වත්මන් කොටස: model:
පාඩම අන්තිම කැමැත්ත සහ දේපළ බෙදා දීම
අන්තිම කැමැත්ත යන්නෙහි අර්ථය
අන්තිම කැමැත්ත යනු: මරණින් පසු මුදල් පරිහරණය කිරීමට හෝ පරිත්‍යාග කිරීමට ලබා දෙන නියෝගය වේ. උදාහරණය ලෙස: තම මුදලෙන් දේවස්ථානයක් ඉඳි කරන මෙන් උපදෙස් දුන් අයෙකු මෙනි.
මුස්ලිම්වරයකු ඔහුගේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ඔහුගේ මරණයට පෙර අන්තිම කැමත්ත ලබා දීම ඔහුට නීතිගත කර ඇත. අන්තිම කැමැත්ත ප්‍රකාශ කිරීමට යම් වස්තුවක් හිමි ව ඇති කවර මුස්ලිම් වරයෙකු වුව ද ඔහු තම අන්තිම කැමැත්ත නොලියා රාත්‍රී දෙකක් ගත කිරීමට පවා අනුමැතිය නැතැයි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී. (මූලාශ්‍රය: බුහාරි) ඉබ්නු උමර් (රළි) තුමාණන් මෙසේ ප්‍රකාශ කළහ: අල්ලාහ්ගේ දූතයාණෝ එසේ පැවසීම මා සවන් දූ දා සිට - මා මාගේ අන්තිම කැමත්ත සෑම රාත්‍රියකම මා සතුව ම තබා ගත්තෙමි. (බුහාරි 2738, මුස්ලිම් 1627).
උරුමයන් බෙදීමට සහ ණය ආපසු ගෙවීමට පෙර අන්තිම කැමැත්ත ඉටු කිරීමට අල්ලාහ් තම දේව ග්‍රන්ථයෙහි ප්‍රමුඛත්වය ලබා දී ඇත. "නමුත් ඔහුට සහෝදර යෙකු සිටී නම් ඔහු කවර දෙයක් සම්බන්ධ ව අන්තිම කැමැත්ත ප්‍රකාශ කර ඇත්තේ ද ඉන් පසුව හා ණය පියවීමෙන් පසුව" (අන්නිසා: 11)
අන්තිම කැමත්තෙහි අවස්ථා
මෙම අන්තිම කැමත්ත සඳහා අවස්ථා කිහිපයක් ඇත.
1- අනිවාර්ය අන්තිම කැමත්ත
මුස්ලිම්වරයෙකුට ණය හෝ මූල්‍ය අයිතිවාසිකම් තිබේ නම් සහ ඒ බව පෙන්වීමට සාක්ෂි හෝ ලේඛන නොමැති නම්, එම අයිතිවාසිකම් ලේඛනගත කිරීමට අන්තිම කැමැත්ත අනිවාර්ය වේ.. මෙයට හේතුව ණය ගෙවීම අනිවාර්ය වන අතර කුමන අයුරින් ණය ගෙවීම සිදු කළ හැකි ද එය ද අනිවාර්ය වන බැවිනි.
2- සුන්නත් වූ වසියියත් (අන්තිම කැමත්ත)
එය ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ මුදලින් කොටසක් සමහර පුණ්‍ය කරුණු සඳහා පරිත්‍යාග කිරීමයි. දිළිඳු ඥාතීන්ට පුණ්‍යාධාර කිරීම සඳහා අන්තිම කැමැත්ත ලබා දීම උදාහරණයක් ලෙස දැක්විය හැක. මෙය සඳහා කරුණු ගණනාවක් කොන්දේසි ලෙස සැලකේ:
1- උරුමක්කාරයෙකු සඳහා අන්තිම කැමත්ත ලබා නොදිය යුතුය, මන්ද දෙවියන් ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ කොටස බෙදා ඇති අතර, ධර්ම දූතයාණන් මෙසේ පැවසීය: "උරුමක්කාරයෙකු සඳහා අන්තිම කැමත්ත නොමැත" (අබු දාවුද් 3565, තිර්මිදි 2120, ඉබ්නු මාජාහ් 2713).
2- අන්තිම කැමත්ත දේපළ වලින් තුනෙන් එකකට වඩා අඩු විය යුතු අතර එය තුනෙන් එකක් ද වීම වරදක් නොවේ. එනමුත් ඊට වඩා වැඩි ප්‍රමාණයක් තහනම් වේ. එමෙන්ම නබි(සල්) තුමාණන්ගේ මිතුරකු තම මුදලින් තුනෙන් එකකට වඩා අන්තිම කැමැත්ත ලබා දීමට අවශ්‍ය වූ විට නබි (සල්) තුමාණෝ එය තහනම් කර මෙසේ පැවසූහ: "තුනෙන් එකක් ප්‍රමාණවත්ය. එය ද අධික වේ" (බුහාරි 2744, මුස්ලිම් 1628). .
3- අන්තිම කැමත්ත ලබා දෙන්නා ධනවතකු විය යුතුයි. ඉතිරි මුදල උරුමක්කාරයන්ට ප්‍රමාණවත් විය යුතුයි. නබි (සල්) තුමාණන් සඅද් බින් අබී වක්කාස් (රළි) තුමාණන්ට ඔහු අන්තිම කැමත්ත ලබා දෙන විට මෙසේ පැවසූහ: ඔබ ඔබේ උරුමක්කරුවන් ව ධනවතුන් ලෙස හැර යාම ඔවුන් ව මිනිසුන්ගෙන් ඉල්ලන දුප්පතුන් ලෙස හැර යාමට වඩා යහපත්ය. (බුහාරි 1295/ මුස්ලිම් 1628)
3- පිළිකුල් සහගත අන්තිම කැමත්ත
අන්තිම කැමත්ත ලබා දෙන්නා සතුව තිබෙන මුදල් ස්වල්පයක් වී ඔහුගේ උරුමක්කරුවන් අවශ්‍යතාවයෙන් පෙළෙන අය වේ නම් එවිට අන්තිම කැමත්ත ලබා දීම පිළිකුල් සහගත ය. මන්ද ඔහු එසේ කිරීමෙන් උරුමක්කරුවන්ට පීඩනයක් ඇති වේ. නබි (සල්) තුමාණන් සඅද් බින් අබී වක්කාස් (රළි) තුමාණන්ට ඔහු අන්තිම කැමත්ත ලබා දෙන විට මෙසේ පැවසූහ: ඔබ ඔබේ උරුමක්කරුවන් ව ධනවතුන් ලෙස හැර යාම ඔවුන් ව මිනිසුන්ගෙන් ඉල්ලන දුප්පතුන් ලෙස හැර යාමට වඩා යහපත්ය. (බුහාරි 1295/ මුස්ලිම් 1628)
4- තහනම් වූ අන්තිම කැැත්ත
ඉස්ලාම් දහම විසින් තහනම් කරන ලද දේ ඉටු කරන මෙන් අන්තිම කැමත්ත ලබා දීමයි. උදාහරණයක් ලෙස ඔහු තම වැඩිමහල් පුත්‍රයා හෝ ඔහුගේ බිරිඳ වැනි උරුමක්කාරයෙකුට පමණක් මුදල් දායාද කරන්නේ නම් හෝ ඔහුගේ සොහොන මත කුබ්බාවක් (ගෝලාකාර ඉඳිකිරීමක්) ඉදිකිරීමට අන්තිම කැමත්ත මගින් නිර්දේශ කරන්නේ නම්, මෙය තහනම්ය.
අන්තිම කැමත්තෙහි ආගමානුකූල ප්‍රමාණය
තුනෙන් එකක් අන්තිම කැමැත්ත වශයෙන් නිර්දේශ කළ හැකි අතර, ඊට වඩා වැඩි කිරීමට අවසර නැත. එයට වඩා අඩු වීම වඩා හොඳය. සඅද් බින් අබී වක්කාස් (රළි) තුමාණන් අහෝ නබිතුමණි! මා මාගේ මුළු මුදල ම අන්තිම කැමත්ත සඳහා වෙන් කරන්න ද ? යනුවෙන් විමසුවෙමි. එවිට නබි (සල්) තුමාණන් එසේ නොකරනු යැයි පැවසූහ. එනම් ඉන් අඩක් වෙන් කරන්න ද යනුවෙන් විමසුවෙමි. එවිට නබි (සල්) තුමාණන් එසේ නොකරනු යැයි පැවසූහ. එනම් ඉන් තුනෙන් එකක් වෙන් කරන්න ද යනුවෙන් විමසුවෙමි. එවිට නබි (සල්) තුමාණන් තුනෙන් එකක් වෙන් කරන්න. එනමුත් තුනෙන් එකක් ද අධික වේ. ඔබ ඔබේ උරුමක්කරුවන් ව ධනවතුන් ලෙස හැර යාම ඔවුන් ව මිනිසුන්ගේ අත්ති වල බෙන දෑ ඉල්ලන දුප්පතුන් ලෙස හැර යාමට වඩා යහපත්ය. (බුහාරි 2742)
උරුමක්කාරයෙකු නොමැති කෙනෙකුට තුනෙන් එකක් වෙනුවට සියලු මුදල් අන්තිම කැමත්ත සඳහා වෙන් කිරීමට අවසර ඇත.
අන්තිම කැමත්ත ක්‍රියාත්මත කිරීමේ නීතිය
මිය ගිය අයගේ අන්තිම කැමත්ත ක්‍රියාත්මක කිරීම අනිවාර්ය වේ. අන්තිම කැමත්ත ලැබූ අය -එම අන්තිම කැමත්ත සියලු කොන්දේසි වලට යටත් ව නිවැරදිව තිබිය දී- එය ක්‍රියාත්මත නොකිරීමෙන් ඔවුනට පසු සිදුවේ. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත: එහෙයින් එයට සවන් දුන් පසුව කවරෙකු එය වෙනස් කරන්නේ ද එහි පාපය වනුයේ එය වෙනස් කරන්නන්හටය. සැබැවින්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය. සර්වඥානීය. (බකරා 181)
යමෙක් මිය ගිය විට, ඔහු ජීවත්ව සිටියදී උපයාගත් මුදල් ඔහුට තවදුරටත් හිමි නොවන අතර, මියගිය පුද්ගලයාගේ ණය ගෙවා ඔහුගේ අන්තිම කැමැත්ත ඉටු කිරීමෙන් පසු උරුමය බෙදා උරුමය ඇති සෑම කෙනෙකුටම එය ලබා දෙන ලෙස ඉස්ලාම් අපට නීති සම්පාදනය කර දී ඇත.
අල්-කුර්ආනය සහ අල්ලාහ්ගේ දූතයාණන්ගේ සුන්නාහ් ව, උරුමක්කරුවන් අතර මතභේදයක් ඇති නොවන පරිදි උරුමයන් බෙදීමේ ක්‍රමය අපට පැහැදිලි කර ඇත. උරුමය පිළිබඳ තීන්දු දෙන්නා සර්ව පාලකා වන අල්ලාහ් ය. මෙය රටේ සහ ජනතාවගේ සිරිත් විරිත්වලට පටහැනි යැයි මුවාවෙන් එය වෙනස් කිරීමට හෝ මාරු කිරීමට කිසිවෙකුට අවසර නැත. උත්තරීතර අල්ලාහ් උරුමයන් පිළිබඳ සඳහන් වැකියට පසු මෙසේ ප්‍රකාශ කර සිටියේ එ නිසාවෙනි.: මේවා අල්ලාහ්ගේ සීමාවන් ය. තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වන්නේ ද ඔහු ව ඊට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන් වලට ඔහු ඇතුළත් කරන්නේය. එහි ඔවුහු සදාතනිකයෝ ය. ඉමහත් ජයග්‍රහණය එයයි. (අන් නිසා: 13)
මියගිය අයගේ දරුවන් සහ ඥාතීන්, තම ඥාතියාගේ මරණයෙන් පසු, නීතිමය උරුමය විස්තරාත්මකව බෙදන්නේ කෙසේදැයි දැන ගැනීමටත්, මූල්‍ය ආරවුල් සහ ගැටළු වළක්වා ගැනීමටත් ඒ පිළිබඳ දැනුම ඇති විද්වතුන් හා විනිශ්චයකරුවන් වෙත යොමු විය යුතුය.
اختر مستوى الشرح المناسب لك
يحتوي الدرس الآن على طبقات اختيارية تساعدك على المراجعة السريعة أو التعمق دون مغادرة الدرس.
- الملخص: نظرة سريعة في نحو دقيقة.
- الأساسي: محتوى الدرس الأصلي وهو المسار المعتمد للتقدم.
- المتعمق: تفاصيل إضافية اختيارية عند توفرها.
تقدمك وإكمال الدرس يعتمدان دائما على صفحات المستوى الأساسي.