දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම දේව දූතයාණන්ගේ සුන්නාව

දේව දූතයාණන්ගේ සුන්නාව යනු උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් විසින් දේව දූත මුහම්මද්තුමාණන්ට පහළ කරනු ලැබුවා වූ වහී හෙවත් දේව හෙළිදරව් වේ. එබැවින් සුන්නාව, උතුම් අල් කුර්ආනය සමඟ ඉස්ලාම් දහමේ පදනම හා මූලාශ්‍රය වශයෙන් පවතී. උතුම් අල් කුර්ආනය හා සුන්නාව යන දෙක ම එකිනෙකට බැඳී පවතින්නකි. ඒ අනුව, උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් හැර වෙනත් දෙවියෙක් නොමැත යනුවෙන් සාක්ෂි දැරීම, දේව දුත මුහම්මද්තුමාණන් උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගේ දූතයාණන් වෙති යනුවෙන් සාක්ෂි දැරීම හා බැඳී පවතී. එබැවින්, කවරෙක් සුන්නාව විශ්වාස නොකරන්නේ ද, ඔහු උතුම් අල් කුර්ආනය ද විශ්වාස නොකරන්නෙකු වශයෙන් පත් වේ.

  • සුන්නාවේ මහිමය දැනගැනීම.
  • ඉස්ලාමීය නීති සම්පාදනයෙහි ලා සුන්නාව ප්‍රධාන මූලාශ්‍රයක් ලෙස සලකනු ලැබීම පිළිබඳ දැනගැනීම.
  • ඉස්ලාමීය නීති සම්පාද‌නයෙහි ලා සුන්නාවේ මහඟුභාවය අවබෝධ කරගැනීම. 

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

අස්සුන්නා අන්නබවියියා හෙවත් නබිමඟ

දේව දූතයාණන්ගේ සුන්නාව යනු උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් විසින් දේව දූත මුහම්මද්තුමාණන්ට පහළ කරනු ලැබුවා වූ වහී හෙවත් දේව හෙළිදරව් වේ. එබැවින් සුන්නාව, උතුම් අල් කුර්ආනය සමඟ ඉස්ලාම් දහමේ පදනම හා මූලාශ්‍රය වශයෙන් පවතී. උතුම් අල් කුර්ආනය හා සුන්නාව යන දෙක ම එකිනෙකට බැඳී පවතින්නකි. ඒ අනුව, උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් හැර වෙනත් දෙවියෙක් නොමැත යනුවෙන් සාක්ෂි දැරීම, දේව දුත මුහම්මද්තුමාණන් උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගේ දූතයාණන් වෙති යනුවෙන් සාක්ෂි දැරීම හා බැඳී පවතී. එබැවින්, කවරෙක් සුන්නාව විශ්වාස නොකරන්නේ ද, ඔහු උතුම් අල් කුර්ආනය ද විශ්වාස නොකරන්නෙකු වශයෙන් පත් වේ.

අස්සුන්නාහි නිර්වචනය

අස්සුන්නා අන්නබවියියා යනු “ධර්ම දූතයාණන් හා බැඳෙන ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් හෝ අනුමැතියක් හෝ චරිත ලක්ෂණයක් හෝ ශරීර ලක්ෂණයක් වේ.”

අස්සුන්නා අන්නබවියියාහි තරාතිරම හා කීර්තිය

අස්සුන්නා අන්නබවියියාවට ඉස්ලාමයෙහි මහඟු කීර්තියක් හා සුවිශේෂී ස්ථානයක් හිමි වේ. එය පහත කරුණු මඟින් පැහැදිලි කළ හැක.

1. ඉස්ලාමීය නීති සම්පාදනයෙහි දෙවන ප්‍රධානතම මූලාශ්‍රය වීම.

උතුම් අල් කුර්ආනයට පසු ව ඉස්ලාම් දහමේ ප්‍රධානතම නීති මූලාශ්‍රය වශයෙන් අස්සුන්නාව සැලකේ. දේව දූතයාණන් දේශනා කළ බවට මික්දාද් බින් මඃදි කරිබ් අල්කින්දිතුමා මෙසේ වාර්තා කරයි. “දැනගන්න! මා හට දේව ග්‍රන්ථය සමඟ එවැනි ම යමක් ලැබී ඇත. තව ද, මා හට උතුම් අල් කුර්ආනය සමඟ එවැනි ම යමක් ලැබී ඇත. දැනගන්න! (නුදුරු අනාගතයේ දී) මිනිසෙකු කුස පුරාවාගෙන සෝපාවෙහි හාන්සි වී ‘උතුම් අල් කුර්ආනය අනුගමනය කිරීම ඔබලාට අනිවාර්ය වේ. එබැවින්, ඔබලා එහි ඇති හලාල් (අනුමත) දෑ හලාල් වශයෙන් ද, එහි ඇති හරාම් (අනුමත නොවන) දෑ හරාම් වශයෙන් ද සලකන්න’ යනුවෙන් (ඔබලාට) පවසනු ඇත.” (අහ්මද් - 17174)

2. උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගේ වහී හෙවත් දේව පණිවිඩ වීම.

අස්සුන්නා අන්නබවියියා යනු උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් විසින් නබිනායකතුමාණන් වෙත පහළ කළා වූ වහී හෙවත් දේව පණිවිඩ වේ. ඒ බව උතුම් අල්-කුර්ආනයේ පහත පරිදි සඳහන් වේ. “ඔහු තම සිතැඟියාව පරිදි කිසිවක් කතා නොකරයි. එය වහී මඟින් හෙළිදරව් වූ දේව හෙළිදරව් මිස අන් කිසිවක් නොවේ. මහා බලසම්පන්නයා (වන ජිබ්රීල්) එය ඔහුට ඉගැන්වීය.” (සූරා අන්නජ්ම් - 3,4,5)

3. එය උතුම් අල් කුර්ආනය සඳහා වන අටුවාවකි.

සුන්නාව උතුම් අල් කුරානය සඳහා වූ විග්‍රහයකි. ඒ බැව් අල් කුරානයේ පහත පරිදි සඳහන් වේ. “මිනිසුන් හට පහළ කරනු ලැබූ දෑ ඔවුනට තේරුම් කර දීම පිණිසත් ඔවුන් (ඒ) පිළිබඳ කල්පනා කර බලනු පිණිසත් අපි ඔබට මෙම ධර්ම ග්‍රන්ථය පහළ කළෙමු.” (සූරා අන්නහ්ල් - 44)

උතුම් අල් කුර්ආනයෙහි බොහෝ කරුණු කාරණා කෙටියෙන් හා සංෂිප්ත ව සඳහන් වී ඇත. එවැනි කරුණු කාරණාවල විග්‍රහය නබිතුමාණන් වාචික ව හා ප්‍රයෝගික ව පැහැදිලි කර දී ඇත.

මීට නිදසුනක් ලෙස පහත උතුම් අල් කුර්ආන් වැකිය පෙන්වා දිය හැකි ය. “ඔබලා කරුණාවට පාත්‍ර වීම පිණිස සලාතය ඉටුකරන්න, සකාතය පිරිනමන්න, දේවදූතයනාණන් හට අවනත ව කටයුතු කරන්න.” (සූරා අන්නූර් - 56) ඉහත වැකියෙහි සඳහන් පරිදි සලාතය ඉටු කිරීමේ දී එහි වේලාවන්, එය ඉටු කරන ආකාරය සහ ඒ හා බැඳි සියලු කරුණු කාරණා සුන්නාවේ පැහැදිලි කර දී ඇත.

අස්සුන්නා අන්නබවයියා සඳහා වන දේව ආරක්ෂාව

සුන්නාව යනු උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් විසින් ආරාක්ෂා කිරීමේ වගකීම භාරගත් “අස්සික්ර්” යන්නෙහි කොටසකි. මේ පිළිබඳ ව උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ අල්-කුර්ආනයේ මෙසේ දේශනා කරති. “නියත වශයෙන් ම මෙම සික්රය පහළ කළේ අප ම ය. තව ද, එයට අපි ම ආරක්ෂකයෝ වන්නෙමු.” (සූරා අල්හිජ්ර් - 09) “අස්සික්ර්” යනු උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් විසින් දේව දූත මුහම්මද් නබිතුමාණන් හට පහළ කරනු ලැබූ උතුම් අල්කුර්ආනය හා සුන්නාව යන දෙක ම අන්තර්ගත වන පොදු පදයකි.

උත්තරීතර අල්ලාහ් දෙවිඳුන් පවසන සුන්නාව සඳහා වූ ආරක්ෂාව නිරූපණය වන අවස්ථා ලෙස ඉස්ලාමීය විද්වතුන් සුන්නාව ඒකරාශි කිරීමට හා ලේඛනගත කිරීම සඳහා දැක් වූ විශිෂ්ඨ දායකත්වය හා කැපවීම, එම සුන්නාව නිවැරදි ව වාර්තා කිරීම සඳහා යෙදූ මූලික නිර්ණායක හා කොන්දේසි, එහි අන්තර්ගත වූ ව්‍යාජ, අනුමාන හා වැරදි කරුණු හඳුනා ගැනීම, ඉතා නිවැරදි අයුරින් එය ගොනු කිරීම හා උපරිම අයුරින් එය ආරක්ෂා කිරීම, එහි වාර්තාකරුවන්ගේ සියලු තොරතුරු හා විස්තරවල සත්‍යය අසත්‍යයතාව තහවුරු කරගැනීම යනාදිය පෙන්වා දිය හැක.

උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් විසින් සුන්නාව ආරක්ෂා කිරීමේ කාර්යය වෙනුවෙන් ම යෙද වූ එවැනි උදවිය හරහා උන්වහන්සේ මෙම සුන්නාව ආරක්ෂා කරති.

සුන්නාව සාධකයක් වශයෙන් සැලකීම

ඉස්ලාමීය නීති සම්පාදනයෙහි උතුම් අල් කුරානයට පසු ව ඇති ප්‍රධානතම මූලාශ්‍රය සුන්නාව යි. ඉස්ලාම් දහමේ පූර්ණත්වය රදා පවතින්නේ උතුම් අල් කුරානය හා සුන්නාව යන මූලාශ්‍ර ද්විත්වය ම එක සේ අනුගමනය කිරීම මත ය.

මෙමඟින් සුන්නාව ඉස්ලාමීය නීති සම්පාදනයෙහි ලා ප්‍රධාන මූලාශ්‍රයක් වන බව පැහැදිලි වේ. එනිසා, ඉස්ලාමීය අකීදාව (මූලික විශ්වාස හා ප්‍රතිපත්ති) සහ අනෙකුත් නීතිමය කරුණුවල දී සුන්නාවේ අන්තර්ගත කරුණු කාරණාවලට අනුව කටයුතු කිරීම අනිවාර්ය වේ.

එමෙන් ම, සමහර අවස්ථාවල සුන්නාව උතුම් අල් කුර්ආනයෙහි අන්තර්ගත නෛතික කරුණු සඳහා පැහැදිලි කිරීමක් ලෙස ද, තවත් සමහර අවස්ථාවල හලාල් හා හරාම් නිර්ණය කිරීමේ දී උතුම් අල් කුර්ආනය මෙන් ම සුන්නාව ද ස්වාධීන මූලාශ්‍රයක් ලෙස පවතී.

උතුම් අල් කුර්ආනයෙහි සහ නබි නායකතුමාණන්ගේ හදීස්හි සුන්නාව සාධකයක් වශයෙන් යොදා ගත හැකි බව තහවුරු කරන්නා වූ ද, ඉස්ලාමීය නීති සම්පාදනයෙහි ලා සුන්නාවට ඇති සුවිශේෂීත්වය හා වැදගත්කම හුවා දක්වන්නා වූ ද සාධක බොහෝමයක් දක්නට ඇත. ඒ සම්බන්ධ ව උතුම් අල් කුර්ආනයෙහි මෙසේ සඳහන් වේ. “දේව දූතයාණන් ඔබලා හට ලබා දුන් දෑ පිළිගන්න. තව ද, එතුමාණන් වැලැක්වූ කරුණුවලින් ඔබලා වැලකී සිටින්න.” (සූරා අල්හෂ්ර් - 07)

දේව දූතයාණන් දේශනා කළ බවට අල්මික්දාම් බින් මඃදි කරිබ් අල්කින්දිතුමා මෙසේ වාර්තා කරයි. “(නුදුරු අනාගතයේ දී) මිනිසෙකු පැමිණෙනු ඇත. ඔහු තම සෝපාව මත හාන්සි වී සිටිනු ඇත. මාගේ හදීසයක් පවසනු ලැබෙන විට ‘ඔබලා හා අප අතර උතුම් අල් කුර්ආනය (පමණක් තිබීම) ප්‍රමාණවත් ය. එහි හලාල් යැයි සඳහන් දෑ හලාල් වශයෙන් ම අප පිළිගනිමු. එහි හරාම් යැයි සඳහන් දෑ හරාම් වශයෙන් ම පිළිගනිමු’ යැයි ඔහු පවසනු ඇත. (නමුත්) නියත වශයෙන් ම, දේව දූතයාණන් හරාම් කළ දෑ ද, උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් හරාම් කළ දෑ හා සමාන ය.” (ඉබ්නු මාජා - 12)

සුන්නාව අනුගමනය කිරීම

උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් විසින් දේව දූත මුහම්මද්තුමාණන්ගේ ප්‍රකාශ හා ක්‍රියා යනාදී දෑ අනුගමනය කිරීම ජනයාට අනිවාර්ය කර ඇත.මේ සම්බන්ධ ව උතුම් අල් කුර්ආනයෙහි පහත ආකාරයෙන් සඳහන් වෙයි. “ඔබලා උත්තරීතර අල්ලාහ් දෙවිඳුන්ට ආදරය කරන්නේ නම් මා අනුගමනය කරන්න. එවිට, උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් ඔබලා හට ආදරය දක්වනු ඇත. තව ද, උන්වහන්සේ ඔබලාගේ පාපයන් කමා කරනු ඇත. සැබැවින් ම, උන්වහන්සේ අතික්ෂමාශීලී හා මහා කාරුණිකයාණන් වෙති' යි (මුහම්මද්) ඔබ (ඔවුනට) පවසන්න.” (සූරා ආලු ඉම්රාන් - 31) “ඔබලා යහමග ලැබීම පිණිස එතුමාණන් ව අනුගමනය කරන්න.” (සූරා අඃරාෆ් - 158)

එමෙන් ම, නබි නායකතුමාණන් දේශනා කළ බවට ඉර්බාල් බින් සාරියාතුමා මෙසේ වාර්තා කරයි. “ඔබලා මාගේ මඟ ද, යහමඟ ලත් සැදැහැවත් කළීෆාවරුන්ගේ (අබූ බක්ර්, උමර්, උස්මාන් හා අලී යන ජේෂ්ඨ අනුගාමිකයින්) මඟ ද අනුගමනය කළ යුතු ය. එය තදින් ග්‍රහණය කරගන්න. තව ද, (ඉස්ලාමයේ නාමයෙන් බිහිවන) නවක කරුණුවලින් ඔබලා ප්‍රවේශම් වන්න. එවැනි සෑම නවක කරුණක් ම බිද්අත් (කිසිදු සාධකයක් නොමැති ව ඉස්ලාමයේ නාමයෙන් බිහිවන දෑ) වේ. සෑම බිද්අතයක් ම නොමඟ යැවීමක් වේ.” (අබූ දාවුද් - 4607)

ඒ අනුව සුන්නාව අනුගමනය කිරීම යනු නබිතුමාණන්ගේ ප්‍රකාශ හා ක්‍රියා පිළිපැඳීමත්, අණ කරනු ලැබ ඇති දෑ ඉටු කිරීමේ දී හා වළක්වනු ලැබ ඇති කරුණුවලින් වැළකී සිටීමේ දී දේව දූතයාණන්ගේ මඟ පිළිපැඳීමත්, ධාර්මික ඉගැන්වීම්වලට අනුව ජීවත් වීමත් වේ.

වාජිබ් (අනිවාර්යයෙන් ම ඉටු කළ යුතු) කාරණාවක දී සුන්නාව අනුගමනය කිරීම වාජිබ් (අනිවාර්ය) වන අතර, මුස්තහබ් (අනිවාර්ය නොවන නමුත් ඉටු කිරීම යහපත්) වන කාරණාවක දී එය මුස්තහබ් වේ.

සුන්නාව අනුගමනය කිරීමේ ශ්‍රේෂ්ඨත්වය

සුන්නාව අනුගමනය කිරීමෙහි ශ්‍රේෂ්ඨත්වයන් බොහොමයක් හා ප්‍රයෝජන රැසක් ඇත. ඒවායින් කිහිපයක් මෙසේ ය.

සුන්නාව අනුගමනය කිරීම මගින් නිරයට පිවිසෙන බවට අනතුරු අඟවන ලද නිකාය හෙවත් පාර්ශවයෙන් ආරක්ෂා වී සිටීමට හැකි වීම. නබි නායකතුමාණන් කළ ප්‍රකාශයක් අබ්දුල්ලා බින් අම්ර්තුමා පහත පරිදි වාර්තා කරයි. “දේව දූතයාණෝ ‘බනූ ඉස්රාඊල් සමාජයට සිදු වූ දේ හා සමාන ව ම මාගේ සමාජයට ද සිදු වනු ඇත. කෙතරම් දුරට ද යත්, එම සමාජයෙහි තම මව සමඟ ප්‍රසිද්ධියේ ම සංසර්ගයේ යෙදුනු කෙනෙකු සිටියේ නම්, මාගේ සමාජයේ ද එසේ කරන්නෙකු සිටිනු ඇත. බනූ ඉස්රාඊල් සමාජය නිකාය 72ට බෙදී ගියේය. මාගේ සමාජය ද නිකාය 73කට බෙදී යනු ඇත. එයින් එක් නිකායක් හැර අනෙක් සියලු ම නිකායන් නිරයට පිවිසෙනු ඇත’ යනුවෙන් ප්‍රකාශ කළහ. එවිට සහාබාවරු ‘එම නිකාය කුමක් දැ’යි විමසූහ. ඊට දේව දූතයාණෝ ‘මා හා මාගේ සහගාමීන් කුමක් මත පිහිටා සිටියේ ද එ් මත පිහිටා සිටි නිකාය වේ’ යනුවෙන් පැවසූහ.” (තිර්මිදි - 2641)

එමෙන් ම, ඒ සම්බන්ධයෙන් නබිතුමාණන් කළ ප්‍රකාශයක් අබු හුරෛරා රලියල්ලාහු අන්හුතුමා පහත පරිදි වාර්තා කරයි. “මා ඔබලා අතර කරුණු දෙකක් අත් හැර යන්නෙමි. ඒ කරුණු දෙක (ඔබලා අනුගමනය කරන තාක්) ඔබලා නොමඟ යන්නේහුය. ඒවා නම් දේව ග්‍රන්ථය (අල් කුරානය) හා මාගේ සුන්නාව යි.” (මුස්තද්රකුල් හාකිම් - 319)

ඕනෑ ම යහ කාර්යයක් පිළිගනු ලැබෙනුයේ සුන්නාවට අනුගත ව පැවතියේ නම් පමණි. එනිසා, ගැත්තෙකු විසින් කරනු ලබන යහකම් නබි නායකතුමාණන්ගේ සුන්නාවට අනුගත ව තිබිය යුතු ය. ඒ බව විශ්වාසවන්තයින්ගේ මෑණිය හා නබිතුමාණන්ගේ භාර්යාව වන ආයිෂාතුමිය නබිතුමාණන් කළ ප්‍රකාශයක් පහත පරිදි පෙන්වා දෙන්නීය. “අප අණ නොකළ යමක් කවරෙකු ඉටු කරන්නේ ද, එය ප්‍රතික්ෂේප කරනු ලැබේ.” (මුස්ලිම් -1718)

සුන්නාහ්ව අනුගමනය කිරීම වනාහි නබි (සල්) තුමාණන්ට අයත් වීමකි. සුන්නාවෙන් කවරෙකු ඈත් වන්නේ ද ඔහු නබි (සල්) තුමාණන්ගෙන් ඈත් වනු ඇත. අනස් බින් මාලික් (රළි) තුමාණන් මෙසේ පවසයි: මිනිසුන් තිදෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් නබිතුමාණන්ගේ නැමදුම ගැන විමසීමට නබිතුමාණන්ගේ භාර්යාවන්ගේ නිවසට පැමිණියේය. ඔවුනට ඒ පිළිබඳ දැනුම් දුන් පසු අප නබිතුමාගෙන් කෙතරම් දුරස් ද? අල්ලාහ් එතුමාගේ පෙර හා පසු පාපයන් කමා කර ඇත යනුවෙන් තමන් පිළිබඳ ඔවුන් අඩුවට සිතූහ. ඔවුන්ගෙන් එක් අයෙක් මෙසේ පැවසීය: මම රාත්‍රියේ සදහටම යාඥා කරමි, තවත් අයෙක් මෙසේ පැවසුවේය: මම සදාකාලික ව උපවාසයේ නිරත වන අතර එය කඩ නොකරමි. තවත් අයෙක් මෙසේ පැවසුවේය: මම කාන්තාවන්ගෙන් ඈත් වෙමි. කිසිදා විවාහ නොවෙමි. පසුව ධර්ම දූතයාණන් ඔවුන් වෙත පැමිණ මෙසේ පැවසීය: "එසේ ප්‍රකාශ කළේ ඔබලා ද?, දෙවියන් මත දිවුරා පවසමි!, නමුත් මා වනාහි ඔබලාට වඩා දෙවිඳාණන්ට වඩාත්ම බියකරු සහ වඩාත් භක්තිමත් අයෙකි. එනමුත් මම උපවාසයේ නිරත වෙමි. එමෙන්ම උපවාසයේ නිරත නොවී සිටින්නෙමි. තවද සලාතය ඉටු කරමි. එමෙන්ම නිදා ගනිමි. තවද කාන්තාවන් විවාහ කරගනිමි. එබැවින් මගේ සුන්නාවෙන් බැහැර වන තැනැත්තා මාගෙන් කෙනෙකු නොවේ." බුහාරි (5063).

සුන්නාව තුළ ස්ථාවර ව සිටීම මඟින් අර්බුධකාරී තත්ත්වයන් හා වේදනාකාරී දඬුවම් වලින් ආරක්ෂාව ඇත. ඒ පිළිබඳ උත්තරීතර අල්ලාහ් මෙසේ සඳහන් කරයි: අල්ලාහ්ගේ නියෝගයට පටහැනිව කටයුතු කරන්නන් ඔවුනට අර්බුධයක් ඇති වීම ගැන හේ වේදනීය දඬුවමක් ඇති වීම ගැන හෝ ප්‍රවේශම් විය යුතුය. (අන්නූර් : 63)

සුන්නාහ්ව අනුගමනය කිරීම හා එහි ස්ථාවර ව සිටීම තුළ දෙලොවෙහි සතුට හා ජය ලැබීම ඇත. ඒ පිළිබඳ උත්තරීතර අල්ලාහ් මෙසේ සඳහන් කර ඇත: කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාට අවනත වන්නේ ද තවද කවරෙකු අල්ලාහ්ට බිය බැතිමත් වන්නේ ද ඔවුහුමය ය ජය ලැබුවෝ. (අන්නූර්:53)

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.