වත්මන් කොටස: model:
පාඩම ශීත සෘතුව, සලාතය, උපවාසය
අධික සීතල සහිත ශීත කාළගුණික තත්වයක මදක් සලකා බැලිය යුතුයි. එනම් එම සීතල තත්ත්වය සලාතය සඳහා ජනයින් නිවසින් පිටව පැමිණීම නොවළක්වන්නේ නම් අදාන් ඇරයුම එසේම පවතී.
මිනිසුන් ශීත සෘතුවේ දී ගින්දර දල්වා ගනිති. ඇතැම් අවස්ථාවල එය කිබ්ලා දිශාවට වන අයුරින් පවතිනු ඇත. එනමුත් ගින්නෙහි දිශාව වෙත යොමු වී සලාතය ඉටු නොකිරීම වඩා හොඳය, ගින්නට නමස්කාර කරන අය අනුකරණය කිරීමෙන් වැළකීම සඳාහායි එසේ කරනුයේ. එමෙන්ම, එය සලාතය ඉටු කරන්නාගේ අවධානය ද වෙනතකට යොමු කරන නිසා ය. එනමුත් උණුසුම ලබා ගැනීමට ගින්දර අත්‍යාවශ්‍ය නම් හෝ ස්ථානය වෙනස් කිරීමට අපහසු නම් හෝ ඒ වෙතට යොමු වී සලාතය ඉටු කිරීමෙන් කිසිදු වරදක් නැත.
-
සලාතයන් දෙකක් එකට එකතු කිරීම
ශීත සෘතුවේ දී සලාතය එකට එකතු කර ඉටු කිරීමට අවසර ඇති එමෙන්ම ශීත සෘතුවෙහි බහුලව දක්නට ලැබෙන සුදුසු හේතුන් අතර වර්ෂාව ද එකකි. සීතල තද සුළඟ, අධි සීතල, මාර්ග අවහිර කරමින් පවතින හිම හෝ -තාර නොදැමූ ස්ථානවල- පාරවල් පුරවමින් පවතින මඩ යනාදිය ද සුදුසු හේතූන් බව ඇතැම් විද්වතුන් වැඩිදුර පවසා ඇත.
-
කාන්තාවන්, රෝගීන් හෝ සාමූහිකව සලාතය ඉටු කිරීමට මැලිකමක් දක්වන අය වැනි සාමූහිකව සලාතය නොකරන අය ගත් කළ ඔවුන් සලාතයන් දෙකක් එකට එකතු කර ඉටු කිරීමේ අවශ්‍යතාවක් ඔවුනට නොමැති හෙයින් ඔවුන් එකට එකතු කර සලාතය ඉටු නොකරයි. ඔවුන් නියමිත සලාතයන් සුදුසු වේලාවට ඉටු කිරීම අවශ්‍ය වේ. එලෙසම, දෙවන සලාතය ආරම්භ වීමට පෙර නියමිත හේතුව පහ වී ගියේ නම් සලාතය එකට එකතු කර ඉටු කිරීමට නොහැක.
සලාතය එකට එකතු කර ඉටු කිරීමේදී එක් අදානයක් හා සෑම සලාතයක් සඳහාම ඉකාමත් පැවසිය යුතුයි. සුන්නත් සලාතයන් මෙන්ම සලාතයට පසු කිව යුතු දික්ර් සියල්ල සලාතයන් දෙක අවසන් කළ පසු කළ යුතුයි.
මුස්ලිම් දේවස්ථාන ගණනාවක සලාතයන් එකට එකතු කිරීමට අවසර දෙන හේතු පිළිබඳ මතභේද ඇති වේ. නීතිය වන්නේ ඉමාම් වගකිව යුත්තාය. එබැවින් ඔහුට ඒ පිළිබඳ දැනුමක් තිබේ නම් ඔහු අධ්‍යයනය කරනු ඇත, නැතහොත් ඥානවන්තයන්ගෙන් උපදෙස් ලබා ගනී. එකට එකතු කිරීමේ අදහස එතරම් සුදුසු යැයි ඔහුට නොසිතුනේ නම් එකට එකතු කර සලාතය ඉටු කළ නොහැකි වන අතර දේවස්ටථානයට පැමිණෙන අය ඒ පිළිබඳ ආරවුල් ඇති කර නොගත යුතුයි.
ඇතැම වාර්තා වල මෙසේ සඳහන් වේ: ශීත සෘතුව විශ්වාස කළ අයෙකුගේ වසන්ත කාලයයි. එහි රාත්‍රිය දීර්ඝ ය. එහි ඔහු නැමදුමෙහි යොමු වේ. එහි දවාල කෙටිය. එහි ඔහු උපවාසයේ නිරත වේ. විශ්වාස කළ අයෙකු නැමදුම් උද්‍යානවල සැරිසරන බැවින් මෙම ශීත සෘතුව වසන්ත කාලය යනුවෙන් හඳුන්වනු ලැබීය. මන්ද ශීත කාලයේ දවල් වරුවෙහි තිබහක හෝ දීර්ඝ වේලාවක අපහසුතාව නොමැතිව උපවාසයේ නියැලීමට ඔහුට හැකි වනවාක් මෙන් ම රාත්‍රී කාලයේ සලාතය සහ නින්ද යන දෙකම එකට එකතු කර සිදු කිරීමට ඔහු හැකි වේ.
“ශීත ෂෘතුවේ උපවාසයේ නියැලීම පහසු ගොදුරක්” යැයි ඇතැම් වාර්තා වල සඳහන් වේ. උමර් (රළි) මෙසේ පැවසූහ:“ශීත සෘතුව යනු වන්දනාකරුවන්ගේ ගොදුරයි”.