දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම ආරියහ්

මෙම පාඩමෙන් අපි ආරියහ් සංකල්පය පිළිබඳ හා එහි ඇතැම් නිතී රීති පිළිබඳ අවබෝධය ලබා ගනිමු.

  • ආරියහ්  යන්නෙහි තේරුම
  • ආරියහ් වටා ගොඩනැගුනු නිතී රීති අවබෝධ කර ගැනීම.
  • ආරියහ්  සහ වදීයහ් අතර වෙනස අවබෝධ කර ගැනීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

ආරියහ් පිළිබඳ සංකල්පය

එය හිලව්වකින් තොරව යමකින් ප්‍රතිලාභ ලබා ගැනීමේ අවසරය යි. එය හිලව්වකින් තොරව නිසා එසේ නම් කරන ලදී.

ආරියහ් ගණුදෙනුවේ නීතිය

ආරියහ්, යහපත හා බිය බැතිමත් බවට සහය දක්වන ගණුදෙනුවකි. එය අල් කුර්ආන්, හදීස්, ඒකමතික තීරණ හා සංසන්දනාත්මක තීරණ මුල්කොටගෙන ආගමික අනුමැතිය හිමිව පවතී. ආරියහ් ගිවිසුම අනුමත ගිවිසුම්වලින් එකක් වුව ද, අනිවාර්ය ගිවිසුමක් නොවේ. මෙනිසා දෙපාර්ශවයෙන් ඕනෑම කෙනෙකුට ගිවිසුම අවලංගු කළ හැකි ය. ආරියහ් යහපත සමීප කරවන සතුටුදායක ක්‍රියාවකි. මන්දයත් එහි යහපත, අවශ්‍යතා ඉටුවීම, සෙනෙහස, ආදරය ගෙන ඒම පවතින නිසා ය. තවද එහි හිමිකරුවා එහි අවශ්‍යතාවෙන් තොර බවට සනාථ කර ගත යුතු ය. මෙම ගනුදෙනුව හවන ඕනෑම ප්‍රකාශයකින් හෝ වචනයකින් මෙමෙ ගනුදෙනුව ගිවිසුම් ගතවේ.

ආරියහ් ගනුදෙණුව නීතිගත කිරීමේ ප්‍රඥාව

මිනිසාට භාණ්ඩවලින් ඇතැම් භාණ්ඩ ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය වේ. ඔහුට ඒවා හිමිකර ගැනීමට නොහැකි වීමට පුළුවනි. ඒවා සඳහා කුළිය ගෙවීමට ප්‍රමාණවත් මුදලක් ඔහු සතුව නොතිබීමට පුළුවනි. අනෙක් අතට, සමහර අයට මෙම භාණ්ඩය තෑගි කිරීමට හෝ අවශ්‍ය අයට දන් දීමට නොහැකි විය හැකි ය. ඔහු තවත් කෙනෙකු තාවකාලිකව එයින් ප්‍රයෝජනයක් ලබාගැනීම අවස්ථාව ලබා දී පසුව ලබා ගැනීමට අදහස් කළේ නම් මෙමෙ ආරියහ් ගිවිසුම මගින් දෙපාර්ශවයට ම තම අවශතාව යතාර් ථවත් කරගත හැකිය.

අල්ලාහ්ගේ කරුණාව හේතුවෙන් ඔහු ආරියහ් ගනුදෙනුව සඳහා අනුමැතිය ලබා දුන්නේය. මෙයින් භාණ්ඩය ලබාගන්නාගේ අවශ්‍යතාව ඉටුවේ. එසේම භාණ්ඩය ලබාදුන් පුද්ගලයාට කුසලක් ද හිමිවේ. ඒ භාණ්ඩයේ පැවැත්ම තමාට සුරක්ෂිත කරමින් තම සහෝදරයාට එහි වාසිය ඔහු ලබා දෙයි.

උත්තරීතර අල්ලාහ් ප්‍රකාශ කරයි : "තවද යහපතට හා බිය බැතිමත්කමට නුඹලා එකිනෙකා උදව් කර ගනු. පාපයට හා සතුරුකමට නුඹලා එකිනෙකා උදව් නොකරනු." (අල් මායිදා : 2)

අනස් බින් මාලික් (ඔවුන්ට අල්ලාහ්ගේ තෘප්තිය අත් වේවා!) පැවසූවේය: "වරක් මදීනාවේ වැසියන් බියට පත් වූ විට, නබි (සල්) තුමාණන් අබු තල්හාගෙන් අල්-මන්දුබ් නම් අශ්වයෙකු තාවකාලිකව ප්‍රයෝජනයට ගෙන එහි පිට නැඟී ගියේය. ඔහු ආපසු පැමිණි විට, “අපි (බිය වීමට) කිසිවක් නො දුටුවෙමු, නමුත් අශ්වයා ඉතා වේගවත්ය. (මුහුදේ ජලය මෙන් නොබිඳිය හැකි ශක්තියක් ඇත)." (අල් බුහාරි 2627, මුස්ලිම් 2307)

ආරියහ් ගිවිසුම වලංගු වීමට අදාළ කොන්දේසි

١
භාණ්ඩය ඉතිරිව තිබියදී එහි ප්‍රතිලාභය භුක්ති විදීම.
٢
ප්‍රතිලාභය අවසර ලද්දක් වීම, උදාහරණයක් ලෙස මත්පැන් ප්‍රවාහනය කිරීමට මෝටර් රථයක් ණයට දීමට අවසර නැත.
٣
තාවකාලික ප්‍රතිලාබයට ලබා දෙන්නා (මුයීර්) පරිත්‍යාගය සඳහා සුදුසුකම් ලබා ඇත්තෙකු බවත්, තවද ඔහු තාවකාලික ප්‍රතිලාබයට ලබාදෙන භාණ්ඩයේ හිමිකරු හෝ එසේ කිරීමට අවසර දී ඇත්තෙකු බවට සිටීම.
٤
තාවකාලික ප්‍රතිලාබයට ලබා ගන්නාට (මුස්තයීර්) එය පරිශීලනය කිරීමට හැකි වීම.

ආරියහ් වෙයි කුළුණු (මූලිකාංග)

١
අල් මුයීර්: (තාවකාලික ප්‍රයෝජනය සඳහා ලබාදෙන) භාණ්ඩයේ හිමිකරු.
٢
අල් මුස්තයීර්: (තාවකාලික ප්‍රයෝජනය සඳහා ලබාදෙන) භාණ්ඩයේ ප්‍රතිලාබ ලබන්නා.
٣
අල් මුස්තආර්: තාවකාලික ප්‍රයෝජනය සඳහා ලබාදෙන භාණ්ඩය. එය සතෙකු, යන්ත්‍රයක් හෝ වෙනත් යමක් විය හැකි ය.
٤
අස් සීගා : තාවකාලික ප්‍රයෝජනය සඳහා කරන භාණ්ඩ හුවමාරුව හඟවන ඕනෑම ප්‍රකාශයක්, සඥාවක් හෝ ක්‍රියාවක් විය හැකිය.

මුස්තයීර් ‌ට තාවකාලික ප්‍රයෝජනයට ගත් භාණ්ඩය ආරක්ෂා කරමින් රැකබලා ගැනීම අනිවාර්ය වේ. එය ඔහු හොඳින් පරිහරණය කළ යුතු ය. තවද දෝෂයකින් තොරව එහි හිමිකරුවාට බාර දිය යුතු ය. මුස්තයීර් ගෙ භාරයේ තිබෙන විට භාණ්ඩයට හානියක් සිදුවුවහොත් එයට ඔහු මුළුමනින් ම වගකිව යුතු ය. එය සිතාමතා සිදු වුවද, සිදු නොවුව ද වගකීම ගත යුතු ය. නමුත් අවසර ලද භාවිතයක දී සීමාව ඉක්ම වීමකින් හෝ සිතාමතා හානියක් සිදුවුනේ නම් මිස එයට වගකිවයුතු නැත.

තාවකාලික ප්‍රයෝජනය සඳහා ගත් භාණ්ඩය නැවත ලබාදීමේ නීතිය.

මුස්තයීර් ට ඔහු තාවකාලිකව ප්‍රතිලාබ ලබා ගැනීම සඳහා ලබා ගත් භාණ්ඩයේ අවශතාව අවසන් වුනේ නම්, එම භාණ්ඩය නැවත ලබාදිය යුතු ය. ඔහු කෙසේ එය ලබාගතේ ද, එසේ එය දෝෂ රහිතව බාර දිය යුතු ය. ඔහුට එය රඳවා තබා ගැනීමට හෝ ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට අවසර නැත. ඔහු එසේ කළේ නම් ඔහු පව්කාර ද්‍රෝහියෙකී.

මුයීර් ට තමාට අවශ්‍ය ඕනෑම මොහොතක තාවකාලික ප්‍රයෝජනය සඳහා ලබාදුන් භාණ්ඩය ඉල්ලා සිටිය හැකි ය. නමුත් එයින් මුස්තයීර්ට හානියක් නොවිය යුතු ය. එය ලබාගැනීමෙන් මුස්තයීර්ට හානියක් ඇතිවේ නම් එම තත්ත්වත්වයව යනතුරු පරක්කු කළ යුතු ය. නිදසුනක් ලෙස භූමියක් තාවකාලික ප්‍රයෝජනය සඳහා ගෙන එහි මුස්තයීර් වගා කළේ නම් එහි අස්වැන්න නෙළන තුරු මුයීර්ට එය නැවත ඉල්ලා සිටිය නොහැකිය.

උතරිතර අල්ලාහ් ප්‍රකාශ කරයි: "පැවරුම් ඒවායේ හිමිකරුවන් වෙත භාර දෙන ලෙස ද නුඹලා ජනයා අතර තීන්දු දෙන විට, යුක්ති සහගත ව තීන්දු දෙන ලෙස ද නුඹලාට නියත වශයෙන් ම අල්ලාහ් අණ කරයි. සැබැවින් ම අල්ලාහ් ඒ පිළිබඳ ව නුඹලාට උපදෙස් දීම යහපත් විය. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ශ්‍රාවක; සර්ව නිරීක්ෂක ය."

ආරියහ් සහ වදීයහ් අතර වෙනස

١
ආරියහ්ව ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට සොරකමට සමාන ය. ඔහුගේ අත කැපිය යුතු යි. නමුත් වදීයහ් වේ එසේ නොවේ.
٢
ආරියහ්ව පුද්ගලයෙකු තම අවශ්‍යතාව සඳහා ලබා ගනී. ඔහු එයට වගකියයි. නමුත් වදීයහ් අල්ලාහ්ගේ තෘප්තිය පතා ලබා ගන්නා දෙයකි. එය ලබා ගන්නා ආරක්ෂකයකි, සීමාව ඉක්මවා යෑමකින් හෝ සිතාමතා හානි කිරීමකින් තොරව ඔහු ඒ සඳහා වග නො කියයි.

ඉආරාහ් ගිවිසුම අවසන් කරන දෑ:

١
තාවකාලික ඉආරාහ් කාලය අවසන් වීම.
٢
මුයීර් ඉආරාහ් වෙන් ඉවත් වීම. එහි ස්වරූප කහිපයක් පවතී
٣
ගිවිසුම් කරුවන් දෙදෙනාගෙන් කෙනෙකුගේ සිහි විකල් වීම.
٤
මෝඩකම හෝ බංකොලොත්කම හේතුවෙන් ගිවිසුම් කරුවන්ගෙන්' කෙනෙකුට එරෙහිව තහනමක් ක්‍රියාත්මක වීම.
٥
ගිවිසුම් කරුවන්ගෙන්' කෙනෙකු මිය යෑම
٦
ආරියහ් භාණ්ඩය විනාශ වීම
٧
ආරියහ් භාණ්ඩයේ හිමිකම වෙන කෙනෙකු සතු වීම

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.