වත්මන් කොටස: model:
පාඩම සූදුව
සූදුව යනු කුමක් ද?
එය තරඟකරුවන්, ක්‍රීඩකයන් හා ඔට්ටු අල්ලන්නන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර, ජයග්‍රාහකයාට පරාජිතයාගේ හෝ පරාජිතයින් සියලු ම දෙනාගේ මුදල් හිමි වේ යන එකඟතාව මත යම් තරඟයක හෝ ක්‍රීඩාවක සිදු වන ක්‍රියාවකි. මේ අනුව, සූදු කෙළින සෑම කෙනෙකුට ම අන් අයගේ මුදල් තමන්ට හිමි වීම හෝ තමාගේ මුදල් අහිමි වීම හෝ සිදු වේ.
ඉස්ලාමය සූදුව තහනම් කොට ඇත. මේ පිළිබඳ දැඩි අවවාද උතුම් අල් කුර්ආනයෙහි හා සුන්නාවෙහි සඳහන් ය.
සුරාව හා සූදුව, තනි පුද්ගලයින්ට හා සමාජයට ඇති කරන අහිතකර බලපෑම් හා හානි හේතුවෙන් උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් එය ඉතා අපවිත්‍ර දෙයක් ලෙස නම් කොට ඇත. එමෙන් ම, එයින් වැළකී සිටින ලෙස අප හට අණ කොට ඇත. තව ද, මිනිසුන් අතර බෙදීම් හා වෛරී හැඟීම් ඇති වීමට මෙන් ම, සලාතය, දික්ර් වැනි නැමඳුම් කටයුතු මඟ හැරී යාමට මඟ පාදන කරුණක් වශයෙන් උන්වහන්සේ එය පත් කොට ඇත. “විශ්වාසවන්තයිනි, නියත වශයෙන් ම සුරාව ද සූදුව ද (බිලි පූජා කරනු ලබන) පිළිම ද (තම කටයුතු තීරණය කරන) ඊතල ද ෂෙයිතාන්ගේ ක්‍රියාවන්ගෙන් යුත් අපරිසිදු දෑ ම ය. එබැවින්, නුඹලා ජයග්‍රහණය කරනු පිණිස එයින් වැළකී සිටිනු. ෂෙයිතාන් අපේක්ෂා කරනුයේ සුරාව හා සූදුව මඟින් නුඹලා අතර සතුරුකම හා කෝධය ඇති කිරීම ද උත්තරීතර අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් හා සලාතය ඉටු කිරීමෙන් නුඹලා ව වැළැක්වීම ද වේ. එබැවින්, නුඹලා එයින් වැළකී සිටින්නෙහු ද?” (සූරා අල්මාඉදා - 90, 91)
1. යම් ක්‍රීඩාවක ජයග්‍රාහකයාට එහි සියලු ම මුදල් හිමි වන බවට සියලු ම ක්‍රීඩකයින් එකඟ වීම. නිදසුනක් ලෙස, පිරිසක් කාඩ් සෙල්ලමක නිරත වීම සඳහන් කළ හැක. එහි දී, ඔවුහු සියල්ලෝ ම එක සමාන මුදලක් දමා සෙල්ලම් කරති. නමුත්, අවසානයේ දී ජයග්‍රාකයා ඒ සියලු ම මුදල් ලබා ගනියි.
2. ඔට්ටු ඇල්ලීම. එනම්, යම් කණ්ඩයමක හෝ ක්‍රීඩකයෙකුගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔට්ටු ඇල්ලීම. මෙහි දී, සෑම කෙනෙකු ම තමන් කැමති කණ්ඩායමක හෝ ක්‍රීඩකයෙකු වෙනුවෙන් මුදල් දමන අතර, තම කණ්ඩායම හෝ ක්‍රීඩකයා ජයග්‍රහණය කළේ නම් ඔහුට සියලු ම මුදල් හිමි වේ. එමෙන් ම, තම කණ්ඩායම හෝ ක්‍රීඩකයා පරාජයට පත් වූයේ නම් ඔහුගේ මුදල සම්පූර්ණයෙන් ම ඔහුට අහිමි වේ.
3. ලොතරැයි දිනුම් ඇදීම. මීට නිදසුනක් ලෙස, කෙනෙකු ලොතරැයියක් හෝ කාඩ් පතක් රුපියල් සියයක මුදලකට මිලදී ගෙන, ජයග්‍රාහකයාට රුපියල් කෝටියක් හිමි වන දිනුම් ඇදීමේ තරඟයකට සහභාගි වීම දැක්විය හැක.
4. මුදල් හිමි වීම හා අහිමි වීම යන සාධක දෙක මත පදනම් ව, විද්‍යුත් හෝ අන්තර්ජාල තාක්ෂණය මඟින් සිදු කරන සූදු කෙළිම් යනාදී සියලු ම ආකාරයේ සූදු කෙළි හා ක්‍රීඩා.
සූදුවෙන් අත්වන පාපය හා හානිය ඉන් අත්වන ප්‍රයෝජනවලට වඩා ඉමහත් ය. මේ පිළිබඳ උතුම් අල් කුර්ආනයෙහි මෙසේ සඳහන් ය. “(නබිතුමනි,) සුරාව ගැන ද සූදුව ගැන ද ඔවුහු ඔබෙන් විමසති. ‘මේ දෙකෙහි ම විශාල පාපයන් ඇත. මිනිසුන්ට (සමහර) ප්‍රයෝජන ද ඇත. නමුත්, ඒ දෙකෙහි ඇති පාපය, එහි ප්‍රයෝජනයට වඩා අති විශාල ය’ යනුවෙන් ඔබ (ඔවුනට) පවසන්න.” (සූරා අල්බකරා - 219)