වත්මන් කොටස: model:
පාඩම ස්ත්‍රී පුරුෂයින් අතර සම්බන්ධතාවය සඳහා නිර්ණායක.
ඉස්ලාමීය නීතිය ස්ත්‍රීන් හා පුරුෂයන් අතර ගනුදෙනු ඇතුළු විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන්ගේ කටයුතු නියාමනය කිරීම ගැන සැලකිලිමත් විය.සර්වබලධාරී අල්ලාහ් විසින් පුරුෂයා සහ ස්ත්‍රිය එකිනෙකාට ආකර්ෂණය වන පරිදි මැවූ අතර මෙම ආකර්ෂණයේ ප්‍රතිඵලය විවාහය තුළින් ප්‍රශංසනීය සහ නීත්‍යානුකූල වේ.එසේ නොවුවහොත් එය පාපයේ දොරටුවක් සහ අපරාධයන්ගෙන් දරුණු අපරාධයක් වන්නේය.. නබි තුමාණෝ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) පැවසූහ: "මගෙන් පසු මම කාන්තාවන්ට වඩා පිරිමින්ට අනතුරුදායක පීඩාවක් ඉතිරි කර නැත." (බුහාරි 5096, මුස්ලිම් 2741)
පුරුෂයෙකු හා ස්ත්‍රියක අතර සම්බන්ධයෙන් ඇති විය හැකි භයානකම දෙය නම් දුරාචාරයට ඇද වැටීම වන අතර, මෙම දුරාචාරය තහනම් කිරීමට පවිත්‍ර දහම එය නොකරන ලෙස පැවසීමෙන් පමණක් සිමා නොවූ අතර, එයට හුදු සමීප වීය හැකි එහි පූර්විකාවන් සහ හේතු විය හැකි දේ ගැන අනතුරු ඇඟවීය. උතරිතර අල්ලාහ් ප්‍රකාශ කරයි :"තවද නුඹලා කාම අපචාරයට ළං නොවනු. නියත වශයෙන්ම එය අශික්ෂිත කරුණකි. තවද එය මාර්ගයෙන් ද නපුරු විය." (අල් ඉස්රාඃ : 32). නබි තුමා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!)" මෙසේ ප්‍රකාශ කළේය: "දෑසෙහි කාම අපචාරය දෘෂ්ටිය වේ, කනෙහි කාම අපචාරය ශ්‍රවනයයි, දිවෙහි කාම අපචාරය කතාවයි, දෑතෙහි කාම අපචාරය ග්‍රහණයයි, කකුලෙහි කාම අපචාරය පිය නැගීමයි, සිත ආශා කරයි හා අපේක්ෂා කරයි, රහසඟට එය සාක්ෂාත් කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට හැකිය." (බුහාරි 2657, මුස්ලිම් 2657).
පවිත්‍ර දහම අවශ්‍යතාව අනුව දරුණු ප්‍රතිවිපාකවලට තුඩු දිය හැකි කිසියම් නොමග යෑමකින් හෝ දෝෂයක් වළක්වා ගැනීම සඳහා, අවශ්‍යතාව ඇති විට පිරිමින් කාන්තාවන් සමඟ ගනුදෙනු කිරීමේ දී එයට නිර්ණායක ගණනාවක් සකස් කළේය. මිලදී ගැනීම සහ විකිණීම, හා වෙනත් අවසර ලත් ගනුදෙනු, හෝ අවශ්‍යතාවයක් සඳහා: කාන්තා වෛද්‍යවරියක නොමැති විටක දී කාන්තාවක් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගැනීම.නිදසුන් ලෙස දැක්විය හැකිය.
බැල්ම පහත හෙළීම
ස්පර්ශ කිරීමෙන් හෝ අතට අත දීමෙන් වැළකීම
හුදකලා වීම මුලුමනින් ම වැළැක්වීම
මුස්ලිම් කාන්තාවන් සඳහා විශේෂ වූ නිර්ණායක ඇත, අවශ්‍යතාව පැනනගින විට ඔවුන් පිරිමින් සමඟ ගනුදෙනු කිරීමේ දී ඒවා පිළිපැදීම අනිවාර්ය වේ.
මුස්ලිම් කාන්තාවක් ආගමානුකූල ඇඳුමේ නිර්ණායක පිළිපැදීම අනිවාර්ය වේ. ඒ ප්‍රථමයෙන් අල්ලාහ්ගේ අණට අවනත වීමට සහ, පසුව ඇයට ගෞරව කරන ලෙසත් ඇයට ක්‍රියාවෙන්, කතාවෙන් සහ බැල්මෙන් හානියක් නොවන ලෙසත් මිනිසුන් කටයුතු කිරීම සඳහා ය. උතරීතර අල්ලාහ් ප්‍රකාශ කරයි: "තවද දේවත්වය විශ්වාස කරන කාන්තාවන්හට ඔවුන්ගේ බැල්ම පහත හෙළන මෙන් ද ඔවුන්ගේ ලිංගේන්ද්‍රියන් ආරක්ෂා කරන මෙන්ද ඔවුන්ගේ අලංකාරයන් එහි මතු පිටින් පෙනෙන දෑ හැර වෙනෙකක් හෙළි නොකරන මෙන් ද ඔවුන්ගේ ළැම මතට ඔවුන්ගේ මොට්ටැක්කිලිය දමන මෙන් ද නුඹ පවසනු." (අන් නූර් : 31). උතරීතර අල්ලාහ් ප්‍රකාශ කරයි: "අහෝ නබිවරය! ඔබ ඔබේ බිරියන්ටත් ඔබේ දූවරුන්ටත් දේවත්වය විශ්වාස කරන්නන්ගේ බිරියන්ටත් ඔවුන්ගේ මොට්ටැක්කිලියෙන් ඔවුන් මත (හිසේ සිට) පහළට ඇද වැටන සේ පළඳිනුයි පවසනු. එය ඔවුන් (ශිලාචාර කාන්තාවන් යැයි) හඳුනා ගැනීමටත් හිංසා කරනු නොලැබීමටත් වඩාත් උචිතය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී මහා කරුණාන්විත ය." (අල් අහ්zසාබ් : 59)