වත්මන් කොටස: model:
පාඩම සුන්නත් සලාතයන් ඉටු කිරීමට තහනම් වේලාවන්
සුන්නත් සලාතයන් ඉටු කිරීමට තහනම් වේලාවන්
සෑම විටම විවිධ හේතු නිසා මුස්ලිම්වරයෙකුට සලාතට ඉටු කිරීමට අවසර ඇත. එනමුත් එයින් ඇතැම් වේලාවන් අන්‍යආගමිකයින් නමස්කාර කරන වේලාවන් වේ. එයින් ඇතැම් වේලාවන් අපායේ ගිනි මොලවනු ලබන වේලාවන් වේ. තවද ඒ අතරින් ෂෙයිතාන්ගේ අං දෙක අතරින් හිරු උදාවන වේලාවන් ද වේ. එහෙයින් මේ වේලාවන් තුළ යම් කාරණාවක් ඇත් නම් පමණක් සලාතයක් ඉටු කළ හැකි ය. උදාහරණයක් ලෙස ගත් කළ අතපසු වූ අනිවාර්ය සලාතයක් හෝ තහියියතුල් මස්ජිද් වැනි යම් කාරණාවක් පෙරටු වූ සලාතයක් ඉදිරිපත් කළ හැකි ය. මෙවැනි සලාතයන් ඒ වේලාවෙහි ඉටු කළ හැකි ය. මෙම නීතිය සලාතය සඳහා පමණි. අල්ලාහ්ව මෙනෙහි කිරීම ගත් කළ එයට නියමිත වේලාවක් නොමැත. ඕනෑ ම වේලාවක එය කළ හැකි ය.
ෆජ්ර් සලාතයෙන් පසු සිට හෙල්ලයක් තරම් (ඉස්ලාමීය නීතියේ දක්වා ඇති ආකාරයට අනුව) ස්වල්පයක් ඉහළට හිරු නැඟී අහසට නැඟෙන තුරු සහ සෞම්‍ය කලාපවල මෙම නැගීම සිදුවන්නේ හිරු උදාවෙන් මිනිත්තු 20 කට පමණ පසුව ය.
හිරු අහස මැදින් පහව යන්නට ආරම්භ කරන වේලාව. එනම් ළුහර් සලාතයේ වේලාව ආරම්භ වීමට සුළු වේලාවකට පෙර ය.
අසර් සලාතයෙන් පසුව හිරු අවරට යන තෙක්
اختر مستوى الشرح المناسب لك
يحتوي الدرس الآن على طبقات اختيارية تساعدك على المراجعة السريعة أو التعمق دون مغادرة الدرس.
- الملخص: نظرة سريعة في نحو دقيقة.
- الأساسي: محتوى الدرس الأصلي وهو المسار المعتمد للتقدم.
- المتعمق: تفاصيل إضافية اختيارية عند توفرها.
تقدمك وإكمال الدرس يعتمدان دائما على صفحات المستوى الأساسي.