දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

වසංගත රෝග හා බැඳුණු නීති රීති

පාඩම වසංගත රෝග හා බැඳුණු නීති රීති

පාඩම පිළිබඳ තොරතුරු

මෙම පාඩම මඟින් නීතිමය තීන්දු මාලාවක් සහ වසංගත හා රෝග සම්බන්ධ ගැටලු සමාලෝචනය කෙරේ.

අරමුණු

  • වසංගත රෝග හා බැඳුණු නීති රීති හා උපදෙස් කිහිපයක් හඳුනා ගැනීම.

ප්‍රතිකාර කිරීම සහ එන්නත් ලබා ගැනීම:

රෝගය ඇතිවීමට පෙර රෝගය වැළැක්වීම සඳහා එන්නත ලබා ගැනීමට අවසර ඇති අතර දෙවියන් කෙරෙහි වූ විශ්වාසයට එය පටහැනි නොවේ; තහවුරු කරන ලද ය හදීසයක නබි (සල්) තුමාණන් මෙසේ සඳහන් කර ඇති හෙයින්: “උදෑසන මදීනාවෙහි නෙලා ගත් රටඉඳි හතක් අනුභව කරන කෙනෙකුට හූනියමකින් හෝ වස විස වලින් හානියක් සිදු නොවේ” (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්) , මෙය යම් ව්‍යසනයක් පැමිණීමට පෙර ම එය දුරු කිරීම යන සංකල්පය අතරිනි.

ආසාදනය වීම සැක සහිත වූ අය ව හුදකලා කිරීම

සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින් සමඟ රෝගීන් මිශ්‍ර වීමෙන් වළකින ලෙස ඉස්ලාම් දහම ඉල්ලා සිටී. නබි (සල්) තුමාණන් මෙසේ පැවසූහ: නීරෝගි අයෙකු වෙත රෝගියෙකු රැගෙන නොයන්න. (මූලාශ්‍රය: බුහාරි)

එම නිසා, බෝවන රෝගයකින් පෙළෙන රෝගියෙකු හමුවීමෙන් වැළකී සිටිය යුතු නමුත් රෝගය පැතිරීම වැළැක්වීම සඳහා වූ මාධ්‍යයන් පිළිපදිමින් ඔහුගේ පවුලේ අය වෙත ගොස් ඔහුගේ අසනීප තත්ත්වය ගැන විමසීමට, ඔහු වෙනුවෙන් කන්නලව් කිරීමට සහ මුදල් හා ගෞරවයෙන් හා වෙනත් හැකි සෑම ආකාරයකින්ම ඔහුගේ ප්‍රතිකාර වෙනුවෙන් උදව් කිරීමට හැකි ය.

වසංගතයක් ඇති වූ ප්‍රදේශය වෙත හෝ ඉන් සංක්‍රමණය වීම තහනම් කිරීම

වසංගතයක් ඇති ප්‍රදේශයකට ඇතුළුවීමට හෝ එය හැර යාමට අවසර නැත. අබ්දුර් රහ්මාන් ඉබ්න් අවුෆ් (රළි) තුමාණන්ගේ හදීස් මඟින් ඒ බව විස්තර කෙරේ. එම හදීසයේ නබි (සල්) තුමාණන් පැවසූ බව මෙසේ සඳහන් වේ: වසංගතයක් යම් ප්‍රදේශයක ඇති වූ බව ඔබට ආරංචි වූයේ නම් ඒ වෙත නොයන්න. ඔබ සිටින ප්‍රදේශයේ එය ඇති වූයේ නම් වසංගතයෙන් ගැලවීම පිණිස එම ප්‍රදේශයෙන් පිටව නොයන්න.

සාමුහික සලාතය අත් හැරීම

සාමුහික සලාතය අනිවාර්යය වන නමුත්, ආගමානුකූල නිදහසට කරුණක් ඇත්නම් එම අනිවාර්ය බව නිදහස් වන බව විද්වතුන් සඳහන් කර ඇත., මෙය ආඉෂා තුමියගේ හදීසයක් මඟින් විස්තර කර ඇත. එහි මෙසේ සඳහන් වේ: නබි (සල්) තුමාණන් අසනීප වී සිටි විට සාමුහික සලාතයට සහබාගි නොවූ අතර " අබු බකර්ට සලාතය මිනිසුන්ට මෙහෙයවන ලෙස නියෝග කරනු." යනුවෙන් පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි) මෙයින් ඇඟවෙන්නේ මුස්ලිම්වරයෙකු පැහැදිලිව පෙනෙන අසනීපයකින් හෝ දුෂ්කරතාවයකින් අවසර ලැබූවන්ගේ ඝනයට අයත් වන අයෙකු නම් ඔහුට දේවස්ථානයේ සිදු කරනු ලබන සාමුහික සලාතය හැර දමා තනිවම සලාතය කිරීමට අවසර ඇති බවයි.

සලාතය සඳහා ස්ථානයක් නිවසෙහි සකස් කර ගැනීම

අවසර ලත් හේතුවක් නිසා සාමුහික සලාතය අතපසු වූ මුස්ලිම්වරයෙකුට තම නිවසේ ම අනිවාර්ය හෝ අනිවාර්ය නොවන සලාතයන් ඉටු කිරීම සඳහා ස්ථානයක් සකස් කර ගැනීම සුභදායී දෙයකි. මෙය නබිතුමාගේ මඟ පෙන්වීම අනුව ය.

එසේම, මයිමූනා (රළි) තුමියෙගේ නිවසේ සලාතය සඳහා වෙන් කළ ස්ථානයක් තිබූ අතර අම්මාර් බින් යාසිර් (රළි) තුමාගේ නිවසේ ද සලාතය සඳහා වෙන් කළ ස්ථානයක් තිබුණි. අපි මෙම විපත් සිදු වන අවස්ථා වලින් ප්‍රයෝජන ගනිමින් අපේ නිවෙස් වල ද සලාතය සඳහා වෙන් කළ ස්ථානයක් සකස් කළ යුතුය.

නිවසේදී සාමුහික සලාතය ඉටු කිරීමේ නීත්‍යානුකූලභාවය

සාමුහික සලාතය දේවස්ථානයේ ස්ථාපිත කිරීමට නොහැකි වූ විට නිවෙස්වල ඉටු කිරීමට නියම කර ඇති අතර, එමඟින් සාමුහික සලාතයේ වේතනය ද සාක්ෂාත් කරගනු ලැබේ. සාමුහික සලාතය මඟ හැරුණු විට ඉබ්නු මස්ඌද් සහ අනස් (රළි) වැනි නබි(සල්) තුමාණන්ගේ මිතුරන් පිරිසක් විසින් නිවස තුළ සාමුහික සලාතය පිහිටුවා ගත් බව සනාථ වී ඇත.

සලාතය මෙහෙය වීමට සුදුස්සා කවරෙකු ද?

සාමුහික සලාතය නිවසේදී ඉටු කරන්නේ නම්, නිවසේ අයිතිකරු එම සලාතය මෙහෙයවීම වඩාත් උචිත වන අතර ඔහු එය මෙහෙය වීමට ඔහු ඉදිරිපත් නොවන්නේ නම්, අල් කුර්ආනය හොඳින් පාරායනා කරන අයෙකු ඉදිරිපත් විය යුතුයි. ඒ විෂයෙහි ඔවුන් සියල්ල එක සමාන නම්, සලාතයේ නීති ගැන බොහෝ දැනුමක් ඇති අයෙකු ඒ සඳහා ඉදිරිපත් වේ. ඒ විෂයේත් ඔවුන් සියල්ල එක සමාන නම් ඔවුන්ගෙන් වැඩිමහල් අයෙකු ඒ සඳහා ඉදිරිපත් වනු ඇත.

සලාතය මෙහෙය වන්නා ව අනුගමනය කරන අයෙකු සිට ගත යුතු ස්ථානය

මුස්ලිම්වරයෙකු ඔහුගේ නිවසේ සලාතය ඉටු කරන්නේ නම්, අනුගාමිකයා එක් පිරිමියකු නම්, සලාතය මෙහෙයවන්නාගේ දකුණේ සිටගෙන සිටීම වඩා යහපත් ය, ඔවුන් එකට වඩා වැඩි නම් සුන්නාහ් ව වනුයේ ඔවුන් පිටුපස සිටගෙන සිටීම යි. අනුගාමිකයා ස්ත්‍රියක් නම්, සුන්නාහ්ව වනුයේ ඇය ඔහුට පිටුපස සිටගෙන සිටීම වන අතර පිරිමි සහ ගැහැණු එකතුවක් නම් පිරිමින් සලාතය මෙහෙයවන්නාගේ පිටුපසින් සහ කාන්තාවන් පිරිමින් පිටුපස සිටගෙන සිටියි.

මහඟු අවස්ථාවකි

පවුගේ සාමාජිකයින්ට සලාතය කළ යුතු ආකාරය සහ එහි කොන්දේසි, පිරිසිදුකමෙහි නීති රීති සහ එහි අවශ්‍ය දෑ ඉගැන්වීම සඳහාත් ඒ පිළිබඳව ඔවුන් සමඟ සාකච්ඡා කිරීම සඳහාත් මෙම විපත් අපට කදිම අවස්ථාවක් වශයෙන් පවතී.

කාන්තාවන් සාමුහිකව සලාතය ඉටු කිරීම

නිවෙස් වල සිටින කාන්තාවන් පිරිමීන් නොමැතිව තනිවම සිටී නම් කාන්තාවන් එකට එකතු වී සාමුහිකව සලාතය ඉටු කිරීම සුන්නාහ්වකි, මන්ද උම්මු වරකාහ්, ආඉෂා සහ උම්මු සලමා (රළි) තුමියලා විසින් මේ බව තහවුරු වී ඇත. මේ අයුරින් ඔවුන් සාමුහික ව සලාතය ඉටු කිරීමෙන් මහඟ වේතනයන් අල්ලාහ් වෙතින් හිමි වේ. ඒ සලාතය මෙහෙයවන කාන්තාව පේලියේ මැද සිට සලාතය මෙහෙයවයි.

රෝගියකු සාමුහික සලාතයට හෝ රැස්වීම්වලට පැමිණීම:

මිනිසුන්ට හානියක් සිදු වන හේතුවෙන් බෝවන වසංගතයක් වැළඳුන පුද්ගලයෙකුට මිනිසුන් එස්රොස් වන රැස්වීම්වලට පැමිණීම තහනම්ය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: දෙවියන් විශ්වාස කරන්නන්ට හා විශ්වාස කරන්නියන්ට ඔවුන් උපයා නොගත් දෑ වෙනුවෙන් හිංසා පීඩා කරන්නන් වනාහි, ඔවුහු සැබැවින්ම මහා අපවාදයක් හා පැහැදිලි පාපයක් උසුලා ගත්තෝය.

ස්ථාපිත ආගමික නීති රීති අතර: හානියක් සිදු කිරීම හෝ ප්‍රති හානියක් සිදු කිරීම තහනම් යන නීති ය ද වේ. එබැවින් මෙම රෝගය ඇති පුද්ගලයෙකු සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින් සමඟ මිශ්‍ර වීමට අවසර නැත. නබි (සල්) තුමාණන් පැවසූ බව අබූ හුරෙයිරා (රළි) තුමාණන් විසින් මෙසේ වාර්තා කරන ලදී: සිංහයා වෙතින් පලා යන අයුරින් ලාදුරු රෝගය වැළඳූ අයෙකුගෙන් පලා යන්න.

සලාතය ඉටු කිරීමේදී මුඛ ආවරණ පැළඳීම:

සලාතය කිරීමේදී මුඛය ආවරණය කිරීම පිළිකුල්සහගත ක්‍රියාවක් වන අතර නබි (සල්) තුමාණන් එය තහනම් කළ නමුත් අවශ්‍ය වූ විට හෝ ආසාදනයෙන් හානි වේ යැයි බය වූ විට මෙවැනි මුඛ ආවරණ පැළඳිය හැකිය.

සිකුරාදා (ජුම්ආ) දින පිළිබඳ නීති

සාමුහික සලාතයට බාධා ඇති වූ අවස්ථාවක, සිකුරාදා (ජුම්ආ) දිනට වූ නීති රීති ඒ අයුරින් ම පවතී. ඒ අනුව එදින ෆජ්ර් සලාතයේ දී අස් සජදා හා අල් ඉන්සාන් පරිච්ඡේද පාරායනා කරනු ලැබේ. එදිනට නියමිත වූ ප්‍රාර්ථනා පිළිගනු ලබන වේලාවෙහි ප්‍රාර්ථනා කළ යුතුය. එහි අවසන් හොරාව අසර් වේලාවට පසුව වේ. එදින නබි (සල්) තුමාණන් හට සලවාත් පැවසීම‍, අල් කහ්ෆ් පරිච්ඡේදය පාරායනා කිරීම යනාදිය කළ යුතුයි. මන්ද නීතිය වනාහි ජුම්ආ සලාතය සිදු වුව ද සිදු නොවුව ද එදිනට වූ අනෙකුත් කරුණු කාරණා කළ යුතුයි යන්නයි.

අතට අත දී ආචාර කිරීමෙන් වැළකී සිටීම

අතට අත දී ආචාර කිරීම සුන්නාහ්වකි. නබි (සල්) තුමාණන් මෙසේ පවසා ඇත: "කවර හෝ මුස්ලිම්වරු දෙදෙනෙකු හමු වී අතට අත දී ඔවුන් ආචාර කළේ නම්, ඔවුන් දෙදෙනා වෙන්ව යන්නට පෙර ඔවුන් දෙදෙනාට සමාව දෙනු ලැබේ" (මූලාශ්‍රය: අබූ දාවූද්) අතට අත දීමෙන් රෝගය ආසාදනය වේ යැයි මුස්ලිම්වරයෙකු බිය වේ නම් වාචික ව ආචාර කිරීම ඔහුට ප්‍රමාණවත් ය. අල්ලාහ්ගේ අනුමැතියෙන් ඒ සඳහා වූ වේතනය ඔහු වෙනුවෙන් ලියනු ලැබේ යැයි අපේක්ෂා කරනු ලැබේ.

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.

පරීක්ෂණය ආරම්භ කරන්න.