වත්මන් කොටස: model:
පාඩම අවසන් දිනය පිළිබඳ විශ්වාස කිරීම.
අවසන් දිනය පිළිබඳ විශ්වාස කිරීම යනු කුමක් ද?
මරණින් මතු ව මිනිසුන් නැගිටුවනු ලබන බවත් පසු ව ඔවුන්ගෙන් මෙලොව දිවියේ දී සිදු කළ ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රශ්න කරනු ලබන බවත් පසු ව ඔවුන්ගේ කල්ක්‍රියාව අනුව යහපත් උදවිය ස්වර්ගයට පිවිසෙන බවත් අයහපත් උදවිය නිරයට පිවිසෙන බවත් තරයේ විශ්වාස කිරීම ය. අවසන් දිනය පිළිබඳ විශ්වාස කිරීම අර්කානුල් ඊමාන් හෙවත් විශ්වාසයේ මූලිකාංග හා කුළුණුවලින් එකකි. එයින් තොර ව විශ්වාසය පරිපූර්ණ නො වේ. මේ පිළිබඳ ව උතුම් අල් කුර්ආනයේ මෙසේ සඳහන් ය. “නමුත් යහපත වන්නේ උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් හා අවසන් දිනය පිළිබඳ විශ්වාස කිරීම ය.” (සූරා අල් බකරා - 177)
අවසන් දිනය යනු කුමක් ද?
අවසන් දිනය (යව්මුල් ආහිර්) යනු ලොව සිටින සියලු ම මිනිසුන් මරණයට පත් වීමෙන් අනතුරු ව, ඔවුහු නැවත නැගිටුවනු ලබන දිනය යි. එහි දී ඔවුන්ගේ කල්ක්‍රියාව පිළිබඳ ප්‍රශ්න කරනු ලැබෙන් අතර, ඔවුන්ගේ යහක්‍රියා අනුව ස්වර්ගයට හෝ නිරයට පිවිසීම සිදු වේ. එයට අවසන් දිනය (යව්මුල් ආහිර්) යනුවෙන් නම් ලැබී ඇත්තේ එම දිනයට පසු ව වෙනත් දිනයක් ඉතිරි වී නොමැති වීම නිසා ය. උතුම් අල් කුර්ආනයේ සහ සුන්නාවේ “යව්මුල් කියාමා, යව්මුස් සාඅහ්, යව්මුද් දීන් හා යව්මුල් ෆස්ල්” යනාදී නම් ඇතුළු ව, එම දිනය හැඳින්වෙන තවත් නම් ද සඳහන් වී ඇත.
උතුම් අල් කුර්ආනය අවසන් දිනය පිළිබඳ විශ්වාස කිරීම අවධාරණය කර ඇත්තේ මන්ද?
උතුම් අල් කුර්ආනයේ බොහෝ ස්ථානවල අවසන් දිනය පිළිබඳ විශ්වාස කිරීම අවධාරණය කරමින් ඒ කෙරෙහි අපගේ අවධානය යොමු කරවා ඇත. එමෙන් ම, බොහෝ අයුරින් අවසන් දිනයේ සත්‍යතාව තහවුරු කොට ඇති අතර බොහෝ ස්ථානවල අවසන් දිනය විශ්වාස කිරීම, උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් ව විශ්වාස කිරීම හා සම්බන්ධ කරමින් සඳහන් කර ඇත.
ඊට හේතුව, අවසන් දිනය පිළිබඳ විශ්වාස කිරීම යනු උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් පිළිබඳ හා උන්වහන්සේගේ යුක්තිසහගත භාවය හා සාධාරණත්වය පිළිබඳ විශ්වාස කිරීමෙහි අනිවාර්ය ප්‍රතිඵලයකි. එම අපට මෙසේ පැහැදිලි කරගත හැකි ය.
උත්තරීතර අල්ලාහ් දෙවිදාණෝ අයුක්තිය, අසාධාරණය කිසිසේත් ම අනුමත නො කරති. එමෙන් ම, අසාධාරණකම් කරන්නන්ට දඬුවම් නො ලැබ නිදහසේ සිටීමට ද අසාධාරණට ලක්වූවන්ට යුක්තිය ඉටු නො වීමට ද ඉඩ නො තබති. එනිසා උන්වහන්සේ යහපත් උදවියට හිමි විය යුතු ආනිශංස හා තිළිණ නො ලැබී යාමට ඉඩ නො තබන අතර සියලු ම උදවියට තම තමන්ට හිමි දෑ ලැබීමට ඉඩ සලස්වති. ජීවිත කාලය පුරාවට අන් අයට අසාධාරණකම් කොට, කිසිදු දඬුවමක් නො ලැබ නිදහස් ව ජීවත් වී මරණයට පත් වන බොහෝ දෙනෙකු ද ජීවිත කාලට පුරාවට ම අසාධාරණකම්වලට ලක් වී, අවසානයේ කිසිදු සාධාරණයක් හෝ පිහිටක් නො ලැබී ම මරණයට පත් වන බොහෝ දෙනෙකු මෙලොව අපි ඇති තරම් දැක ඇත්තෙමු. මෙවැනි සිදුවීම් සිදු වීම හා උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් අසාධාරණය අනුමත නො කරති යන්නෙහි අරුත කුමක් ද? එහි අරුත වන්නේ අපගේ මෙලොව දිවියෙන් අනතුරු ව, අසාධාරණකම් කරන්නන්ට දඬුවම් ලැබෙන හා අසාධාරණයට ලක්වූවන්ට සාධාරණයක් ඉටු වන අයුරින්, සියලු ම දෙනාට තම තමන්ට හිමි යහපත් හෝ අයහපත් ප්‍රතිපල නියත වශයෙන් ම ලැබෙන්නා වූ තවත් ජීවිතයක් ඇති බව යි.
ලෝක අවසාන දිනයේ පෙරනිමිති.
ලෝක අවසාන දිනයේ පෙරනිමිති විශ්වාස කිරීම යනු අවසන් දිනය පිළිබඳ විශ්වාස කිරීමෙහි අන්තර්ගත ප්‍රධාන කරුණකි. ලෝක අවසාන දිනයේ පෙරනිමිති යනු ලෝක අවසාන දිනය ඇති වීමට පෙර සිදු වන සිදුවීම් හා ලෝක අවසාන දිනය සමීප වූ බව හඟවන සංඥා වේ. මෙම අවසන් දිනයේ පෙරනිමිති කොටස් දෙකකට බෙදා දැක්විය හැකි ය.
1. කුඩා පෙරනිමිති
එනම් ලෝක අවසානයට පෙර විවිධ කාලවල සිදු වන සිදුවීම් ය. පාවහන් නොමැති නිර්වස්ත්‍ර දුප්පත් ගොපල්ලන් (ගම්බද අරාබිවරුන්) උසින් වැඩි ගොඩනැගිලි තරගයට ඉදි කිරීම ද ඉන් එක් පෙරනිමිත්තකි. ඒ පිළිබඳ දේව දූතයාණන්ගේ හදීසයක මෙසේ සඳහන් ය. “ජිබ්රීල්තුමාණෝ ‘අවසන් දිනය කවදා දැයි මට පවසන්න’ යැයි නබිතුමාණන්ගෙන් විමසූහ. එයට නබිතුමාණෝ ‘ප්‍රශ්න කරනු ලබන්නාට වඩා ප්‍රශ්නය අසන්නා ඒ ගැන දැනුම්වත් ය’ යැයි පැවසූහ. පසු ව ‘අවසන් දිනයේ පෙරනිමිති පිළිබඳ මට පවසන්න’ යැයි ජිබ්රීල්තුමාණෝ පැවසූහ. එයට නබිතුමාණෝ ‘වහල් කාන්තාව තම ස්වාමියා ව ප්‍රසූත කරනු ඔබ දැකීම හා පාවහන් නොමැති නිර්වස්ත්‍ර දුප්පත් ගොපල්ලන් උසින් වැඩි ගොඩනැගිලි තරගයට ඉදි කරනු ඔබ දැකීම’ යැයි පැවසූහ.” (මූලාශ්‍රය: මුස්ලිම්)
2. මහා පෙරනිමිති
එනම් ලෝක විනාශයට වඩාත් සමීප ව සිදු වන මහත් සිදුවීම් ය. එවැනි මහා පෙරනිමිති දහයක් ඇත. මේ පිළිබඳ හුදෙයිෆා බින් උසෙයිද් යන සහාබිවරයා (රළියල්ලාහු අන්හු) මෙසේ වාර්තා කොට ඇත. “අප සාකච්ජා කරමින් සිටින අවස්ථාවක දේව දූතයාණෝ පැමිණියහ. පසුව ඔබලා කුමක් පිළිබඳ සාකච්ජා කරමින් සිටින්නෙහු දැයි විමසූහ. එයට අපි අවසන් දිනය පිළිබඳ සාකච්ජා කරමින් සිටිමු යැයි පිළිතුරු දුන්නෙමු. එයට පෙර ඔබලා පෙරනිමිති දහයක් දකිනා තුරු එය සිදු නොවන්නේ ම ය යැයි පැවසූහ. පසුව ‘මහා දුමාරය, දජ්ජාල්, මහා සත්ත්වයා, සූර්යයා බටහිරින් උදා වීම, මර්යම්තුමියගේ පුත් දේව දූත ඊසාතුමාණන්ගේ සම්ප්‍රාප්තිය, යඃජූජ් මඃජූජ් කණ්ඩායම, නැගෙනහිර, බටහිර හා අරාබි අර්ධද්වීපය යන ප්‍රදේශවල චන්ද්‍ර ග්‍රහණ තුනක් සිදුවීම හා අවසාන වශයෙන් යෙමනයෙන් මහා ගින්නක් හටගෙන මිනිසුන් ව ඔවුන් ඒකාරාශී වන ස්ථානය වෙත පලවා හැරීම’ යනුවෙන් සඳහන් කළහ.” (මූලාශ්‍රය: මුස්ලිම්)
අවසන් දිනය පිළිබඳ විශ්වාස කිරීමෙහි අන්තර්ගත කරුණු මොනවා ද?
අවසන් දිනය පිළිබඳ විශ්වාස කිරීමෙහි අන්තර්ගත කරුණු බොහෝමයක් ඇත. ඒවායින් කිහිපයක් මෙසේ දැක්විය හැකි ය.
1. නැවත නැගිටුවනු ලැබීම හා ඒකරාශී කරනු ලැබීම විශ්වාස කිරීම.
එනම්, මරණින් මතු ව සියලු ම මිනිසුන්ට නැවත ප්‍රාණය ලබා දී, ඔවුන් ව මිනීවළවල්වලින් සිට නැගිටුවනු ලැබීම හා ඔවුන්ගේ ශරීරවලට හිමි ආත්මය ද නැවත ලබා දීම ය. පසු ව, ඔවුන් විශ්වයාධිපතියාණන් අබියස විනිශ්චය සඳහා ඔවුහු නැගිට සිටිති. ඉන් අනතුරු ව, ආරම්භයේ දී ඔවහු කෙසේ මවනු ලැබුවෝ ද, ඒ අයුරින් ම ඔවුහු පාවහන් නොමැති ව හා නිර්වස්ත්‍ර ව එක් ස්ථානයකට ඒකරාශී කරනු ලැබෙති. අවසන් දිනය පිළිබඳ විශ්වාස කිරීම, උතුම් අල් කුර්ආනය මෙන් ම හදීස් මඟින් ද, විචාර බුද්ධිය හා මිනිසාගේ මුල් ස්වභාවය අනුව ද තහවුරු වී ඇත. එනිසා, උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් මිනීවළවල්හි සිටින්නන් ව නැවත නැගිටුවන බවත් ආත්මයන් ඊට අදාළ ශරීරය වෙත යනු ලබන බවත් සියලු ම මිනිසුන් විශ්වයාධිපතියාණන් අබියස නැගිට සිටින බවත් අප තරයේ විශ්වාස කළ යුතු ය.
උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ මෙසේ ප්‍රකාශ කරති. “නියත වශයෙන් ම ඔබලා මරණයට පත්වන්නෝ ම ය. ඉන් අනතුරු ව, ඔබලා විනිශ්චය දිනයේ දී නැවත නැගිටුවනු ලබන්නෙහු ය.” (සූරා අල් මුඃමිනූන් - 15, 16) පෙර පහළ කරනු ලැබූ ධර්ම ග්‍රන්ථ ද මෙය තහවුරු කරයි. දේව දූතයින් මාර්ගයෙන් මිනිසුන්ට පැවරූ කටයුතුවලට අදාළ ප්‍රතිඵල ලබා දීම පිණිස විනිශ්චය දිනයක් තිබීම, මිනිසුන් මැවීම පිටුපස ඇති උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගේ පරම ඥානය වේ. මේ පිළීබඳ ව උතුම් අල් කුර්ආනයේ මෙසේ සඳහන් ය. “අප ඔබලා ව (අරමුණක් නොමැති ව) නිකරුණේ මවා ඇත්තෙමු යැයි ද ඔබලා අප වෙත නැවත නො පැමිණෙති යැයි ද ඔබලා සිතාගෙන සිටින්නෙහු ද?” (සූරා අල්මුඃමිනූන් - 115)
2. ප්‍රශ්න කරනු ලැබීම හා මිනිසුන්ගේ ක්‍රියා කිරා බලන තරාදිය පිළිබඳ විශ්වාස කිරීම.
මෙලොව ජීවත් වන විට ඉටු කළ ක්‍රියා පිළිබඳ ව නියත වශයෙන් ම උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ සියලු ම මිනිසුන්ගෙන් ප්‍රශ්න කරති. එනිසා, කවරෙකු උන්වහන්සේගේ ඒකීයත්වය විශ්වාස කරමින් උන්වහන්සේට හා දේව දූතයාණන්ට අවනත ව කටයුතු කළේ ද ඔහුගෙන් කරනු ලබන ප්‍රශ්න කිරීම ඉතා පහසු වනු ඇත. කවරෙකු උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ට ආදේශ තබමින් හා උන්වහන්සේට පිටුපා කටයුතු කළේ ද ඔහුගෙන් කරනු ලබන ප්‍රශ්න කිරීම ඉතා අසීරු වනු ඇත.
මිනිසුන්ගේ ක්‍රියා සියල්ල කිරා බලනු ලබන්නේ විශාල තරාදියකිනි. යහපත් ක්‍රියා එහි එක් පැත්තක ද අයහපත් ක්‍රියා එහි අනෙක් පැත්තෙහි ද තබනු ලැබේ. කවරෙකුගේ යහක්‍රියා ඔහුගේ අයහපත් ක්‍රියාවලට බඩා බරින් වැඩි වන්නේ ද ඔහු ස්වර්ගවැසියෙකු බවට පත් වේ. එමෙන් ම, කවරෙකුගේ අයහපත් ක්‍රියා ඔහුගේ යහක්‍රියාවලට වඩා බරින් වැඩි වන්නේ ද ඔහු නිරාවැසියෙකු බවට පත් වේ. පරමාධිපතියාණෝ කිසිවෙකුටත් කිසිදු අසාධාරණයක් සිදු නො කරති. මේ පිළිබඳ ව උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ මෙසේ ප්‍රකාශ කරති. “විනිශ්චය දිනය සඳහා සාධාරණීය තරාදියක් ම අපි තබන්නෙමු. එනිසා, කිසිදු ආත්මයකට සුළු හෝ අසාධාරණයක් කරනු නොලැබේ. (යහක්‍රියා හෝ අයහපත් ක්‍රියා) එක් අබ ඇටයක තරම් වුව ද, එය ද අපි (කිරා බැලීමට) ගෙන එන්නෙමු. ගණනය කිරීමට අපි ම ප්‍රමාණවත් ය.” (සූරා අල් අන්බියා - 47)
3. ස්වර්ගය හා නිරය
එය, උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් හා දේව දූතයාණන්ට අවනත ව කටයුතු කරන සැදැහැවත් විශ්වාසවන්තයින් සඳහා වන සදාතනික සැප සම්පත්වලින් පිරි සුන්දර නිවහනකි. සිත්සතන් පිනවන, නෙතට සිසිලසක් ගෙන දෙන සෑම ආකාරයේ ම සැප සම්පත්වලින් එය පිරී පවතී. පොළොව හා අහස් තරම් පුළුල් බවකින් යුක්ත ස්වර්ගයට පිවිසීම සඳහා සහ යහකම් කිරීම සඳහා ඉක්මන් වීමට පෙළඹවීමක් හා උනන්දු කරවීමක් වශයෙන් උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් මෙසේ ප්‍රකාශ කොට ඇත. “පරමාධිපතියාණන්ගෙන් වූ පාපක්ෂමාව වෙත ද අහස් හා මහපොළොව තරම් පුළුල් වූ ස්වර්ගය වෙත ද ඔබලා ඉක්මන් වන්න. එය (අල්ලාහ් කෙරෙහි) බැතිමත් උදවිය වෙනුවන් ම සූදානම් කොට ඇත.” (සූරා ආල ඉම්රාන් - 133)
නිරය වනාහි, උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් ව ප්‍රතික්ෂේප කරන හා උන්වහන්සේට ද දේව දූතයන්ට ද පිටුපා කටයුතු කරන උදවිය සඳහා වන සදාතනික වධහිංසාවලින් පිරි බියකරු නිවහනකි. පරිකල්පනය කළ නො හැකි අනේක විද වධහිංසාවලින් හා දඬුවම්වලින් එය පිරී පවතී. ප්‍රතික්ෂේප කරන්නන් වෙනුවෙන් සූදානම් කොට ඇති නිරය පිළිබඳ මිනිසුන්ට අනතුරු අඟවමින් උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ මෙසේ පවසති. “නිරා ගින්නට ඔබලා බිය වනු. එහි ඉන්ධන වන්නේ මිනිසුන් හා ගල් ය. එය ප්‍රතික්ෂේප කරන්නන් වෙනුවෙන් සූදානම් කොට ඇත.” (සූරා අල්බකරා - 24)
“පරමාධිපතියාණෙනි! ස්වර්ගය ද ඒ වෙත මා සමීප කරවන ප්‍රකාශ හා ක්‍රියා ද මම ඔබෙන් ඉල්ලා සිටිමි. එමෙන් ම, නිරයෙන් ද ඒ වෙත සමීප කරවන ප්‍රකාශ හා ක්‍රියාවලින් ද මම ඔබෙන් ආරක්ෂාව පතමි.”
4. මිනීවළෙහි වේදනා හා සැප සම්පත්
මරණය යනු සත්‍යයක් බව අපි විශ්වාස කරන්නෙමු. ඒ පිළිබඳ උතුම් අල් කුර්ආනයේ මෙසේ සඳහන් ය. “ඔබලා කෙරෙහි (ඔබලාගේ පරමාධිපතියාණන් විසින්) පවරනු ලැබ ඇති මලකුල් මව්ත් (නමැති මලායිකාවරයා) ඔබගේ පණ අත්පත් කරගන්නේය. පසුව, (ඔබලාට නැවත පණ දෙනු ලැබ) ඔබලාගේ පරමාධිපතියාණන් වෙත ම ඔබලා නැවත ගෙන එනු ලබන්නෙහු’ යැයි (නබිතුමනි,) ඔබ පවසන්න.” (සූරා අස්සජදා - 11) එනිසා, සියල්ලන් ම මරණයට පත් වෙති යන්නෙහි කිසිදු සැකයක් නොමැත. ස්වභාවික ව හෝ යම් අනතුරකින් හෝ කිසියම් හෝ අයුරකින් කෙනෙකු මරණයට පත් වන්නේ ද ඒ ඔහුට නියමිත ආයු කාලය අවසන් වීම නිසා ය. එනිසා, කිසිදු පුද්ගලයෙකුගේ ආයු කාලයෙහි වැඩි වීමක් හෝ අඩු වීමක් සිදු නො වේ. මේ පිළිබද ව උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් මෙසේ පවසා ඇත. “සෑම සමූහයකට ම (මරණය සඳහා) නියමිත වේලාවක් ඇත. එනිසා, ඔවුනට අදාළ වේලාව පැමිණි කල මොහහොතක් හෝ ඔවුහු ප්‍රමාද නො වෙති; ඉක්මන් නො වෙති.” (සූරා අල් අඃරාෆ් - 34) කිසියම් හෝ පුද්ගලයෙකු මරණයට පත් වන්නේ ද, ඒ මොහොතේ ම ඔහු මෙලොවින් සමුගෙන පරලොවට පිවිසෙන්නේ ය.
උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් ව ප්‍රතික්ෂේප කළ උදවිය හා උන්වහන්සේට පිටුපා කටයුතු කළ උදවිය, මිනීවළවල් තුළ වධහිංසාවට හා දඬුවමට ලක් වන බවත් විශ්වාසවන්තයින්ට හා දැහැමි උදවියට සැප සම්පත් හිමි වන බවත් දේව දූතයාණන්ගේ බොහෝ හදීස් මඟින් තහවුරු වී ඇත. එනිසා, අපගේ වගකීම වන්නේ ඒ පිළිබඳ විශ්වාස කිරීම වන අතර, එය කෙසේ සිදු විය හැකි දැයි සොයා බැලීමට වෙර දැරීම නො වේ. මන්ද යත්, අපගේ දෑසින් දැක ගත හැකි මෙම ලෞකික ලෝකය මෙන් නො ව, ඒවා ස්වර්ගය හා නිරය මෙන් අපට නො පෙනෙන, අදෘශ්‍යමාන ලෝකයක සිදු වන්නා වූ සිදුවීම් හෙයින් මිනිස් බුද්ධියට ඒ පිළිබඳ සිතා ගැනීමට හෝ අවබෝධ කරගැනීමට හැකියාවක් නොමැත. මිනිස් බුද්ධියට ඇත්තේ මෙලොව හා සම්බන්ධ කරුණු පිළිබඳ සන්සන්දනාත්මක ව සිතා බැලීමට හා තර්කානුකූල නිගමනවලට එළඹීමේ හැකියාවක් පමණි.
මිනීවළ තුළ සිදු වන්නා වූ සිදුවීම් අදෘශ්‍යමාන ලෝකය හා සම්බන්ධ කරුණක් වන බැවින් ඒවා අපගේ පංචේන්ද්‍රයන්ට ගෝචර නො වේ. එලෙස එම සිදුවීම් අපගේ පංචේනද්‍රයන්ට ගෝචර වන්නේ නම්, ගුප්ත හා අදෘශ්‍යමාන දෑ පිළිබඳ විශ්වාස කිරීමේ ඵලය ද,මිනිසාට ආගමික වගකීම් පැවරීම පිටුපස ඇති උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගේ ප්‍රඥාව ද නැති වී යනු ඇති අතර, ඔබලා අතුරින් මරණයට පත් වන උදවිය ඔබලා භූමිදානය නො කරනු ඇත. මේ පිළිබඳ ව දේව දූතයාණන් මෙසේ පවසා ඇත. “ඔබලා මරණයට පත් වන උදවිය භූමදානය කිරීමෙන් වැළකී නො සිටින්නේ නම්, මා හට ඇසෙන්නා වූ මිනීවළ තුළ ලබා දෙනු ලබන දඬුවම්හි වේදනාව, ඔබලාට ද ඇසෙන්නට සලස්වන්නැයි උත්තරීතර අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කර ඇත්තෙමි.” (මුස්ලිම් - 2868, නසාඊ - 2058) සත්ත්වයින්ට ආගමික වගකීම් පැවරී නොමැති බැවින් සත්ත්වයින්ට මිනීවළ තුළ ලබා දෙන දඬුවම්හි වේදනාවට සවන් දිය හැක. මේ පිළිබඳ උතුම් අල් කුර්ආනයෙහි මෙසේ සඳහන් ය. “(සුවිශල්) අහස් හා මහපොළොව නිර්මාණය කළා වූ ඔහු, මොවුන් වැනි උදවිය නිර්මාණය කිරීමට ශක්තිවන්තයෙක් නොවේ ද? නො එසේ ය, සැබැවින් ම සර්වඥ මැවුම්කරුවාණෝ ඔහු ම ය. ” (සූරා යාසීන් - 81)
නැවත නැගිටුවනු ලැබීම හා සම්බන්ධ උතුම් අල් කුර්ආනීය සාධක
මරණයෙන් පසු නැවත නගිටවීම සනාථ කරන බොහෝ සාදක ශුද්ධ වූ කුර්ආනයේ ඇති අතර, මෙම සාක්ෂි සමහරක් මෙසේ ය:
පෙර ආකෘතියක් හෝ නිදසුනක් හෝ නොමැති ව, ප්‍රථමයෙන් ම මිනිසා මැව්වේ උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් ය. එනිසා, මිනිසාට නැවත ප්‍රාණය ලබා දීමේ හැකියාව ද උන්වහන්සේ සතු ය. මේ පිළිබඳ ව උන්වහන්සේ මෙසේ දේශනා කරති. “පෙර ආකෘතියක් හෝ නිදසුනක් හෝ නොමැති ව, (මිනිසාගේ) මැවීම සිදු කොට, පසු ව (අවසන් දිනයේ දී) නැවත (එම මැවීම) නැවත උත්පාදනය කරන්නේ ද උන්වහන්සේ ම ය.” (සූරා අර්රූව්ම් - 27) අස්ථී දිරාපත් වූ විට නැවත ඒවාට ප්‍රාණය ලබා දීම නො පිළිගෙන එය ප්‍රතික්ෂේප කළ උදවියට පිළිතුරක් වශයෙන් උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ මෙසේ ප්‍රකාශ කරති. “මුල් වරට එය උත්පාදනය කළේ කවරෙක් ද, ඔහු ම මෙයට ද ප්‍රාණය ලබා දෙන්නේ ය. ඔහු සියලු මැවීම් පිළිබඳ සර්ව ඥානී ය.” (සූරා යාසීන් - 79).
මහපොළොව ගස්වැල්වලින් තොර අප්‍රාණික නිසරු මුඩු බිමක් ලෙස තිබිය දී, ඒ මත වර්ෂාව පතිත කොට, සියලු ම වර්ගයේ ගස්වැල් හා පැළෑටිවලින් පිරුණු හරිතවත් සාර භූමියක් ලෙස මහපොළොව ප්‍රාණවත් කිරීමට උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ට හැකි නම්, මිය ගිය මිනිසුන්ට නැවත ප්‍රාණය ලබා දීමට ද හැකි ය. මේ පිළිබඳ ව උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කොට ඇත. “තවද, අභිවෘද්ධිමත් (වැසි) ජලය අහසින් අපි පහළ කළෙමු. පසු ව එමඟින් උයන් ද නෙළනු ලබන ධාන්‍ය ද හට ගැන්වූයෙමු. තවද, එහි එකිනෙකට බැඳුණු පොකුරුවලින් යුත් උස් වූ ඉඳි ගස් ද හට ගැන්වූයෙමු. (එය) ගැත්තන්ට ආහාරයක් වශයෙන් පත් කොට, එමඟින් (වැසි ජලයෙන්) නැසී ගිය (නිසරු) ප‍්‍රදේශයක් එමගින් ප‍්‍රාණවත් (සාරවත්) කළෙමු. (මළගියවුන්ට විනිශ්චය දිනයේ ජීවය ලබා දී) නැවත නැගිටුවීම ද එලෙස ම ය.” (සූරා කාෆ් - 9,10, 11)
අතිවිශාල ඉමහත් දෑ නිර්මාණය කිරීමට හැකියාව ඇත්තෙකුට ඊට වඩා සුළු දෙයක් නිර්මාණය කිරීම යනු ඉතා පහසු කාර්යයක් යන්න ඕනෑ ම බුද්ධිමත් පුද්ගලයෙකුට අවබෝධ වේ. ඒ අනුව, උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ට අහස්, මහපොළොව, තාරකා හා ග්‍රහලෝක වැනි අතිවිශාල හා ඉමහත් දෑ නිර්මාණය කිරීමට හැකි නම්, දිරාපත් වූ අස්ථිවලට ප්‍රාණය ලබා දී නැවත් නිර්මාණය කිරීම යනු උන්වහන්සේ හට ඉතා සුළු කාර්යයකි. උතුම් අල් කුර්ආනයේ මෙසේ සඳහන් ය. “(සුවිශල්) අහස් හා මහපොළොව නිර්මාණය කළා වූ ඔහු, මොවුන් වැනි උදවිය නිර්මාණය කිරීමට ශක්තිවන්තයෙක් නො වේ ද? නො එසේ ය, සැබැවින් ම සර්වඥ මැවුම්කරුවාණෝ ඔහු ම ය. ” (සූරා යාසීන් - 81)
අවසන් දිනය පිළිබඳ විශ්වාස කිරීමේ ප්‍රයෝජන
1. අවසන් දිනය පිළිබඳ විශ්වාස කිරීම, මුස්ලිම්වරයෙකු යහක්‍රියා වෙත යොමු වීම, උත්තරීතර අල්ලාහ් කෙරෙහි බැතිමත් ව කටයුතු කිරීම යනාදී යහපත් දෑ කෙරෙහි පොළඹවන අතර ආත්මාර්ථකාමී ව හා වංක ලෙස කටයුතු කිරීමෙන් වැළකී සිටීමට උනන්දු කරවයි. අවසන් දිනය පිළිබඳ විශ්වාස කිරීම හා යහක්‍රියා ඉටු කිරීම යන කරුණු දෙක එකට සම්බන්ධ කොට සඳහන් ව ඇති වැකි උතුම් අල් කුර්ආනයේ බොහෝ ස්ථානවල සඳහන් වේ. නිදසුනක් ලෙස පහත අල් කුර්ආන් වැකි දැක්විය හැකි ය. “උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගේ දේවස්ථාන පරිපාලනය කළ යුත්තේ අවසන් දිනය පිළිබඳ විශ්වාස කරන උදවිය යි.” (සූරා අත්තව්බා - 18) “අවසන් දිනය පිළිබඳ විශ්වාස කරන උදවිය, මෙම අල් කුර්ආනය පිළිබඳ ද විශ්වාස කරන්නෝය. තව ද, ඔවුහු තම සලාතය නො කඩවා ඉටු කරති.” (සුරා අල් අන්ආම් - 92)
2. උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් වෙත සමීප වීම පිණිස යහපත් කටයුතුවල නියැලෙමින් කාලය ප්‍රයෝජනවත් කරගැනීමෙහි ලා, එකිනෙකා අතර තරගකාරී ව කටයුතු කිරීම වෙනුවට, මෙලොව කරුණු කාරණාවල හා සැප සම්පත්වල ගිලිහී සිටින උදවියට, මෙලොව දිවියෙහි යථාර්ථයත්, එය ඉතා කෙටි කාලීන දිවියක් බවත්, සදාතනික දිවිය ඇත්තේ පරලොවෙහි බවත් සිහිපත් කිරීම හා අවධාරණය කිරීම. උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් උතුම් අල් කුර්ආනයේ දේව දූතයින් පිළිබඳ ප්‍රශංසා මුඛයෙන් සඳහන් කිරීමේ දී, ඔවුන්ගේ යහක්‍රියා පිළිබඳ ද සඳහන් කොට ඇත. එහි දී, එවැනි යහක්‍රියා වෙත ඔවුන් ව යොමු කරා වූ හේතුව හා කාරණාව මෙසේ සඳහන් කර ඇත. “(පරලොව) නිවහන සිහිපත් කිරීම යන කරුණ මඟින් අපි ඔවුන් ව පිවිතුරුභාවයට පත් කළෙමු.” (සූරා සාද් - 46) එහි අදහස ඔවුන්ගේ එම යහපත් හා උසස් ක්‍රියාවලට හේතුව ඔවුන් තුළ තිබු පරලොව දිවිය පිළිබඳ සිහිපත් කිරීමේ ගුණාංගය බව යි.
උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ට හා දේව දූතයාණන්ට අවනත ව කටයුතු කිරීමේ දී සමහර මුස්ලිම්වරුන් දක්වන උදාසීනත්වය පිළිබඳ අවධාරණය කරමින් උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කරති. “පරලොව දිවියට වඩා මෙලොව දිවිය කෙරෙහි ඔබලා තෘප්තිමත් වූයෙහු ද? පරලොව හා සන්සන්දනය කිරීමේ දී මෙලොව දිවියේ සැප සම්පත් ඉතා අල්ප ය.” (සූරා අත්තව්බා - 38) මිනිසා අවසන් දිනය පිළිබඳ විශ්වාස කරන විට, මෙලොව ඇති සැප සම්පත්, ස්වර්ගයේ ඇති සැප සම්පත් සමඟ කිසිසේත් ම සැසඳිය නො හැකි බව මිනිසාට අවබෝධ වේ. තවත් කෝණයකින් බැලූ කල, නිරයේ වේදනාවෙහි එක් වරක් ගිල්ලවීමෙන් ඇති වන වේදනාවට, මෙලොව සැප සම්පත් සියල්ල ම වුව ද හිලව් නො වේ. එමෙන් ම, මෙලොව දී අල්ලාහ්ගේ මාර්ගයේ කටයුතු කිරීමේ දී අත් විඳීමට සිදු වන සියලු ම වේදනා හා අපහසුතා, පරලොව නිරයේ ඇති වේදනාවලට කිසිසේත් ම සමාන නො වේ. තවත් කෝණයකින් බැලූ කල, ස්වර්ගයේ එක් වරක් ගිල්ලවීමෙන් ලබන සැපතට, මෙලොව අත් විඳි වේදනා සියල්ල ම වුව ද හිලව් නො වේ.
3. මෙලොව තමන්ට හිමි දෑ පිළිබඳ සෑහිමට පත් වීම. එනිසා, මෙලොව තමන්ට හිමි විය යුතු සැප සම්පත්වලින් යමක් තමන්ට අහිමි වූ විට, ඔහු ඒ පිළිබඳ දුක් නො වන අතර අපේක්ෂා භංගත්වයට පත් ව, දිවි නසාගැනීම වැනි දේවල්වලට යොමු නො වේ. ඒ වෙනුවට, කවරෙකු යම් කටයුත්තක් ඉතානිවැරදි ව හා නිසියාකාර ව ඉටු කරන්නේ ද ඒ සඳහා ඔහුට හිමි විය යුතු ආනිශංසය හා කුළිය, උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් කිසිවිටකත් අහිමි නො කරන බව ස්ථීර ව විශ්වාස කිරීමට යොමු වීම. මෙලොව දිවියේ දී තමන්ට හිමි විය යුතු දේවලින් අංශු මාත්‍රයක තරම් හෝ දෙයක්, ආසාධාරණ ලෙස හෝ වංචාසහගත ලෙස, කවරෙකු හෝ විසින් උදුරා ගනු ලබන්නේ ද, නියත වශයෙන් ම අවසන් දිනයේ දී, මෙලොව ජීවත් වන විට ඒ කෙරෙහි තිබූ අවශ්‍යතාවයට වඩා දැඩි අවශ්‍යතාවයකින් පසු වන මොහහොතක දී ඔහුට එය හිමි වනු ඇත. එබැවින්, තමන්ට හිමි විය යුතු දෙය, තීරණාත්මක හා අත්‍යාවශ්‍ය ම මොහොතක දී තමන්ට ලැබෙනා බව දන්නා විට, ඔහු ඒ පිළිබඳ දුක් විය යුත්තේ මන්ද? එමෙන් ම, තමන් සහ තමන්ට අසාධාරණයක් කළ පුද්ගලයා අතර විනිශ්චය කරන්නේ විනිශ්චයකාරවරුන් අතුරින් ශ්‍රේෂඨතම හා යුක්තිසහගත ම විනිශ්චයකාරවරයා වන උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් බව දන්නා විට ඔහු කෙසේ නම් දුක් වන්නේ ද?