වත්මන් කොටස: model:
පාඩම උතුම් අල් කුර්ආනය අධ්‍යනය කිරීම එහි අර්ථ විවරණය
උතුම් අල් කුර්ආනය අධ්‍යනය කිරීම එහි අර්ථ විවරණය
සෑම මුස්ලිම්වරයෙකු ම මෙලොව හා පරලොව සතුට හා තෘප්තිය ළඟා කරගැනීම පිණිස උතුම් අල් කුර්ආනය නිවැරදි ව කියවීමටත්, එය අධ්‍යනය කිරීමටත්, එහි අණ කොට ඇති හා තහනම් කොට ඇති දෑ මෙන් ම, එහි අරුත් පිළිබඳ හැදෑරීමටත්, එහි අර්ථ විවරණයන් හා නීතිරීති අවබෝධ කරගැනීමටත්, අනතුරු ව උතුම් අල් කුර්ආනයට අනුකූල ව කටයුතු කිරීමටත් දැඩි උනන්දුවක් හා කැමැත්තක් දැක්වීම අත්‍යාවශ්‍ය ය.
තදබ්බුර් හෙවත් උතුම් අල් කුර්ආනය අධ්‍යනය කිරීම යන්නෙහි අරුත
ى
උතුම් අල් කුර්ආනීය වැකි අධ්‍යනය කරන්නාගේ අධ්‍යනය හා අවබෝධය නිවැරදි වීම පිණිස එව වැකිවල සාරාංශගත අර්ථය පිළිබඳ දැනුම්වත් ව සිටීම අත්‍යාවශ්‍ය ය.
උතුම් අල් කුර්ආනය අධ්‍යනය කිරීම වාජිබ් හෙවත් අනිවාර්ය වීම
සෑම මුස්ලිම්වරයෙකුට ම උතුම් අල් කුර්ආනය අධ්‍යනය කිරීම, එහි වැකි හා අරුත් අවබෝධ කරගැනීම හා එහි ඉගැන්වීම්වලට අනුව ජීවත් වීම අනිවාර්ය වේ. උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ උතුම් අල් කුර්ආනයෙහි මෙසේ දේශනා කරති. “(නබිතුමණි,) ඔවුන් මෙහි වැකි අධ්‍යනය කරනු පිණිස ද, (එමගින්) නුවණැත්තන් අනුශාසනා ලබනු පිණිස ද, භාග්‍යමත් (මෙම ධර්ම) පුස්තකය අපි ඔබ කෙරෙහි පහළ කළෙමු.” (සූරා සාද් - 29) “ඔවුහු මෙම උතුම් අල් කුර්ආනය අධ්‍යනය නොකරන්නෝ ද? නැතහොත් (ඔවුන්ගේ) හදවත්වලට අගුලු දමා ඇත් ද?” (සූරා මුහම්මද් - 24)
තෆ්සීර් යනු උතුම් අල් කුර්ආනයෙහි අරුත් පැහැදිලි කිරීම ය.
s
දේව දූත මුහම්මද්තුමාණන්ගෙන් උතුම් අල් කුර්ආනයේ අරුත් හා එහි අර්ථ විවරණ පිළිබඳ දැනගැනීමෙහි ලා සහාබාවරුන්ගේ අවධානය හා උනන්දුව
සහාබාවරු තමන්ට උතුම් අල් කුර්ආනයේ අවබෝධ කරගැනීමට අපහසු දෑ පිළිබඳ දේව දූතයාණන්ගෙන් විමසා දැනගැනීමට පුරුදු ව සිටියහ. අබ්දුල්ලාහ් බින් මස්ඌද්තුමා මෙසේ වාර්තා කරයි. “‘(උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් කෙරෙහි) විශ්වාස කර, පසු ව තමන්ගේ එම විශ්වාසය සමඟ අපරාධය මිශ්‍ර කර නොගත් උදවිය...’ නැමැති සූරා අල් අන්ආම්හි 82වෙනි වැකිය පහළ වූ අවස්ථාවේ දී, එය (පිළිගෙන, කටයුතු කිරීම) සහබාවරුන්ට අසීරු විය. එබැවින් ඔවුහු ‘අප අතුරින් අපරාධයක් නොකරන්නේ කවරෙකු ද?’ යැයි විමසූහ. එයට දේව දූතයාණෝ ‘එහි (අපරාධය යන්නෙහි) අදහස ඔබලා සිතන පරිදි නොව, එය දේව දූත ලුක්මාන්තුමාණන් තම පුතුට ‘මාගේ පුත්‍රයාණෙනි, උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් කෙරෙහි ආදේශ නොතබන්න. නියත වශයෙන් ම, ආදේශ තැබීම මහා අපරාධයකි’ (සූරා ලුක්මාන් - 13) යැයි පැවසූ පරිදි වේ’ යනුවෙන් පැවසූහ.” (බුහාරි - 6937)
තෆ්සීරුල් කුර්ආන් හෙවත් උතුම් අල් කුර්ආනයෙහි අරුත් පැහැදිලි කිරීමේ දී හා විවරණය කිරීමේ දී ද, එහි අරුත් දැනගැනීමේ දී ද, පහත ක්‍රමවේද වෙත යොමු විය යුතු ය.
1. තෆ්සීරුල් කුර්ආන් බිල් කුර්ආන් හෙවත් උතුම් අල් කුර්ආනය, උතුම් අල් කුර්ආනය මඟින් ම පැහැදිලි කිරීම හා විවරණය කිරීම
උතුම් අල් කුර්ආනය පහළ කළේ උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් බැවින් එහි අරුත් හා අදහස් පිළිබඳ වඩාත් හොඳින් ම දන්නේ උන්වහන්සේ ය.
නිදසුනක් ලෙස පහත අල් කුර්ආන් වැකිය සඳහන් කළ හැකි ය. “(විශ්වාසවන්තයිනි,) නියත වශයෙන් ම උත්තරීතර අල්ලාහ්ගේ සමීපතමයින් හට කිසිදු බියක් නොමැත. ඔවුන් දුක් වන්නේ ද නැත යන වග ඔබලා දැනගන්න. ඔවුහු (උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් ව) විශ්වාස කර, (උන්වහන්සේ කෙරෙහි) බැතිමත් ව කටයුතු කරන්නෝ වෙති.” (සූරා යූනුස් - 62,63) මෙහි දී, උත්තරීතර අල්ලාහ්ගේ සමීපතයමයින් යනු කවුරුන් දැයි යන්න “ඔවුහු (උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් ව) විශ්වාස කර, (උන්වහන්සේ කෙරෙහි) බැතිමත් ව කටයුතු කරන්නෝ වෙති.” යන වැකියෙන් උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් පැහැදිලි කර දී ඇත.
2. තෆ්සීරුල් කුර්ආන් බිස් සුන්නා හෙවත් උතුම් අල් කුරආනය සුන්නාව මඟින් පැහැදිලි කිරීම හා විවරණය කිරීම
දේව දූත මුහම්මද්තුමාණන්, උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් පිළිබඳ තොරතුරු වාර්තා කරන්නා බැවින් උන්වහන්සේගේ ප්‍රකාශයන්හි අදහස පිළිබඳ මිනිසුන් අතුරින් වඩාත් හොඳින් ම දන්නේ එතුමාණන් ය.
මීට නිදසුනක් ලෙස දේව දූතයාණන් “ශක්තිය යනු දුනු විදීම” යනුුවෙන් පැහැදිලි කර දීම සඳහන් කළ හැක. උක්බා බින් ආමිර්තුමා මෙසේ වාර්තා කරයි. “දේව දූතයාණන් මිම්බර්හි (සිකුරාදා දින ජුම්ආ දේශනය ඉදිරිපත් කරන ස්ථානයෙහි) සිටිය දී ‘නුඹලාට හැකි අයුරින් ශක්තිය සූදානම් කරනු.’ (සූරා අන්ෆාල් - 60) ‘නියත වශයෙන් ම, ශක්තිය යනු දුනු ශිල්පය බව දැන ගනු. නියත වශයෙන් ම, ශක්තිය යනු ශිල්පය බව දැන ගනු. නියත වශයෙන් ම, ශක්තිය යනු දුනු ශිල්පය බව දැන ගනු’ යනුවෙන් පවසනු මා හට ඇසුණි.” (මුස්ලිම් - 1917)
3. උතුම් අල් කුර්ආනය, සහාබාවරුන්ගේ ඉගැන්වීම් මඟින් පැහැදිලි කිරීම හා විවරණය කිරීම.
සමහර අල් කුර්ආනීය වැකි පහළ වීමට අදාළ හේතු සාධක හා ඔවුනට පමණක් සුවිශේෂී වූ අවස්ථා හා තත්ත්වයන් සියැසින් ම දුටු උදවිය නිසාත්, උතුම් අල් කුර්ආනය පිළිබඳ පරිපූර්ණ අවබෝධය, නිවැරදි දැනුම හා නිවැරදි ක්‍රියා පිළිවෙත යනාදිය ඔවුන් සතු ව ඇති නිසාත් උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් හා දේව දූතයාණන්ගෙන් පසු ව උතුම් අල් කුර්ආනය පිළිබඳ වඩාත් හොඳින් දන්නේ ඔවුන් ය.
මීට නිදසුනක් ලෙස, “ඔබලා රෝගී ව සිටියේ නම් හෝ ගමනක යෙදී සිටියේ නම් හෝ මළපහ අවශ්‍යතාව ඉටු කළේ නම් හෝ කාන්තාවන් ස්පර්ශ කළේ නම්” (සූරා අන් නිසා - 43) යන වැකියෙහි “ස්පර්ශ කිරීම යනු සංසර්ගයේ යෙදීම වේ” යැයි ඉබ්නු අබ්බාස්තුමා පැහැදිලි කර දී ඇත. (මූලාශ්‍රය: තෆ්සීර් අත් තබරි - 389/8)
4. උතුම් අල් කුර්ආනය, තාබීඊන්වරුන්ගේ ඉගැන්වීම් මඟින් පැහැදිලි කිරීම හා විවරණය කිරීම.
ඔවුහු තෆ්සීර් පිළිබඳ දැනුම සහාබාවරුන්ගෙන් ඉගෙන ගත්හ. සහාබාවරුන්ට පසු ශ්‍රේෂ්ඨතම උදවිය වන්නේ තාබිඊන්වරුන් ය. එමෙන් ම, ඔවුනට පසු උදවියට වඩා මොවුහු ආශාවන් හා හැඟීම්වලට වහල් වීමෙන් ආරක්ෂා වී සිටි උදවියි වෙති. තව ද, ඔවුන්ගේ කාලවකවානුවේ දී අරාබි බස බොහෝ වෙනස්කම්වලට භාජනය වී නොතිබුණි. මේ හේතූන් නිසා, ඔවුනට පසු පැමිණි උදවියට වඩා මොවුහු උතුම් අල් කුර්ආනය නිවැරදි ව අවබෝධ කරගත් උදවිය වශයෙන් සිටියහ.
උතුම් අල් කුර්ආනය විවරණය කිරීමේ දී මුස්ලිම්වරයෙකුට වාජිබ් (අනිවාර්ය) වන කරුණු
උතුම් අල් කුර්ආනය අවබෝධ කරගැනීමේ දී හෝ එහි අරුත් දැනගැනීමේ දී යම් අසීරුතාවයක් හෝ ගැටලු සහගත තත්තවයක් මතු වුවහොත්, තෆ්සීර් ග්‍රන්ථ හා තෆ්සීර කලාවේ පිළිගත් ආගමික විද්වතුන්ගේ අදහස් වෙත යොමු විය යුතු ය.
බ
තෆ්සීර් කලාවේ පිළිගත් ග්‍රන්ථ බොහොමයක් තිබුණ ද, ඒවා පිළිගැනීම අතින් එකම තරාතිරමක නොමැත. එබැවින්, තෆ්සීර් කලාවේ මූලික රෙගුලාසි හා කොන්දේසීවලට අනුගත ව ලියන ලද පිළිගත් ග්‍රන්ථ වෙත පමණන් යොමු විය යුතු ය. එවැනි ග්‍රන්ථ අතුරින් වඩාත් වැදගත්කමක් හා පිළිගැනීමක් ඇති ග්‍රන්ථ කිහිපයක් මෙසේ සඳහන් කළ හැකි ය.