වත්මන් කොටස: model:
පාඩම සූරතුල් ෆාතිහාවෙහි අර්ථ විවරණය
ෆාතිහා පරිච්ඡේදය පාරායනය කිරීම වනාහි සලාතයේ ඉතා වැදගත් කුලුණකි. එය නැතිව සලාතය වලංගු නො වේ.
"අල්හම්දු ලිල්ලාහි" මම දෙවිඳාණන්ගේ සියලු ගුණාංග, ක්‍රියාවන් සහ බාහිර හා අභ්‍යන්තර ආශිර්වාද සමඟ, උන් වහන්සේ කෙරෙහි ප්‍රේමයෙන් හා ගෞරවයෙන් ප්‍රශංසා කරමි. තවද "රබ්" යනු මැවුම්කරු, හිමිකරු, හසුරන්නා සහ ආශිර්වාද කරන්නා වේ යන්නයි. "අල් ආලමීන්" යනු සර්වබලධාරී දෙවියන් හැර මිනිසුන්, ජින්, දේවදූතයන්, සතුන් යනාදී සියල්ලන් ය.
"අර් රහ්මානිර් රහීම්" යනු අල්ලාහ්ගේ උතුම් නාමයන් දෙකකි. අර් රහ්මාන් යනු සියල්ලෙහි ව්‍යාප්තව පවතින පොදු කරුණාවක් ඇත්තා ය යන්නයි. "අර් රහීම්" යනු දේවත්වය විශ්වාස කළවුන් වෙත පමණක් ලැබෙන අයුරින් කරුණාව දක්වන්නාය යන්නයි.
"මාලිකි යව්මිද්දීන්" යනු කුලිය ලබා දීමේ සහ ගණනය කිරීමේ දිනයේ පාලනය හිමි රජු ය යන්නයි. මෙයින් මුස්ලිම්වරයාට අවසාන දිනය පිළිබඳ සිහිපත් කිරීමක් සහ දැහැමි ක්‍රියාවන් පිළිබඳ දිරි ගැන්වීමක් නිරූපණය වේ.
"ඉයියාක නඃබුදු වඉයියාක නස්තඊන්" යනු අපි ඔබට පමණක් නැමදුම් කරන්නෙමු. යම් හෝ නැමදුමක නුඹ සමඟ තවත් කෙනෙකුව මුසු නො කරන්නෙමු. අපේ සියලු කටයුතු පිළිබඳ නුඹෙන් ම අපි උදවු ඉල්ලා සිටින්නෙමු. සියලු කරුණු ඔබ සතු ය. එයින් අංශුවක් තරම් හෝ අයිතියක් අන් කිසිවෙකු සතුව නැත.
"ඉහ්දිනස් සිරාතල් මුස්තකීම්" ඍජූ මාර්ගය අපට පෙන්වනු මැනව! ඒ වෙත මඟ පෙන්වනු මැන! ඒ සඳහා භාග්‍ය හිමි කර දෙනු මැන! අප ඔබව හමුවන තෙක් එහි ම ස්ථීරව අපව තබනු මැනව! "සිරාතල් මුස්තකීම්" යනු අල්ලාහ්ගේ තෘප්තිය සහ ඔහුගේ ස්වර්ගය වෙත මග පෙන්වන පැහැදිලි ඉස්ලාම් දහම වේ. අවසන් ධර්ම දූතයාණන් වූ මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමාණන් විසින් දැනුවත් කළේ ද ඒ දහම වෙතය. එම දහමෙහි ස්ථීරව රැඳී සිටීමෙන් මිස අන් කිසි අයුරකින් හෝ සතුට සඳහා මාර්ගයක් ගැත්තෙකුට සොයා ගත නො හැකි ය.
"සිරාතල්ලදීන අන්අම්ත අලෙයිහිම්" සත්‍ය දැන එය අනුගමන කළා වූ ධර්ම දූතවරුන් හා යහපත් දනන් අතරින් නුඹ ආශිර්වාද කළ අයගේ මාර්ගය අපට පෙන්වනු මැනව යන්න එහි අර්ථ විවරණයයි. "ඝයිරිල් මඝ්ලූබි අලෙයිහිම්" එමෙන් ම ඔබේ කෝපයට ලක් වූ අයගේ මාර්ගයෙන් අපව මුදවා එයින් අපව දුරස් කරනු මැනව! මන්ද ඔවුන් සත්‍ය දැන ඒ අනුව කටයුතු නො කළ අය වෙති."වලළ් ළාල්ලීන්" නොමඟ ගියවුන්ගේ මාර්ගයෙන් ද අපව දුරස් කරනු මැනව! ඔවුන් කවරහුදයත් ඔවුන්ගේ අඥානකම හේතුවෙන් සත්‍ය වෙත මඟ නො ලැබූ අය වෙති.
اختر مستوى الشرح المناسب لك
يحتوي الدرس الآن على طبقات اختيارية تساعدك على المراجعة السريعة أو التعمق دون مغادرة الدرس.
- الملخص: نظرة سريعة في نحو دقيقة.
- الأساسي: محتوى الدرس الأصلي وهو المسار المعتمد للتقدم.
- المتعمق: تفاصيل إضافية اختيارية عند توفرها.
تقدمك وإكمال الدرس يعتمدان دائما على صفحات المستوى الأساسي.