දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම මුස්ලිම් කාන්තා ඇඳුම

මෙම පාඩමෙන් අපි මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම සම්බන්ධ වැදගත් කරුණු ගණනාවක් ගැන ඉගෙන ගනිමු.

  • ඇඳුම් සහ අලංකාරය තුළින් අල්ලාහ් මිනිසාට ලබාදී ඇති දායාදය පිළිබඳව දැනගැනීම.
  • කාන්තාවගේ ඇඳුම් සම්බන්ධයෙන් ඉස්ලාමීය නීති රීති සමහරක ප්‍රඥාව පිළිබඳව දැනගැනීම.
  • නීතිමය වැස්ම (හිජාබ්) තුළ අනිවාර්යයෙන් සපුරාලිය යුතු කොන්දේසි පිළිබඳ දැනුම.
  • මුස්ලිම් කාන්තාවකට විවිධ වර් ගයේ පුද්ගලයන්ට පෙන්විය හැකි සීමාවන් දැන සිටීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

ඇඳුම ආශීර්වාදයක් ලෙස

ඇඳුම් පැළඳුම් යනු මිනිසුන්ට සර්වබලධාරී දෙවියන්ගෙන් ලැබූ මහත් ආශීර්වාදයකි. එයින් මිනිසා තම ශරීරය ආවරණය කර ගනී. එසේ ම තාපය, සීතල සහ අනෙකුත් දෑවලින් ශරීරය ආරක්ෂා ගනී, තවද එය අලංකාරයක් සහ සුන්දරත්වයක් ලෙස පවතී. උත්තරීතර අල්ලාහ් ප්‍රකාශ කරයි: "ආදම්ගේ දරුවනි! නුඹලාගේ රහස්‍ය පෙදෙස් ආවරණය කරන වස්ත්‍ර ද අලංකාරය ද සැබැවින්ම අපි නුඹලා වෙත පහළ කර ඇත්තෙමු. එනමුත් දේව බැතිමත්භාවයේ වස්ත්‍රය වනාහි එයමය ශ්‍රේෂ්ඨ වනුයේ. එය අල්ලාහ්ගේ සංඥාවන් අතරිනි. (මෙමගින්) ජනයා උපදෙස් ලැබිය හැකිය." (අල් අඃරාෆ් : 26). තවද ඇතැම් ඇඳුම් පැළඳුම් සෑම පිරිමියෙකුටම හා ස්ත්‍රියකටම අනිවාර්යය වන අතර එය රහස් අවයව ආවරණය කරයි, එසේ ම ඇතැම් ඇඳුම් පැළඳුම් සුඛ විහරණය සඳහා මංගල්‍යයක්, උත්සවයක් හෝ එවැනි අවස්ථාවන්වල අලංකාරය සහ සුන්දරත්වය වෙනුවෙන් වන්නේය. .

කාන්තා ඇඳුමට අදාළව ආගමික නිතී, ඉලක්ක සමුදායක් සපුරාගෙන පවතී: කාන්තාවගේ පැත්තෙන් ගත් කළ ඇයගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වේ. පිරිමින්ගේ බැල්මෙන් ආරක්ෂා වේ. එසේ ම දුෂ්ටයින්ගේ ක්‍රියාවෙන් සහ වචනයෙන් ආරක්ෂාව ලැබේ. එසේ ම ආගමානුකූල ඇඳුම කාන්තාවන්ට සැනසුමක් , සැහැල්ලුවක්, ගෞරවයක් සහ අභිමානයක් ලබා දෙන අතර, සියල්ලටම වඩා, කාන්තාව, ආගමානුකූල ඇඳුමට ඇලී සිටීමෙන්, අල්ලාහ්ට තම වහල්භාවය සහ යටහත් පහත් භාවය ප්‍රකාශ කරයි, උන්වහන්සේගේ අණ පිළිපැදීමෙන් සහ උන්වහන්සේගේ තහනම් කිරීම් මඟහැරීමෙන්, ඇය ඉතා පාරිශුද්ධ වූ උන්වහන්සේගේ අභිවෘදිය, දීමනාව, සහ කරුණාව ලැබීමට සුදුසු වනු ඇත,

සමාජ තත්වය සම්බන්ධයෙන් ගත් කල, කාන්තාවන්ගේ ආගමානුකූල ඇඳුම හෝ වැස්ම (හිජාබ්) යනු අපරාධවලින් මුළු සමාජයට ම ආරක්ෂාවක් වන අතර, එහි සියලු ම සාමාජිකයින්ගේ ස්ථාවරත්වය සහ ආරක්ෂාව පවත්වා ගැනීමට ඉවහල් වේ. අපරාධය වනාහි, එය සිදු වුවහොත්, සමාජය එහි සියලුම අංග, පිරිමි සහ ගැහැණු සමඟ විනාශ වේ, එහෙයින්, පවුල් සංස්ථාව, එහි ස්ථාවරත්වය සහ එහි සැනසුම දෙදරා ගොස් විසිරී යා හැකි අතර, මෙය බොහෝ රටවල කැපී පෙනෙන දර්ශනයකි.

මුස්ලිම් කාන්තාවගේ වැස්ම (හිජාබ්) සඳහා කොන්දේසි

١
සමහර නීතිවේදීන්ට අනුව මුළු ශරීරය ම ආවරණය කිරීම හෝ අනෙක් අයගේ මතය අනුව මුහුණ සහ මැණික් කටුවට පහළ අත් හැර අනෙක් කොටස් ආවරණය කිරීම.
٢
එය ආකර්ශනීය නොවීම.
٣
එයට පහළින් ඇති දේ නොපෙනෙන ලෙස එය ඝනකම් විය යුතු ය.
٤
එය ලිහිල් විය යුතු ය, තද නොවිය යුතු ය, ඇගේ ශරීරයේ අංග කිසිවක ප්‍රමාණය ‌පිටතට නිරාවරණය නොකළ යුතු ය.
٥
සුවඳ දුම් හෝ සුවඳ විලවුන් නොගැලවිය යුතු ය.
٦
පිරිමි ඇඳුම්වලට සමාන නොවිය යුතු ය.
٧
දේව ප්‍රතික්ෂේපිකාවන්ගේ ඇඳුමට සමාන නොවිය යුතු ය.
٨
කීර් තිය අරමුණු කරගත් ඇඳුමක් නොවිය යුතු ය.

1- ශරීරය ආවරණය කිරීම

උතරිතර අල්ලාහ් ප්‍රකාශ කරයි: "අහෝ නබිවරය! ඔබ ඔබේ බිරියන්ටත් ඔබේ දූවරුන්ටත් දේවත්වය විශ්වාස කරන්නන්ගේ බිරියන්ටත් ඔවුන්ගේ මොට්ටැක්කිලියෙන් ඔවුන් මත (හිසේ සිට) පහළට ඇද වැටන සේ පළඳිනුයි පවසනු. එය ඔවුන් (ශිලාචාර කාන්තාවන් යැයි) හඳුනා ගැනීමටත් හිංසා කරනු නොලැබීමටත් වඩාත් උචිතය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී මහා කරුණාන්විත ය." (අල් අහ්zසාබ් : 59). මුහුණ සහ අත් වැසීම සම්බන්ධයෙන් විද්වතුන් අතර මතභේද ඇති වූ අතර, ඔවුන්ගෙන් සමහරෙක් මෙසේ පැවසූහ: එය අනිවාර්ය ය, තවත් සමහරු මෙසේ පැවසූහ: එය සතුටු දායකය, නමුත් එය හැර වෙනත් කොටස් ආවරණය කිරීම අනිවාර්ය බව ඔවුහු එකඟ වූහ.

2- එය ම (ඇඳුම) ආකර්ශනයක් නොවිය යුතු ය.

මෙය අල්ලාහ්ගේ පොදු ප්‍රකාශයට ඇතුළත් වේ: "ඔවුන්ගේ අලංකාරයන් හෙළි නොකරන මෙන් ද" (අන් නූර්: 31).

3, 4- ඝනකම් සහ ලිහිල් විය යුතු ය.

නබිතුමාණෝ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) මෙසේ පැවසූහ: “දෙපිරිසක් නිරය වැසියන්ට අයත් වේ. ඒ දෙපිරිසව මම දැක නැත්තෙමි. (පළමු පිරිස කවරෙහුද යත්) එළදෙනගේ වලිගය වැනි කස ඇති පිරිසක්, එයින් මිනිසුන්ට පහර දෙයි. (දෙවන පිරිස කවරෙහුද යත්) දුහුල් වස්ත්‍ර ඇඳ, තමන් (නපුරට) නැඹුරු වී තම ස්වාමිපුරුෂයන් ද එයට නැඹුරු කරවන කාන්තාවන් ය. ඔවුන්ගේ කෙස්කළඹ දිගු ගෙල ඇති ඔටුවාගේ මොල්ලි මෙන් දෙපැත්තට වැනෙමින් පවතී. ඔවුහු ස්වර්ගයට ඇතුළු නොවෙති. ස්වර්ගයේ සුවඳ පවා ආඝ්‍රහණය නොකරති. එහි සුවඳ වනාහි මෙපමණ මෙපමණ දුරක සිට හමමින් පවතී." (මුස්ලිම් 2128). උසාමා බින් zසයිද් තුමා (ඔහුට අල්ලාහ්ගේ තෘප්තිය අත් වේවා!) වාර්තා කරයි: "දිහිය්යතුල් කල්බි නම් සහාබිවරයා තිළිණ කළ ඊජිප්තුවේ වියන "කුබ්තිය්යාහ්" නම් ඝනකම් වස්ත්‍රයක් නබිතුමා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) මට ඇන්දෙව්වේය. පසුව මම එය මගේ බිරිඳට ඇන්දෙව්වෙමි. දිනක් නබිතුමා නුඹ ඇයි එම "කුබ්තිය්යාහ් " ව නො අඳින්නේ කියා ඇසුවේ ය. එයට මම අල්ලාහ්ගේ දූතයාණනි එය මම මගේ බිරිඳට ඇන්දෙව්වෙමි, කියා පැවසුවේමි. එයට ඔහු: ඇයට නුඹ එයත් සමඟ අභ්‍යන්තර ඇඳුමක් අඳින ලෙස පවසන්න, මන්දයත් ඇගේ ශරීර හැඩය එයින් පිටතට පෙනේවි යැයි මම බියවන්නෙමි. යැයි පැවසුවේය. (අහමද් 21786).

සුවඳ දුම් හෝ සුවඳ විලවුන් නොගැලවිය යුතු ය.

දේව දූතයාණෝ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) මෙසේ පැවසූහ: 'ඕනෑ ම කාන්තාවක් සුවඳ විලවුන් ගලවාගෙන මිනිසුන් පසුකර යන අතර ඔවුන්ට ඇගේ සුවඳ දැනෙයි නම්, ඇය ගණිකාවකි." (අන් නසායි : 5126)

පිරිමි ඇඳුම්වලට සමාන නොවිය යුතු ය.

ඉබ්නු අබ්බාස් තුමා (ඔහුට අල්ලාහ්ගේ තෘප්තිය හිමි වේවා!) වාර්තා කරයි: අල්ලාහ්ගේ දූතයා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) ස්ත්‍රීන් අනුකරණය කරන පිරිමින්ට සහ පිරිමින් අනුකරණය කරන ස්ත්‍රීන්ට ශාප කළේය. (බුහාරි 5885)

දේව ප්‍රතික්ෂේපිකාවන්ගේ ඇඳුමට සමාන නොවිය යුතු ය.

මුස්ලිම්වරුන්ට (පිරිමින්ට හෝ කාන්තාවන්ට) ප්‍රතික්ෂේපකයින්ගේ නමස්කාර, උත්සව, හෝ ඔවුන්ටම ආවේණික ඇඳුම් ආයිත්තම් අනුකරණය කිරීම අනුමත කළ නොහැකි බව ඉස්ලාමයේ තහවුරු වී ඇත. නබි තුමාණෝ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) මෙසේ පැවසූහ: "කවරෙකු සමාජයක් අනුකරණය කරන්නේ ද, ඔහු ඔවුන්ගෙන් කෙනෙකි." (අබූ දාවුද් 4031)

කීර් තිය අරමුණු කරගත් ඇඳුමක් නොවිය යුතු ය.

"යමෙක් මෙලොව දී කීර් තිමත් ඇඳුමක් ඇඳ සිටීද, අල්ලාහ් ඔහුට නැවත නැඟිටීමේ දිනයේදී නින්දා සහගත වස්ත්‍රයක් පළඳවා, පසුව ඔහුව ගිනිබත් කර දමන්නේය." (ඉබ්නු මාජා 3607). කීර්තිමත් ඇඳුම යනු: එය මිනිසුන් අතර ප්‍රසිද්ධ වීමට අදහස් කරන ඕනෑම ඇඳුමක් වේ.

මුස්ලිම් කාන්තාවක් නිවසින් පිටවන විට හෝ ඇයගේ මහරම් හැර වෙනත් පිරිමින් ඉදිරියේ සිටින විට ඇයගේ ඇඳුමට අදාළ සුවිශේෂී පෙර කොන්දේසි වේ. ඇයගේ මහරම්වරුන් ඉදිරියේ හෝ වෙනත් කාන්තාවන් හමුවීමේ දී මෙම කොන්දේසි පිළිපැදීම ඇයට අනිවාර්ය නොවේ.මෙම අවස්ථාවේ දී, ඇයට සුවඳ විලවුන් ගැලවීම සහ යම් පාලනයන් සහිතව යම් සැරසිලි පෙන්වීමට අවසර ඇත.

අලංකාරය ඉස්මතු කරමින් සැරසීම.

කාන්තාවක් අජ්නබි (විවාහයට අනුමත) පිරිමීන් ඉදිරිපිට අනිවාර් යෙන් සැඟවිය යුතු ආභරණ සහ ආකර්ශනීය බව පෙවීමයි.

අවට සිටින්නන් සැලකිල්ලට ගනිමින් මුස්ලිම් කාන්තාවකගේ ඇඳුම

١
අජ්නබි (විවාහ වීමට හැකි) (මහ්රම් නොවන) ඉදිරිපිට ඇගේ ඇඳුම.
٢
ඇගේ පිරිමි මහ්රම් (විවාහ වීමට නොහැකි සමීප ඥාතීන්) ඉදිරිපිට ඇගේ ඇඳුම.
٣
අනෙක් මුස්ලිම් කාන්තාවන් ඉදිරියේ ඇගේ ඇඳුම.
٤
පුස්තක ලැබූවන් වන ක්‍රිස්තියානි හා යුදෙව් කාන්තාවන් ඉදිරිපිට ඇගේ ඇඳුම.

අජ්නබි (විවාහ වීමට හැකි) (මහ්රම් නොවන) ඉදිරිපිට මුස්ලිම් කාන්තා ඇඳුම.

එය සර්වබලධාරී අල්ලාහ් සහ ඔහුගේ දූතයාණෝ (ඔහුට ශාන්තිය හා සමාදානය අත් වේවා!) අණ කළ ආගමානුකූල වැස්ම (හිජාබ්) වන අතර එහි කොන්දේසි පෙර සඳහන් කර ඇත.

මුස්ලිම්වරියකගේ පිරිමි මහ්රම් (විවාහ වීමට නොහැකි සමීප ඥාතීන්) ඉදිරිපිට ඇගේ ඇඳුම.

බොහෝ විට පිටතට පෙනෙන කොටස් හැර මුළු සිරුර ම ආවරණය කිරීම ඇයට අනිවාර්ය වේ. නිදසුන් ලෙස: බෙල්ල, හිස කෙස්, පාද දෙකට අමතරව මුහුණ සහ මැණික් කටුවට පහළ අල්ල කොටස මෙයට අදාළ වේ. උතරිතර අල්ලාහ් ප්‍රකාශ කරයි: "තවද දේවත්වය විශ්වාස කරන කාන්තාවන්හට ඔවුන්ගේ බැල්ම පහත හෙළන මෙන් ද ඔවුන්ගේ ලිංගේන්ද්‍රියන් ආරක්ෂා කරන මෙන් ද ඔවුන්ගේ අලංකාරයන් එහි මතු පිටින් පෙනෙන දෑ හැර වෙනෙකක් හෙළි නොකරන මෙන් ද ඔවුන්ගේ ළැම මතට ඔවුන්ගේ මොට්ටැක්කිලිය දමන මෙන් ද නුඹ පවසනු. තවද ඔවුන්ගේ අලංකාරය ඔවුන්ගේ ස්වාමිපුරුෂයින්ට හෝ ඔවුන්ගේ පියවරුන්ට හෝ ඔවුන්ගේ ස්වාමිපුරුෂයින්ගේ පියවරුන්ට හෝ ඔවුන්ගේ දරුවන්ට හෝ ඔවුන්ගේ ස්වාමිපුරුෂයින්ගේ දරුවන්ට හෝ ඔවුන්ගේ සහෝදරයින්ට හෝ ඔවුන්ගේ සහෝදරයින්ගේ දරුවන්ට හෝ ඔවුන්ගේ කාන්තාවන්ට හෝ ඔවුන්ගේ දකුණත් හිමිකරගත් අයට හෝ පිරිමින් අතරින් කාමාශාවකින් තොර ව උපස්ථාන කරන්නන්ට හෝ ස්ත්‍රීන්ගේ රහස්‍ය පෙදෙස් ගැන වැටහීමක් නැති දරුවන්ට මිස වෙනත් කිසිවකුට හෙළි නොකළ යුතු ය. තවද ඔවුන්ගේ අලංකාරයෙන් ඔවුන් සඟවන දෑ දන්වා සිටිනු පිණිස ඔවුන්ගේ පාද (පොළවෙහි) නොගැසිය යුතු ය. තවද අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! නුඹලා ජය ලැබිය හැකි වනු පිණිස නුඹලා සියල්ල පශ්චාත්තාප වී අල්ලාහ් වෙත නැඹුරු වනු යැයි (නබිවරය!) නුඹ පවසනු." (අන් නූර් : 31)

අනෙක් මුස්ලිම් කාන්තාවන් ඉදිරියේ මුස්ලිම් කාන්තාවකගේ ඇඳුම.

ඇයට තම මහරම් අය ඉදිරිපිට මෙන් බොහෝ විට පිටතට පෙනෙන කොටස් හැර මුළු සිරුරම ආවරණය කිරීම ඇයට අනිවාර්ය වේ. නිදසුන් ලෙස: බෙල්ල, හිස කෙස්, පාද දෙකට අමතරව මුහුණ සහ මැණික් කටුවට පහළ අල්ල කොටස මෙයට අදාළ වේ. උතරිතර අල්ලාහ් ප්‍රකාශ කරයි: "තවද දේවත්වය විශ්වාස කරන කාන්තාවන්හට ඔවුන්ගේ බැල්ම පහත හෙළන මෙන් ද ඔවුන්ගේ ලිංගේන්ද්‍රියන් ආරක්ෂා කරන මෙන්ද ඔවුන්ගේ අලංකාරයන් එහි මතු පිටින් පෙනෙන දෑ හැර වෙනෙකක් හෙළි නොකරන මෙන් ද ඔවුන්ගේ ළැම මතට ඔවුන්ගේ මොට්ටැක්කිලිය දමන මෙන් ද නුඹ පවසනු. තවද ඔවුන්ගේ අලංකාරය ඔවුන්ගේ ස්වාමිපුරුෂයින්ට හෝ ඔවුන්ගේ පියවරුන්ට හෝ ඔවුන්ගේ ස්වාමිපුරුෂයින්ගේ පියවරුන්ට හෝ ඔවුන්ගේ දරුවන්ට හෝ ඔවුන්ගේ ස්වාමිපුරුෂයින්ගේ දරුවන්ට හෝ ඔවුන්ගේ සහෝදරයින්ට හෝ ඔවුන්ගේ සහෝදරයින්ගේ දරුවන්ට හෝ ඔවුන්ගේ කාන්තාවන්ට මිස වෙනත් කිසිවකුට හෙළි නොකළ යුතුය." (අන් නිසා : 31). "ඔවුන්ගේ කාන්තාවන්ට" යනු: මුස්ලිම්වරියන් ය.

පුස්තක ලැබූවන් වන ක්‍රිස්තියානි හා යුදෙව් කාන්තාවන් ඉදිරිපිට මුස්ලිම්වරියගේ ඇඳුම.

(මුස්ලිම් කාන්තාවන් ඉදිරියේ මෙන්) බොහෝ විට පිටතට පෙනෙන කොටස් හැර මුළු සිරුර ම ආවරණය කිරීම ඇයට අනිවාර්ය වේ. නිදසුන් ලෙස: බෙල්ල, හිස කෙස්, පාද දෙක. ඒ මන්දයත් පුස්තක ලැබූවන් වන ක්‍රිස්තියානි හා යුදෙව් කාන්තාවන් විශ්වසවන්තයින්ගේ මව්වරුන් හමු වූහ. නමුත් ඔවුන් ඉදිරියේ හිජබය පළදින මෙන් නබි තුමා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) ඔවුන්ට අණ කළ බවට වාර්තා වී නොමැත.

අනුමැතිය සහ තහනම අනුව කාන්තා ඇඳුම් සහ සැරසිලි අංග.

١
අවසර ලත් ඇඳුම් සහ සැරසිලි.
٢
සතුටු දායක ඇඳුම් සහ සැරසිලි.
٣
තහනම් ඇඳුම් සහ සැරසිලි.

අවසර ලත් කාන්තා ඇඳුම් සහ සැරසිලි

ඇඳුම් පැළඳුම් හා සැරසිලිවල මූලික නීතිය අවසරය වන අතර, දහම තහනම් කරන දේ හැර එයින් කිසිදු ව්‍යතිරේකයක් සිදු නොවේ. එබැවින් කාන්තාවකට සියලු වර් ගයේ ඇඳුම්, සියලු වර් ණ හා රෙදි වර් ග ඇඳීමට සහ ස්වර්ණාභරණ, සුවඳ විලවුන් සහ ආලේපන වැනි සියලු ම අවසර ලත් සැරසිලි වලින් සැරසීමට අවසර ඇත. නමුත් කොන්දේසි ලෙස එයින් ඇයට හානියක් නොවිය යුතු ය, එමෙන් ම ඇය එයින් දේව ප්‍රතික්ෂේප කරන කාන්තාවන් අනුකරණය නොකළ යුතු යි, එම නිෂ්පාදනය සඳහා තහනම් ද්‍රව්‍ය භාවිත නො කළ යුතු යි. උදාහරණයක් ලෙස, ඌරු තෙල් වැනි දෑ.

සතුටු දායක ඇඳුම් සහ සැරසිලි.

එයින් අදහස් කරන්නේ දහමේ ප්‍රිය යැයි සඳහන් කරන සෑම දෙයක් මෙන් ම කාන්තාවක් තම ස්වාමිපුරුෂයා සතුටු කිරීමට සහ ඔහුට ආදරය කිරීමට අඳින පළඳින සෑම දෙයක් ම ය. නමුත් කොන්දේසිය වනුයේ එය තහනම් කර නොමැති වීමයි.

තහනම් ඇඳුම් සහ සැරසිලි.

එයින් අදහස් කරණු ලබන්නේ දහමේ තහනම් කර ඇති සහ අනතුරු ඇඟවූ සියලු ම ඇඳුම් පැළඳුම්, සැරසිලි ය. එනම් දහම එය තහනම් කර තිබේ ද, නැතහොත් නීතිමය විධිවිධානවල පිළිපැදීමට අණ කර ඇති දෑ සමඟ එය ප්‍රතිවිරුද්ධ යන්නයි.නිදසුන් ලෙස යුදෙව්වන් සහ ක්‍රිස්තියානීන් අනුකරණය නොකිරීම, පිරිමීන් අනුකරණය නොකිරීම වැනි දෑ ය.

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.