වත්මන් කොටස: model:
පාඩම මගියා හා රෝගියාගේ සලාතය
මුස්ලිම්වරයෙකුට ඔහු මනසින් සහ විඥානයෙන් සිටින තාක් කල් ඔහුගේ සියලු තත්වයන් තුළ සලාතය අනිවාර්ය වේ. ඉස්ලාමය රෝගය සහ ගමන්බිමන් ඇතුළු ව මිනිසුන්ගේ විවිධ තත්වයන් සහ අවශ්‍යතා සැලකිල්ලට ගනී.
ගමනේ නිරත ව සිටිය දී හෝ එක් තැනක දින හතරකට අඩු කාලයක් තාවකාලිකව රැඳී සිටින කාලයේ දී මගියා විසින් රක්අත් හතරකින් සමන්විත සලාතයන් දෙකට කෙටි කර ඉටු කිරීම සුන්නාහ් වේ. ඒ අනුව ඔහු ළුහර්, අසර් සහ ඉෂා සලාතයන් රකආත් හතරක් වෙනුවට රකආත් දෙකක් ඉටු කරයි. ඔහු ගමක පදිංචි ඉමාම්වරයකු සමඟ එක්ව ඒවා ඉටු කරන්නේ නම්, ඔහු ඔහුගේ සලාතයේ දී ඔහුව අනුගමනය කරන අතර ඔහු මෙන් රකආත් හතරක් ඉටු කරයි.
සුනන් අර් රවාතිබ් හෙවත් අනිවාර්ය සලාතයන් හා බැඳි සුන්නත් සලාතයන් මගියකු විසින් ඉටු කිරීමට අවශ්‍ය නැත. ෆජ්ර් සලාතයේ සුන්නත් සලාතය හැර. එය ඔහුට ඉටු කළ හැකි ය. තවද විත්ර් හා අළුයම සලාතය ද පවත්වා ගෙන යාමට අනුමැතිය ඇත.
අල්ලාහ්ගෙන් වූ සහනයක් ලෙස ද ඔහුගේ දයාව හේතුවෙන් අපහසුතාවයෙන් මිදීමක් ලෙස, විශේෂයෙන් ඔහුගේ ගමනෙහි සහ ගමන අතරවාරයේ, ළුහර් සහ අස්ර් අතර ද, මග්‍රිබ් සහ ඉෂා අතර ද ඒවායින් එක් සලාතයක වේලාවේ දී ඒවා ඒකාබද්ධ කිරීමට ඔහුට අවසර ඇත.
නැගී සිටීමට නොහැකි වූ හෝ හිටගෙන සිටීම ඔහුට අපහසු වූ හෝ නැගී සිටීම ප්‍රතිකාර සඳහා බාධාවක් වූ රෝගී පුද්ගලයා වෙනුවෙන් සලාතයේ සිටගෙන සිටීම අත්හැර දමනු ලැබේ. ඔහු අසුන් ගෙන සලාතය ඉටු කරයි. ඒ අයුරින් සලාතය ඉටු කිරීමටත් ඔහුට නොහැකි නම් ඔහු පැත්තකට ඇල වී සලාතය ඉටු කරයි. නබි(සල්)තුමාණන් මෙසේ වදාළහ: "ඔබ සිටගෙන සලාතය කරන්න.ඔබට නොහැකි නම් අසුන් ගෙන සලාතය කරන්න. එයටත් ඔබට නොහැකි නම් ඇල වී සලාතය ඉටු කරන්න". (බුහාරි 1066)
රෝගියාගේ සලාතයට ආවේනික වූ විධිවිදාන කිහිපයක්.
اختر مستوى الشرح المناسب لك
يحتوي الدرس الآن على طبقات اختيارية تساعدك على المراجعة السريعة أو التعمق دون مغادرة الدرس.
- الملخص: نظرة سريعة في نحو دقيقة.
- الأساسي: محتوى الدرس الأصلي وهو المسار المعتمد للتقدم.
- المتعمق: تفاصيل إضافية اختيارية عند توفرها.
تقدمك وإكمال الدرس يعتمدان دائما على صفحات المستوى الأساسي.