වත්මන් කොටස: model:
පාඩම වසංගතයක් ඉදිරියේ මුස්ලිම්වරයකුගේ හැසිරීම
යහපත් හෝ අයහපත් සියළු නියමයන් පිළිබඳ අපි විශ්වාස කරමු. එය දේව විශ්වාසයේ මූලිකංගයකි. ආපදාවන්, රෝග, ව්‍යසන සහ විපත් සිදුවන්නේ දෙවියන්ගේ ආඥා ව සහ නියෝගය අනුවයි. දෙවියන්ගේ විනිශ්චය පිළිබඳව අප තෘප්තියට පත්වන අතර කෝප නොවී, පැමිණිලි නොකර, කලබල නොවී සිටිමු.
රෝග ඒවා ස්ව ශක්තියෙන් නොපැතිරෙන බවත් දෙවියන්ගේ ආඥාව හා නියමය නිසා එය පැතිරෙන බවත් දේවත්වය විශ්වාස කළ අයෙකු විශ්වාස කරයි. කෙසේවෙතත්, රෝගකාරක වලින් සහ ආසාදිත ස්ථාන වලින් ඈත්ව සිට සෞඛ්‍යය හා ආරක්ෂන ක්‍රම වේද අනුගමනය කළ යුතු බවත් රෝගීන් සමඟ මිශ්‍ර නොවී පරික්ෂාකාරීව සහ ප්‍රවේශමෙන් සිටින ලෙසත් දෙවියන් අපට අණ කර ඇත.
වසංගත රෝග යනු නොඇදහිලිවන්තයන්ට, පව්කාරයන්ට සහ අපරාධකරුවන්ට සර්වබලධාරි දෙවියන් ලබා දෙන ඉක්මන් දඞුවමක් වන අතර කීකරු ඇදහිලිවන්තයන්ට ඔවුන්ගේ නිලයන් ඉහළ නැංවීම සහ ඔවුන්ගේ පව් දුරු කිරීම සඳහා වූ දයාවකි.
මෙවැනි තත්ත්වයන් වලදී නිල ආයතන වලින් ලබා දෙන උපදෙස් අනුගමනය කිරීම, පුද්ගල අවශ්‍යතාවයට වඩා මහජන අවශ්‍යතාවයට ප්‍රමුඛතාවය දීමේ වගකීම දැරීම, ස්ථාවරත්වය සහ ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම යනාදිය මුස්ලිම් වරයකු මත අනිවාර්ය වන කරුණු ය.
වසංගත සමයේ තහනම් වූ කරුණු
කටකතා පැතිරවීම තහනම් වූ අසත්‍ය ප්‍රකාශ ඝනයට අයත් වන බවට කිසිදු සැකයක් නැත; එමෙන්ම එය මිනිසුන් තුළ භීතියක් ඇති කිරීමට හේතුවක් වේ. එබැවින් කිසිදු තහවුරු නොකරන ලද තොරතුරක් සම්ප්‍රේෂණය නොකිරීමට වගබලා ගැනීම වැදගත්ය.
විශේෂයෙන් අර්බුදකාරී අවස්ථාවන්හිදී ඒකාධිකාරය, වංචා කිරීම, මිල ඉහළ දැමීම සහ ජනතාවගේ ජීවනෝපායත් සමඟ නොමනා අන්දමින් හැසිරීම ඉස්ලාමය තහනම් කරයි. මෙය ව්‍යාජ ලෙස මුදල් අනුභව කිරීම, ද්‍රෝහී වීම, විශ්වාසය භංග කිරීම මෙන්ම ආත්මයේ පහත් බව හඟවයි.
රෝගියෙකුගෙන් සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකුට යම් හෝ ආකාරයකින් ඕනෑකමින් එම රෝගය ආසාදනය කිරීම තහනම් ක්‍රියාවක් වන අතර එමඟින් ඔහුට ලෞකික දඬුවමක් නියම වන අතර ම එය විශාල වරදක් හා පාපයක් ලෙස සැලකේ. මෙම දඬුවම ඒ ක්‍රියාවෙහි බරපතලකම සහ පුද්ගලයන් කෙරෙහි එහි බලපෑම සහ සමාජයට ඒ ක්‍රියාවෙන් ඇති වූ බලපෑම අනුව වෙනස් වේ.
හිතාමතාම වෙනත් අයෙකුට රෝගය සම්ප්‍රේෂණය කළ අයෙකුට හිමි වන දඬුවම
රෝගයට බැන වැදීම
උණ රෝගයට බැන වෑදීම නබි (සල්) තුමාණන් විසින් තහනම් කරන ලදී. අබූ හුරයිරා (රළි) තුමාණන් විසින් මෙසේ වාර්තා කරන ලදී: උණ රෝගයට බැන නොවදින්න. මන්ද යකඩයේ කිලිටි ගින්න ඉවත් කරනවාක් මෙන් එය පාපයන් ඉවත් කරන හේතුවෙනි.
اختر مستوى الشرح المناسب لك
يحتوي الدرس الآن على طبقات اختيارية تساعدك على المراجعة السريعة أو التعمق دون مغادرة الدرس.
- الملخص: نظرة سريعة في نحو دقيقة.
- الأساسي: محتوى الدرس الأصلي وهو المسار المعتمد للتقدم.
- المتعمق: تفاصيل إضافية اختيارية عند توفرها.
تقدمك وإكمال الدرس يعتمدان دائما على صفحات المستوى الأساسي.