වත්මන් කොටස: model:
පාඩම මලාඉකාවරුන් හෙවත් සුර දූතයින් පිළිබඳ විශ්වාස කිරීම.
මලාඉකාවරුන් පිළිබඳ විශ්වාස කිරීම යනු කුමක් ද?
මලාඉකාවරුන් පිළිබඳ විශ්වාස කිරීමේ වැදගත්කම.
මලාඉකාවරුන් පිළිබඳ විශ්වාස කිරීම සෑම මුස්ලිම්වරයෙකුට ම අනිවාර්ය වේ. එය ප්‍රතික්ෂේප කරන්නා සැබැවින් ම නොමඟ ගිය කෙනෙකු බවට පත් වේ. මේ පිළිබඳ උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ මෙසේ ප්‍රකාශ කරති. “කවරෙකු අල්ලාහ් ව ද, ඔහුගේ මලායිකාවරුන් ව ද, ඔහුගේ ධර්ම පුස්තක ද, ඔහුගේ දූතයින් ව ද, අවසාන දිනය ද ප්‍රතික්ෂේප කරන්නේ ද, නියත වශයෙන් ම ඔහු (සත්‍යයෙන්) වඩාත් දුරස් වූ දුර්මාර්ගයෙහි ම ගමන් කරන්නේ ය.” (සූරා අන් නිසා - 136) මේ අනුව, ඊමානයේ මූලිකාංග වන මෙම කරුණු ප්‍රතික්ෂේප කිරීම කුෆ්ර් හෙවත් ඉස්ලාමය ප්‍රතික්ෂේප කිරීමක් හෝ ඉස්ලාමයෙන් බැහැර වීමක් ලෙස සැලකේ.
අහසෙහි සිටින්නන් (අධික වීම) හේතුවෙන් අහසෙහි බර වැඩි වූ බවත් එහි සිටගෙන නමදිමින් සිටින හෝ රුකූ කරමින් සිටින හෝ සුජූද් කරමින් සිටින මලක්වරයෙකු නොමැති වියතක ප්‍රමාණයක හෝ අවකාශයක් නොමැති බවත් දේව දූත මුහම්මද්තුමාණන් දැනුම් දී ඇත.
මලාඉකාවරුන් පිළිබඳ විශ්වාස කිරීමෙහි අන්තර්ගත කරුණු මොනවා ද?
මලාඉකාවරුන්ගේ ගුණාංග හා ස්වභාවය විශ්වාස කිරීම
උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් විසින් මලඉකාවරුන්ට විවිධ කාර්යයන් පවරා දී ඇත. ඒවායින් කිහිපයක් මෙසේ දැක්විය හැකි ය.
යම් පුද්ගලයෙකු, නිශ්චිත ව ම මරණයට පත් වේ යැයි සිතෙන, ඉතා මාරාන්තික අනතුරකින් දිවි බේරා ගත් බවට ආරංචි වුවහොත්, බොහෝ විට අපි පුදුමයට පත් වෙමු. නමුත්, උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ගේ අණ පරිදි මිනිසුන් ව එවැනි අනතුරුවලින් මරණයට පත් නො වී බේරා ගැනීම ද මලාක්වරුන්ට පැවරී ඇති කාර්යයන්ගෙන් එකක් බව අප අමතක නො කළ යුතු ය.