පාඩම උතුම් අල් කුර්ආනය පිළිබඳ හැඳින්වීම
පාඨකයාට උතුම් අල් කුර්ආනයෙහි සඳහන් පද විවරණය කිරීමේ ආකාරය දැනගනිමින් උතුම් අල් කුර්ආනය පිළිබඳ මනා අවබෝධයක් හා වැටහීමක් ලබා ගැනීමට හැකි වීම.
අරමුණු1. උතුම් අල් කුර්ආනයේ මහිමය පිළිබඳ දැනගැනීම.2. උතුම් අල් කුර්ආනයෙහි කොටස් හා සූරා (පරිච්ඡේද) වෙන් වෙන් ව හඳුනා ගැනීම. (සූරාවන්හි නාමයන් - කුරානයෙහි කොටස් ගණන) 3. උතුම් අල් කුර්ආනයෙහි ප්‍රාතිහාර්ය අවබෝධ කරගැනීම.4. උතුම් අල් කුර්ආනයෙහි මූලික කරුණු පිළිබඳ දැනගැනීම.5. උතුම් අල් කුර්ආනයෙහි සඳහන් ඕනෑ ම පදයක අදහස දැනගැනීමට හැකි වීම.
count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.
මෙම පාඩමේ පරිවර්තනය පහත භාෂාවලින් ලබාගත හැකිය:
උතුම් අල් කුර්ආනය
මිනිසාට යහමඟ පෙන්වීම හා ඔවුන් ව අඳුරෙන් ආලෝකය වෙත යොමු කිරීම පිණිස උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ මැවීම් අතුරින් ශ්‍රේෂඨතම මැවීම හා දේව දූතයින් අතුරින් අවසානයා වන දේව දූත මුහම්මද්තුමාණන් හට උතුම් අල් කුර්ආනය පහළ කළහ. මේ පිළිබඳ ව උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ මෙසේ දේශනා කරති.
“ඔබලා වෙත අපගේ දූතයෙකු පැමිණ ඇත. ධර්මයෙහි ඔබලා සඟවාගෙන සිටි බොහෝමයක් දෑ ඔහු ඔබලාට පැහැදිලි කර දෙනු ඇත. තව ද, (පැහැදිලි කර දීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති හෙයින් තවත්) බොහෝ දෑ ඔහු (පැහැදිලි නොකර) අත්හරිනු ඇත. නියත වශයෙන් ම උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් වෙතින් ඔබලාට (දුර්මාර්ගය නැමැති අඳුර දුරු කරන ඉමහත්) ආලෝකයක් හා පැහැදිලි ධර්ම ග්‍රන්ථයක් පැමිණ ඇත. එමඟින් උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගේ තෘප්තිය (ලබා දෙන දෑ) අනුගමනය කරන උදවියට උන්වහන්සේ එම ධර්ම ග්‍රන්ථය මඟින් සාමයේ මාර්ග වෙත මඟ පෙන්වති. උන්වහන්සේ තම අභිමතය පරිදි ඔවුන් ව අඳුරෙන් ආලෝකය වෙත යොමු කරති. තව ද, උන්වහන්සේ ඔවුනට සෘජු මාර්ගය වෙත මඟ පෙන්වති.” (සූරා අල්මාඉදා - 15,16)
උතුම් අල් කුර්ආනයෙහි නිර්වචනය
උතුම් අල් කුර්ආනය යනු “දේව දූත මුහම්මද්තුමාණන් හට පහළ කරනු ලැබුවා වූත් එය කියවීම ඉබාදතයක් (නැමදුමක්) වන්නා වූත් උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගේ භාෂිතය” වේ.
උතුම් අල් කුර්ආනයෙහි පහළ වීම
උතුම් අල් කුර්ආනය ප්‍රථමයෙන් ම දේව දූත මුහම්මද්තුමාණන්ට (එතුමාණන්ට උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) පහළ වූයේ රමළාන් මාසයේ ලයිලතුල් කද්ර් හෙවත් ශ්‍රේෂ්ඨ රාත්‍රියෙහි ය. මේ පිළිබඳ ව උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ මෙසේ සඳහන් කරති.
“නියත වශයෙන් ම අපි එය ලයිලතුල් කද්ර් හෙවත් ශ්‍රේෂ්ඨ රාත්‍රියෙහි පහළ කළෙමු.” (සූරා අල්කද්ර් - 01)
“රමළාන් මාසය, මිනිසාට මඟ පෙන්වීමක් වශයෙන් ද යහමඟ හා (සත්‍යය හා අසත්‍යය බෙදා වෙන් කරන) නිර්ණායකයෙන් යුක්ත පැහැදිලි සාධක වශයෙන් ද උතුම් අල් කුර්ආනය පහළ කරන ලද මාසය යි.” (සූරා අල් බකරා - 185)
උතුම් අල් කුර්ආනයෙහි සූරාවන් (පරිච්ඡේද)
උතුම් අල් කුර්ආනයෙහි සූරාවන් ගණන 114කි. ඉන් පළමු සූරාව සූරා අල් ෆාතිහා ද අවසන් සූරාව සූරා අන්නාස් ද වේ.
එමෙන් ම, අල් කුර්ආනය ජුසූඃ හෙවත් කොටස් තිහකින් හා හිස්zබු හැටකින් සමන්විත ය.
උතුම් අල් කුර්ආනය ඒකරාශී කිරීම හා ග්‍රන්ථාරූඪ කිරීම
උතුම් අල් කුර්ආනය ඒකරාශී කිරීම හා ග්‍රන්ථාරූඩ කිරීම අදියර තුනකින් සිදු විය.
පළමු අදියර - දේව දූත මුහම්මද්තුමාණන්ගේ කාලවකවානුව
මෙම අදියරේ දී, තියුණු මතක ශක්තිය හා ඉක්මණින් කඩපාඩම් කිරීමේ හැකියාව මෙන් ම ලිවීමට දත් උදවිය හා ඒ සඳහා උපකාරී වන දෑ අවම වීම යනාදී කරුණු හේතුවෙන් ග්‍රන්ථාරූඩ කිරීමට වඩා කටපාඩම් කිරීම මත පදනම් විය. මේ නිසා, උතුම් අල් කුර්ආනය ග්‍රන්ථයක් ලෙස නොසැකසුණු නමුත්, කවරෙක් හෝ උතුම් අල් කුර්ආනයෙහි වැකියකට සවන් දුන්නේ නම්, එය කටපාඩම් කිරීම හෝ රට ඉඳි ඉති, සතුන්ගේ හම්, සුදු පැහැති පැතලි හා මතුපිට සිනිදු බවකින් යුත් ගල් හා සතුන්ගේ උරහිස් අස්ථි යනාදියෙහි ලියා තැබීම සිදු කළේය. එමෙන් ම, එකල කාරිවරු (උතුම් අල් කුර්ආනය නිවැරදි ව කටපාඩම් කළ හා නිවැරදි ව කියවීමට හැකි උදවිය) බහුල ව සිටියහ.
දෙවන අදියර - අබූ බක්ර්තුමාණන්ගේ කාලවකවානුව
හිජ්රි වර්ෂ 13දී සිදු වූ යමාමා යුද්ධයේ දී කාරිවරු බොහෝ ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වූ අවස්ථාවේ දී අබූ බක්ර්තුමාණෝ (එතුමා කෙරෙහි උත්තරීතර අල්ලාහ් දෙවිදාණෝ තෘප්තිමත් වෙත්වා!) උතුම් අල් කුර්ආනය විනාශ නොවී ආරක්ෂා කරගැනීම පිණිස එය ඒකරාශී කරන මෙන් අණ කළහ.
(උතුම් අල් කුර්ආනය ලේඛන ගත කළ කණ්ඩායමේ ප්‍රධානියා වන) සzයිද් ඉබ්නු සාබිත් නමැති සහාබිවරයා මෙසේ වාර්තා කරයි.
“යමාමා යුද්ධය අවසන් වීමෙන් පසු අබූ බක්ර්තුමා (ඔහු වෙත පැමිණෙන මෙන්) මා වෙත පණිවිඩකරුවෙකු යවා තිබුණි. (පසු ව මම ඔහු වෙත ගියෙමි.) එවිට ඔහු සමඟ උමර්තුමා ද සිටියේය. එම අවස්ථාවේ දී අබූ බක්ර්තුමා මෙසේ පැවසුවේය.
‘උමර් මා වෙත පැමිණ ‘යමාමා යුද්ධය දවසේ දී බොහෝමයක් කාරිවරු ඝාතනය කරනු ලැබූහ. (සතුරන් සමඟ සටන් කරන) විවිධ ස්ථානවල මෙලෙස කාරිවරු බොහෝ දෙනෙක් ඝාතනයට ලක් වීම හේතුවෙන් උතුම් අල් කුර්ආනයෙහි බොහෝ දෑ (අපට) අහිමි වී යාවි දෝ යැයි මා බිය වෙමි. (එබැවින්) ඔබ උතුම් අල් කුර්ආනය ඒකරාශී කිරීමට අණ කළ යුතු යැයි මා සිතන්නෙමි’ යැයි පැවසුවේය. එයට ‘දේව දූත මුහම්මද්තුමාණන් ඉටු නොකළ දෙයක් ඔබ කෙසේ කරන්නෙහු ද?’ යැයි මම උමර්ගෙන් විමසුවෙමි. එයට ‘(නියත වශයෙන් ම) මෙය (උතුම් අල් කුර්ආනය ඒකරාශී කිරීම) යහපත් ක්‍රියාවක් වේ යැයි මා උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් මත දිවුරා පවසමි’ යනුවෙන් උමර් පැවසුවේය. ඒ කෙරෙහි මාගේ සිත උත්තරීතර අල්ලාහ් විස්තීර්ණ කරන තුරු ම ඔහු මා වෙත පැමිණ (ඒ කෙරෙහි) මා උනන්දු කරමින් ම සිටියේය. (අවසානයේ දී) උමර් ඒ පිළිබඳ (අල් කුර්ආනය ඒකරාශී කිරීම) සිතා සිටි දෙය ම වඩාත් යහපත් යැයි මම ද සිතුවෙමි.
තෙවන අදියර - උස්මාන්තුමාණන්ගේ කාලවකවානුව
මීට හේතුව, හිජ්රි වර්ෂ විසි පහේ දී එක් එක් සහාබාවරුන් සතු ව තිබූ (අල් කුර්ආනය කියවනු ලබන විවිධ ආකාරවලින් යුක්ත) අල් කුර්ආනීය පිටපත් නිසා, අල් කුර්ආනය කියවීමේ දී මිනිසුන් විවිධ අයුරින් කියවීමට පටන් ගැනීම ය. මෙනිසා සමාජයෙහි යම් අර්බුදකාරී තත්ත්වයක් ඇති වේ යැයි බිය වූ උස්මාන්තුමාණෝ, මිනිසුන් අතර මතභේදාත්මක තත්ත්වයක් ඇති වී, පසු ව උතුම් අල් කුර්ආනය සම්බන්ධයෙන් ඔවනතර අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගෙන, බෙදී වෙන් වී නොයෑම පිණිස වහා ම උතුම් අල් කුර්ආනය කියවනු ලබන එක් ක්‍රමයකට අනුව සම්පූර්ණ කුර්ආනය ම ග්‍රන්ථාරූඩ කරන්නැයි අණ කළහ.
අනස් බින් මාලික්තුමා මෙසේ වාර්තා කරයි.
“හුදෙයිෆා බින් අල් යමානිතුමා උස්මාන්තුමාණන් ව බැහැ දැකීම පිණිස (මදීනාවට) පැමිණියේය. එවිට උස්මාන්තුමාණෝ අර්මේනියාව හා අසර්බයිජානය ජයග්‍රහණය කිරීම සඳහා ඉරාක වැසියන් සමඟ ෂාම් වැසියන් ව සූදානම් කරමින් සිටියහ. උතුම් අල් කුර්ආනය කියවීමේ දී එම ෂාම් හා ඉරාක වැසියන් අතර තිබූ වෙනස්කම් හා මතභේදාත්මක තත්ත්වය හුදෙයිෆාතුමාණන් කෙරෙහි බියක් ඇති කළේය. එතුමා (වහා ම උස්මාන්තුමාණන් වෙත පැමිණ) ‘මුඃමීන්වරුන්ගේ (විශ්වාසවන්තයින්ගේ) පාලකයාණෙනි, යුදෙව් හා කිතුණු උදවිය (තම ධර්ම ග්‍රන්ථ සම්බන්ධයෙන්) මතභේද ඇති කරගත්තා සේ මෙම සමාජයේ උදවියත් තම ග්‍රන්ථය වන උතුම් අල් කුර්ආනය සම්බන්ධයෙන් මතභේද ඇති කරගැනීමට පෙර ම මොවුන් ව බේරා ගන්නැ’යි පැවසුවේය. වහා ම උස්මාන්තුමාණෝ හෆ්සාතුමිය වෙත පණිවිඩයක් යවමින් ‘ඔබ සතු ව ඇති අල් කුර්ආනීය ගොනුව අප වෙත එවන්න. එහි පිටපත් කිහිපයක් ලබා ගෙන, නැවත එය ඔබට බාර දෙන්නෙමු’ යැයි දන්වා සිටියහ. අනතුරු ව, එතුමිය එය උස්මාන්තුමාණන් වෙත යැව්වාය. ඒ අනුව, එහි පිටපත් කිහිපයක් ලබා ගන්නා මෙන් සයිද් බින් සාබිත්, අබ්දුල්ලාහ් බින් සුබෙයිර්, සඊද් බින් අල්ආස් හා අබ්දුර් රහ්මාන් බින් අල්හාරිස් යන උදවියට උස්මාන්තුමාණෝ නියම කළහ.” (බුහාරි - 4987)