දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම හජ් ඉටු කරන ආකාරය

නබි (සල්) තුමාණන් හජ් ඉටු කරන ආකාරය තම සමූහයට ඉගැන්වූහ. මෙම පාඩමේදී, ඔබ සුන්නාහ්වට අනුව හජ් ඉටු කරන ආකාරය ඉගෙන ගනු ඇත,

  • තුන් ආකාරයක හජ් ක්‍රම ගැන ඉගෙන ගැනීම.
  • හජ් කිරීමේ ක්‍රමය ගැන ඉගෙන ගැනීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

හජ් හි ක්‍රම

හජ් ඉටු කිරීම සඳහා ක්‍රම තුනත් තිබේ. ඒවා වනාහි: තමත්තුඋ, කිරාන්, ඉෆ්රාද් යන්න වේ. තවද හජ් වන්දනාකරුට තම වන්දනාව සිදු කිරීම සඳහා මෙම ක්‍රම තුනෙන් එකක් තෝරා ගත හැකිය.

-

1-තමත්තුඃ ක්‍රමය

හජ් මාසයේ උම්රා සඳහා චේතනාව ඇති කර ඉහ්රාම් ඇඳ ගැනීමයි. මෙම ක්‍රමයේ අදිටන වාචිකව පවසනු ලබනුයේ ලබ්බෙයික් උම්රතන් මුතමත්තිඅන් බිහා ඉලල් හජ්) යනුවෙනි. උම්රාව අවසන් කර ගත් පසුව ඉහ්රාම් තත්ත්වයෙන් ඉවත් වෙයි. පසුව මක්කාහ්ව තුළ දුල් හිජ්ජා මස අටවන දින හජ් සඳහා චේතනාව ඇති කර ඉහ්රාම් ඇඳ ගනී. අවුරුදු සැමරුම් දින ජම්රතුල් අකබාවට ගල් විසිකරන තෙක් ඒ අයුරින් ඉහ්රාම් තත්ත්වයේ ම සිටී. ඔහුට හදී නැමැති සත්ත්ව කැපය ද අනිවාර්ය වේ. උත්තරීතර අල්ලාහ් මෙසේ සඳහන් කර ඇත: "නුඹලා අභයදායී තත්ත්වයට පත් වී එවිට යමෙක් උම්රා ඉටු කර හජ් දක්වා ඉහ්රාමයෙන් තොරව සිටියේ නම් සත්ව කැප කිරීමෙන් පහසු දෑ ලබා දිය යුතුය" (අල්බකරා: 196)

කිරාන් ක්‍රමය

එනම් හජ් හා උම්රා එකවර ඉටු කිරීමට චේතානාව ඇති කර ඉහ්රාම් ඇඳ ගනී. එවිට"අල්ලාහුම්ම ලබ්බෙයික් උම්රතන් වහජ්ජන්" යනුවෙන් පවසයි. පසුව මක්කාවට පැමිණ තවාෆුල් කුදූම් සිදුකරයි. මොහුට සඊ කර්තව්‍ය එක් වරක් පමණක් අනිවාර්ය වේ. එය ද තවාෆුල් කුදූම් සිදු කළ පසුව හෝ තවාෆුල් ඉෆාළාවට පසුව සිදුකළ හැක. ඉන්පසුව ඔහු තම හිස මුඩු නොකර තහල්ලුල් නම් අනුමත තත්ත්වයට නොපැමිණ යව්මුන් නහ්ර් දිනයෙහි ජම්රතුල් අකබාවට ගල් විසිකරන තෙක් ඒ තත්ත්වයේම සිටිනු ඇත. ඉන්පසුව හිස මුඩු කරයි. හද්යු නම් සත්ත්ව කැපය ද ඔහුට අනිවාර්ය වේ. තේරුම: උම්රා හා හජ් සඳහා මම ඔබට ප්‍රතිචාර දැක්වූයෙමි. යම් කිසි නොවැළැක්විය හැකි හේතුවක් මත උම්රාවට නියමිත තවාෆ් කිරීමට පෙර එම උම්රාවෙහිම හජ් ඇතුළත් කිරීමට අනුමැතිය ඇත. උදාහරණ වශයෙන් ඔසප් හෝ දරු ප්‍රසූත රුධිර වහනය ඇති වූ කෙනෙකු, හජ් ඉටු කිරීමේ කාලය ළං වුණු කෙනෙකු වැනි අය ගත හැක.

අල් ඉෆ්රාද්

ඉෆ්රාද් හි ක්‍රමය වනාහි: හජ් සඳහා පමණක් චේතනාව ඇති කර ඉහ්රාම් ඇඳ ගැනීම වේ. එවිට "ලබ්බෙයික් හජ්ජන්" යනුවෙන් පැවසිය යුතුයි. පසුව මක්කාවට පැමිණ තවාෆුල් කුදූම් සිදුකරයි. මොහුට සඊ කර්තව්‍ය එක් වරක් පමණක් අනිවාර්ය වේ. එය ද තවාෆුල් කුදූම් සිදු කළ පසුව හෝ තවාෆුල් ඉෆාළාවට පසුව සිදුකළ හැක. ඉන්පසුව ඔහු තම හිස මුඩු නොකර තහල්ලුල් නම් අනුමත තත්ත්වයට නොපැමිණ යව්මුන් නහ්ර් දිනයෙහි ජම්රතුල් අකබාවට ගල් විසිකරන තෙක් ඒ තත්ත්වයේම සිටිනු ඇත. ඉන්පසුව හිස මුඩු කරයි. හද්යු නම් සත්ත්ව කැපය මොහු සඳහා අනිවාර්ය නොවේ.

හජ් ඉටු කරන ආකාරය

අපගේ මුහම්මද් නබිතුමාණන් සහ එතුමාණන්ගේ සහගාමීන් ඉටු කළ ආකාරයටට හජ් ඉටු කිරීමට මුස්ලිම්වරයෙකු උනන්දු විය යුතුය. ජාබිර් (රළි) තුමාණන් විසින් මෙසේ වාර්තා කරන ලදී: නහ්ර් දිනයේ තම වාහනය මත සිට ගල් ගසමින් සිටි නබි (සල්) තුමාණන් ව මා දුටුවෙමි. එවිට එතුමාණන්: "ඔබේ හජ් කර්තව්‍යයන් අවධානයෙන් යුතුව ලබා ගන්න. මන්ද මෙම මාගේ හජ් කර්තව්‍යයට පසු මා වෙනත් හජ් කර්තව්‍යයක් ඉටු කරමි ද කියා මා නොදනිමි" යනුවෙන් පවසමින් සිටියහ. (සහීහ් මුස්ලිම්)

. 1- ඉහ්රාම් පැළඳ ගැනීම

මීකාතය වෙත හජ් ඉටු කරන අයෙකු පැමිණියේ නම් ඔහු පැළඳ සිටි වස්ත්‍ර ඉවත් කර ස්නානය කර තම හිසෙහි හා රැවුලෙහි සුවඳ විලවුන් ගල්වා ඉහ්රාම් වස්ත්‍රය පැළඳ ගත යුතුයි. පළඳින වේලාව අනිවාර්ය සලාතයක වේලාවක් නම් ඔහු අනිවාර්ය සලාතය ඉටු කරයි. නැතහොත් වුළු දෝවනය සිදු කළ පසු ඉටු කරන සුන්නත් සලාතය ඉටු කරන බවට චේතනාව තබා රක්අත් දෙකක් ඉටු කරනු ඇත

ඔහු සලාතය අවසන් කළ පසු, ඔහු තමන් ඉටු කිරීමට අපේක්ෂා කරන හජ් ක්‍රමයට ඇතුළු වන බවට සිතෙන් අදිටන් කර ගනී.

١
ඔහු තමත්තුඋ ක්‍රමයට හජ් ඉටු කරන අයෙකු නම්: ලබ්බයික අල්ලාහුම්ම උම්රතන් යැයි කියනු ඇත.
٢
ඔහු ඉෆ්රාද් ක්‍රමයට හජ් ඉටු කරන අයෙකු නම්: ලබ්බයික අල්ලාහුම්ම හජ්ජන් යැයි කියනු ඇත.
٣
ඔහු කිරාන් ක්‍රමයට හජ් ඉටු කරන අයෙකු නම්: ලබ්බයික අල්ලාහුම්ම හජ්ජන් වඋම්රතන් යැයි කියනු ඇත.

-

2- මක්කාවට ඇතුළු වීම

මක්කාවට ඇතුළු වීමට පෙර ස්නානය කර ගැනීම සුන්නත් වේ. පසුව ඔහු තමත්තුඋ ක්‍රමය අනුගමනය කරන අයෙකු නම් මස්ජිදුල් හරාම් දේවස්ථානය වෙත උම්රා ඉටු කිරීම සඳහා පිටව යයි. කිරාන් හෝ ඉෆ්රාද් ක්‍රමය අනුගමනය කරන අයෙකු නම් එහි තවාෆුල් කුදූම් නම් තවාෆය සිදු කිරීම සුන්නත් වේ.

3- තවාෆ් නොහොත් කඅබාව පැදකුනු කිරීම

මස්ජිදුල් හරාමයට ඇතුළත් වීමේ දී දකුණු පාදය ප්‍රථමයෙන් තබා ඇතුල් විය යුතුයි. එවිට මස්ජිදයට අතුල් වීමේ දී කිව යුතු ප්‍රාර්ථනාවන් කිව යුතුයි. කාබාව වෙත ළඟා වී තවාෆය ආරම්භ කිරීමට පෙර තල්බියා පැවසීම අවසන් කළ යුතුයි. පිරිමයකු සඳහා ඉල්තිබා ක්‍රමය සුන්නත් වේ. එය වනාහි: ඒ ඔහුගේ සළුවේ මැද දකුණු කිහිල්ලේ ද කෙළවර දෙක වම් උරහිසේ ද තැබීම වේ.

-

රුකුනුල් යමානී යන ස්ථානය ළඟා වූ විට එය සිප නොගෙන ස්පර්ශ කරයි. එසේ කිරීමට නොහැකි වූ විට ඒ වෙත සංඥා ද නොකරයි. රුක්නුල් යමානී සහ හජරුල් අස්වද් යන ස්ථාන අතර " රබ්බනා ආතිනා ෆිද්දුන්යා හසනතන් වෆිල් ආහිරත් හසනතන් වකිනා අදාබන්නාර්" යනුවෙන් පැවසිය යුතුයි.

හජරුල් අස්වද් ස්ථානය පසුකර යන සෑම අවස්ථාවකම කත්බීර් පැවසිය යුතුයි. තවාෆයෙහි තමන් කැමති ප්‍රාර්ථනාවක් අයැදිය හැකි අතර අල්කුර්ආන් පාරායනය හා අල්ලාහ්ව මෙනෙහි කිරීමේ පාඨ පැවසිය හැක.

තවාෆ්හි වට හත අවසන් කළ පසු ඉහ්රාම් හි ඉහළ වස්ත්‍රයෙන් ශරීරයේ ඉහළ කොටස ආවරණය වන අයුරින් පැළඳ ගත යුතුයි. පසුව මකාම් ඉබ්රාහීම් නමැති ස්ථානයට පසුපස හෝ දේවස්ථානයේ ඕනෑම ස්ථානයට ගොස් රක්අත් දෙකක් ඉටු කළ යුතුයි. එහි පළමු රක්අතයෙහි සූරතුල් ෆාතිහාවට පසු " කුල් යා අයියුහල් කාෆිරූන්" පරිච්ඡේදය ද දෙවන රක්අතයෙහි "කුල් හුවල්ලාහු අහද්" පරිච්ඡේදය ද පාරායනය කළ යුතුයි.

4- සඊ

පසුව සඊ ඉටු කරන ස්ථානය වෙත යනු ඇත. සෆා කන්ද වෙත ළඟා වන විට " ( إِنَّ الصَّفَا وَالْمَرْوَةَ مِنْ شَعَائِرِ اللَّهِ) යනුවෙන් පාරායනය කර " أبدأ بما بدأ الله به."අබ්දඋ බිමා බදඅල්ලාහු බිහී" යනුවෙන් පැවසිය යුතුයි. එහි අර්ථය අල්ලාහ් ආරම්භ කළ දැයින් මා ආරම්භ කරමි යන්නයි.

සෆා කන්දෙන් සඊ ඉටු කිරීමට ආරම්භ කළ යුතුයි.

-

-

-

-

හිසකෙස් මුඩු කිරීම හෝ කොට කිරීම

ඔහු තමත්තුඋ ක්‍රමයට හජ් ඉටු කරන්නෙකු නම් සඊ කර්තව්‍ය අවසන් කළ පසු හිසකෙස් මුඩු කිරීම හෝ කොට කිරීම සිදු කරනු ඇත. හිසකෙස් මුඩු කිරීම පිරිමීන්ට වඩාත් යෝග්‍යය. එනමුත් මුඩු නොකර හිසකෙස් කොටට කපා ගත්තේ නම් වරදක් නැත. කාන්තවක් ගත කල ඇය තම හිසකෙස් අඟලකින් කෙටි කර ගනු ඇත. තමත්තුඋ ක්‍රමයට හජ් ඉටු කරන්නෙකු මේ කරුණු සම්පූර්ණ කළ විට ඔහුගේ උම්රා ව අවසන් වේ. ඉහ්රාම් තත්ත්වයට ඇතුල් වීමෙන් ඔහුට අනුමත නොවූ සියල්ල ඔහුට අනුමත වේ.එනමුත් කිරාන් හෝ ඉෆ්රාද් ක්‍රමයට හජ් ඉට කරන අයෙකු ගත් කල ඔහු සඊ කර්තව්‍ය ඉටු කළ පසු තම හිසකෙස් මුඩු නොකරයි. එමෙන්ම එය කොටට කපා නොහරී . ඔහු තම ඉහ්රාම් තත්ත්වයේම පසු වේ.

යව්මුත් තර්වියා

තර්වියා දිනය දුල්-හිජ්ජාවේ අටවන දිනය වන අතර හජ් හි මූලික කටයුතු ආරම්භ වන්නේ එදිනය. කවරෙකු තමත්තුඋ ක්‍රමයට අනුව හජ් ඉටු කරන්නෙකු ඔහු සිටින ස්ථාානයේ සිට එදින ලුහා වේලාවෙහි ඉහ්රාම් තත්ත්වයට ඇතුල් වනු ඇත. එහෙයින් ඔහු ස්නානය කර සුවඳ විලවුන් ගල්වා ඉහ්රාම් වස්තුය පැළඳ සලාතය ඉටු කරයි. පසුව හජ් හි චේතනාව තබා " ලබ්බයිකල්ලාහුම්ම හජ්ජන්" යනුවෙන් පවසනු ඇත. එනමුත් කිරාන් හෝ ඉෆ්රාද් ක්‍රමයට හජ් ඉටු කරන්නෙකු ගත් කළ ඔවුන් පෙර සිටම ඉහ්රාම් තත්ත්වයේ පසුවන්නන් වෙති. ඉන් අනතුරුව ළුහර් සලාතයට පෙර මිනා වෙත සියල්ලෝම පිටව යනු ඇත. එහි රැඳී සිට එදින රාත්‍රිය එහි ගත කළ යුතුයි. එහි ළුහර්, අසර්, මග්රිබ්, ඉෂා යන සලාතයන් ඉටු කරනු ඇත. එමෙන්ම රක්ආත් හතරකින් සමන්විත සලාතයන් එකට එකතු නොකර කෙටි කර ඉටු කරනු ඇත. ඉන් පසු දින වන නම වන දින ෆජ්ර් සලාතය ද මිනාවෙහි ම ඉටු කරනු ලැබේ. එහි ගත කරන කාලය තුළ අධික ලෙස අල්කුර්ආන් පාරායනය, අල්ලාහ්ව මෙනෙහි කිරීම් හා තල්බියියා පැවසීම යනාදිය සිදු කළ යුතුයි.

7- අරෆා දිනය

දුල්-හිජ්ජා මස නවවන දිනය වන අරෆා දිනයේ හිරු උදා වීමත් සමඟ, මිනා සිට අරෆා දක්වා සර්වබලධාරි දෙවියන්ව සිහිපත් කරමින්, තල්බියා පවසමින් සාමකාමීව හා නිශ්ශබ්දව ගමන් කළ යුතුයි. හැකි නම්, නමිරා නැමැති ස්ථානය වෙත හිරු අහස මැදින් ඉවත්ව යන තෙක් රැඳී සිටීම සුන්නත් වේ. එසේ නොමැති නම් ඔහු අරෆා වෙත ඇතුළු වේ. එහි වරදක් නැත. හිරු අහස මැදින් ඉවත්ව ගිය විට, ළුහර් සහ අසර් කෙටි කර එකට එකතු කර ළුහර් වේලාවෙහි ඉටු කරනු ඇත. පසුව අල්ලාහ් ව මෙනෙහි කිරීම, ඔහුගෙන් අයැදීම සහ ඔහු වෙත නැඹුරු වී කන්නලව් කිරීම සිදු කළ යුතුයි. එමෙන්ම කිබ්ලාව දෙසට හැරී දෑත් ඔසවමින් ඔහු කැමති දේ අයැද සිටී.

නබි (සල්) තුමාණන් පැවසූ බව ආඉෂා (රළි) තුමිය මෙසේ වාර්තා කර ඇත: අරෆා දිනයට වඩා අල්ලාහ් ගැත්තන්ව අපායෙන් නිදහස් කරන වෙනත් කිසිදු දිනයක් නොමැත. සැබැවින්ම ඔහු සමීපව පැමිණෙනු ඇත. පසුව ඔහු (හජ් වන්දනාකරුවන් පිළිබඳ) මලක්වරුන් ඉදිරියේ ආඩම්බර වනු ඇත. එමෙන් ම මොවුන් කිමක් නම් බලාපොරොත්තු වන්නෝ ද යනුවෙන් විමසනු ඇත‍.(සහීහ් මුස්ලිම්)

-

මුස්දලිෆාවෙහි රැඳී සිටීම

හජ් කර්තව්‍ය ඉටු කරන්නා මුස්දලිෆා වෙත පැමණියේ නම් එහි මග්රිබ් සහ ඉෂා සලාතය එකට එකතු කර එමෙන්ම ඒවා කෙටි කර ඉටු කරනු ඇත. එවිට අදාන් එකක් සහ ඉකාමක් දෙකක් පවසනු ඇත. පසුව එහි රාත්‍රිය ගත කර ෆජ්ර් වේලාව උදා වූ විට ෆජ්ර් සලාතය ඉටු කරයි. පසුව අල්ලාහ්ව මෙනෙහි කිරීම, ඔහුගෙන් දෑත් ඔසවා කිබ්ලාව වෙත හැරී අයැද සිටීම යනාදී කටයුතු වල නිරත වේ. අහස කහ පැහැ ගැන්වෙන තුරු මෙලෙස අල්ලාහ් ව මෙනෙහි කර ඔහුව ප්‍රශංසාවට ලක් කර ප්‍රාර්ථනාවන් හි නිරත වෙති.

යව්මුන් නහ්ර්

දුල්-හිජ්ජා දහවන දිනයේදී හිරු උදාවීමට පෙර මීනා වෙත යයි. ගමන් කරන අතරවාරයේ ගල් කැට හතක් අහුලා ගනී. එම ගල් කැ‍ට කඩල ඇටයකට වඩා ටිකක් විශාල ගල් කැට හතක් විය යුතුයි. මිනා වෙත පැමිණි කල්හි මක්කාවට අසල ඇති අවසාන ව පිහිටි ජමරතුල්-අකබා වෙත ගල් කැට හතක් විසි කරයි. සෑම වාරයකම අල්ලාහු අක්බර් යැයි පැවසිය යුතුයි. ඉන් අවසන් වූ පසු ඔහු සත්ත්ව කැපයක් ලබා දෙනු ඇත. පසුව හිසකෙස් මුඩු කරනු ඇත. නැතහොත් ඒවා කොටට කපා දමනු ඇත. කාන්තාවක් නම් අඟලක් තරම් තම හිසකෙස් කොට කළ යුතුයි.ඉන් අනතුරුව හජ් වන්දනාකරු පිරිසිදු වි සුවඳ විලවුන් ගල්වා, මක්කාවට ගොස් හජ් හි කුළුණු වලින් එකක් වන තවාෆ් අල්-ඉෆාළා ඉටු කර පසුව සඊ කර්තව්‍ය ඉටු කර මිනා වෙත ආපසු ගොස් එහි රාත්‍රිය ගත කිරීම සුන්නත් වේ වේ. එහි එකොළොස් වන රාත්‍රිය ගත කරනු ඇත.

අයියාමුත් තෂ්රීක්- තෂ්රීක් දිනයන්

හජ් ඉටු කරන අයෙකු තෂ්රීක් දිනයන් වන එකළොස් හා දොළොස් වන දින මිනාහි රාත්‍රිය ගත කිරීම අනිවාර්ය වේ. සම්පූර්ණ දවස් දහතුනම රැඳී සිට ප්‍රමාද වී යන අයෙකු නම් දහතුන් වන රාත්‍රිය ද ගත කිරීම අනිවාර්ය වේ. හිරු අහස මැදින් ඉවත් ව ගිය පසු ජමරාත් තුනටම ගල්කැට විසි කළ යුතුයි.

ජමරාත් හි ගල්කැට විසිකළ යුුතු අයුරු

අල්-කයිෆ් පල්ලියට යාබදව පිහිටි පළමු ජම්රාවට එකින් එක ගල් කැට හතක් විසි කරයි. සෑම වාරයකදී ම තකබීර් පැවසිය යුතුයි. පසුව මදක් ඉදිරියට පැමිණ තමන් කැමති දෑ අධික වේලාවක් අල්ලාහ්ගෙන් අයැද සිටී. ඉන්පසු ඔහු එක් එක් ගල් කැටයක් සමඟ තක්බීර් කියමින් මැද පිහිටි ජම්රාවට ගල් කැට හතක් විසි කරයි, පසුව වම් පැත්තට පැමිණ කිබ්ලාව වෙත හැරී දෑත් ඔසවා අලලාහ්ගෙන් අයැද සිටී. ඉන්පසු ඔහු ජමරතුල් අකබාට ගල් කැට හතක් විසි කරයි. සෑම ගල් කැටයක් සමඟ තක්බීර් පවසයි. පසුව ඔහු පිටත්ව යනු ඇත. එහිදී අයැදීම් නොකළ යුතුයි.

ඔහු දොළොස් වන දින ජමරාත් වලට ගල් කැට විසි කර අවසන් කළේ නම්, -ඔහු අභිමත කළේ නම්- ඉක්මන් වී එදින මිනාවෙන් පිටව යෑමට හැක‍.නැතහොත් ඔහු ප්‍රමාද වී, දහතුන්වන රාත්‍රියේ එහි රාත්‍රිය ගත කර, පසුදින හිරු අහස මැදින් පහව ගිය පසු ජමරාත් තුනට ගල් කැට විසි කරයි. මෙසේ ප්‍රමාද වී යාම යෝග්‍ය වේ.

තවාෆුල් විදා නොහොත් සමුගැනීමේ තවාෆය

ඔහුට මක්කම හැර තම දේශය වෙත යාමට අභිමත කළ විට , සමුගැනීමේ තවාෆය ඉටු කරන තුරු ඔහු පිටව නොයා යුතුයි. ඔහු ගමන සඳහා පිටත්ව යෑමේදී ඔහුගේ අවසාන හෝරාව සමුගැනීමේ තවාෆය විය යුතුයි. : ධර්ම දූතයාණන් මෙසේ පැවසූ බව ඉබ්නු අබ්බාස් (රළි) තුමාණන් මෙසේ පැවසීය "ඔහුගේ අවසාන හෝරාව කාබාවෙහි ඇති වන තුරු කිසිවෙකු එයින් පිටව නොයා යුතුයි." (මුස්ලිම්) ඔසප් වූ කාන්තාව සඳහා මෙම තවාෆව අනිවාර්ය නොවේ.

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.