වත්මන් කොටස: model:
පාඩම (පෙර සිට පැවත එන) පිරිසිදුකම රැකීමේ පිළිවෙත්.
(පෙර සිට පැවත එන) පිරිසිදුකම රැකීමේ පිළිවෙත්.
ඒවා වනාහි ඒවා මත දෙවියාණන් මිනිසුන් මැවූ, මුස්ලිම්වරයෙකු ඒවා සිදු කිරීමෙන් පරිපූර්ණ වන ගුණාංග වේ, එමඟින් ඔහු විශීෂ්ඨ ගුණාංග සහ අලංකාරමත් ස්වරූපයක් මත පිහිටයි. මන්ද ඉස්ලාමය මුස්ලිම්වරයාගේ සෞන්දර්යාත්මක සහ අනුපූරක අංගයන් රැකබලා ගන්නා බැවිනි. එය ඔහුගේ බාහිර හා අභ්‍යන්තර දැහැමි බව ඒකාබද්ධ වීම අරමුණු කොට ගෙනයි.
ඇඟිලි කරු සේදීම.
ඇඟිලි කරු සහ පුරුක් සේදීම මුස්තහබ් හෙවත් ප්‍රිය ජනක ය.
නබි (සල්ලල්ලාහ අලෙයහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ: පෙර සිට පැවත එන කරුණු පහක් තිබේ: චර්දඡේදය, ලිංගේන්ද්‍ර වටා ඇති රෝම ඉවත් කිරීම, උඩු රැවුල කැපීම, නියපොතු කැපීම හා කිහිලි රෝම උදුරා දැමීම. (බුහාරි: 5552, මුස්ලිම්: 257)
කිහිලි රෝම ඉවත් කිරීම.
මුස්ලිම්වරු තම කිහිල්ලේ රෝමවලින් දුගඳක් පිට නො වීම සඳහා ඒවා ගැලවීම හෝ වෙනත් ඉවත් කිරීමේ ක්‍රමයකින් ඒවා ඉවත් කළ යුතු ය.
චර්දමඡේදය
එය වනාහි සාමාන්‍යයෙන් දරු ප්‍රසූතියේ ආරම්භක දිනවලදී ශිෂේණයේ (පෙර සම) ඉදිරිපස සම ඉවත් කිරීමයි. එය පිරිමින් සඳහා පෙර සිට පැවත එන කරුණු අතරින් හා වඩාත් ප්‍රියජනක කරුණු අතරින් එකක් වන අතර එහි බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ ඇත.
ලිංගේන්ද්‍ර රෝම ඉවත් කිරීම.
බෑමෙන් හෝ වෙනත් ක්‍රමයක් මඟින් ලිංගේන්ද්‍ර රෝම ඉවත් කිරීමයි.
උඩු රැවුල කැපීම.
උඩු රැවුල තබා ගැනීමට අවසරය ඇතත් එය ප්‍රියජනක කරුණක් නො වේ, නමුත් මුස්ලිම්වරයා එය තබා ගන්නේ නම්, ඔහු එය අධික ලෙස දිගු නො කළ යුතු අතර එය කැපීම හා කෙටි කිරීම පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.
යටි රැවුල වැවීම
රැවුල යනු නිකට සහ කම්මුල් දෙක මත වැඩෙන කෙස් ය. එය වවන ලෙස ඉස්ලාම් දහම පොළඹවයි. වැවීම යන්නෙහි තේරුම නම් එය තබා ගැනීම සහ එය කපා නො දැමීමයි. එය නබි (සල්) තුමාණන්ගේ සුන්නාහ්ව අනුගමනය කිරීම අරමුණු කොට වේ.
සිවාක් හෙවත් දත් මැදීම.
දත් පිරිසිදු කිරීම සඳහා අරාක් දඬුවලින් සාදන ලද දැහැටිය හෝ වෙනත් දෙයක් භාවිත කිරීම මෙයින් අදහස් කෙරේ. එය මුස්තහබ් හෙවත් ප්‍රිය ජනක ය.
නියපොතු කැපීම
මුස්ලිම්වරයකු තම නියපොතු කුණුවලින් පිරි නො යන අන්දමින් ඒවා කපා කොට කර තබාගත යුතු ය.
ශරීර කෘත්‍ය සම්පූර්ණ කළ පසු පිරිසිදු කර ගැනීම, මුඛයට හා නාසයට ජලය දමා පිරිසිදු කිරීම.
මේ පිළිබඳ වැසිකිලි යාමෙන් පසු ජලයෙන් පිරිසිදු කිරීමේ පාඩමෙහි සහ වුළු පිළිබඳ පාඩමෙහි සඳහන් විය.