දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම දරුවන්ගේ අයිතිවාසිකම්

මෙම පාඩමෙන් අපි දෙමාපියන් කෙරෙහි ඇති දරුවන්ගේ අයිතිවාසිකම් ගැන ඉගෙන ගනිමු.

  • දෙමව්පියන්ට දරුවන් දායාද කිරීමේ අල්ලාහ්ගේ ආශීර්වාදය පිළිබඳ පැහැදිලි කිරීම.
  • දරුවන් ඇති දැඩි කිරීමට පිවිතුරු දහම දක්වන උනන්දුව පැහදිලි කිරීම.
  • දෙමාපියන් කෙරෙහි ඇති දරුවන්ගේ වැදගත්ම අයිතිවාසිකම් හඳුන්වා දීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

අල්ලාහ් පියවරුන්ගේ සහ මව්වරුන්ගේ හදවත් මැවූයේ දරුවන් නිදුක්ව හා නිරෝගීව සිටීමේ ප්‍රාර්ථනාව ඇතිවයි. එය අපගේ පියා වන ආදම් සහ ඔහුගේ බිරිඳගේ ප්‍රාර්ථනාව විය. උත්තරීතර අල්ලාහ් ප්‍රකාශ කරයි: "ඔහු වනාහි එක ආත්මයකින් නුඹලා ව මවා එහි සහකාරිය සමඟ එය වාසය කරනු පිණිස එයින් එය ඇති කළේය. ඔහු (ආදම්) ඇය (ඒවා) වෙළා ගත් කල්හි ඇය (දරුවෙකු පිළිසිඳ) සැහැල්ලු බරක් ඉසිලුවාය. පසුව ඇය ඒ සමඟ ගමන් ගත්තාය. ඇයට එය බරින් වැඩි වූ කල්හි ‘ඔබ අපට (අඩුපාඩු වලින් තොර) යහපත් කෙනෙකු පිරිනැමුවෙහි නම් අපි කෘතවේදීන් අතරින් වන්නෙමු යැයි ඔවුන් දෙදෙනා ඔවුන් දෙදෙනාගේ පරමාධිපතිගෙන් අයැද සිටියහ." (අල් අඃරාෆ් : 189). මෙම ප්‍රාර්ථනාව සාක්ෂාත් කර ගැනීම සර්වබලධාරී අල්ලාහ්ගේ කාරුණික අනුග්‍රහය සහ උපකාරය හිමිවන අතර, ඒ සඳහා අඛණ්ඩ කෘතඥතාව දැක්වීම අවශ්‍ය වේ.

ඉස්ලාමය දරුවන් සහ ඒ හා සම්බන්ධ සෑම දෙයක් ගැනම සැලකිලිමත් වේ. අහස් සහ පොළොවෙහි අධිපති අල්ලාහ් ගැන කතා කිරීමෙන් පසු දරුවන් සහ දරුවන්ට ආශීර්වාද කිරීම පිළිබඳ ශුද්ධ වූ අල් කුර්ආනයේ වදන් පෙන්නුම් කරන්නේ එයයි. උත්තරීතර අල්ලාහ් ප්‍රකාශ කරයි: "අහස් හි හා මහපොළොවෙහි ආධිපත්‍යය අල්ලාහ් සතුය. ඔහු අභිමත කරන දෑ මවනු ඇත. තවද ඔහු අභිමත කරන අයට ගැහැනු දරුවන් පිරිනමනු ඇත. තවද ඔහු අභිමත කරන අයට පිරිමි දරුවන් පිරිනමනු ඇත (49). එසේ නැතහොත් ඔවුනට පිරිමි හා ගැහැනු දරුවන් වශයෙන් යුගල ලෙස පිරිනමයි. තවද ඔහු අභිමත කරන අය වඳ බවට පත් කරයි. නියත වශයෙන්ම ඔහු සර්ව ඥානීය; සර්ව ශක්තිය ඇත්තාය." (අශ් ශූරා : 49,50). සර්වබලධාරී දෙවියන් දරුවන්, මෙලොව ජීවිතයේ එක් ආභරණයක් ලෙස පත් කර තිබේ. උත්තරීතර අල්ලාහ් ප්‍රකාශ කරයි: "ධනය හා දරුවන් මෙලොව ජීවිතයේ අලංකාරයන්ය. (කවදත්) ශේෂ ව පවතින යහකම් නුඹගේ පරමාධිපති අබියස තිළිණ වශයෙන් උතුම්ය. බලාපොරොත්තු තැබීමෙන් ද උතුම්ය." (අල් කහ්ෆ් : 46).

දහම දරුවන් හැදී වැඩීමට විශාල වැදගත්කමක් ලබා දී තිබේ. ඔවුන් අනාගත කුළුණු වේ. ඔවුන්ගේ ධර්මිෂ්ඨකම සමඟින්, සර්වබලධාරී අල්ලාහ්ට නැමදීම මිහිපිට දිගටම පවතිනු ඇති අතර එහි ප්‍රතිසංස්කරණය සර්වබලධාරි අල්ලාහ් සතුටු වන ආකාරයෙන් පවතී. උත්තරීතර අල්ලාහ් ප්‍රකාශ කරයි: ""අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා හා නුඹලාගේ පවුල (නිරා) ගින්නෙන් ආරක්ෂා කර ගනු. එහි ඉන්ධන මිනිසුන් හා ගල්ය." (අත් තහ්රීම් : 6). තවද අලි තුමා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) ප්‍රකාශ කළේය: "එනම් : ඔවුන්ට උගන්වන්න සහ ශිෂ්ට සම්පන්න කරන්න." නබි තුමාණෝ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) "කවරෙකු ගැහැණු ළමයින් දෙදෙනෙකු වැඩෙන තුරු නිසි ලෙස ඇති දැඩි කළේද, ඔහු සහ මම නැවත නැඟිටීමේ දිනයේ (ඔහු සහ එම පුද්ගලයා අතර සමීපත්වය පැහැදිලි කිරීම සඳහා) ඔහු තම ඇඟිලි (සමීපව) සම්බන්ධ කළේය" (මුස්ලිම් 2631).

දෙමාපියන් කෙරෙහි දරුවන්ගේ අයිතිවාසිකම්

١
භෞතික අයිතිවාසිකම්.
٢
සදාචාරාත්මක අයිතිවාසිකම්.

භෞතික අයිතිවාසිකම්

මෙම අයිතිවාසිකම් යටතේ නිවාස, ආහාර, බීම, ඇඳුම් පැළඳුම්, සෞඛ්‍ය රැකවරණය සහ දහමෙන් නියම කර ඇති ආකාරයට දරුවන් වෙනුවෙන් වියදම් කිරීම අදාළ වේ.තවද එම අයිතිවාසිකම් පියාගේ හැකියාව අනුව අනිවාර්ය වේ.

සදාචාරාත්මක අයිතිවාසිකම්

දෙමාපියන්ගෙන් දරුවන්ට ලැබිය යුතු විශාලතම සදාචාරාත්මක අයිතීන් වන්නේ, ආගමේ නිවැරදි පදනම් මත පදනම් වූ දැහැමි හැදී වැඩීමකින් යුතුව දරුවන් ඇති දැඩි කිරීම, ඔවුන්ට උතුම් අල් කුර්ආනය සහ නබිතුමාගේ නිවැරදි සුන්නාව ඉගැන්වීම, නබි තුමාගේ චරිතාපදානය ඉගැන්වීම, තවද ඉස්ලාමීය වටිනාකම් සමඟ ඔවුන්ව පෝෂණය කළ යුතුය, අනුමත දෑ කිරීමට සහ තහනම් දෑ වැළකීම පිලිබඳ පුහුණුව ලබා දීම, එසේම හොඳ සාරධර්ම පිළිපැදීමට පුහුණුව ලබා දිය යුතුය. මේ සියල්ල අල්ලාහ්ව ශ්‍රේෂ්ටවත් කිරීම, ඔහුගේ ආදරය සහ ඔහුගේ නබිතුමාගේ ආදරය, ඔහුගේ ආගම සහ ඔහුගේ නීතිය සඳහා විය යුතුය.

දරුවන්ට කරුණාව දැක්වීම ඔවුන්ගේ වර්ධනයට මෙන්ම ඔවුන්ගේ සංජානනය විවෘත කිරීමට විශාල බලපෑමක් ඇති කරයි. නමුත් අධික ලෙස හුරතල් කිරීමට නො යා යුතුය මන්ද එය ඔවුන්ගේ ජීවිත බරපතල හැසිරීම් කෙරෙහි බලපායි. එසේම දරුවන්ට ආදරයක් කරුණාවක් නො දක්වා සිටීම, තවද ඔවුන්ට කෲර ලෙස හා රළු ලෙස සැළකීම හෝ දෙමාපියන්ගේ හිංසාවට ඔවුන් ලක්වීම තුළින් ඔවුන්ගේ ජීවිතය අඳුරු විය හැකිය, ඔවුන්ගේ මනසෙහි බුද්ධිමය ගිනිදැල් නිවී යා හැකිය, සහ අකීකරු වීමට සහ කැරලිකාර වීමට, සමහර විට රැවටීමට සහ දූෂණයට ඔවුන් පෙළඹවිය හැකිය.

සදාචාරාත්මක අයිතිවාසිකම් අතුරින්: දෙමව්පියන්ගේ හෝ වැඩිමහල් සහෝදරයන්ගේ ආරවුල් නොපවතින පරිදි පවුල තුළ ගෞරවය, සන්සුන් බව, සැනසුම සහ සෙනෙහස ඇති වාතාවරණයක් ඇති කිරීම. එසේ නොවන්නට එය දරුවන්ගේ හැසිරීම් වලට බලපාන අතර ඔවුන් නොසන්සුන් හා පීඩාකාරී වාතාවරණයක් ඇති කරයි.

සදාචාරාත්මක අයිතිවාසිකම් අතුරින්: දෙමාපියන් තම දරුවන් සඳහා හොඳ ආශ්‍රයක් සොයා ගැනීමට උනන්දු විය යුතු අතර, නරක හැසිරීම් හෝ පිළිකුල් සහගත පුරුදු ඇති පුද්ගලයින් සමඟ ඔවුන් ආශ්‍රය කිරීමට ඉඩ නොදිය යුතු ය. මක්නිසාද යත් මෙය ඔවුන්ගේ හැසිරීමට බලපාන අතර නරක පුරුදු අන් අයගෙන් ඔවුන් වෙත සම්ප්‍ප්‍රේෂණය බැවිනි.

උපදෙස් දීම, මග පෙන්වීම සහ මාර්ගෝපදේශනය.

පියවරුන් සහ මව්වරුන් තම පුතුන්ගේ සහ දූවරුන්ගේ තත්ත්වයන් පිළිබඳව සොයා බැලිය යුතුය. තවද ඔවුන්ගේ චර්යා සහ හැසිරීම් නිරීක්ෂණය කළ යුතුය. අවශ්‍ය විටෙක උපදෙස්, මගපෙන්වීම සහ මාර්ගෝපදේශනය සමඟ මැදිහත් විය යුතුය. නමුත් ඒ තුළ මධ්‍යස්ථභාවයක් තිබිය යුතුයි. එසේම මඟ පෙන්වීම සහ විවරණ අඛණ්ඩව සහ අනුක්‍රමික නොවිය යුතුය, තවද එය ලොකු කුඩා සෑම දෙයක් සඳහා ද නොවිය යුතුය. මෙය දරුවා උපදෙස්වලට සවන් දීමට හෝ ඒ අනුව ක්‍රියා කිරීමට මැළිකමක් දැක්විය හැකිය. එමනිසා, පියා සහ මව උපදෙස් හා මඟ පෙන්වීම් ලබාදීම සඳහා සුදුසු වේලාවන් සහ ක්‍රම වේද තෝරා ගත යුතුය.

දෙමාපියන් කෙරෙහි දරුවන්ගේ අයිතිවාසිකම්

١
දරුවන්ගේ අයිතිවාසිකම්, හොඳ ස්වාමිපුරුෂයෙක් සහ හොඳ බිරිඳක් තෝරා ගැනීමේ සිට ඔවුන් ඉපදීමට පෙර ආරම්භ වේ;
٢
දරුවන්ගේ පැවැත්මට සහ ජිවත්වීමේ අයිතිය.
٣
පරම්පරාවක උරුමය සඳහා දරුවන්ගේ අයිතිය.
٤
මව්කිරි ලබා ගැනීමට දරුවට ඇති අයිතිය.
٥
හොඳ ලස්සන නමක් සඳහා දරුවන්ගේ අයිතිය.
٦
‘අකීකා’ සඳහා දරුවන්ගේ අයිතිය.
٧
සාධාරණ සැලකීමක් ලැබීමට දරුවාට ඇති අයිතිය.
٨
දරුවන් වෙනුවෙන් ප්‍රර්ථනා ලැබීමේ අයිතිය.

හොඳ ස්වාමිපුරුෂයෙක් සහ හොඳ බිරිඳක් තෝරා ගැනීම

පිරිමියා හොඳ මවක් යැයි හැගෙන අයෙකු තෝරා ගත යුතු අතර කාන්තාව හොඳ පියෙකු යැයි හැගෙන අයෙකු තෝරා ගත යුතු ය.

දරුවන්ගේ පැවැත්මට සහ ජිවත් වීමේ අයිතිය.

١
දරිද්‍රතාවයට හෝ ලැජ්ජාවට බියෙන් ජාහිලියා (පූර්ව ඉස්ලාමීය අඥාන) වැසියන් විසින් කරන ලද දරුවන් ඝාතනය කිරීම ඉස්ලාමීය නීතියෙන් තහනම් විය.
٢
ඉස්ලාමීය නීතිය දරුවන් බිහිකිරීමෙන් සම්පූර්ණයෙන් වැළකීම තහනම් කළේය.
٣
ඉස්ලාමීය නීතිය ප්‍රාණය පිඹීමෙන් අනතුරුව ගබ්සා කිරීම සහ කලලය බැහැර කිරීම තහනම් කළේය.

පරම්පරාවක උරුමය සඳහා දරුවන්ගේ අයිතිය.

තම පියාට ආරෝපණය වීම දරුවාගේ අයිතියයි. මන්දයත් ළමයින් සම්බන්ධ සියලුම භෞතික හා සදාචාරාත්මක අයිතිවාසිකම් මෙම අයිතියට සම්බන්ධ වේ. එහෙයින් සැකය ඉවත් කරන සාක්ෂි සහිතව හැර පිරිමියෙකුට දරුවා ප්‍රතික්ෂේප කිරීමට හෝ ඔහුට ආරෝපණය කිරීම ප්‍රතික්ෂේප කිරීමට අයිතියක් නැත.

මව්කිරි ලබා ගැනීමට දරුවට ඇති අයිතිය.

මෙම මව්කිරි දීමෙන් අත්වන බොහෝ සෞඛ්‍ය, මානසික සහ සමාජීය ප්‍රතිලාභ නවීන විද්‍යාවෙන් ඔප්පු වී ඇත. එය දරුවාගේ අවශ්‍යතාව සහ ප්‍රතිශක්තිය සඳහා මෙන්ම අනාගතයේ දී බුද්ධියට සහ හැසිරීමට බලපාන ඔහුගේ යහපත් මානසික සහ බුද්ධිමය ගොඩනැගීමක් සඳහා ද, ආකල්ප සහ හැඟීම් සමඟ හොඳ සහ නිසි අන්තර්ක්‍රියා කිරීමට වඩාත් සුදුසු සහ පිරිපුන් වේ.

හොඳ ලස්සන නමක් සඳහා දරුවන්ගේ අයිතිය.

එය ද්විතීයික අයිතිවාසිකමක් නොව, අල්ලාහ්ගේ දූතයා (ඔහුට ශාන්තිය හා සමාදානය අත් වේවා!) තම මිත්‍රයින්ගෙන් ඉල්ලා සිටි මූලික රාජකාරිවලින් එකකි. එසේම ඔහු ඍණාත්මක අර්ථ ඇති නම්වලින් වළකින ලෙස ද ඔවුන්ට අණ කළේය. තවද අල්ලාහ්ගේ දූතයාගේ (ඔහුට ශාන්තිය හා සමාදානය අත් වේවා!) හොඳ නම් කෙරෙහි ඇති උනන්දුව, සමහර සහාබාවරුන් ඉස්ලාමයට ඇතුළු වූ පසු, පෞරුෂත්වයට සහ හැසිරීමට ඇති කරන බලපෑම නිසා ඔහු ඔවුන්ගේ නම් වෙනස් කළේය.

‘අකීකා’ සඳහා දරුවන්ගේ අයිතිය.

එය අලුත උපන් බිළිඳා වෙනුවෙන් (නිශ්චිත චේතනාවක් සහ කොන්දේසි සහිතව) සර්වබලධාරි අල්ලාහ්ට ස්තූති කිරීම සඳහා කරන සත්ව කැපයයි. නබිතුමාණෝ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) ප්‍රකාශ කළේය: "සෑම පිරිමි ළමයෙකුම තම අකීකා සඳහා පොරොන්දු වී ඇත, හත්වන දින ඔහු වෙනුවෙන් එය කපනු ලැබේ. තවද ඔහුගේ හිස මුඩු කර ඔහුට නමක් තබනු ලැබේ." (අබූ දාවුද් 2838). තවද ඔහු පැවසුවේය: "පිරිමි ළමයෙකු වෙනුවෙන් සමාන බැටළුවන් දෙදෙනෙකු සහ ගැහැණු ළමයෙකු වෙනුවෙන් බැටළුවෙකු කැපිය යුතුය." (අබූ දාවුද් 2834).

සාධාරණ සැලකීමක් ලැබීමට දරුවාට ඇති අයිතිය.

අන් නුඃමාන් බින් බෂීර් තුමා (ඔහුට අල්ලාහ්ගේ තෘප්තිය ඇති වේවා!) පැවසුවේය: "මගේ පියා මට ඔහුගේ මුදලින් කොටසක් තෑග්ගක් ලෙස ලබා දුන්නේය. නමුත් මගේ මව අම්රා බින්ත් රවාහා පැවසුවා ය: "අල්ලාහ්ගේ දූතයා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) (එයට) සාක්ෂිකරුවෙකු ලෙස පත් වන තුරු මම එයට එකඟ නොවෙමි." ඒ නිසා, මගේ පියා මට ලබාදුන් ත්‍යාගයට සාක්ෂිකරුවෙකු ලෙස අල්ලාහ්ගේ දූතයා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) පත් කිරීමට ඔහු වෙත ගියේය, එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) මෙසේ ඇසුවේය: "ඔබේ සියලුම පුතුන්ට ඔබ (එවැනි දේ) ලබා දී තිබේද?" ඔහු "නැත" ලෙස පිළිතුරු දුන්නේය. අල්ලාහ්ගේ දූතයාණෝ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) පැවසූහ: "අල්ලාහ්ට බිය වන්න, ඔබේ දරුවන්ට සාධාරණ වන්න." ඊට පසුව මගේ පියා ආපහු පැමිණ ඔහුගේ ත්‍යාගය නැවත ලබා ගත්තේ ය". (බුහාරි 2587 මුස්ලිම් 1623).

ඔවුන් වෙනුවෙන් ප්‍රර්ථනා ලැබීමේ සහ ඔවුන්ට විරුද්ධ ප්‍රාර්ථනා වැළකීමට ඇති අයිතිය

අල්ලාහ්ගේ දූතයාණෝ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) පැවසූහ: "කිසිම සැකයකින් තොරව පිළිතුරු දෙනු ලබන කන්නලව් තුනක් තිබේ: අසාධාරණයට ලක් වූ කෙනෙකුගේ කන්නලව්ව; සංචාරකයාගේ කන්නලව්ව; සහ පියෙකු තම දරුවා වෙනුවෙන් කරන කන්නලව්ව." (ඉබ්නු මාජා 3862). තවද ඔහු පැවසුවේය: "ඔබට විරුද්ධව කන්නලව් නොකරන්න, ඔබේ දරුවන්ට විරුද්ධව කන්නලව් නොකරන්න, ඔබේ ධනයට විරුද්ධව කන්නලව් නොකරන්න, ඔබ ඉල්ලන දේ අල්ලාහ් ඔබට ලබා දීමට සූදානම් වන කාලය සමඟ ඔබේ ශාපය සමමුහුර්ත විය හැකි අතර එමඟින් ඔබේ කන්නලව්වට ඉක්මනින් ප්‍රතිචාර දැක්විය හැකිය." (මුස්ලිම් 3009).

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.