වත්මන් කොටස: model:
පාඩම හජ් ඉටු කරන ආකාරය
හජ් ඉටු කිරීම සඳහා ක්‍රම තුනත් තිබේ. ඒවා වනාහි: තමත්තුඋ, කිරාන්, ඉෆ්රාද් යන්න වේ. තවද හජ් වන්දනාකරුට තම වන්දනාව සිදු කිරීම සඳහා මෙම ක්‍රම තුනෙන් එකක් තෝරා ගත හැකිය.
1-තමත්තුඃ ක්‍රමය
කිරාන් ක්‍රමය
අල් ඉෆ්රාද්
අපගේ මුහම්මද් නබිතුමාණන් සහ එතුමාණන්ගේ සහගාමීන් ඉටු කළ ආකාරයටට හජ් ඉටු කිරීමට මුස්ලිම්වරයෙකු උනන්දු විය යුතුය. ජාබිර් (රළි) තුමාණන් විසින් මෙසේ වාර්තා කරන ලදී: නහ්ර් දිනයේ තම වාහනය මත සිට ගල් ගසමින් සිටි නබි (සල්) තුමාණන් ව මා දුටුවෙමි. එවිට එතුමාණන්: "ඔබේ හජ් කර්තව්‍යයන් අවධානයෙන් යුතුව ලබා ගන්න. මන්ද මෙම මාගේ හජ් කර්තව්‍යයට පසු මා වෙනත් හජ් කර්තව්‍යයක් ඉටු කරමි ද කියා මා නොදනිමි" යනුවෙන් පවසමින් සිටියහ. (සහීහ් මුස්ලිම්)
මීකාතය වෙත හජ් ඉටු කරන අයෙකු පැමිණියේ නම් ඔහු පැළඳ සිටි වස්ත්‍ර ඉවත් කර ස්නානය කර තම හිසෙහි හා රැවුලෙහි සුවඳ විලවුන් ගල්වා ඉහ්රාම් වස්ත්‍රය පැළඳ ගත යුතුයි. පළඳින වේලාව අනිවාර්ය සලාතයක වේලාවක් නම් ඔහු අනිවාර්ය සලාතය ඉටු කරයි. නැතහොත් වුළු දෝවනය සිදු කළ පසු ඉටු කරන සුන්නත් සලාතය ඉටු කරන බවට චේතනාව තබා රක්අත් දෙකක් ඉටු කරනු ඇත
ඔහු සලාතය අවසන් කළ පසු, ඔහු තමන් ඉටු කිරීමට අපේක්ෂා කරන හජ් ක්‍රමයට ඇතුළු වන බවට සිතෙන් අදිටන් කර ගනී.
-
මක්කාවට ඇතුළු වීමට පෙර ස්නානය කර ගැනීම සුන්නත් වේ. පසුව ඔහු තමත්තුඋ ක්‍රමය අනුගමනය කරන අයෙකු නම් මස්ජිදුල් හරාම් දේවස්ථානය වෙත උම්රා ඉටු කිරීම සඳහා පිටව යයි. කිරාන් හෝ ඉෆ්රාද් ක්‍රමය අනුගමනය කරන අයෙකු නම් එහි තවාෆුල් කුදූම් නම් තවාෆය සිදු කිරීම සුන්නත් වේ.
මස්ජිදුල් හරාමයට ඇතුළත් වීමේ දී දකුණු පාදය ප්‍රථමයෙන් තබා ඇතුල් විය යුතුයි. එවිට මස්ජිදයට අතුල් වීමේ දී කිව යුතු ප්‍රාර්ථනාවන් කිව යුතුයි. කාබාව වෙත ළඟා වී තවාෆය ආරම්භ කිරීමට පෙර තල්බියා පැවසීම අවසන් කළ යුතුයි. පිරිමයකු සඳහා ඉල්තිබා ක්‍රමය සුන්නත් වේ. එය වනාහි: ඒ ඔහුගේ සළුවේ මැද දකුණු කිහිල්ලේ ද කෙළවර දෙක වම් උරහිසේ ද තැබීම වේ.
-
රුකුනුල් යමානී යන ස්ථානය ළඟා වූ විට එය සිප නොගෙන ස්පර්ශ කරයි. එසේ කිරීමට නොහැකි වූ විට ඒ වෙත සංඥා ද නොකරයි. රුක්නුල් යමානී සහ හජරුල් අස්වද් යන ස්ථාන අතර " රබ්බනා ආතිනා ෆිද්දුන්යා හසනතන් වෆිල් ආහිරත් හසනතන් වකිනා අදාබන්නාර්" යනුවෙන් පැවසිය යුතුයි.
තවාෆ්හි වට හත අවසන් කළ පසු ඉහ්රාම් හි ඉහළ වස්ත්‍රයෙන් ශරීරයේ ඉහළ කොටස ආවරණය වන අයුරින් පැළඳ ගත යුතුයි. පසුව මකාම් ඉබ්රාහීම් නමැති ස්ථානයට පසුපස හෝ දේවස්ථානයේ ඕනෑම ස්ථානයට ගොස් රක්අත් දෙකක් ඉටු කළ යුතුයි. එහි පළමු රක්අතයෙහි සූරතුල් ෆාතිහාවට පසු " කුල් යා අයියුහල් කාෆිරූන්" පරිච්ඡේදය ද දෙවන රක්අතයෙහි "කුල් හුවල්ලාහු අහද්" පරිච්ඡේදය ද පාරායනය කළ යුතුයි.
පසුව සඊ ඉටු කරන ස්ථානය වෙත යනු ඇත. සෆා කන්ද වෙත ළඟා වන විට " ( إِنَّ الصَّفَا وَالْمَرْوَةَ مِنْ شَعَائِرِ اللَّهِ) යනුවෙන් පාරායනය කර " أبدأ بما بدأ الله به."අබ්දඋ බිමා බදඅල්ලාහු බිහී" යනුවෙන් පැවසිය යුතුයි. එහි අර්ථය අල්ලාහ් ආරම්භ කළ දැයින් මා ආරම්භ කරමි යන්නයි.
ඔහු තමත්තුඋ ක්‍රමයට හජ් ඉටු කරන්නෙකු නම් සඊ කර්තව්‍ය අවසන් කළ පසු හිසකෙස් මුඩු කිරීම හෝ කොට කිරීම සිදු කරනු ඇත. හිසකෙස් මුඩු කිරීම පිරිමීන්ට වඩාත් යෝග්‍යය. එනමුත් මුඩු නොකර හිසකෙස් කොටට කපා ගත්තේ නම් වරදක් නැත. කාන්තවක් ගත කල ඇය තම හිසකෙස් අඟලකින් කෙටි කර ගනු ඇත. තමත්තුඋ ක්‍රමයට හජ් ඉටු කරන්නෙකු මේ කරුණු සම්පූර්ණ කළ විට ඔහුගේ උම්රා ව අවසන් වේ. ඉහ්රාම් තත්ත්වයට ඇතුල් වීමෙන් ඔහුට අනුමත නොවූ සියල්ල ඔහුට අනුමත වේ.එනමුත් කිරාන් හෝ ඉෆ්රාද් ක්‍රමයට හජ් ඉට කරන අයෙකු ගත් කල ඔහු සඊ කර්තව්‍ය ඉටු කළ පසු තම හිසකෙස් මුඩු නොකරයි. එමෙන්ම එය කොටට කපා නොහරී . ඔහු තම ඉහ්රාම් තත්ත්වයේම පසු වේ.
තර්වියා දිනය දුල්-හිජ්ජාවේ අටවන දිනය වන අතර හජ් හි මූලික කටයුතු ආරම්භ වන්නේ එදිනය. කවරෙකු තමත්තුඋ ක්‍රමයට අනුව හජ් ඉටු කරන්නෙකු ඔහු සිටින ස්ථාානයේ සිට එදින ලුහා වේලාවෙහි ඉහ්රාම් තත්ත්වයට ඇතුල් වනු ඇත. එහෙයින් ඔහු ස්නානය කර සුවඳ විලවුන් ගල්වා ඉහ්රාම් වස්තුය පැළඳ සලාතය ඉටු කරයි. පසුව හජ් හි චේතනාව තබා " ලබ්බයිකල්ලාහුම්ම හජ්ජන්" යනුවෙන් පවසනු ඇත. එනමුත් කිරාන් හෝ ඉෆ්රාද් ක්‍රමයට හජ් ඉටු කරන්නෙකු ගත් කළ ඔවුන් පෙර සිටම ඉහ්රාම් තත්ත්වයේ පසුවන්නන් වෙති. ඉන් අනතුරුව ළුහර් සලාතයට පෙර මිනා වෙත සියල්ලෝම පිටව යනු ඇත. එහි රැඳී සිට එදින රාත්‍රිය එහි ගත කළ යුතුයි. එහි ළුහර්, අසර්, මග්රිබ්, ඉෂා යන සලාතයන් ඉටු කරනු ඇත. එමෙන්ම රක්ආත් හතරකින් සමන්විත සලාතයන් එකට එකතු නොකර කෙටි කර ඉටු කරනු ඇත. ඉන් පසු දින වන නම වන දින ෆජ්ර් සලාතය ද මිනාවෙහි ම ඉටු කරනු ලැබේ. එහි ගත කරන කාලය තුළ අධික ලෙස අල්කුර්ආන් පාරායනය, අල්ලාහ්ව මෙනෙහි කිරීම් හා තල්බියියා පැවසීම යනාදිය සිදු කළ යුතුයි.
දුල්-හිජ්ජා මස නවවන දිනය වන අරෆා දිනයේ හිරු උදා වීමත් සමඟ, මිනා සිට අරෆා දක්වා සර්වබලධාරි දෙවියන්ව සිහිපත් කරමින්, තල්බියා පවසමින් සාමකාමීව හා නිශ්ශබ්දව ගමන් කළ යුතුයි. හැකි නම්, නමිරා නැමැති ස්ථානය වෙත හිරු අහස මැදින් ඉවත්ව යන තෙක් රැඳී සිටීම සුන්නත් වේ. එසේ නොමැති නම් ඔහු අරෆා වෙත ඇතුළු වේ. එහි වරදක් නැත. හිරු අහස මැදින් ඉවත්ව ගිය විට, ළුහර් සහ අසර් කෙටි කර එකට එකතු කර ළුහර් වේලාවෙහි ඉටු කරනු ඇත. පසුව අල්ලාහ් ව මෙනෙහි කිරීම, ඔහුගෙන් අයැදීම සහ ඔහු වෙත නැඹුරු වී කන්නලව් කිරීම සිදු කළ යුතුයි. එමෙන්ම කිබ්ලාව දෙසට හැරී දෑත් ඔසවමින් ඔහු කැමති දේ අයැද සිටී.
හජ් කර්තව්‍ය ඉටු කරන්නා මුස්දලිෆා වෙත පැමණියේ නම් එහි මග්රිබ් සහ ඉෂා සලාතය එකට එකතු කර එමෙන්ම ඒවා කෙටි කර ඉටු කරනු ඇත. එවිට අදාන් එකක් සහ ඉකාමක් දෙකක් පවසනු ඇත. පසුව එහි රාත්‍රිය ගත කර ෆජ්ර් වේලාව උදා වූ විට ෆජ්ර් සලාතය ඉටු කරයි. පසුව අල්ලාහ්ව මෙනෙහි කිරීම, ඔහුගෙන් දෑත් ඔසවා කිබ්ලාව වෙත හැරී අයැද සිටීම යනාදී කටයුතු වල නිරත වේ. අහස කහ පැහැ ගැන්වෙන තුරු මෙලෙස අල්ලාහ් ව මෙනෙහි කර ඔහුව ප්‍රශංසාවට ලක් කර ප්‍රාර්ථනාවන් හි නිරත වෙති.
දුල්-හිජ්ජා දහවන දිනයේදී හිරු උදාවීමට පෙර මීනා වෙත යයි. ගමන් කරන අතරවාරයේ ගල් කැට හතක් අහුලා ගනී. එම ගල් කැට කඩල ඇටයකට වඩා ටිකක් විශාල ගල් කැට හතක් විය යුතුයි. මිනා වෙත පැමිණි කල්හි මක්කාවට අසල ඇති අවසාන ව පිහිටි ජමරතුල්-අකබා වෙත ගල් කැට හතක් විසි කරයි. සෑම වාරයකම අල්ලාහු අක්බර් යැයි පැවසිය යුතුයි. ඉන් අවසන් වූ පසු ඔහු සත්ත්ව කැපයක් ලබා දෙනු ඇත. පසුව හිසකෙස් මුඩු කරනු ඇත. නැතහොත් ඒවා කොටට කපා දමනු ඇත. කාන්තාවක් නම් අඟලක් තරම් තම හිසකෙස් කොට කළ යුතුයි.ඉන් අනතුරුව හජ් වන්දනාකරු පිරිසිදු වි සුවඳ විලවුන් ගල්වා, මක්කාවට ගොස් හජ් හි කුළුණු වලින් එකක් වන තවාෆ් අල්-ඉෆාළා ඉටු කර පසුව සඊ කර්තව්‍ය ඉටු කර මිනා වෙත ආපසු ගොස් එහි රාත්‍රිය ගත කිරීම සුන්නත් වේ වේ. එහි එකොළොස් වන රාත්‍රිය ගත කරනු ඇත.
හජ් ඉටු කරන අයෙකු තෂ්රීක් දිනයන් වන එකළොස් හා දොළොස් වන දින මිනාහි රාත්‍රිය ගත කිරීම අනිවාර්ය වේ. සම්පූර්ණ දවස් දහතුනම රැඳී සිට ප්‍රමාද වී යන අයෙකු නම් දහතුන් වන රාත්‍රිය ද ගත කිරීම අනිවාර්ය වේ. හිරු අහස මැදින් ඉවත් ව ගිය පසු ජමරාත් තුනටම ගල්කැට විසි කළ යුතුයි.
ජමරාත් හි ගල්කැට විසිකළ යුුතු අයුරු
ඔහුට මක්කම හැර තම දේශය වෙත යාමට අභිමත කළ විට , සමුගැනීමේ තවාෆය ඉටු කරන තුරු ඔහු පිටව නොයා යුතුයි. ඔහු ගමන සඳහා පිටත්ව යෑමේදී ඔහුගේ අවසාන හෝරාව සමුගැනීමේ තවාෆය විය යුතුයි. : ධර්ම දූතයාණන් මෙසේ පැවසූ බව ඉබ්නු අබ්බාස් (රළි) තුමාණන් මෙසේ පැවසීය "ඔහුගේ අවසාන හෝරාව කාබාවෙහි ඇති වන තුරු කිසිවෙකු එයින් පිටව නොයා යුතුයි." (මුස්ලිම්) ඔසප් වූ කාන්තාව සඳහා මෙම තවාෆව අනිවාර්ය නොවේ.