දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම වසංගතයක් ඉදිරියේ මුස්ලිම්වරයකුගේ හැසිරීම

වසංගතයක් ඉදිරියේ මුස්ලිම්වරයකුගේ් හැසිරිය යුත්තේ කෙසේද?

  • වසංගතයක් ඉදිරියේ මුස්ලිම්වරයකු ආදර්ශමත් ලෙස හැසිරිය යුතු ආකාරය හඳුනා ගැනීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

පෙර නියමයන් පිළිබඳ විශ්වාසය

යහපත් හෝ අයහපත් සියළු නියමයන් පිළිබඳ අපි විශ්වාස කරමු. එය දේව විශ්වාසයේ මූලිකංගයකි. ආපදාවන්, රෝග, ව්‍යසන සහ විපත් සිදුවන්නේ දෙවියන්ගේ ආඥා ව සහ නියෝගය අනුවයි. දෙවියන්ගේ විනිශ්චය පිළිබඳව අප තෘප්තියට පත්වන අතර කෝප නොවී, පැමිණිලි නොකර, කලබල නොවී සිටිමු.

රෝග ස්වභාවයෙන්ම ආසාදනය නොවේ:

රෝග ඒවා ස්ව ශක්තියෙන් නොපැතිරෙන බවත් දෙවියන්ගේ ආඥාව හා නියමය නිසා එය පැතිරෙන බවත් දේවත්වය විශ්වාස කළ අයෙකු විශ්වාස කරයි. කෙසේවෙතත්, රෝගකාරක වලින් සහ ආසාදිත ස්ථාන වලින් ඈත්ව සිට සෞඛ්‍යය හා ආරක්ෂන ක්‍රම වේද අනුගමනය කළ යුතු බවත් රෝගීන් සමඟ මිශ්‍ර නොවී පරික්ෂාකාරීව සහ ප්‍රවේශමෙන් සිටින ලෙසත් දෙවියන් අපට අණ කර ඇත.

රෝග සහ වසංගත සෑම විටම දඩුවමක් වේ ද?

වසංගත රෝග යනු නොඇදහිලිවන්තයන්ට, පව්කාරයන්ට සහ අපරාධකරුවන්ට සර්වබලධාරි දෙවියන් ලබා දෙන ඉක්මන් දඞුවමක් වන අතර කීකරු ඇදහිලිවන්තයන්ට ඔවුන්ගේ නිලයන් ඉහළ නැංවීම සහ ඔවුන්ගේ පව් දුරු කිරීම සඳහා වූ දයාවකි.

නිල ආයතන වලින් ලබා දෙන උපදෙස් අනුගමනය කිරීම:

මෙවැනි තත්ත්වයන් වලදී නිල ආයතන වලින් ලබා දෙන උපදෙස් අනුගමනය කිරීම, පුද්ගල අවශ්‍යතාවයට වඩා මහජන අවශ්‍යතාවයට ප්‍රමුඛතාවය දීමේ වගකීම දැරීම, ස්ථාවරත්වය සහ ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම යනාදිය මුස්ලිම් වරයකු මත අනිවාර්ය වන කරුණු ය.

වසංගත සමයේ තහනම් වූ කරුණු

කටකතා පැතිරවීම සහ ප්‍රවර්‍ධනය කිරීම

කටකතා පැතිරවීම තහනම් වූ අසත්‍ය ප්‍රකාශ ඝනයට අයත් වන බවට කිසිදු සැකයක් නැත; එමෙන්ම එය මිනිසුන් තුළ භීතියක් ඇති කිරීමට හේතුවක් වේ. එබැවින් කිසිදු තහවුරු නොකරන ලද තොරතුරක් සම්ප්‍රේෂණය නොකිරීමට වගබලා ගැනීම වැදගත්ය.

වෙළඳ භාණ්ඩ ඒකාධිකාරය

විශේෂයෙන් අර්බුදකාරී අවස්ථාවන්හිදී ඒකාධිකාරය, වංචා කිරීම, මිල ඉහළ දැමීම සහ ජනතාවගේ ජීවනෝපායත් සමඟ නොමනා අන්දමින් හැසිරීම ඉස්ලාමය තහනම් කරයි. මෙය ව්‍යාජ ලෙස මුදල් අනුභව කිරීම, ද්‍රෝහී වීම, විශ්වාසය භංග කිරීම මෙන්ම ආත්මයේ පහත් බව හඟවයි.

හිතාමතාම රෝග ව්‍යාප්ත කිරීම

රෝගියෙකුගෙන් සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකුට යම් හෝ ආකාරයකින් ඕනෑකමින් එම රෝගය ආසාදනය කිරීම තහනම් ක්‍රියාවක් වන අතර එමඟින් ඔහුට ලෞකික දඬුවමක් නියම වන අතර ම එය විශාල වරදක් හා පාපයක් ලෙස සැලකේ. මෙම දඬුවම ඒ ක්‍රියාවෙහි බරපතලකම සහ පුද්ගලයන් කෙරෙහි එහි බලපෑම සහ සමාජයට ඒ ක්‍රියාවෙන් ඇති වූ බලපෑම අනුව වෙනස් වේ.

හිතාමතාම වෙනත් අයෙකුට රෝගය සම්ප්‍රේෂණය කළ අයෙකුට හිමි වන දඬුවම

١
සමාජය තුළ වසංගතයක් ව්‍යාප්ත කිරීම ඔහුගේ අරමුණ නම්, ඔහුගේ ක්‍රියාව භූමියේ යම් ආකාරයක සතුරුකමක් හා දූෂණයක් ලෙස සැලකෙන අතර සතුරුකමට හිමි වන නියමිත දඬුවම ඔහු මත ක්‍රියාත්මක වේ.
٢
හිතාමතාම ආසාදනය සම්ප්‍රේෂණය කිරීමෙන් ඔහුගේ අරමුණ නියමිත පුද්ගලයෙකු වෙත එය ව්‍යාප්ත කිරීමක් නම්; ඉන් ඔහු අසනීප වී ජීවිතක්ෂයට පත් වූයේ නම් ඔහුට මරණ දඬුවම නියම කෙරේ.
٣
හිතාමතාම ආසාදනය සම්ප්‍රේෂණය කිරීමෙන් ඔහුගේ අරමුණ නියමිත පුද්ගලයෙකු වෙත එය ව්‍යාප්ත කිරීමක් නම්; ඉන් ඔහු අසනීප වී ජීවිතක්ෂයට පත් නොවූයේ නම් ඔහුට නියම වන දඬුවම අවවාද කිරීමයි.

රෝගයට බැන වැදීම

උණ රෝගයට බැන වෑදීම නබි (සල්) තුමාණන් විසින් තහනම් කරන ලදී. අබූ හුරයිරා (රළි) තුමාණන් විසින් මෙසේ වාර්තා කරන ලදී: උණ රෝගයට බැන නොවදින්න. මන්ද යකඩයේ කිලිටි ගින්න ඉවත් කරනවාක් මෙන් එය පාපයන් ඉවත් කරන හේතුවෙනි.

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.