දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම ඉස්ලාමයේ පසු උරුමය.

මෙම පාඩමෙන් අපි ඉස්ලාමයේ පසු උරුම ක්‍රමයේ සමහර ලක්ෂණ ගැන ඉගෙන ගනිමු.

  • ඉස්ලාමයේ පසු උරුම නිතී සුවිශේෂී වන්නේ කුමක් නිසාදැයි ඉගෙන ගැනීම.
  • පසු උරුමයේ කුළුණු සහ එහි කොන්දේසි පිළිබඳ දැන ගැනීම.
  • ඒකමතිකව අනුමත පිරිමි සහ කාන්තා පසු උරුමකරුවන් හඳුනා ගැනීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

පසු උරුමය යනු අතීතයේ සහ වර්තමානයේ ජාතීන් විසින් අනුගමනය කරන ලද ගෝලීය මානව ක්‍රමයකි, මන්ද එය වස්තු තණ්හාව හා දේපළ පසුපස හඹා යාමේ මානව සහජ බුද්ධියට ගැලපෙන නිසාත් මියගිය පුද්ගලයාගේ මරණයෙන් පසු ඔහුගේ ධනය පරිහරණය කිරීමේ ගැටලුව විසඳන බැවිනි.

ඉස්ලාමීය නීතියේ පසු උරුමය පිළිබඳ විධිවිධාන; උරුමක්කාරයන්, උරුමක්කාරයාගේ තත්ත්වය සම්බන්ධයෙන්, සහ ඔවුන් එක් එක් කෙනාගේ කොටස; සම්පූර්ණ හා අද්විතීය පද්ධතියකට සම්බන්ධ බොහෝ විස්තර සමඟ කටයුතු කිරීම මගින් කැපී පෙනුණි. ඉස්ලාමයේ උරුම ක්‍රමයේ වැඩිදුර වාසි අතර, උරුමක්කාරයාගේ ඥාතීන් අතර ගැටුම් ඇතිවීමට හේතු විසඳීම දැක්විය හැකිය; ඇයිද යත් සර්ව බලධාරී අල්ලාහ්ගේ අණ පරිදි උරුමය ඔවුන් අතර බෙදා හැර ඇති බව උරුමක්කාරයන් දැන ගන්නේ නම්, ඔවුන්ගේ සිත් සන්සුන් වන අතර එම බෙදීමෙන් ඔවුන් සෑහීමකට පත්වේ. එහි ඇති වාසි අතර තවෙකක් වනුයේ: සියලු උරුමක්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමයි. එනම් දේපළ බෙදීම පුද්ගල අභිමතයට හෝ උත්සහයන් සඳහා විවෘත නො වීම නිසා ඔවුන් කැමති අයට ලබා නොදීමට සහ ඔවුන් කැමති අයට ලබා දීමට නො හැකි වනු ඇත. එසේ වීම, ආරවුල් සහ භේදයට හේතුවක් වනු ඇත.

පසු උරුමයේ කුළුණු

١
අල් මුවර්රිස් : උරුමය හැර යන පුද්ගලයා
٢
අල් වාරිස් : පසු උරුමකරුවා
٣
අල් මව්රූස් / අත් තරිකා : උරුම දේපළ

අල් මුවර්රිස් : උරුමය හැර යන පුද්ගලයා

ඔහු පසු උරුමය සඳහා දේපළ හැරගිය මියගිය (හෝ මළගිය කාණ්ඩයෙහි ලා සැළකෙන) පුද්ගලයා ය.

අල් වාරිස් : පසු උරුමකරුවා

ඔහු පසු උරුමය ලැබීමට කුමන හෝ ආකාරයකින් සුදුසුකම් ලබන මුවර්රිස් ට පසු ජිවත්ව සිටි (හෝ ජීවී කාණ්ඩයෙ හි ලා සැළකෙන) පුද්ගලයා ය.

අල් මව්රූස් : උරුම දේපළ

මෙය අත් තරිකා, අල් මීරාස් හා අල් ඉර්ස් ලෙසද හැඳින්වේ. එය මුවර්රිස් අතහැර යන පසු උරුමය ලෙස බෙදෙන මුදල්, දේපළ සහ හිමිකම් වේ.

පසු උරුමයේ කොන්දේසි

١
මුවර්රිස්ගේ මරණය තහවුරු වීම හෝ නීතියෙන් ඔහු මිය ගිය පුද්ගලයෙක් වීම: නිදසුනක් ලෙස අතුරුදහන් වූ පුද්ගලයෙකු සම්බන්දයෙන් විනිශ්චයකාරවරයෙකු ඔහුහේ මරණය තීන්දු කිරීම. හෝ කලලයට එරෙහි අපරාධයක් සම්බන්ධයෙන් ගෙවිය යුතු ඇපයක් වන "ගුර්රාව" අවශ්‍ය අපරාධයක් හේතුවෙන් මවගෙන් වෙන් වූ කලලයක් වැනි ඇස්තමේන්තුවක්.
٢
මුවර්රිස් මියයන අවස්තාවේ වාරිස් ජිවත්ව සිටි බව තහවුරු වීම හෝ ජිවත්ව සිටි බව ඇස්තමේන්තු කිරීම. නිදසුන් ලෙස ස්ථීර පැවැත්මක් තුළ ජීවත්වන ගැබ් ගැනීමක් මෙන්, මියගිය පුද්ගලයා උරුමයක් හැර යන විට, කලලයේ පැවැත්ම තහවුරු වීම. (එනම්, මිය යන විට, ගර්භාෂයේ ජීවත්ව සිටින කලලය පවා පසු උරුමය ලැබීමට සුදුසුකම් ලබයි.)
٣
ඥාතිත්වය, විවාහය හෝ ස්වාමිත්වය වැනි උරුම වීමට හේතුව පිළිබඳ දැනුම.

දේපල බෙදා දීමේ අනුපිළිවෙල

١
මියගිය පුද්ගලයා භූමදානය සඳහා සූදානම් කිරීම.
٢
ඔහුගේ ණය ගෙවීම.
٣
ඔහුගේ අවසාන කැමති ඉටු කිරීම.
٤
උරුමක්කාරයන් අතර ඔහුගේ දේපළ බෙදීම.

ඉස්ලාමීය නීතියේ උරුමය පිළිබඳ නිතීවල සුවිශේෂී ගුණාංග.

١
එය සර්වබලධාරී අල්ලාහ් ලබාදුන් දෙයකි. ඔහු ඔහුගේ මැවීම ගැන හා ඔවුන් නිවැරදි දේ කරා යොමු කරන්නේ කුමක්ද සහ ඔවුන්ට යහපත කුමක්ද යන්න දන්නා වේ. "(සියල්ල) මැවූ ඔහු නොදන්නේද? ඔහු සියුම් ඥානීය; අභිඥානවන්ත ය." (අල් මුල්ක් : 14)
٢
තම බූදලය තමාට අවශ්‍ය පරිදි බෙදා දීමේ අයිතිය මුවර්රිස්ට ලබා දී නොමැත. මක්නිසාද යත් ඇතැම් විට ඔහු ඔහුගේ අභිමතය පරිදි කටයුතු කළ හැකි සහ අසීමිත ආශාවකට යටත් විය හැකි නිසා වෙනි. මෙනිසා ඔහු සුදුස්සන්ගෙන් ඇතැමෙකුට ලැබීම වැළැක්වීම හෝ සාධාරණීකරණයකින් තොරව අන් අයට අනුග්‍රහය දැක්විය හැකිය.
٣
දේපළ සඳහා විශාල පිරිසක් සම්බන්ධ කරගෙන සම්පත් බෙදා දීම නිසා සම්පත් සීමිත පිරිසක් අතර පමණක් රැස්වීම වැළැක්වීම.
٤
පවුලේ බොහෝ දෙනෙකුට උරුමය සාධාරණ ලෙස බෙදා දීමෙන් පවුලේ සමගිය, එකමුතුකම සහ සාමාජිකයන් අතර සහයෝගීතාවය පවත්වා ගැනීම.
٥
ඔවුන්ගේ උරුමයේ කොටසෙහි ඔවුන් අතර උස්‌ පහත බව තීරණයකිරීමේ දී උරුමක්කාරයින්ගේ අවශ්‍යතාව සැලකිල්ලට ගැනීම. දැරියගේ කොටස ඇගේ සහෝදරයාගේ කොටස මෙන් අඩක් බව අපට පෙනී යයි, මන්ද ඇගේ සහෝදරයාට ඔහුගේ නිවසේ වියදම් කිරීමේ වගකීම සතු වන අතර ඒ සඳහා ඔහුට මුදල් අවශ්‍ය වේ. නමුත් දැරියට ඇගේ වියදම් වෙන කෙනෙකු විසින් කරණු ලැබේ. උරුමයේ දී වාරිස්වරුන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගෙන පංගුවේ විවිධ මට්ටම් පැවතීම. මෙහිදී අප දකින දෙයක් නම් දියණියගේ කොටස ඇගේ සහෝදරයාට වඩා අඩක් බවයි. එයට හේතුව ඇගේ සහෝදරයා ඔහුගේ නිවසට වියදම් කිරීමේ වගකීම දරන අතර ඒ හේතුවෙන් ඔහුට මුදල් අවශ්‍ය වන අතර ඔහුගේ සහෝදරියගේ වියදම් වෙනත් අය විසින් බලා ගන්නා බැවිනි.
٦
ඥාතිත්වයේ මට්ටම සැලකිල්ලට ගනිමින් වාරිස්වරුන් අතර ප්‍රමුඛතා අනුපිළිවල සැකසීම. වාරිස් සහ මුවර්රිස් අතර ප්‍රතිලාබ සම්බන්ධය හේතු කොට ගෙන සීයාට වඩා පියාටත් , ආච්චිට වඩා මවටත් ප්‍රමුඛත්වය ලබා දෙන ලදී.
٧
ඉස්ලාමීය ක්‍රමයේ දී දේපළ බෙදීම බලාත්මක කළ යුතු අතර අනිවාර්යද කළ යුතුය. මුවර්රිස්ට ඔහුගේ වාරිස්වරුන්ගෙන් කිසිවෙකුට දේපළ යෑම වැළැක්වීමට අයිතිය නොමැත.

පුරුෂ වාරිස්වරුන්

ඒකමතිකව එකඟ වූ පරිදි උරුම වූ පුරුෂ වාරිස්වරුන් දස දෙනෙක් වෙති. ඔවුන් කෙටියෙන්: පුතා, පසුව පුතාගේ පුතා සහ පහළට; පියා, පසුව සීයා සහ ඉහළට; සහෝදරයා, පසුව සහෝදරයාගේ පුතා, මාමා, පසුව මාමාගේ පුතා, ස්වාමිපුරුෂයා සහ නිදහස් දාසයා.

ස්ත්‍රී වාරිස්වරියන්

ඒකමතිකව එකඟ වූ පරිදි උරුම වූ ස්ත්‍රී වාරිස්වරියන් හත් දෙනෙක් වෙති. ඔවුන් කෙටියෙන්: දුව, පුතාගේ දුව, සහ පහළට, මව, ආච්චි සහ ඉහළ, සහෝදරිය, බිරිඳ සහ නිදහස් වහල් කාන්තාව.

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.