්ධියට එහි විරුද්ධත්වය වනාහි, එය බොහෝ පැහැදිලි කිරීම් වලට අවශ්‍ය නොවේ, මක්නිසාද යත්, කායික හා මනෝවිද්‍යාත්මක සැකැස්මේ වෙනස්කම් ජීවිතයේ හැකියාවන් සහ ක්‍රියාකාරකම්වල වෙනස්කම්වලට තුඩු දිය යුතු බව පැහැදිලිය. සම්පූර්ණ සමානාත්මතාවය සහ සමමිතිය සාක්ෂාත් කර ගැනීම පිරිමි සහ ගැහැණුන්ගේ නිර්මාණයේ මූලාරම්භයට පටහැනි වේ.

සිඩෝ (CEDAW) සම්මුතිය සහ පිරිමින් සහ කාන්තාවන් අතර සතුරුකම

සිඩෝ (CEDAW) සම්මුතිය සහ ස්ත්‍රීවාදී ව්‍යාපාර පිරිමින් සහ කාන්තාවන් අතර ඇති සම්බන්ධය නිරූපනය කළේ ඔවුන්ට අවසන් කිරීමට අවශ්‍ය තරඟකාරී හා ඓතිහාසික ගැටුමේ සම්බන්ධතාවයක් ලෙසය. කාන්තාවට වඩා පිරිමින්ට අමතර වාසියක් තිබෙන බව කියමින් පිරිමින් සහ කාන්තාවන් අතර පූර්ණ සමානතාවක් ඇති කිරීම එය සාක්ෂාත් කර ගැනීමේ මාර්ගය බව සිතුවෝය. මෙය පටු දැක්මකි. පිරිමියෙකු හා ස්ත්‍රියක අතර සම්බන්ධතාවය තරඟකාරීත්වය සහ සතුරුකම නොව අනුපූරකතාවයෙන් සහ සහයෝගීතාවයෙන් පිරුණු එකක් වන අතර, ජීවිතය පොහොසත් කිරීමට, දැන හඳුනා ගැනීමට, සෙනෙහස සහ දයාව සාක්ෂාත් කර ගැනීමට ඔවුන් එකිනෙකාට විශේෂ වූ රාජකාරීන් හා කාර්යයන් ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත: "අහෝ මිනිසුනි! නියත වශයෙන්ම අපි පිරිමියකුගෙන් හා කාන්තාවකගෙන් නුඹලා ව මවා ඇත්තෙමු. තවද නුඹලා එකිනෙකා හඳුනා ගනු පිණිස ඔහු නුඹලා විවධ ජනවාර්ගිකයින් හා ගෝත්‍රිකයින් බවට නුඹලාව අපි පත් කළෙමු. නියත වශයෙන්ම අල්ලාහ් අබියස නුඹලාගෙන් වඩාත් උතුම් වනුයේ නුඹලා අතරින් වඩාත් බියබැතිමත් වූවන්ය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය; මහා අභිඥානවන්තය." (සූරා අල් හුජුරාත් 13) "තවද නුඹලා ඇය සමග වාසය කර (සැනසුම ලබ)නු පිණිස නුඹලා තුළින්ම නුඹලා වෙනුවෙන් බිරියන් මවා තිබීම ද ඔහුගේ සංඥා අතරිනි. තවද නුඹලා අතර ආදරය හා කරුණාව ඇති කළේය. නියත වශයෙන්ම එහි සිතන ජනයාට සංඥා ඇත." (සූරා අර් රූම්: 21) එපමණක් නොව, ජීවිතයේ භූමිකාවන්හි වෙනස අසාධාරණ හෝ අගතියකින් තොරව අයිතිවාසිකම් සහ යුතුකම්වල වෙනසක් ඇති කරයි, මන්ද සෑම අතිරේක රාජකාරියක්ම අතිරේක අයිතියකින් යුක්ත වේ. මෙයයි යුක්තිය වන්නේ.

ෂරිආ නීතිය ස්ත්‍රීන් හා පුරුෂයන් අතර සමානාත්මතාවය ගැන නිවේදනය කරන්නේ ද?

මනුෂ්‍ය සම්භවය, සදාචාර ගරුත්වය, වගකීම් දැරීම, ලෞකික හා පරලොව විපාකය, හිමිකම් දැරීම, වත්පිළිවෙත් සිදුකිරීම සහ නීතිරීතිවලට සහ උසස් සදාචාරයට අනුගත වීම යන විෂයන් සම්බන්ධයෙන් ෂරිආ නීතිය ස්ත්‍රීන් හා පුරුෂයන් අතර සමානාත්මතාවය තහවුරු කරනු ඇත. ඔවුන්ගේ භෞතික හා මානසික සංයුතිය වෙනස් වන හෙයින්; ෂරීආ නීතිය ඔවුන් අතර ධනාත්මක වෙනසක් ඇති බව ප්‍රකාශ කරයි. කාන්තාවගේ ව්‍යුහයේ දුර්වලතාවය නිසා ඇය ජිහාද් හි නිරත වීමට අවශ්‍ය නොවන අතර, ඔසප් හා දරු ප්‍රසූතියෙන් පසු ඇති වන රුධිර වහනය කාලය තුළ ඇය සලාතය ඉටු කිරීම හෝ උපවාසයේ නිරත වීම අවශ්‍ය නොවේ. ඇය පොහොසත් වුවද තම නිවැසියන් සඳහා වියදම් කිරීම අනිවාර්ය නොවේ. මෙවන් කරුණු ෂරීආ නීතිය ඇයට නියම නොකර සිටී. ඊට පටහැනිව ෂරීආ නීතිය පුරුෂයාට ජිහාදය නියම කර ඇති අතර, වගකීමක් ලෙස කාන්තාව සහ ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් වියදම් කිරීම ඔහුට අනිවාර්ය කළේය. ඒ විෂයෙහි යම් අඩුපාඩුවක් සිදු කළහොත් ඔහුට මතුලොවෙහි දඬුවම් නියම වේ. මෙම අමතර රාජකාරි සම්බන්ධයෙන් ඔහුට ෂරීආ නීතිය අමතර අයිතිවාසිකම් ලබා දුන්නේය. යුක්තියේ සාරය වන්නේ ද එය යි.

දේපළ උරුමය විෂයෙහි ෂරීආහි යුක්තිය

ඉස්ලාමීය නීති සම්පාදනය තුළ දේපළ උරුමය විෂයෙහි කාන්තාවන්ට අසාධාරණයක් සිදු නොවේ; ඇය විටෙක පිරිමියකුගේ පංගුවට වඩා අඩුවෙන් ලැබෙන අවස්ථා ද, විටෙක ඔහුගේ පංගුවට සමාන ව ලැබෙන අවස්ථා ද, තවත් විටෙක ඔහුගේ පංගුවට වඩා වැඩි වශයෙන් ලැබෙන අවස්ථා ද, තවත් විටෙක ඇයට පංගුවක් හිමි වන හා හිමි නොවන අවස්ථා ද ඇත. ඒ සියල්ල දෙවියන් දන්නා හේතුවක් මත පදනම් වේ. ඒ පිළිබඳ විදුවතුන්ගේ පොත්වල විස්තරාත්මකව සඳහන් වේ.

ෂරීආ නීතිය කාන්තාව ගරු කරන ආකාර කිහිපයක්

ඉස්ලාමීය නීතියේ කාන්තාවට ආරක්ෂාව සහ ගෞරවය තහවුරු කරයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: “කවරෙකු යම් නපුරක් සිදු කළේ ද ඒ හා සමාන දෙයක් මිස ඔහුට ප්‍රතිඵල වශයෙන් දෙනු නොලැබේ. තවද යම් පිරිමියකු හෝ වේවා කාන්තවක හෝ වේවා තමන් විශ්වාසවන්තයකු ව සිට දැහැමි ක්‍රියාවක් සිදු කළේ ද ස්වර්ගයට පිවිස, එහි කිසිදු ගණනයකින් තොර ව පෝෂණය දෙනු ලබන අය වනුයේ ඔවුහු ම ය.” (සූරා ගාෆිර්: 40) නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ වදාලහ: "සැබැවින් ම කාන්තාවෝ පිරිමීන්ගේ එක් කුස උපන් සහෝදරියන් මෙනි" (තිර්මිදි: 113) කාන්තාවකගේ භාරකරු (පියා හෝ සැමියා) විසින් ඇය සඳහා වාසස්ථානක් මෙන් ම ඇයගේ වියදම දරාගත යුතු යි. ඇය කෙතරම් ධනවත් තැනැත්තික් වූවත් තමන්ට කැමති නම් හැර ඇය රුපියලක් හෝ වියදම් කිරීමට අවශ්‍ය නැත. පිරිමියා මෙන් ඇයගේ මූල්‍යමය විෂයන්හි ඇයට සුදුසුකම් ලැබේ. පියෙකු හෝ ස්වාමිපුරුෂයෙකු හෝ වේවා, කිසිවෙකුට ඇය කෙරෙහි මූල්‍යමය භාරකත්වයක් නොමැති අතර, විකිණීම, මිලදී ගැනීම, කුලියට දීම, හවුල්කාරිත්වය, උකස් කිරීම, බෙදීම, අනුමැතිය, ඇපකරය, ප්‍රතිසන්ධානය සහ අනෙකුත් සියලුම කොන්ත්‍රාත්තු සහ වගකීම් වල කාන්තාවට අයිතියක් ඇත.

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.