දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම සලාතය තුළ බියබැතිමත්කම

සලාතය තුළ බියබැතිමත්කම වනාහි එය සලාතයෙහි පදනම සහ වඩාත්ම වැදගත් ලක්ෂණයයි. මෙම ඒකකය තුළ, අපි බියබැතිමත්කම යන්නෙහි අර්ථය සහ ඒ සඳහා වන මාධ්‍යය පිළිබඳව ඉගෙන ගනිමු.

  • සලාතය තුළ බියබැතිමත්කම අර්ථය පිළිබඳ දැනුවත් වීම.
  • බියබැතිමත්කම සඳහා වන මාධ්‍යයන් පිළිබඳ දැනුවත් වීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

සලාතය තුළ බියබැතිමත්කම

එය සලාතයේ යථාර්ථය සහ එහි සාරය වන අතර, එයින් අදහස් කරන්නේ දෙවිඳාණන් ඉදිරියෙහි සලාතය ඉටු කරන්නාගේ හදවත යටහත් පහත් ලෙස තබා ගැනීම ය. එමෙන්ම එහි අන්තර්ගත පාඨවල සහ අල්කුර්ආන් වැකි හා ප්‍රාර්ථනාවන් පවසන දෑ සිහියට ගැනීම ය.

සලාතය තුළ බියබැතිමත්කම වනාහි ඉතාශ්‍රේෂ්ඨ නැමදුමකි. ශුද්ධ වූ අල්කුර්ආනයෙහි උත්තරීතර අල්ලාහ් ඒ ගැන තහවුුරු කළේ එබැවිනි. "දෙවිඳා පිළිබඳ විශ්වාසය ඇත්තෝ සැබැවින් ම ජය ලැබුවෝ ය. ඔවුහු වනාහි ඔවුන්ගේ සලාතයේ දී බිය බැතිමතුන් වෙති." (අල් මුඃමිනූන් 1-2)

කවරෙකු සලාතය තුළ බියබැතිමත් ලෙස කටයුතු කළේද ඔහු සැබැවින් ම නැමදුමෙහි හා දේව විශ්වාසයෙහි සාරය හා එහි රුචිය හඳුනා ගනු ඇත. "මාගේ නෙත් සිසිළ මාගේ සලාතය තුළ ඇති කරන ලදි" යැයි නබි (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ. (අන් නසාඊ 3940) නෙත් සිසිල යනු සතුට, ප්‍රිතිය, සන්සුන්කම හා රුචිය යන්න වේ.

සලාතයේ බියබැතිමත්කම සඳහා වන මාධ්‍යයන්

1. සලාතය සඳහා සූදානම් වීම

එය මෙසේ සිදු විය යුුතුයි. පිරිමින් වේලාසනින් ‍දේවස්ථානය වෙත පැමිණීම, සලාතයට පෙර වූ සුන්නාහ් ඉටු කිරීම, සුදුසු සහ අලංකාර ඇඳුම් ඇඳීම සහ ගෞරවයෙන් හා සන්සුන්ව සලාතය වෙත පැමණීම.

2. සලාතයෙන් වෙනතකට යොමු කරන සියලු ම දෑ ඉවත් කිරීම.

ඔහු ඉදිරියෙහි රූප, වෙනත් බාධා කිරීම් හෝ තමාව වෙනතකට යොමු කරවන ශබ්ද ඇසෙන විට හෝ සලාතය ඉටු නො කළ යුතුයි. වැසිකිළි අවශ්‍යතා තිබුණේ නම් හෝ කෑම බීම ඉදිරියේ කුසගින්නෙන් හෝ පිපාසයෙන් සිටින විට සලාතය වෙත නො පැමිණිය යුතුයි. තවද මේ සියල්ල සලාතය ඉටු කරන්නාගේ මනස නිරවුල් කර ගැනීමටත්, තමා වෙතට පැමිණෙන මහා කාරණාව වන ඔහුගේ සලාතය සහ ඔහුගේ ස්වාමියා වෙත කරන ආයාචනය ගැන කල්පනාකාරී වීම සඳහා ඉදිරිපත් කෙරෙන කරුණු ය.

සලාතයේ සන්සුන්කම

ධර්ම දූතයාණන් තම සලාතයේ රුකූඋ හා සුජූද් අවස්ථාවල සියලු ඉන්ද්‍රින් ඒ ඒ තැන්වලට පැමිණ අවසන් වන තුරු සන්සුන්ව කටයුතු කරනු ඇත. එමෙන්ම සලාතය නිවැරදිව නො කළ අයෙකුට සම්පූර්ණ සලාතයෙහි ම සන්සුන් ව කටයුතු කරන මෙන් නියෝග කළහ. එමෙන් ම එතුමාණන් වේගය තහනම් කළ අතර එය කපුටෙකුගේ කෙටීමට සමාන කළේ ය.

තවද නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ: " 'සොරකම් කරන තැනැත්තන් අතරින් නරක ම තැනැත්තා කවරහුදයත් සලාතයේ සොරකම් කරන තැනැත්තා ය.' 'එවිට අහෝ නබිතුමණි! කෙනෙකු සලාතයේ සොරකම් කරන්නේ කෙසේ ද?' යනුවෙන් එතැන් සිටි අය විමසුවෝ ය. 'ඔහු රුකූඋ හා සුජූද් සම්පූර්ණ නො කරනු ඇත' යනුවෙන් එතුමාණන් පිළිතුරු දුන්හ." (අහ්මද් 22642) කවරෙකු සලාතයෙහි සන්සුන් ව කටයතු නො කරයි ද ඔහුට එහි බියබැතිමත්කමින් කටයුතු කළ නො හැකි ය. මන්ද වේගය බියබැතිමත්කම පහ කරනු ඇත. කපුටකුගේ කෙටීම මෙන් වේගයෙන් හැසිරීම මඟින් කුලිය ද පහ වී යනු ඇත.

තමන් කවරෙකු ඉදිරියෙහි සිටින්නේ ද ඔහුගේ ඉමහත්භාවය සිත තුළ ගෙන ඒම

ඔහු මැවුම්කරුගේ ශ්‍රේෂ්ඨත්වය සහ තේජස, සහ තමාගේ දුර්වලකම හා නින්දාව සිහිපත් කළ යුතුයි, ඔහු තම ස්වාමියා ඉදිරියෙහි සිට ගෙන, උන් වහන්සේට කන්නලව් කරමින්, යටත්ව ඔහුව කැඳවිය යුතුයි. තවද, ඔහු දෙවිඳාණන් ඇදහිලිවන්තයන් සඳහා පරලොව දී සූදානම් කර ඇති දේ සහ බහුදේවවාදීන් සඳහා ඔහු සූදානම් කර ඇති දේ සිහිපත් කළ යුතුයි, එමෙන් ම ඔහු පරලොව දෙවියන් ඉදිරියේ තම පිහිටීම කෙසේ වේ දැයි එහි දී සිහිපත් කළ යුතුයි.

සලාතය ඉටු කරන්නා අල්ලාහේගේ මහිමය සිහිපත් කරන්නේ නම්, ඔහුගේ සිහිපත් කිරීමේ ප්‍රමාණයට අනුව සැබැවින් ම අල්ලාහ් ඔහුට සවන් දී, ඔහුට ලබා දී ඔහුට පිළිතුරු දෙන්නේ ය. තවද ඔහු "තව ද නුඹලා ඉවසීමෙන් හා සලාතය ඉටු කිරීමෙන් උදව් පතනු. සැබැවින් ම එය (සලාතය) දේව බියෙන් යටහත් වන්නන් ට හැර සෙසු අය ට බැරෑරුම් ය. ඔවුහු කවරහු ද යත් සැබැවින් ම තමන් තම පරමාධිපති ව මුණ ගැසෙන්නන් බවත් තව ද සැබැවින් ම තමන් ඔහු වෙත නැවත යොමු වන්නන් බවත් වටහා ගනිති." යනුවෙන් දෙවිඳාණන් ප්‍රශංසා කළ ඒ අය තුළට ඇතුළු වීමට ආසන්න වේ.

කියවන ලද වැකි සහ සෙසු සලාතයේ පාඨ පිළිබඳ හොඳින් පරිශීලනය කර ඒවා සමඟ මුසු වීම

අල් කුර්ආනය පහළ වූයේ පරිශීලනය කිරීම සඳහා ය. ඒ බව මෙසේ සඳහන් වේ: "(මෙය) ඔබ වෙත අපි පහළ කළ භාග්‍යමත් පුස්තකයයි. ඔවුන් එහි වදන් පරිශීලනය කරනු පිණිසත් බුද්ධිය ඇත්තන් මෙනෙහි කරනු පිණිසත් (අපි එය පහළ කළෙමු.)" (සාද් 29)

පරිශීලනයක යෙදෙන්නේ කෙසේ ද?

පරිශීලනයක් යෙදිය හැක්කේ එහි පාරායනා කරනු ලබන දෑහි අර්ථය හොඳින් අවබෝධ කීරීමෙනි. ඒ වදන් හි සැබෑව හා යථාර්ථය පිළිබඳ කල්පනා කළ හැකි වන්නේ ඉන් අනතුරුවයි. බියබැතිමත්කම, ගෞරවය, යටත් වීම ඉන් පසු ව ඇති වේ. ඒ හේතුවෙන් ඇතැම් විට ඔහුගේ ඇස්වලින් කඳුළු වැගිරෙන්නට පටන් ගනී. නිසැකව ම ඔහු සවන් දෙන සියලු වදන්වලින් යම් බලපෑමක් ඔහු තුළ ඇති වේ. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත: "තවද ඔවුහු වනාහි ඔවුන්ගේ පරමාධිපතිගේ වදන් මෙනෙහි කරනු ලබන විට බිහිරි බවින් හෝ අන්ධ බවින් හෝ ඒ මත නො වැටෙති." (අල් ෆුර්කාන් 73)

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.