දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම "මුහම්මද් නබිතුමාණන් අල්ලාහ්ගේ දූතයා වේ" යනුවෙන් සාක්ෂි දැරීම යන්නනෙහි අර්ථය

"මුහම්මද් නබිතුමාණන් අල්ලාහ්ගේ දූතයා වේ" යනුවෙන් සාක්ෂි දැරීම සාක්ෂි දැරීම් දෙකෙන් දෙවෙනි කොන්දේසිය වන අතර මෙම පාඩමේදී, ඔබ එහි තේරුම සහ එහි ඇති දේ ඉගෙන ගනු ඇත.

"මුහම්මද් නබිතුමාණන් අල්ලාහ්ගේ දූතයා වේ" යනුවෙන් සාක්ෂි දැරීමේ පාඨය හඳුනාගැනීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

"මුහම්මද් නබිතුමාණන් අල්ලාහ්ගේ දූතයා වේ" යනුවෙන් සාක්ෂි දැරීම යන්නනෙහි අර්ථය

එහි අර්ථය නම් එතුමා දන්වපු පුවත් විශ්වාස කිරීම, එතුමාගේ අණට කීකරු වීම සහ එතුමා විසින් තහනම් කළ දැයින් ඉවත් වීම වේ. එමෙන් ම එතුමා විසින් අපට නියම කර අපට ඉගැන්වූ දේ අනුව අල්ලාහ්ට නමස්කාර කිරීම ද වේ. මෙයට පහත සඳහන් දෑ ඇතුළත් වේ:

1- එතුමා විසින් දන්වන ලැබූ සෑම අංශයක ම පුවත් විශ්වාස කිරීම යන මාතෘකාව යටතේ පහත සඳහන් කරුණු අඩංඟු වේ.

١
අදෘශ්‍යමාන කරුණු හා අවසන් දින, ස්වර්ගය හා එහි සෞභාග්‍ය, නරකාදිය හා එහි දුර්භාග්‍ය යනාදී කරුණු
٢
අවසන් දින හා බැඳී සිදුවීම්, එහි සලකුණු හා අවසාන කාලවකවානුව තුළ සිදුවන කරුණු
٣
පැරැන්නන්ගේ හා අතීතයේ වැජබූ සමාජ පිළිබඳ ඉතිහාස කතා සහ වක්තෘවරුන් අතර සහ ඔවුනොවුන්ගේ ජනතාව අතර සිදු වූ කරුණු

2- එතුමාගේ අණට කීකරු වීම සහ එතුමා විසින් තහනම් කළ දැයින් ඉවත් වීම යන කරුණ තුළ පහත සඳහන් කරුණු ද ඇතුළත් වේ.

١
එතුමා අපට අණ කළ දෑට කීකරු වීම සහ එතුමා යමක් කථා කළේ නම් එය හුදු අල්ලාහ්ගෙන් වූ දිව්‍යමය හෙළිදරව්වක් හරහා මිස සිය මනෝඉච්ඡාවෙන් කතා නො කරන බව අපි විශ්වාස කළ යුතුයි. උත්තරීතර අල්ලාහ් මෙසේ සඳහන් කරයි: "කවරෙකු රසූල්වරයාට අවනත වන්නේ ද, සැබැවින් ම ඔහු අල්ලාහ්ට අවනත විය." (අන් නිසා: 80)
٢
එතුමාණන් තහනම් කළ අයහපත් ගතිපැවතුම් හා අපරාධකාරී හැසීරීම්වලින් ඉවත් වීම. එවැනි කරුණුවලින් ඉවත් ව සිටින්නැයි අවවාද කිරීමට හේතුව යම් හෝ අල්ලාහ් අභිමත කළ සියුම් හේතුවක් නිසා හා අපේ යහපත උදෙසා ය. ඇතැම් විට එම සියුම් හේතුව අපට අවබෝධ කර ගැනීමට නොහැකි වූව ද එය අපගේ යහපත උදෙසාය යනුවෙන් අප විශ්වාස කළ යුතු ය.
٣
එතුමාණන් ඔහු වෙත හෙළිදරව් කරනු ලබන වහී ‌(හෙළිදරව්ව) මිස සිය මනෝ ඉච්චාවට අනුව කතා‌ ‌නො කරන බව අපගේ විශ්වාසයයි. උත්තරීතර අල්ලාහ් මෙසේ සඳහන් කරයි: "අල්ලාහ් ට හා ඔහුගේ දූතයාණන් ට ඔබ සියළු දෙනා අවනත වන්න. එමඟින් නුඹලා කරුණාවට පාත්‍ර විය හැකි ය." (ආලු ඉම්රාන්: 132)
٤
කවරෙකු හෝ නබිතුමාණන්ගේ අණට පටහැනිව හා විරුද්ධ ව කටයුතු කරන්නේ ද වේදනාකාරී දඬුවමට ඔහු සුදුස්සකු වන බව අපේ විශ්වාසයි. ඒ බව උත්තරීතර අල්ලාහ් මෙසේ සඳහන් කරයි: "ඔහුගේ අණට විරුද්ධවන්නන් ඔවුනට අර්බුධයක් ඇති වීම ගැන හෝ ඔවුනට වේදනීය දඬුවමක් ඇති වීම ගැන ප්‍රවේශම් විය යුතුයි." (අන් නූර්: 63)

එතුමා විසින් අපට නියම කළ ආකාරයෙන් මිස අල්ලාහ්ට නැමදුම් නො කළ යුතුයි යන කාරණය ගත් කළ තහවුරු කළ යුතු යම් කරුණු කාරණා කිහිපයක් ඒ තුළ අඩංගු වේ.

එතුමා ව ආදර්ශයක් ලෙස ගැනීම

නබි (සල්) තුමාණන්ගේ ක්‍රියාවන්, ප්‍රකාශයන්, අනුමත කිරීම් යනාදී කරුණු ඇතුළුව එතුමාගේ සම්පූර්ණ ජීවන රටාව එතුමාගේ මඟපෙන්වීම් හා දිවිපෙවත වනාහි අප ජීවිතය හා බැඳුණු කරුණු සියල්ල සඳහා වූ ආදර්ශයකි. දාසයකු තම පරමාධිපතියාණන් වන අල්ලාහ් වෙත සමීප වී ඔහු අභියස වූ උසස්වීම් ප්‍රගුණ කළ හැකි වන්නේ නබි (සල්) තුමාණන්ගේ ජීවන රටාව ආදර්ශයට ගැනීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය අනුවයි. උත්තරීතර අල්ලාහ් මෙසේ සඳහන් කරයි: "අහෝ නබිවරය! ඔබ මෙසේ පවසන්න: 'ඔබ අල්ලාහ්ට ප්‍රිය කරන්නේ නම් මා අනුගමනය කරන්න. එවිට අල්ලාහ් ඔබ ව ප්‍රිය කරනු ඇත. එමෙන් ම ඔබගේ පාපයන් සඳහා සමාව දෙනු ඇත. තවද අල්ලාහ් ක්ෂමාෂීලීය, අසමසම කරුණාන්විත ය.' " (ආලු ඉම්රාන්: 31)

ධර්මය පරිපූර්ණයි

සැබැවින් ම අල්ලාහ්ගේ දූත මුහම්මද්තුමාණන් විසින් කිසිදු අඩුවක් හෝ දෝෂයක් නොමැතිව මෙම දහම හා එහි නීතිරීති සියල්ල තම සමූහය වෙත සම්පූර්ණ ලෙස දැනුම් දෙන ලදී. එබැවින් එතුමාණන් අප හට ධර්මානුගත නො කළ යම් හෝ වන්දනාවක් අලුතින් බිහි කිරීමට කිසිවකුටත් අනුමැතිය නැත.

අල්ලාහ්ගේ දහම සෑම අවස්ථාවකට ම සහ සෑම ස්ථානයකට ම වලංගු වේ.

අල්ලාහ්ගේ ග්‍රන්ථයේ සහ ඔහුගේ දූතයාණන්ගේ සුන්නාවෙහි ඇති ආගමික නීති සියල්ල ම සෑම අවස්ථාවකට ම හා සෑම ස්ථානයකට ම වලංගු වන අතර, මිනිසාගේ සුභසාධනයන් පිළිබඳ මිනිසා කිසිවක් වශයෙන් හෝ නො සිටි අවස්ථාවෙන් මවා ඔහු ව නිර්මාණය කළ අල්ලාහ් මිස අන් අය වඩාත් දැනුවත් නො වේ.

නබිතුමාගේ ජීවන රටාවට එකඟවීම

අප විසින් සිදු කරන වන්දනාමාන වලංගු වීමට නම්: අල්ලාහ් වෙනුවෙන් වූ පිවිතුරු චේතනාව හා අල්ලාහ්ගේ දූතයාණන් අප හට ආගමානුගත කළ ආකාරයට එම වන්දනාව සිදු කිරීම යන කොන්දේසි දෙක අනිවාර්ය වේ. උත්තරීතර අල්ලාහ් මෙසේ සඳහන් කරයි: "එහෙයින් කවරෙකු තම පරමාධිපතිගේ හමු ව අපේක්ෂා කරන්නේ ද ඔහු දැහැමි ක්‍රියාවන් සිදු කරත්වා. තම පරමාධිපතිට ගැතිකම් කිරීමෙන් කිසිවකු ආදේශ නො කරත්වා." (අල්කහ්ෆ්: 110) දැහැමි යන්නෙහි අදහස නිවැරදි හා නබිතුමාගේ ක්‍රමයට එකඟව යන්නයි.

අලුතින් යම් ධාර්මික කරුණක් ඇති කිරීම තහනම්

නබිතුමාණන්ගේ ජීවන රටාවේ නොමැති යම් හෝ වන්දනාමානයක් හෝ ධාර්මික ක්‍රියාකාරකමක් අලුතින් බිහි කර එ තුළින් අල්ලාහ්ට වන්දනාමාන කිරීමට අපේක්ෂා කළේ නම්, උදාහරණයක් ලෙස සලාතයේ අනුමත ක්‍රමය හැරෙන්නට වෙනත් ආකාරයකින් සලාතය ඉටු කිරීමේ ක්‍රමයක් කවුරුන් විසින් හෝ හඳුන්වාදුන්නේ නම් මොහු නබිතුමාණන්ගේ අණට විරුද්ධ වූ පුද්ගලයකු වනු ඇති අතර ඔහුගේ එම ක්‍රියාව අවලංගු වී යනු ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත: "ඔහුගේ අණට විරුද්ධවන්නන් ඔවුනට අර්බුදයක් ඇති වීම ගැන හෝ ඔවුනට වේදනීය දඬුවමක් ඇති වීම ගැන ප්‍රවේශම් විය යුතු ය." (අන්නූර්:63) තවද නබි (සල්) තුමාණන් විසින් මෙසේ වාර්තා කරන ලදී: "අපගේ කරුණෙහි එනම් දහමෙහි කවරෙකු හෝ යම් නූතන දෙයක් ගෙන එන්නේ ද එය අවලංගු වේ." (මූලාශ්‍රය: බුහාරි:2550/ මුස්ලිම්:1718)

නබිතුමාණන් කෙරෙහි ආදරය

සියල්ලට වඩා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් තමන් වෙත ප්‍රියමනාප අයවලුන් වීම වනාහි නබිතුමාණන් පිළිබඳ විශ්වාස සඳහා වූ අනිවාර්ය කරුණු අතුරින් එකකි.

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.