දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම සකාත්: එහි යථාර්ථය සහ අරමුණු

සකාත් යනු ඉස්ලාමයේ තුන්වන කුළුණයි.මෙම ඒකකය තුළ ඔබ එහි අරමුණු සහ එය නීතිගත කිරීමේ සියුම් හේතුව පිළිබඳව ඉගෙන ගනු ඇත.

  • සකාත් හි යතාර්ථය පිළිබඳ දැනුවත් වීම.
  • එය නීතිගත වීමේ අරමුණු දැන ගැනීම.
  • සකාත් සඳහා සුදුසුකම් ලබන පාර්ශව දැන ගැනීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

සකාත්

සකාත් යනු ඉස්ලාමයේ තුන්වන කුළුණ වන අතර, දුප්පත්, අගහිඟකම් ඇති අයට සහ අනෙකුත් සුදුස්සන්ට ඔවුන්ගේ දුක් වේදනා සමනය කිරීම අරමුණු කොට මුදල්වලින් නිශ්චිත කොටසක් ලබා දීම සඳහා ධනවතුන්හට දෙවිඳාණෝ නියම කර ඇති මූල්‍ය වගකීමකි.

සකාත්හි අරමුණු

1. මුදලට ඇති ඇල්ම මනුෂ්‍ය සහජ බුද්ධියක් වන අතර එය ආරක්ෂා කර ගැනීමටත් එයට ඇලී සිටීමටත් මිනිසා උනන්දු වේ. එහෙයින් මසුරුකමෙන් ආත්මය පවිත්‍ර කර ගැනීමටත් මිනිසා තුළ වූ ලෞකික ඇල්මට ප්‍රතිකාර කිරීමටත් ඉස්ලාමීය නීතිය සකාත් ගෙවීමට නියම කර ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "ඔවුන්ගේ වස්තුවලින් ඔවුන් පිවිතුරු කරන ඔවුන් ව පාරිශුද්ධ කරන (සදකාවක්) දානයක් නුඹ ගනු. නියත වශයෙන්ම නුඹගේ පැතුම ඔවුනට සැනසුමකි. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවකය සර්වඥානී ය." (අත්තව්බා 103)

2. සකාත් ගෙවීම මඟින් සහජීවනය සහ සමීපත්වය පිළිබඳ මූලධර්මය සාක්ෂාත් කර ගත හැකි ය. මක්නිසාද යත් මනුෂ්‍ය ආත්මය තමාට යහපත සිදු කරන අයට ආදරය කිරීම මත ගොඩනැගී ඇත. එමඟින් මුස්ලිම් ප්‍රජාව එකිනෙකා ශක්තිමත් කරන ශක්තිමත් ව්‍යුහයක් මෙන් ආදරයෙන්, එකමුතුවෙන් ජීවත් වීමට හැකි වේ. එමෙන්ම සොරකම් සහ මංකොල්ලකෑම් ද අඩු වේ.

සකාත් ගෙවීම මඟින් වහල්භාවය, ලෝකයට අධිපති දෙවියන්ට සම්පූර්ණයෙන් යටත් වීම යන අරුත සාක්ෂාත් කර ගනී. පොහොසත් පුද්ගලයා තම මුදලින් සකාත් ගෙවන විට, ඔහු දෙවියන්ගේ නීතිය ක්‍රියාත්මක කරයි, ඔහුගේ අණ ක්‍රියාත්මක කරයි. සකාත් ගෙවීම හරහා ඔහු, එම ආශීර්වාදය ප්‍රදානය කරන්නා වූ මහෝත්තමයාට කෘතවේදී වෙයි. මෙම කෘතඥතාව සඳහා දෙවිඳාණෝ ඔහුට විපාක දෙයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "ඔබ කෘතවේදී වූයේ නම් මා ඔබට අධික කර දෙන්නෙමි." (සූරා ඉබ්රාහීම්:7)

4. සකාත් ගෙවීම තුළින් සමාජ ආරක්ෂණ සංකල්පය සහ සමාජයේ කණ්ඩායම් අතර සාපේක්ෂ සමතුලිතතාවය සාක්ෂාත් කරගනු ලැබේ. එය ලැබිය යුතු අයට බෙදා හැරීමෙන්, මූල්‍ය ධනය සමාජයේ සීමා වූ කණ්ඩායම් සතුව පමණක් නො පවතී. තවද ඔවුන් විසින් ඒකාධිකාරී කරනු නො ලැබේ. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි. "එය නුඹලා අතරින් වූ ධනවතුන් අතර පමණක් පරිහරණය නො වනු පිණිස ය." (සූරා අල්හෂ්ර්: 7)

සකාත් ලබා දෙන්නේ කවුරුන් හට ද?

ඉස්ලාම් සකාත් ලබා ගැනීමට සුදුසු කණ්ඩායම් පිළිබඳ විස්තර කර ඇත. මුස්ලිම්වරයෙකුට එය මේ වර්ගවලින් එකකට හෝ කීපයකට ලබා දීමට හෝ මුස්ලිම්වරුන්ගෙන් ලැබිය යුතු අයට බෙදා දෙන පුණ්‍යායතන හා සංවිධානවලට ලබා දීමට අවසර ඇති අතර එය සකාත් ගෙවන්නාගේ පදිංචි රට තුළ බෙදා හැරීම වඩාත් සුදුසු ය.

සකාත් ලබා ගැනීමට සුදුසුකම් ලබන අය

١
ෆකීර් නම් දුගියා: තමාගේ යම් අවශ්‍යතාවයක් තෘප්තිමත් කර ගැනීමට නොහැකිම පුද්ගලයා හෝ වසරකට ඔහුට ප්‍රමාණවත් දේවලින් අඩකට වඩා අඩු ප්‍රමාණයක් සොයා ගන්නා පුද්ගලයා.
٢
මිස්කීන් නම් දුප්පතා: ඔහුගේ වසරක වියදමෙන් අඩක් හෝ එයට වඩා වැඩිපුර ඔහු හිමි කර ගන්නා පුද්ගලයා.
٣
සකාත් එක් රැස් කරන සේවකයින්: ඔවුන් සකාත් එකතු කිරීම සහ බෙදා හැරීම සඳහා ඉමාම් විසින් සහය ලබා ගන්නා සේවකයින්ය.
٤
මුඅල්ලෆතුල් කුලූබ්: මොවුන් සමාජයේ යම් බල පුළුවන්කාර කමක් තරාතිරමක් ඇති අයගෙන් ඉස්ලාමයට පැමිණේවි යැයි අපේක්ෂා තැබිය හැකි හෝ ඔවුන්ගේ යටත් පිරිස එසේ කටයුතු කිරීම පිණිස හෝ මුස්ලිම්වරුන් එවැනි බල පුළුවන්කාර කමක් ඇති පිරිසගේ හිංසා පීඩාවන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා සකාත් ලබා දිය හැකි පිරිසයි.
٥
වහලුන්: එයින් අදහස් කරන්නේ ඔවුන් මෙතරම් දේපළ ලබා දෙන්නේ නම් ඔවුන් නිදහස් කරන බවට තම ස්වාමිවරුන් සමඟ ගිවිසුමක් ඇති කර ගත් වහලුන් ය. සකාත් භාණ්ඩවලින් වහලුන් නිදහස් කිරීමට සහ මුස්ලිම් සිරකරුවන් නිදහස් කිරීමට අවසර ඇත.
٦
ණයගැතියන්: මොවුන් ණය බරින් මිරිකී ගෙවා ගත නොහැකිව සිටින අය වෙති, එබැවින් ණය ගෙවීමේ කාළය පැමිණි ඔවුන්ගේ ණය ගෙවීමට ප්‍රමාණවත් දේ සකාතයෙන් ලබා දෙනු ලැබේ. නමුත් ඔවුන් ණය වූයේ අනුමත කරුණක් හේතුවෙන් විය යුතුයි. ඔවුන් ණය වූයේ තහනම් කරුණක් සඳහා නම් ඔවුනට සකාතයෙන් දෙනු නොලැබේ. ඔවුන් එයින් මිදී පාපොච්ඡාරණය කර එම පාපොච්ඡාරණය තහවුරු වූ පසු එවිට එයින් දෙනු ලැබේ. එමෙන්ම මෙම ගණයට : ආරවුල් ඇති කර ගත් දෙදෙනෙකුගේ ආරවුල පහ කිරීම සඳහා ණය වූ අයෙකු ද ඇතුළත් වේ. ඔහු පොහොසත් අයෙකු වූව ද එම ණය සඳහා ගෙවූ ප්‍රමාණය සකාතයෙන් දෙනු ලැබේ.
٧
අල්ලාහ්ගේ මාර්ගයෙහි : මෙයින් අදහස් කරන්නේ මුස්ලිම්වරුන්ගේ පොදු මුදල් වලින් වැටුපක් හෝ වේතනයක් හෝ හිමි නොවන ඉස්ලාම් ආගම ස්වේච්ඡාවෙන් ආරක්ෂා කරන අය වෙති. පොහොසත් වුවද ඒ සෑම කෙනෙකුටම ප්‍රමාණවත් දේ ලබා දෙනු ලැබේ.
٨
මගියා: අනුමත ගමනක සිටින හෝ අනුමත ගමනක නිරත වීමට බලාපොරොත්තුවෙන් සිටින මගියා වේ. එම ගමන විනෝදයක් සඳහා වූවද කම් නැත. අනුමත යන්නෙහි අදහස වනාහි එහි යම් පාපයක් එම ගමනෙහි නොතිබිය යුතුයි යන්නයි. එම ගමනින් නැවත පැමිණෙන චේතනාවෙන් පිටත් වන මගියාට ඔහු පිටත් ව යෑමේදී සහ නැවත පැමිණීමේදී අවශ්‍ය වාහන, ගමන් මලු යනාදී සියලු දේ ඔහුට ප්‍රමාණවත් තරම් ලබා දිය යුතුයි. ඔහු යන එම ගමන ම ඉස්ලාම් දහම තහනම් කළ ගමනක් නම් නැතහොත් ගමනෙහි යම් ඉස්ලාම් දහම තහනම් කළ දෙයක් වී නම් ඔහු එයින් මිදී පාපොච්ඡාරණය කර එම පාපොච්ඡාරණය තහවුරු වූ පසු එයින් දෙනු ලැබේ.

උත්තරීතර අල්ලාහ් ඒ පිළිබඳ මෙසේ සඳහන් කරයි: "අල්ලාහ්ගෙන් වූ නියමයක් වශයෙන් සදකාවන් (zසකාත්) හිමි විය යුත්තේ දුගියන්ට ද, දුප්පතුන්ට ද, ඒ සම්බන්ධ ව කටයුතු කරන සේවා දායකයින්ට ද, තම හදවත් (ඉස්ලාමය වෙත) නැඹුරු වූවන්ට ද, වහලුන් නිදහස් කිරීමේ දී ද, ණය ගැතියන්ට ද, අල්ලාහ්ගේ මාර්ගයෙහි ද, මගියන්ට ද වේ. තවද අල්ලාහ් සර්ව ඥානී ය. සියුම් ඥානවන්ත ය. (අත් තව්බා: 60)

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.