වත්මන් කොටස: model:
පාඩම හජ් යන්නෙහි තේරුම සහ එහි මහිමයන්
හජ් හි තේරුම
හජ් යනු ඇතැම් කර්තව්‍ය ඉටු කිරීම සඳහා නිශ්චිත වේලාවක දෙවියන්ගේ පූජනීය මන්දිරයට යාම වේ. අතර ඒවා ඉහ්රාම් නම් චේතනාව තබා ඒ කර්තව්‍ය තුළ ඇතුළු වීම, පූජනීය ගෘහය වටා හත් වරක් සක්මන් කිරීම, හත් වරක් සෆා මර්වා අතර ගමන් කිරීම, අරෆාවෙහි සිටීම, මිනාවෙහි පිහිටි ජමරාත් වලට ගල්කැට විසිකිරීම වැනි නබි (සල්) තුමාණන්ගෙන් පැමිණි ක්‍රියාවන් සහ කියමන් වේ. හජ් වන්දනාකරුවන්ට හිමිවන මහා සමාව, මුස්ලිම්වරුන් අතර එකිනෙකා දැන හඳුනා ගැනීම, ආගමේ නීති ඉගෙනීම ඇතුළු වෙනත් විශාල ප්‍රතිලාභ එහි අන්තර්ගත වේ.
හජ් හි නීතිය
එය ඉස්ලාම් දහමෙහි පස්වන කුළුණ වේ. එය හැකියාව ඇති සෑම මුස්ලිම්වරයකුටම ජීවිත කාලය තුළ එක් වරක් අනිවාර්ය වේ. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: තවද අල්ලාහ් වෙනුවෙන් එම ගෘහයෙහි හජ් ඉටු කිරීම සඳහා ඒ වෙතට යෑමට හැකියාව ඇති ජනයා වෙත පැවරුණු වගකීමකි. එබැවින් සැබැවින්ම අල්ලාහ් ලෝවැසියන්ගෙන් පොහොසත්ය. (ආල ඉම්රාන්: 97)
-
මුස්ලිම්වරයාට හැකියාව තිබූ විට හජ් කර්තව් කල් නොදමා එය ඉටු කිරීමට ඉක්මන් වීම අනිවාර්ය වේ.
හජ් හි කාලය
හජ් සඳහා නියමිත වේලාවන් සහ ස්ථාන කිහිපයක් ඇත.
නියමිත කාල වේලාවන්
හජ් කර්තව්‍ය සඳහා ප්‍රසිද්ධ මාස ඇත. එහි හැර වෙනත් මාස වල හජ් කර්තව්‍ය තුළ ඇතුළුත් වීම නිවැරදි නොවේ; ඒ මාස වනාහි : ෂව්වාල්, දුල්-කඅදා සහ දුල්-හිජ්ජා යන මාස වේ. හජ් හි කර්තව්‍ය මූලික වශයෙන් පදනම් වන්නේ ඉස්ලාමීය දින දර්ශනයේ චන්ද්‍ර මාසවලින් දොළොස්වන දුල්-හිජ්ජා මාසයේ අටවන සහ දහතුන්වන දින අතරය.
මේ නියමිත ස්ථාන වනාහි ඉහ්රාම් නොමැතිව මක්කමට එගොඩ වීමට පිටතින් පැමිණෙන වන්දනාකරුවෙකුට අවසර නැති ස්ථාන වේ. මදීනා වැසියන්ගේ නියමිත ස්ථාන යනු දුල්-හුලයිෆා ය. ෂාම් වැසියන්ගේ නියමිත ස්ථානය වනාහි ජුහ්ෆා වේ. නජ්ද් වැසියන් සඳහා නියමිත ස්ථානය යනු කර්න් අල්-මනාසිල් ය. යෙමන් වැසියන් සඳහා නියමිත ස්ථානය යනු යලම්ලම් ය. ඉරාකයේ මිනිසුන් සඳහා නියමිත ස්ථානය දාතු ඉර්ක් වේ. මෙම ස්ථාන ඒ ඒ ප්‍රදේශ වැසියන්ට සහ හජ් හෝ උම්රා ඉටු කිරීමට ඒ ප්‍රදේශය හරහා පැමිණි අය සඳහා ද වේ.මෙම ස්ථාන පළපුරුදු පුද්ගලයින් සහ නවීන සිතියම් හරහා දැන ගත හැක.
හජ් අනිවාර්ය වීමේ කොන්දේසි
පළවෙනි කොන්දේසිය ඉස්ලාම් විය යුතුය
මුස්ලිම් වූ අයෙකුට හජ් අනිවාර්ය වන අතර, මුස්ලිම් නොවන අය සඳහා හජ් අනිවාර්ය නොවේ. එය ඔහුට වලංගු නොවේ, මන්ද යම් නැමදුමක් වලංගු වීමට නම් ඔහු මුස්ලිම්වරයකු වීම කොන්දේසියකි.
දෙවන කොන්දේසිය: සිහි බුද්ධිය
ඔල්මාදය ඇති වූ පුද්ගලයකුට හජ් අනිවාර්ය නොවේ. ඔහුගෙන් හජ් කර්තව්‍ය වලංගු නොවේ.හේතු සිහි බුද්ධිය වනාහි යම් නැමදුමක් අනිවාර්ය වීමට සහ වලංගු වීම සඳහා වු කොන්දේසියකි. නබි(සල්) තුමාණන් පැවසූ බව මෙසේ සඳහන් වේ: පෑන තිදෙනෙකුගෙන් ඉවත් කරන ලදී: නිදාගන්නා ඔහු නින්දෙන් අවදි වන තෙක්, දරුවා ඔහු වැඩිවියට එළඹෙන තුරු, ඔල්මාදය ඇති වූ පුද්ගලයා ඔහුට බුද්ධිය එන තුරු. (මූලාශ්‍රය: අබූ දාවූද්)
තෙවන කොන්දේසිය: වැඩි වියට එළඹීම
කුඩා ළමයෙකුට හජ් ඉටු කිරීම අනිවාර්ය නොවේ. මන්ද නබි වදනක මෙසේ සඳහන් වේ: පෑන තිදෙනෙකුගෙන් ඉවත් කරන ලදී: නිදාගන්නා ඔහු නින්දෙන් අවදි වන තුරු, දරුවා ඔහු වැඩිවියට එළඹෙන තුරු, ඔල්මාදය ඇති වූ පුද්ගලයා ඔහුට බුද්ධිය එන තුරු. (මූලාශ්‍රය: අබූ දාවූද්)
කුඩා ළමයකු හජ් ඉටු කළේ නම් ඔහුගේ හජ් කර්තව්‍ය වලංගු වන නමුත් ඔහුගේ අනිවාර්ය හජ් කර්තව්‍ය එමඟින් ගිලිහී නොයයි. ඒ පිළිබඳ නබි (සල්) තුමාණන් මෙසේ පැවසූ බව මෙසේ වාර්තා කරන ලදී: කවර හෝ කුඩා ළමයකු හජ් කර්තව්‍ය ඉටු කර පසුව ඔහු වැඩිවියට පත් වන්නේ නම් ඔහු නැවත වරක් හජ් කර්තව්‍ය ඉටු කළ යුතුයි. (සුනන් අල්කුබ්රා ලිල් බයිහකී: 2/140)
සිව්වන කොන්දේසිය: වහල්භවෙන් නිදහස් අයෙකු විය යුතුයි.
ස්වාමියකු යටතේ සිටින වහලෙකු හජ් ඉටු කිරීම අනිවාර්ය නොවේ. ඔහු තම ස්වාමියාට සේවය කිරීමට කාර්යබහුල බැවින් ඔහුට හජ් නොකර සිටීමට අවසර දෙනු ලැබේ. ඔහු හජ් ඉටු කළ ද ඔහුගේ අනිවාර්ය හජ් කර්තව්‍ය ඔහුගෙන් ගිලිහී නොයයි. ඒ බව නබි (සල්) තුමාණන් පැවසූ බව මෙසේ වාර්තා කරන ලදී: කවර හෝ වහළෙකු හජ් ඉටු කර පසුව ඔහුට නිදහස ලැබුණේ ද ඔහු නැවත වරක් හජ් ඉටු කළ යුතුයි. (අස්සුනන් අල් කුබ්රා ලිල්බයිහකී 2/140)
පස්වන කොන්දේසිය
හජ් අනිවාර්ය වන්නේ ශරීරයෙන් ශක්තිය ඇති ගමන සඳහා හැකියා ඇති, හජ් ඉටු කිරීමට යා හැකි ආහාර ද්‍රව්‍ය සහ වාහන පහසුකම් ඇති අයෙකු සඳහා ය. කාන්තාවක් නම් එම ගමනෙහි ඇය සමඟ මහ්රම් නොහොත් සමීප ඥාතියකු සිටිය යුතුය. මන්ද මහ්රම් කෙනෙකු නැතිව ඇයට හජ් හෝ වෙනත් ගමනක තනිවම නිරත වීමට අවසර නැති හෙයිනි.
උත්තරීතර අල්ලාහ් හජ් පිළිබඳ මෙසේ සඳහන් කර ඇත: තවද අල්ලාහ් වෙනුවෙන් එම ගෘහයෙහි හජ් ඉටු කිරීම සඳහා ඒ වෙතට යෑමට හැකියාව ඇති ජනයා වෙත පැවරුණු වගකීමකි. (ආලු ඉම්රාන් 97)
-
හජ් සඳහා හැකියාව දරන විවිධ අවස්ථා
කාන්තාවක් සමඟ සමීප ඥාතියකු සිටීම යන කොන්දේසිය
කාන්තාවක් හජ් ඉටු කිරීම සඳහා මහ්රම් කෙනෙකු අවශ්‍ය වේ, එබැවින් කාන්තාවක් ඇගේ මහ්රම් කෙනෙකු සමඟ සිටින්නේ නම් මිස හජ් ඉටු කිරීම ඇයට අනිවාර්ය නොවේ. එනම්: ඇගේ ස්වාමිපුරුෂයා හෝ පියා වැනි ඇය සමඟ විවාහය සදහටම තහනම් වන සීයා, පුතා, පුතාගේ පුතා, සහෝදරයන් සහ ඔවුන්ගේ පුතුන්, මාමා සහ මහප්පා යන අය වෙති.
-
හජ් හි මහිමයන්
හජ් කර්තව්‍යය පිළිබඳ බොහෝ මහිමයන් සහ යහපත් ප්‍රතිඵල සඳහන් වී ඇත. ඒවායින්.
1- එය ශ්‍රේෂ්ඨ ක්‍රියාවන් වලින් එකකි
නබි (සල්) තුමාණන්ගෙන් ක්‍රියාවන්ගෙන් විශිෂ්ඨ ක්‍රියාව කුමක්ම යනුවෙන් විමසන ලදී. එවිට එතුමාණන් "අල්ලාහ් පිළිබඳ හා ඔහුගේ ධර්ම දූතයාණන් පිළිබඳ විශ්වාස කිරීම වේ" යනුවෙන් පැවසූහ. ඉන් අනතුරුව කුමක්ද යනුවෙන් විමසන ලදී. එවිට එතුමාණන් "අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීම වේ" යනුවෙන් පැවසූහ. ඉන් අනතුරුව කුමක්ද යනුවෙන් විමසන ලදී. එවිට "පිළිගන්නා ලද හජ් කර්තව්‍ය වේ" යනුවෙන් පැවසූහ. (බුහාරි 1447/ මුස්ලිම් 83)
2- එය සමාව සඳහා විශිෂ්ට සමයකි
නබි (සල්) තුමාණන් මෙසේ පැවසූහ: කවරෙකු -වෙනත් වාර්තාවක" මෙම නිවස වෙත- අසභ්‍ය ලෙස නොහැසිරී, අකුසල් නොකර අල්ලාහ් වෙනුවෙන් හජ් ඉටු කළේ ද ඔහුගේ මව ඔහුව බිහි කළ දිනයේ මෙන් ඔහු ආපසු පැමිණේ.(බුහාරි 1449/ මුස්ලිම් 1350) එනම් අකුසල් වලින් නිදහස් ව අලුතින් ඉපදුනාක් මෙන් ඔහු ආපසු පැමිණෙනු ඇත.
3- අපාය ගින්නෙන් නිදහස් වීමට කදිම අවස්ථාවකි
නබි (සල්) තුමාණන් මෙසේ පැවසූහ: "අරෆා දිනයෙහි ගැත්තන් අපායෙන් අධික ලෙස නිදහස් කරනු ලබන වෙනත් දිනයක් නොමැත." (මුස්ලිම් 1348)
4- ඔහුගේ වේතනය ස්වර්ගයයි
නබි (සල්) තුමාණන් මෙසේ පැවසූහ: පිළිගනු ලබන හජ් කර්තව්‍යක් සඳහා ස්වර්ගය මිස වෙනකක් කුලියක් වශයෙන් නොලැබේ. (1683/ මුස්ලිම් 1349) මේ ආදී ගුණ ධර්ම ඇත්තේ තම චේතනාව සත්‍ය වූ, අභ්‍යන්තරය පවිත්‍ර වූ, අල්ලාහ්ගේ දූතයාණන්ව අනුගමනය කිරීම නිවැරදි වූ අය සඳහාය.