දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම ශීත සෘතුව‍, සලාතය, උපවාසය

ශීත ඍතුවේ දී, සර්වබලධාරි දෙවියන් වහන්සේට සමීප වීමට විශාල අවස්ථාවන් තිබේ. මෙම පාඩමේදී, ඔබ මෙම අවස්ථා කිහිපයක් ගැනසහ ශීත ඍතුවේ දී සලාතය හා සම්බන්ධ සමහර විධිවිධාන ඉගෙන ගනු ඇත,

  • ශීත ඍතුවේ දී සලාතය ඉටු කිරීම හා සම්බන්ධ කරුණු දැන ගැනීම.
  • සර්වබලධාරි දෙවියන් වහන්සේට සමීප වීමට හැකි අවස්ථාවන් පිළිබඳ දැන ගැනීම

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

ශීත සෘතුවේ අධික සීතල තත්ත්වයක අදාන් ඇරයුම

අධික සීතල සහිත ශීත කාළගුණික තත්වයක මදක් සලකා බැලිය යුතුයි. එනම් එම සීතල තත්ත්වය සලාතය සඳහා ජනයින් නිවසින් පිටව පැමිණීම නොවළක්වන්නේ නම් අදාන් ඇරයුම එසේම පවතී.

සාමාන්‍ය ජනතාවට පිටතට යාම ඉතා අපහසු වන අයුරින් සීතල ඉතා දරුණු වූයේ නම් මුඅද්දින් නොහොත් ඇරයුම් කරන පුද්ගලයා අදාන් හි: අලා සල්ලූ ෆී රිහාලිකුම්, අස් සලාතු ෆිර් රිහාල්, සල්ලූ ෆී බුයූතිකුම් යන වදන් තම ඇරයුමට එකතු කරයි. එයින් අදහස් වන්නේ මස්ජිදය වෙත නොපැමිණ තම තමන්ගේ නිවෙස් හි ම සලාතය ඉටු කරන්න යන්නයි.

ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමාණන් ළජ්නාන් (මක්කාවට යාබද ව පිහිටි කන්ඳක නමින් හඳුන්වන) ප්‍රදේශයෙහි සීතල රාත්‍රියක සල්ලූ ෆී රිහාලිකුම් (නිවෙස් වල සිට සලාතය ඉටු කරන්න) යනුවෙන් ඇරයුම් කළහ. සීත රාත්‍රයක හෝ ගමනක ඇති වන වැසි තත්ත්වයක නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ඇරයුම් කරන පුද්ගලයාට ඇරයුම් කරන ලෙස පවසා ඒ ඇරයුමෙහි අවසාන කොටසෙහි අලා සල්ලූ ෆිර් රිහාල් (නිවෙස් වල සිට සලාතය ඉටු කරන්න) යනුවෙන් පවසන ලෙස අණ කළේය. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

උණූසුම ලබා දෙන යන්ත්‍රයක් හෝ ගින්නක් ඇති දිශාව වෙත මුහුණලා සලාතය ඉටු කිරීම

මිනිසුන් ශීත සෘතුවේ දී ගින්දර දල්වා ගනිති. ඇතැම් අවස්ථාවල එය කිබ්ලා දිශාවට වන අයුරින් පවතිනු ඇත. එනමුත් ගින්නෙහි දිශාව වෙත යොමු වී සලාතය ඉටු නොකිරීම වඩා හොඳය, ගින්නට නමස්කාර කරන අය අනුකරණය කිරීමෙන් වැළකීම සඳාහායි එසේ කරනුයේ. එමෙන්ම, එය සලාතය ඉටු කරන්නාගේ අවධානය ද වෙනතකට යොමු කරන නිසා ය. එනමුත් උණුසුම ලබා ගැනීමට ගින්දර අත්‍යාවශ්‍ය නම් හෝ ස්ථානය වෙනස් කිරීමට අපහසු නම් හෝ ඒ වෙතට යොමු වී සලාතය ඉටු කිරීමෙන් කිසිදු වරදක් නැත.

-

සලාතයන් දෙකක් එකට එකතු කිරීම

සලාතයන් දෙකක් එකට එකතු කිරීම වනාහි සුදුසු හේතූන් මත ළුහර් සලාතය අසර් සලාතය සමඟත් මග්රිබ් සලාතය ඉෂා සලාතය සමඟත් එකට එකතු කර සලාත් දෙකින් එක් වේලාවක සලාත් දෙකම ඉටු කිරීමයි. එය ප්‍රථම සලාතයේ වේලාවෙහි සලාත් දෙකම ඉටු කළ ද නැතහොත් දෙවන සලාතයේ වේලාවෙහි සලාත් දෙකම ඉටු කළ ද කම් නැත.

ශීත සෘතුවේ දී සලාතය එකට එකතු කර ඉටු කිරීමට අවසර ඇති එමෙන්ම ශීත සෘතුවෙහි බහුලව දක්නට ලැබෙන සුදුසු හේතුන් අතර වර්ෂාව ද එකකි. සීතල තද සුළඟ, අධි සීතල, මාර්ග අවහිර කරමින් පවතින හිම හෝ -තාර නොදැමූ ස්ථානවල- පාරවල් පුරවමින් පවතින මඩ යනාදිය ද සුදුසු හේතූන් බව ඇතැම් විද්වතුන් වැඩිදුර පවසා ඇත.

-

-

කාන්තාවන්, රෝගීන් හෝ සාමූහිකව සලාතය ඉටු කිරීමට මැලිකමක් දක්වන අය වැනි සාමූහිකව සලාතය නොකරන අය ගත් කළ ඔවුන් සලාතයන් දෙකක් එකට එකතු කර ඉටු කිරීමේ අවශ්‍යතාවක් ඔවුනට නොමැති හෙයින් ඔවුන් එකට එකතු කර සලාතය ඉටු නොකරයි. ඔවුන් නියමිත සලාතයන් සුදුසු වේලාවට ඉටු කිරීම අවශ්‍ය වේ. එලෙසම, දෙවන සලාතය ආරම්භ වීමට පෙර නියමිත හේතුව පහ වී ගියේ නම් සලාතය එකට එකතු කර ඉටු කිරීමට නොහැක.

සලාතය එකට එකතු කර ඉටු කිරීමේදී එක් අදානයක් හා සෑම සලාතයක් සඳහාම ඉකාමත් පැවසිය යුතුයි. සුන්නත් සලාතයන් මෙන්ම සලාතයට පසු කිව යුතු දික්ර් සියල්ල සලාතයන් දෙක අවසන් කළ පසු කළ යුතුයි.

මුස්ලිම් දේවස්ථාන ගණනාවක සලාතයන් එකට එකතු කිරීමට අවසර දෙන හේතු පිළිබඳ මතභේද ඇති වේ. නීතිය වන්නේ ඉමාම් වගකිව යුත්තාය. එබැවින් ඔහුට ඒ පිළිබඳ දැනුමක් තිබේ නම් ඔහු අධ්‍යයනය කරනු ඇත, නැතහොත් ඥානවන්තයන්ගෙන් උපදෙස් ලබා ගනී. එකට එකතු කිරීමේ අදහස එතරම් සුදුසු යැයි ඔහුට නොසිතුනේ නම් එකට එකතු කර සලාතය ඉටු කළ නොහැකි වන අතර දේවස්ටථානයට පැමිණෙන අය ඒ පිළිබඳ ආරවුල් ඇති කර නොගත යුතුයි.

ශීත සෘතුව, අළුයම් සලාතය හා උපවාසය

ඇතැම වාර්තා වල මෙසේ සඳහන් වේ: ශීත සෘතුව විශ්වාස කළ අයෙකුගේ වසන්ත කාලයයි. එහි රාත්‍රිය දීර්ඝ ය. එහි ඔහු නැමදුමෙහි යොමු වේ. එහි දවාල කෙටිය. එහි ඔහු උපවාසයේ නිරත වේ. විශ්වාස කළ අයෙකු නැමදුම් උද්‍යානවල සැරිසරන බැවින් මෙම ශීත සෘතුව වසන්ත කාලය යනුවෙන් හඳුන්වනු ලැබීය. මන්ද ශීත කාලයේ දවල් වරුවෙහි තිබහක හෝ දීර්ඝ වේලාවක අපහසුතාව නොමැතිව උපවාසයේ නියැලීමට ඔහුට හැකි වනවාක් මෙන් ම රාත්‍රී කාලයේ සලාතය සහ නින්ද යන දෙකම එකට එකතු කර සිදු කිරීමට ඔහු හැකි වේ.

“ශීත ෂෘතුවේ උපවාසයේ නියැලීම පහසු ගොදුරක්” යැයි ඇතැම් වාර්තා වල සඳහන් වේ. උමර් (රළි) මෙසේ පැවසූහ:“ශීත සෘතුව යනු වන්දනාකරුවන්ගේ ගොදුරයි”.

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.