වත්මන් කොටස: model:
පාඩම ආරියහ්
ආරියහ් පිළිබඳ සංකල්පය
ආරියහ් ගණුදෙනුවේ නීතිය
ආරියහ් ගනුදෙණුව නීතිගත කිරීමේ ප්‍රඥාව
අල්ලාහ්ගේ කරුණාව හේතුවෙන් ඔහු ආරියහ් ගනුදෙනුව සඳහා අනුමැතිය ලබා දුන්නේය. මෙයින් භාණ්ඩය ලබාගන්නාගේ අවශ්‍යතාව ඉටුවේ. එසේම භාණ්ඩය ලබාදුන් පුද්ගලයාට කුසලක් ද හිමිවේ. ඒ භාණ්ඩයේ පැවැත්ම තමාට සුරක්ෂිත කරමින් තම සහෝදරයාට එහි වාසිය ඔහු ලබා දෙයි.
උත්තරීතර අල්ලාහ් ප්‍රකාශ කරයි : "තවද යහපතට හා බිය බැතිමත්කමට නුඹලා එකිනෙකා උදව් කර ගනු. පාපයට හා සතුරුකමට නුඹලා එකිනෙකා උදව් නොකරනු." (අල් මායිදා : 2)
අනස් බින් මාලික් (ඔවුන්ට අල්ලාහ්ගේ තෘප්තිය අත් වේවා!) පැවසූවේය: "වරක් මදීනාවේ වැසියන් බියට පත් වූ විට, නබි (සල්) තුමාණන් අබු තල්හාගෙන් අල්-මන්දුබ් නම් අශ්වයෙකු තාවකාලිකව ප්‍රයෝජනයට ගෙන එහි පිට නැඟී ගියේය. ඔහු ආපසු පැමිණි විට, “අපි (බිය වීමට) කිසිවක් නො දුටුවෙමු, නමුත් අශ්වයා ඉතා වේගවත්ය. (මුහුදේ ජලය මෙන් නොබිඳිය හැකි ශක්තියක් ඇත)." (අල් බුහාරි 2627, මුස්ලිම් 2307)
ආරියහ් ගිවිසුම වලංගු වීමට අදාළ කොන්දේසි
ආරියහ් වෙයි කුළුණු (මූලිකාංග)
මුස්තයීර් ට තාවකාලික ප්‍රයෝජනයට ගත් භාණ්ඩය ආරක්ෂා කරමින් රැකබලා ගැනීම අනිවාර්ය වේ. එය ඔහු හොඳින් පරිහරණය කළ යුතු ය. තවද දෝෂයකින් තොරව එහි හිමිකරුවාට බාර දිය යුතු ය. මුස්තයීර් ගෙ භාරයේ තිබෙන විට භාණ්ඩයට හානියක් සිදුවුවහොත් එයට ඔහු මුළුමනින් ම වගකිව යුතු ය. එය සිතාමතා සිදු වුවද, සිදු නොවුව ද වගකීම ගත යුතු ය. නමුත් අවසර ලද භාවිතයක දී සීමාව ඉක්ම වීමකින් හෝ සිතාමතා හානියක් සිදුවුනේ නම් මිස එයට වගකිවයුතු නැත.
මුස්තයීර් ට ඔහු තාවකාලිකව ප්‍රතිලාබ ලබා ගැනීම සඳහා ලබා ගත් භාණ්ඩයේ අවශතාව අවසන් වුනේ නම්, එම භාණ්ඩය නැවත ලබාදිය යුතු ය. ඔහු කෙසේ එය ලබාගතේ ද, එසේ එය දෝෂ රහිතව බාර දිය යුතු ය. ඔහුට එය රඳවා තබා ගැනීමට හෝ ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට අවසර නැත. ඔහු එසේ කළේ නම් ඔහු පව්කාර ද්‍රෝහියෙකී.
මුයීර් ට තමාට අවශ්‍ය ඕනෑම මොහොතක තාවකාලික ප්‍රයෝජනය සඳහා ලබාදුන් භාණ්ඩය ඉල්ලා සිටිය හැකි ය. නමුත් එයින් මුස්තයීර්ට හානියක් නොවිය යුතු ය. එය ලබාගැනීමෙන් මුස්තයීර්ට හානියක් ඇතිවේ නම් එම තත්ත්වත්වයව යනතුරු පරක්කු කළ යුතු ය. නිදසුනක් ලෙස භූමියක් තාවකාලික ප්‍රයෝජනය සඳහා ගෙන එහි මුස්තයීර් වගා කළේ නම් එහි අස්වැන්න නෙළන තුරු මුයීර්ට එය නැවත ඉල්ලා සිටිය නොහැකිය.
උතරිතර අල්ලාහ් ප්‍රකාශ කරයි: "පැවරුම් ඒවායේ හිමිකරුවන් වෙත භාර දෙන ලෙස ද නුඹලා ජනයා අතර තීන්දු දෙන විට, යුක්ති සහගත ව තීන්දු දෙන ලෙස ද නුඹලාට නියත වශයෙන් ම අල්ලාහ් අණ කරයි. සැබැවින් ම අල්ලාහ් ඒ පිළිබඳ ව නුඹලාට උපදෙස් දීම යහපත් විය. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ශ්‍රාවක; සර්ව නිරීක්ෂක ය."