වත්මන් කොටස: model:
පාඩම මුස්ලිම් කාන්තාවකගේ පිරිසිදුකම
ඉස්ලාම් දහම මුස්ලිම් කාන්තාවට -ඔසප් වීම, ඉස්තිහාදා සහ ප්රසූතයෙන් පසු ලේ ගැලීම වැනි- ඇගේ පිරිසිදුකමට අදාල විධිවිධානවලින් ඇයට අවශ්‍ය දේ ඉගෙන ගැනීම අනිවාර්ය කර ඇත.
කාන්තාවක් දැනගෙන කටයුකු කළ යුතු කරුණු පහත සඳහන් වේ.
මහා කිල්ලෙන් පිරිසිදුවීම සඳහා ස්නානය කිරීම
අරාබි භාෂවෙහි මහා කිල්ල සඳහා "අල් ජනාබා" යනුවෙන් ව්‍යවහාර වේ. "අල් ජනාබා" යන්නෙහි පදාර් ථය දුරස් වී සිටීමය. ජනාබා තත්ත්වයට පත්වන්නේ ශුක්‍රාණු පිට කළ හෝ සංසර්ගයේ යෙදුණු කාන්තාවක් හෝ පිරිමියෙකි. එයට ජුනු් යනුවෙන් ව්‍යවහාර වූයේ ඒ තත්ත්වයෙන් පිරිසිදු වන තුරු යාඥා කරන ස්ථානවලට ළංවීම තහනම් බැවිනි. ජනාබා තත්ත්වයෙන් ඉවත් වීම සඳහා ස්නානය කිරීම අනිවාර් ය වේ. උත්තරීතර අල්ලාහ් මෙසේ සඳහන් කරයි: "නුඹලා ස්නානය අනිවාර් යය වූ කෙනෙකු ව සිටින්නෙහු නම් (ස්නානය කොට) පිරිසිදු වනු." (සූරා අල් මාඉදා: 06)
ඔසප් වීම අවසන් වූ විට ස්නානය කිරීම
මුස්ලිම් කාන්තාවක් ඇගේ ඔසප් රුධිරය වහනය වීම නතර වූ විට ස්නානය කළ යුතු ය. මන්ද උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: තවද ඔසප්භාවය පිළිබඳ ව ඔවුහු නුඹගෙන් විමසති. එය (වේදනාකාරී) කිලිටකි. එබැවින් ඔසප් සමයේ බිරියන් ගෙන් ඉවත් වනු. ඔවුන් පිරිසිදු වන තෙක් නුඹලා ඔවුනට (ලිංගික ඇසුරට) සමීප නොවනු. ඔවුන් පිරිසිදු වූ කල්හි අල්ලාහ් නුඹලාට අණ කළ පරිදි ඔවුන් වෙත යනු. සැබැවින් ම අල්ලාහ් පශ්චාත්තාපයේ නියැළෙන්නන් ප්‍රිය කරන අතර ම පිරිසිදු ව සිටින්නන් ප්‍රිය කරන්නේය යැයි පවසනු. (සූරා අල් බකරා: 222)
ඔසප් රුධිරය සහ ඉස්තිහාදා රුධිරය
ඔසප් රුධිරය යනු: දරු ප්‍රසූතියකින් හෝ අසනීපයකින් තොරව කාන්තාවකගේ ගර් භාෂයෙන් පිටවන රුධිරය යි. ඉස්තිහාදා සම්බන්ධයෙන් ගත් කල, එය අසනීප හෝ වෙනත් හේතු නිසා සුපුරුදු වේලාවන් හැර වෙනත් වේලාවන්වල කාන්තාවකගේ ගර්භාෂයෙන් පිටවන රුධිරය යි.
ඔසප් වීමේ කාලසීමාව එක් එක් කාන්තාවන්ට අනුව වෙනස් වේ. විද්වතුන්ගේ වඩාත් ම නිවැරදි කියමන් අනුව ඔසප් වීමේ කාලසීමාව සඳහා අවම දින ගණනක් නොමැත. බහුතර විද්වතුන්ගේ අදහස වන්නේ ඔසප් වීම වැඩි කාලයක් පවතින්නේ දින පහළොවක් යන්නයි. ඉන් ඉක්මවා පිටවන රුධිරය ඉස්තිහාදා රුධිරය යි. ඔසප් රුධිරය නොවේ. සාමාන්‍යයෙන් ඔසප් වීමේ කාලය දින හයක් හෝ හතක් වේ.
දරු ප්‍රසූතියෙන් පසු ඇති වන රුධිර වහනය අවසානයේ ස්නානය කිරීම
දරු ප්‍රසූතියෙන් පසු ඇති වන රුධිර වහනය අවසානයේ කාන්තාවක් ස්නානය කළ යුතු බව විද්වතුන් ඒකමතිකව එකඟ වේ.
නිෆාස් යනු කුමක් ද?
දරු ප්‍රසූතියේදී හෝ ඊට දින දෙකකට හෝ තුනකට පෙර, වේදනාව වැනි ඉඟියක් සහිතව හෝ දරු ප්‍රසූතියෙන් පසු හෝ දින හතළිහක් සම්පූර්ණ වන තුරු ගර්භාෂය හරහා වහනය වන රුධිරය එය යි. මෙම රුධිර වහනයේ උපරිමය දින හතළිහක් වන අතර, එහි අවම දින ගණන සඳහා සීමාවක් නොමැත.
ඔසප් හා දරු ප්‍රසූතියේ රුධිරය ට අදාල වන කරුණු
අඹුසැමි සේවනය තහනම් වීම
ඔසප් තත්ත්වයේ පසුවන සිය බිරිඳ සමඟ අඹුසැමි සේවනයේ යෙදීම ස්වාමි පුරුෂයාට තහනම් වේ. මන්ද උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: "තවද ඔසප්භාවය පිළිබඳ ව ඔවුහු නුඹගෙන් විමසති. එය කිලිටකි. එබැවින් ඔසප් සමයේ බිරියන් ගෙන් ඉවත් වනු. ඔවුන් පිරිසිදු වන තෙක් නුඹලා ඔවුනට (ලිංගික ඇසුරට) සමීප නොවනු. ඔවුන් පිරිසිදු වූ කල්හි අල්ලාහ් නුඹලාට අණ කළ පරිදි ඔවුන් වෙත යනු. සැබැවින්ම අල්ලාහ් පශ්චාත්තාපයේ නියැළෙන්නන් හා පිරිසිදු ව සිටින්නන්ට ප්‍රිය කරන්නේය යැයි පවසනු." (සූරා අල් බකරා:222) විද්වතුන්ගේ ඒකමතික තීන්දුව ප්‍රකාරව නිෆාස් තත්ත්වයේ පසුවන කාන්තාව සමඟ ද අඹුසැමි සේවනය තහනම් වේ.
දික්කසාදය තහනම් වීම
මන්ද උත්තරීතර අල්ලාහ් මෙසේ සඳහන් කර ඇත: අහෝ නබිවරය! නුඹලා බිරියන් දික්කසාද කරන විට ඔවුන්ගේ ඉද්දා ව (පොරොත්තු කාලය) ගණන් කිරීමට පහසු වන අයුරින් නුඹලා ඔවුන් දික්කසාද කරනු. (සූරා අත්තලාක්: 1) "ඉද්දා ව (පොරොත්තු කාලය) ගණන් කිරීමට පහසු වන අයුරින් නුඹලා ඔවුන් දික්කසාද කරනු." යන්නෙහි අදහස වනුයේ, ඇය ඔසප් හෝ නිෆාස් තත්ත්වයේ සිටිය දී හෝ ඇය හයිල් තත්ත්වයක නොසිටිය දී ඔහු ඇය සමඟ සංසර්ගයේ යෙදී ඇගේ ගැබ් ගැනීම පැහැදිලිව පෙනෙන්නට නොතිබූ විට ඔහු ඇයව දික්කසාද නොකළ යුතුයි යන්න යි.
සලාතය හා උපවාසය තහනම් වීම
මන්ද නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කර සිටියහ: ඇය ඔසප් වීම මතු වූ විට සලාතයේ හා උපවාසයේ නිරත නොවෙයි. එසේ නොවේ ද? එය ඇගේ දහම විෂයෙහි වූ මන්දභාවය වේ. (බුහාරි 1951)
තවාෆ් ඉටු කිරීම තහනම් වීම
මන්ද නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියට ඇය හජ් හි ඔසප් වූ විට මෙසේ පැවසූහ: සැබැවින් ම එය ආදම්ගේ දියණියන් වෙනුවන් අල්ලාහ් නියම කළ කරුණකි. එබැවින් හජ් ඉටු කරන්නෙකු සිදු කරන සියල්ල ඔබ ද සිදු කරන්න. එනමුත් ඔබ පිරිසිදු වෙන තෙක් කාබාව තවාෆ් නොකරන්න. (බුහාරි 305/ මුස්ලිම් 1211)
අල් කුර් ආන් පිටපත ස්පර් ස කිරීම තහනම් වීම
එය "එය පිවිතුරු අය හැර වෙනත් කිසිවකු ස්පර්ශ නොකරති." යන අල්ලාහ්ගේ වදනට අනුකූලව යි. විද්වතුන් අතර පිළිගැනුනු අදහසට අනුව ඇය අල් කුර්ආනය කට පාඩම් කර ඇත්නම් ඇය සඳහා අල් කුර්ආන් පාරායනය තහනම් නොවේ. එනමුත් මහා කිල්ලෙන් පසුවන අයෙකුට එසේ නොවේ. ඔහු ස්නානය කර මහා කිල්ලෙන් බැහැර වන තුරු අල් කුර්ආනය පාරායනය නොකළ යුතු යි. එසේ ම හයිල් හා නිෆාස් තත්ත්වයේ පසුවන කාන්තාවක් සඳහා අල් කුර්ආනයේ යම් වැකියක් ආවර්ජනය කිරීමට හෝ වෙනත් අයෙකුට එය ඉගැන්වීමට අවශ්‍ය වූයේ නම් අත්වැසුම් සහ ඒ හා සමාන යම් බාධකයක් අතැතිව අල් කුර්ආනය ස්පර්ෂ කළ හැකිය.
මස්ජිද් හි රැඳී සිටීම තහනම් වීම
එය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ මෙම ප්‍රකාශය අනුවයි." සැබැවින් ම මා ඔසප් වූ කාන්තාවට හා මහා කිල්ලෙන් පසුවන අයට මස්ජිදය අනුමත නොකරමි" (අබූ දාවූද්: 232) යම් අවශ්‍යතාවයක් සඳහා එයට ඇතුල් වීම හෝ එය පසු කර යාම තහනම් නොවේ. ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ වාර්තා කර ඇත. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා මා හට "සලාතය ඉටු කරන පැදුර මස්ජිදයෙන් ගෙනවිත් ලබා දෙන්න" යනුවෙන් පවසා සිටියහ. එවිට මා " මා ඔසප් තත්ත්වයේ පසු වෙමි" යැයි පැවසුවෙමි. එවිට නබිතුමාණෝ සැබැවින්ම ඔබේ ඔසප් තත්ත්වය ඔබේ අතෙහි නැත යනුවෙන් පවසා සිටියහ. (මුස්ලිම්:298)
ඔසප් වීම මඟින් අනිවාර්යයෙන් සිදු වන කරුණු
වැඩිවියට පත් වීම
වැඩිවියට පත් වීම මඟින් වත්පිළිවෙත්හි වගකීම ආරම්භ වේ. ඔසප් වීම වනාහි කාන්තාවක් වැඩිවියට පත් වූ බවට ප්‍රබල සලකුණකි.
වැන්දඹුවකගේ ඉද්දා හෙවත් පොරොත්තු කාලය ගණනය
එනම්වැ ඔසප් වීම සිදු වන වැන්දඹුවකගේ ඉද්දා හෙවත් පොරොත්තු කාලය ඔසප් චක්‍ර තුනකි. මන්ද උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත: "දික්කසාද කරනු ලැබූ තැනැත්තියන් තමන් විසින් (ඔසප් හෝ පිරිසිදු) වාර තුනක් පොරොත්තුවෙන් සිටිය යුතු ය." (සූරා අල්බකරා: 228)
ඔසප් තත්ත්වයෙන් කාන්තාවක් පිරිසිදු වූ බවට හඟවන සලකුනු
සුදු පැහැති ශ්‍රාවය
එය කාන්තාවකගේ ඔසප් වීමේ අවසාන දිනවලදී ඇයගේ යෝනි මාර්ගයෙන් පිටවන සුදු පැහැති නූල් වැනි දෙයකි. එය ඇයගේ පිරිසිදුකමේ සලකුණකි.
රුධිර වහනය අවසන් වීම සහ වියළිබවක් ඇති වීම
කාන්තාවක් තම යෝනි මාර්ගයට රෙදි කැබැල්ලක් ඇතුළු කළ විට රුධිරය, දුඹුරු හෝ කහ පැහැයෙන් අපවිත්‍ර නොවී පිටතට පැමිණියේ නම් එයද ඔසප් තත්ත්වයෙන් පිරිසිදු වූ බවට දන්වන එක් සලකුණකි.
ස්නානය කීරීමේ දී අනිවාර් ය වන කරුණු දෙකකි: ඉන් පළමුවැන්න: චේතානව හා දෙවැන්න ජලය මඟින් සම්පූර්ණ ශරීරය සෝදා හැරීම වේ. තවද කෙස්වලට පහලින් පිහිටා ඇති සමටත් ජලය ළඟා වන පරිදි සේදිය යුතු යි. එම කෙස් මෘදු හෝ ඝන වුවත් එසේ සේදිය යුතු යි.
මහා කිල්ලට පසු හෝ ඔසප් වීම අවසන් වූ පසු කාන්තාවක් ස්නානය කළ යුතු ආකාරය
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ වාර්තා කරයි. අස්මා (රළියල්ලාහු අන්හා) තුමිය ඔසප් කාලය අවසන් වූ පසු සිදු කරන ස්නානය ගැන නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ගෙන් විමසුවාය. එවිට "ඔබ (ඔසප් කාලය අවසන් වූ පසු සිදු කරන ස්නානය අතරතුර) ජලය සහ සිද්ර් කොළ ගෙන හොඳින් පිරිසිදු කරන්න. ඉන්පසු හිසට වතුර වත් කර හොඳින් අතුල්ලා හිස්කබල තෙත්වනතුරු සෝදා හරින්න. ඉන්පසු ශරීරය පුරා ජලය වත් කරන්න. ඊට පසු, කස්තුරි ආලේප කළ පුළුන් කැබැල්ලක් ගෙන (රුධිරය වහනය වූ ස්ථානය) පිරිසිදු කරන්න." යනුවෙන් වක්‍රව නබිතුමාණන් පැවසූහ" එය තේරුම් නොගත් අස්මා (රළියල්ලාහු අන්හා) තුමිය එමඟින් පිරිසිදු වන්නේ කෙසේ දැයි නැවතත් විමසා සිටියාය. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ "සුබ්හානල්ලාහ් (අල්ලාහ්) පිවිතුරුය!) ඔබ එමඟින් පිරිසිදු වන්න යනුවෙන් නැවත වරක් පැවසූහ. ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ පවසයි එවිට මම -කාටවත් නොඇසෙන ලෙස රහසේ- එය ලේ ගලන ස්ථානයේ ආලේප කරන ලෙස ඇයට පවසා සිටියෙමි. තවද අස්මා (රළියල්ලාහු අන්හා) තුමිය, නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගෙන් මහා කිල්ලෙන් පිරිසිදු වීම සඳහා ස්නානය කිරීමේ ක්‍රමය පිළිබඳව විමසීය. එවිට එතුමාණෝ "ඒ සඳහා වතුර ගෙන හොඳින් පිරිසිදු කරන්න. ඉන්පසු හිසට වතුර වත් කර හිස්කබල තෙත්වනතුරු හොඳින් අතුල්ලන්න. පසුව ශරීරයට වතුර වත් කරන්න" යනුවෙන් පැවසූහ. ආයිෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ පැවසුවාය: "කාන්තාවන් අතරින් හොඳම අය අන්සාරි කාන්තාවන්ය. ලජ්ජාව ඔවුන්ව කිසිවිටෙකත් ආගම තේරුම් ගැනීමෙහිලා වලක්වන්නේ නැත.” (බුහාරි 314, මුස්ලිම් 332).
ශරීරයේ ඕනෑම කොටසකට ජලය වැදීමෙන් වළක්වන ඕනෑම බාධකයක් ස්නානයට බාදාවක් වන අතර එය අවලංගු කරයි. නිදසුන් ලෙස නියපොත්තට ජලය වැදීම වළක්වන ආලේපනය කාන්තාව යෙදීම හෝ යටින් කිසියම් පරිවාරක ද්‍රව්‍යයක් තිබීම දැක්විය හැකිය.
දුඹුරු හෝ කහ පැහැති ශ්‍රාවය
(ඔසප් වීමට පෙර හෝ පසු) කාන්තාවකගේ යෝනි මාර්ගයෙන් සමහර ස්රාවයන් පිටවේ. එය ඔසප් වීම සම්බන්ධ නම්, එය එහි කොටසකි. ඇය සලාත් කිරීමෙන් සහ ඔසප් වීම නිසා තහනම් කර ඇති අනෙකුත් සියල්ලෙන් වැළකිය යුතු ය. නමුත් එය ඔසප් වීමෙන් වෙන් ව සිදුවුණි නම්, එහි කිසිදු බලපෑමක් නැත. එය උම්ම් අතීය්යා තුමියගේ (ඇයට අල්ලාහ්ගේ තෘප්තිය හිමි වේවා!) හදීසයට අනුව ය: "ඔසප් පවිත්‍ර වීමෙන් පසු අපි දුඹුරු සහ කහ ශ්‍රාවය සැලකිල්ලට නොගනිමු." (බුහාරි 326, අබු දාවුද් 307, සහ පාඨය ඔහුගේය).