වත්මන් කොටස: model:
පාඩම ණය
උත්තරීතර අල්ලාහ් යුක්ති සහගතව සහ ප්‍රාඥාශීලීව මිනිසුන් අතර සම්පත් බෙදා දුන්නේය. ඔවුන් අතර දුප්පතුන්, පොහොසතුන්, ඇති හැකි සහ නැති බැරි අය සිටිි. සාම්ප්‍රදායිකව මිනිස්සු තම අවශ්‍යතා සපුරාගැනීම සඳහා එකිනෙකට ණය ලබාදෙමින් උපකාර කරගත්හ. මේ නිසාවෙනි පරිපුන් වූ දේවදහම ණය පිළිබඳ හෙළිදරව් ගණනාවක් ම හෙළිකර ඇත්තේ. සූරතුල් බකරාවෙහි 282 වන වැකියේ අල් කුර්ආනයේ දිර් ඝතම වැකිය සනිටුහන් කරමින් මේ පිළිබඳව සුවිශේෂි වැකියක් තිබේ. එය "ණය වැකිය" ලෙස හැදින්වේ.
ණය යන්නෙහි නිර්වචනය
මෙය, මුදල නැවත ලබාදීමේ පදනම මත එය ලබාගත් පුද්ගලයාට ප්‍රයෝජනයක් ගෙනදෙන, මුල්‍යමය හුවමාරුවකි.
ණය පිළිබඳ නීතිය
ණයට ලබාදීම ණයහිමියාට සතුටුදායක වන අතර, ණයගැතියාට ද අනුමැතිය තිබේ. ණයට ඉල්ලීම කිසිසේත් පිළිකුල් සහගත දෙයක් නොවේ. මන්දයත් ණයගැතියා එම මුදල ලබාගනුයේ ඔහුගේ අවශ්‍යතා සපුරාගැනීම සඳහා ය. පසුව එය ඔහු පියවන්නේය.
ණයට ලබාදීම තුළින් ණයහිමියාට කිසියම් ප්‍රතිලාභයක් අත්වේ නම් එය පොලියක් වේ. එය තහනම් වේ. නිදසුනක් ලෙස ණයහිමියා මුදලක් ණයට දී එය නැවත අයකිරීමේ දී වැඩිපුර අගයක් අයකිරීම. එසේ ම ණය ගිවිසුම සමග වෙනත් ව්‍යාපාරයක් වැනි ගිවිසුමක් සම්බන්ද කිරීම. එය තහනම් වේ. එනම් එයින් ප්‍රතිලාබ ලැබීම හෝ ව්‍යාපාර කිරීම අනුමත නොවේ.
ණය, මිනිසුන්ට සහනයක් අත්කරන බැවින් ඉස්ලාමය ණය සඳහා අනුමැතිය ලබා දී ඇත්තේය. එසේ ම එය ඔවුන්ගේ කටයුතු පහසු කරයි, ඔවුන්ගේ දුක සමනය කරයි. තවද අසරණයින්ට සහනයක් ගෙනදෙයි. එය ණයහිමියාට අල්ලාහ් වෙත සමීප වීමට අවස්ථාව සලසයි. අවශතාව කොතරම් බැරෑරුම් වන්නේ ද, එතරම් එහි කුසල ද ඉමහත් වන්නේය.
ණය (මුදල විශාල වුවද, කුඩා වුවද) එය ලිඛිත ලියවිල්ලකින් සටහන් කර ගැනීම සහ ඒ සඳහා සාක්ෂියක් තබා ගැනීම සතුටු දායක ක්‍රියාවකි. එහි ප්‍රමාණය, වර්ගය, කාල සීමාව ආදී විස්තර සටහන් කෙරේ. එය ණයට සුරක්ෂිත බවක් සහ ණයගැතියාගේ මියයෑමෙන්, අමතක වීමෙන් සහ පැහැර හැරීමෙන් ණයහිමියාට තම හිමිකම අහිමි නොවීමේ තෘප්තිය හිමිකරයි. උත්තරීතර අල්ලාහ් "ණය වැකියේ " මෙසේ ප්‍රකාශ කරයි. "අහෝ විශ්වාස කළවුනි! නියමිත කාලයක් දක්වා වූ ණයක් සම්බන්ධයෙන් නුඹලා ණය ගනු දෙනු කර ගන්නෙහු නම් එය ලේඛන ගත කරනු. නුඹලා අතර ලේඛකයකු එය යුක්ති සහගත ව ලියා ගත යුතු ය. තවද ලේඛකයා අල්ලාහ් තමන්ට ඉගැන් වූ අයුරින් ලිවීමට ප්‍රතික්ෂේප නොකළ යුතු ය. එබැවින් (ඒ අනුව) ඔහු ලිවිය යුතු ය. වගකීම පැවරුණු අය එය ලිවීම පිණිස කියවිය යුතු ය. ඔහු තම පරමාධිපති වන අල්ලාහ්ට බිය බැතිමත් විය යුතු ය. තවද ඉන් කිසිවකින් වංචා නොකළ යුතු ය." (අල් බකරහ් : 282). තවද එම වැකියේ ම පවසයි. "සුළු හෝ මහා (පරිමාණයේ) දෙයක් වුව ද නියමිත කලක් දක්වා එය ලිවීමට උදාසීන නොවනු. එයයි අල්ලාහ් අබියස ඉතා යුක්ති සහගත වන්නේ. සාක්ෂියට ද වඩා බලවත් වන්නේ. එමෙන් ම නුඹලා සැක නොසිතීමට ද වඩා සමීප වන්නේ," (අල් බකරහ් : 282)
ණය වලංගු වීමට අදාළ කොන්දේසි.
පුද්ගලයෙකු තවත් පුද්යගලයෙකුගෙන් ණය මුදලක් ලබා ගැනීමේ දී එය පියවීමට අධිෂ්ඨාන කර ගැනීම අනිවාර්ය වේ. මිනිසුන්ගෙන් ණයට මුදල් ගැනීමේ දී එය පියවීමට අධිෂ්ඨාන නොකිරීම ණයගැතියාට තහනම් ක්‍රියාවකි. ණය පියවියයුතු කාලය පැමිණි විට එය නැවත ලබාදීම අනිවාර්ය වේ. නබි තුමා (ඔහුට ශාන්තිය හා සමාදානය අත්වේවා!) පැවසූ බවට අබූ හුරෛරාහ් තුමා (ඔහුට අල්ලාහ්ගේ තෘප්තිය හිමි වේවා!) වාර් තා කරයි. "කවරෙකු මිනිසුන්ගෙන් ණයට ගෙන එය පියවීමට අදහස් කරන්නේ ද, අල්ලාහ් ඔහු වෙනුවෙන් එය පියවන්නේය. තවද කවරෙකු පැහැර හැරීමට අදහස් කරන්නේ ද, අල්ලාහ් ද, ඔහුව පැහැර හරින්නේය." (අල් බුහාරි 2387)
ණය ආපසු පියවීමේදී ණයගැතියාගේ තත්ත්වත්වයන්
මුදල් බැංකුවේ තැන්පත් කිරීමේ නීතිය.
ණයගැතියා ණය පියවීම ප්‍රමාද කරනවිට ඒ සඳහා කොන්දේසියක් මගින් දඩ මුදලක් නියම කිරීමට අනුමැතියක් නොමැත. මන් ද එය පොළියක් වේ. මෙම කොන්දේසිය පැවතියද ණයට ගැනීමට අනුමැතියක් නොමැත. ණයගැතියාට තමා ප්‍රමාදයකින් තොරව දඩ මුදලකට හසු නොවී ණය පියවීමට හැකියාව තිබුණ ද, ඒ සඳහා අනුමැතියක් නොමැත. මන්දයත්, ගිවිසුමට ඇතුළුවීම තුළින් පොළියත් සමඟ සම්බන්ධ වන බැවිණි.
ණය පියවීමේ දී එය අලංකාර ලෙස කිරීම.
ණය පියවීමේ දී එය අලංකාර ලෙස කළ යුතු ය. නිදසුනක් ලෙස කෙනෙකු ණයට යමක් ලබා නැවත ලබා දීමේ දී එයට වඩා විශිෂ්ට දෙයක් ලබාදීම, එයට වඩා විශාල දෙයක් ලබාදීම හෝ එයට වඩා අධිකව ලබාදීම යෝග්‍ය වේ. නමුත් එය කොන්දේසියක් නොවිය යුතු ය. මෙය ණය පියවීමේ අලංකාර ගෙවීමකි, විශ්ෂ්ට සාරධර්මයකි. නමුත් එය කොන්දේසියක් නම් එය පොළිය වේ. එය තහනම් ක්‍රියාවකි.
اختر مستوى الشرح المناسب لك
يحتوي الدرس الآن على طبقات اختيارية تساعدك على المراجعة السريعة أو التعمق دون مغادرة الدرس.
- الملخص: نظرة سريعة في نحو دقيقة.
- الأساسي: محتوى الدرس الأصلي وهو المسار المعتمد للتقدم.
- المتعمق: تفاصيل إضافية اختيارية عند توفرها.
تقدمك وإكمال الدرس يعتمدان دائما على صفحات المستوى الأساسي.