දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම සැමියා පණිවිඩකරු (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!)

මෙම පාඩමෙන් අපි නබිතුමා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) නිවසේ ජීවත් වූ ආකාරය සහ ඔහුගේ භාර්යාවන් සමඟ කටයුතු කළ ආකාරය ගැන ඉගෙන ගනිමු.

  • නබිතුමා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) තම නිවසේ සිටි ස්වභාවය ගැන දන ගැනීම.
  • නබිතුමා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) තම නිවැසියන් සමඟ කටයුතු කිරීමේ දී අනුගමනය කළ සිල්වත් ගතිගුණ හැදෑරීම.
  • භාර්යාවන් සමඟ ගනුදෙනු කිරීමේ දී නබිතුමාව (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) අනුකරණය කිරීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

සර්ව බලධාරී අල්ලාහ්ගේ ප්‍රඥාවෙන් ඔහුගේ දූතයන් මිනිසුන් ලෙස ම පත් කළේ ය. එහෙයින් ඔවුන්ගේ ආදර්ශය අනුගමනය කිරීමට, ඔවුන්ගේ සදාචාරය අනුගමනය කිරීමට සහ ඔවුන් කළ ආගමික වතාවත් එලෙසම කිරීමට එය මිනිසුන්ට සාධකයක් විය. තවද මුස්ලිම්වරයෙකුගේ මෙලොව සහ පරලොව සතුට පවතින්නේ සර්වබලධාරී අල්ලාහ්ගේ අල් කුර්ආනය හා ඔහුගේ නබිතුමාගේ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) සම්ප්‍රදාය අනුගමනය කිරීම සහ ඔහුගේ අඩිපාරේ යාම තුළය. එබැවින්, මුස්ලිම්වරයෙකු ඕනෑම අවස්ථාවක නබිතුමාගේ චරිතාපදානය සහ ඔහුගේ සුන්නාව අනුකරණය කිරීමට උත්සහ කිරීම සඳහා එය දැන ගැනීමට උනන්දු විය යුතුය.

නබිතුමාණෝ (ඔහුට ශාන්තිය හා සමාදානය අත් වේවා!) තම නිවසෙහි සහ ඔහුගේ භාර්යාවන් සමඟ ගත කළ ජීවිතය මුළු මහත් මනුෂ්‍ය වර්ගයාටම ශ්‍රේෂ්ට ආදර්ශයකි. තම පවුල මෙලොව යහපත් ජීවිතයක් ගත කිරීමටත්, පරලොව ස්වර්ගය දිනා ගැනීමටත් කැමති සෑම සැමියෙකු ම අනුගමනය කළ යුතු ආදර්ශය නබි තුමාණන්ය (ඔහුට ශාන්තිය හා සමාදානය අත් වේවා!). උත්තරීතර අල්ලාහ් ප්‍රකාශ කරයි: "අල්ලාහ් හා අවසන් දිනය අපේක්ෂා කරමින් සිටින, අල්ලාහ් ව අධික වශයෙන් මෙනෙහි කරන අයට සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් තුළ අලංකාර ආදර්ශයක් විය." (අල් අහ්zසාබ් : 21).

තම භාර්යාවන් සමඟ නබිතුමාගේ උතුම් සාරධර්මවලින් බිදක්

ආයිෂා තුමිය (ඇයට අල්ලාහ්ගේ තෘප්තිය අත් වේවා!) වාර්තා කරයි. අල්ලාහ්ගේ දූතයාණෝ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) මෙසේ පැවසුවේය: "ඔබගෙන් යහපත් තැනැත්තා ඔබගේ භාර්යාවන්ට යහපත් තැනැත්තාය, මම මගේ භාර්යාවන්ට යහපත් වෙමි." (අත් තිර්මිදී 3895). නබිතුමාණෝ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) තම සමාජයේ පිරිමින්ට ඔවුන්ගේ කාන්තාවන්ට යහපත කරන ලෙස අණ කළේය. තවද එසේ කරන අයට ඔහු ප්‍රශංසා කළේය, පසුව එසේ කරන්නන්ගේ ආදර්ශය තමා බව පැහැදිලි කළේය.

තම භාර්යාවන්ට සංග්‍රහ කිරීමට සහ ඔවුන්ගේ අනුමත ආශාවන් ඉටු කිරීමට නබිතුමාගේ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) උනන්දුව

ආයිෂා තුමිය (ඇයට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) පැවසුවාය: "මම මස්ජිදයේ මිදුලේ සෙල්ලම් කරමින් සිටි ඉතියෝපියානුවන් දෙස බලමින් සිටියදී නබිතුමාණෝ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) තුමාණන් ඔහුගේ රිදා (ශරීරයේ ඉහළ කොටස ආවරණය කරන ලද ඇඳුමෙන්) මා ආවරණය කරමින් සිටියේය. මම සෑහීමකට පත් වන තුරු (දිගටම ඒ දෙස බැලුවෙමි). එහෙයින් විනෝදය භුක්ති විඳීමට ආශාවෙන් සිටින කුඩා දැරියකට (වැඩිවියට පත් නොවූ) මේ ආකාරයෙන් සැලකිය යුතු අයුරු ඔබලාට මෙම සිදුවීමෙන් අනුමාන කළ හැකිය" (බුහාරි 5236, මුස්ලිම් 892). ස්වාමිපුරුෂයෙකුට අල්ලාහ්ගේ දූතයාගෙන් (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) ගත හැකි ආදර්ශ වනුයේ: විචක්ෂණශීලී වීම, තම බිරිඳගේ ආශාවන් ගැන උනන්දු වීම, ඇයගේ අනුමත මානසික අවශ්‍යතා අගය කර ඒවා ඉටු කිරීම යනාදියයි.

අල්ලාහ්ගේ දූතයා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) මිනිසෙකු තම භාර්යාව සමඟ සෙල්ලම් කිරීම, අවසර ලත් විනෝදාස්වාදයක් ලෙස සලකා තිබේ. එමෙන් ම පිළිකුල් සහගත විනෝදය ඔහු ප්‍රතික්ෂේප කළේය. නබිතුමාණෝ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) මෙසේ ප්‍රකාශ කළේය: " (ක්‍රියාවන්) තුනක් හැර ආදම්ගේ පුත්‍රයා විනෝදාස්වාදය ලබන සියල්ල නිෂ්ක්‍රීය ය: දුනු විදීම, තම අශ්වයා පුහුණු කිරීම හා ඔහු තම භාර්යාව සමඟ සෙල්ලම් කිරීම. ඒවා ඔහුගේ අයිතියයි." (අහමද් 17337).

ආයිෂා තුමියගේ (ඇයට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) වාර්තාවක මෙසේ වාර්තා වේ: ඇය අල්ලාහ්ගේ දූතයා සමඟ ගමනක යෙදී සිටිය දී, ඇය පැවසුවාය: "මම ඔහු (නබි) සමඟ තරඟයක් පැවැත්වූ අතර මම ඔහුව මගේ පාදවලින් අභිබවා ගියෙමි. මගේ මාංස බව වැඩි වූ පසු, (නැවත) මම ඔහු (නබි) සමඟ තරඟයක් පැවැත්වූ අතර ඔහු මා අභිබවා ගියේය. ඔහු මෙසේ කීවේය: මෙය එම අභිබවා යෑම සඳහා ය." (අබූ දාවුද් 2578). නබි තුමාණන් (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) තම භාර්යාවන් සමඟ සෙල්ලම් කිරීමටත්, ඔවුන් සමඟ විහිළු කිරීමටත් පුරුදු වී සිටි අතර, එවිට විවාහ ජීවිතය ඒකාකාරී හා නීරස නොවනු ඇත.

පවුල් ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී නබි තුමාණන්ගේ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) ඥානය.

කිසිදු නිවසක් එහි සාමාජිකයන් අතර ඇති වන යම් යම් ගැටලුවලින් නිදහස් නොවන අතර, මෙම ගැටලු කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව නබි තුමාණෝ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) අපට කදිම උදාහරණ ලබා දුන්හ. නිදසුනක් වශයෙන්, අනස් තුමා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!): "නබි තුමාණන් ඔහුගේ භාර්යාවන් කිහිප දෙනෙකු සමඟ සිටි නිසා, විශ්වාසවන්තයින්ගේ එක් මවක් පිඟානක කෑමක් එව්වාය, නබි තුමාණෝ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) කුමන බිරිදගේ නිවසේ සිටියේද ඇය සේවකයාගේ අතට ගැසුවාය. එහෙයින් පිඟාන බීම වැටී එය කැඩී ගියේය, එවිට නබි තුමාණෝ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) පිඟානේ සුන්බුන් රැස් කර, පසුව පිඟානේ තිබූ ආහාර එකතු කිරීමට පටන් ගත්තේය, ඔහු මෙසේ කිවේය: "ඔබේ මවට ඊර්ෂ්‍යාව ඇති විය." පසුව ඔහු සිටි කාන්තාවගේ නිවසේ පිඟානක් ගෙන එන තෙක් සේවකයා රඳවා තබා ගත්තේය. ඔහු අතේ කැඩුණු පිඟාන හිමි බිරිඳට හොද පිඟාන යැවූ අතර කැඩුණු පිඟාන, පිඟාන කැඩූ බිරිඳගේ නිවසේ තැබුවේය.(අල්-බුහාරි 5225).

නබිතුමාගේ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) භාර්යාවන්ගේ හෝ පවුලේ උදවියගේ සහජ හැඟීම් නිසා පිටතට පැමිණි ක්‍රියාවලින් නබිතුමාගේ පපුව පටු නොවීය. එමෙන් ම ඔහු සෑම අවස්ථාවකදී ම උපායශීලීව හා ප්‍රඥාවෙන් යුතුව කටයුතු කළේය. තවද තත්වය ආරවුලක සහ ඝට්ටනයක අනතුරු හඟවන්නේ නම්, ඔහු තම ප්‍රඥාවෙන් සහ චිත්තවේගයෙන් හා කෝපයෙන් තොරව තත්වය වෙනස් කිරීමට පුරුදු විය. එයින් ආතතිය දුරු විය, එසේම සියලු පාර්ශ්වයන්ට සාධාරණයක් ඉටු විය.

තවද ඔහු (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) තම බිරිඳ තමා සමඟ අමනාප වී එය පෙන්වන බව පිළිගෙන එයට කරුණාවෙන් දයාවෙන් ප්‍රතිචාර දැක්වීමට පුරුදුව සිටියේය. ආයිෂා තුමිය (ඇයට අල්ලාහ්ගේ තෘප්තිය අත් වේවා!) නබිතුමා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) තමාට පැවසූ බවට වාර්තා කරයි: “ඔබ මා ගැන සතුටු වන විට හෝ මා සමඟ කෝපයට පත් වූ විට මම දනිමි” යැයි ඔහු (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) පැවසූවේය. මම පැවසුවෙමි: "ඔබ එය දන්නේ කෙසේද?" ඔහු පැවසුවේ, "ඔබ මා ගැන සතුටු වූ විට, "මුහම්මද්ගේ ස්වාමියා මත දිවුරමි" යැයි ඔබ පවසන අතර, ඔබ මා සමඟ කෝපයට පත් වූ විට, "ඉබ්රාහිම්ගේ ස්වාමියා මත දිවුරමි" යැයි පවසනු ඇත. එවිට මම: "ඔව් (ඔබ හරි), නමුත් අල්ලාහ් මත දිව්රා පවසමි, අල්ලාහ්ගේ දූතයාණනි (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!), මම ඔබගේ නම හැර අන් කිසිවක් ඉතිරි නොකරමි." (බුහාරි 5228, මුස්ලිම් 2439).

නබි තුමාණන් (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) තම භාර්යාවන්ට දැක්වූ යහපත් සැලකීම.

නබි තුමාණන් (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) තම භාර්යාවන්ට අනුකම්පාවෙන් ගෙදර දොරේ වැඩ කටයුතුවලට සහය වීමට සහ ඔවුන්ට පහසුවක් සැලසීමට පුරුදුවී සිටියේය. එසේම තම පෞද්ගලික කටයුතුවල දී තමාම එය කර ගැනීම ඔහුගේ එක් සදාචාරයක් විය.

ආයිෂා තුමියගෙන් (ඇයට අල්ලාහ්ගේ තෘප්තිය අත් වේවා!) මෙසේ විමසන ලදී: නබිතුමා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) තම නිවසේ කරන්නේ කුමක් ද? ඇය පැවසුවාය: "ඔහු තම පවුලට සේවය කිරීමට කාර්යබහුල වන අතර යාච්ඥා කරන වේලාව පැමිණි විට ඔහු ඒ සඳහා යන්නේ ය." (බුහාර් 676). තවද ඇය තවත් හදීසයක මෙසේ පැවසුවාය: "අල්ලාහ්ගේ දූතයාණෝ ඕනෑම පුද්ගලයෙකු නිවසේ වැඩ කරන පරිදි ඔහුගේ සපත්තු සකස් කිරීමට, ඔහුගේ ඇඳුම් මැසීම සහ ඔහුහේ නිවසේ වැඩකටයුතු කිරීමේ නිරත වුනේය." (අහමද් 25341).

භාර්යාවන්ට සෙනෙහස පෑමේ ඇතැම් ක්‍රමවේද.

١
ඔවුන්ව ආදරණිය වචනවලින් ආමන්ත්‍රණය කිරීම
٢
ඔවුන් පෝෂණය කිරීම.
٣
ඔවුන් කෙරෙහි ආදරය ප්‍රකාශ කිරීම.
٤
ඔවුන් කතා කරන විට සවන් දී අවධානය යොමු කිරීම.

ඔවුන්ව ආදරණිය වචනවලින් ආමන්ත්‍රණය කිරීම

අල්ලාහ්ගේ දූතයා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) පැවසූ බවට ආයිෂා තුමිය (ඇයට අල්ලාහ්ගේ තෘප්තිය අත් වේවා!) වාර්තා කරයි: "අයිෂ් ('අයිෂා)! මේ ජිබ්රීල් ඔබට සලාම් පවසනවා" යැයි කිවේය. තවද ඔහු ඇයව"අල්-හුමිරා" ලෙස ආමන්ත්‍රණය කළේය, එය රතු (අහ්මර්) පැහැයේ කුඩා කරණය වේ. එනම් සුදු යන්නයි.

ස්වාමියා තම බිරිඳව පෝෂණය කිරීම.

සඊද් බින් අබී වක්කාස් තුමා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) අල්ලාහ්ගේ දූතයා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) තමාට පැවසූ බවට වාර්තා කරයි: ඔබ බිරිඳට වියදම් කරන ඕනෑම දෙයක් දානයක් වේ. එයට ඔබ ඔබේ බිරිඳට කවන බත් කටක් වුවද අදාළ වේ." (බුහාරි 2742)

ස්වාමියා තම ආදරය තම බිරිඳට ප්‍රකාශ කිරීම.

අම්ර් බින් ආස් තුමා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) බව වාර්තා කරයි. නබි තුමා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) ඔහුව zදාතු අස් සලාසිල් සේනාවට යැව්වේය. මම ඔහු වෙත පැමිණ ඇසුවෙමි: "ඔබට වඩාත්ම ආදරණිය පුද්ගලයා කව්ද?" ඔහු පැවසුවේය: "ආයිෂා". (බුහාරි 3662, මුස්ලිම් 2384)

ඔවුන් කතා කරන විට සවන් දී අවධානය යොමු කිරීම.

මෙයට සාදකයක් ලෙස උම්මි zසර්ගේ දීර්ඝ හදීසය පවතී. එහි දී, අයිෂා (ඇයට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) කාන්තාවන් එකොළොස් දෙනෙකුගේ කතාව පැවසූ අතර, එහි ඔවුන් එකොළොස් දෙනාම වාඩි වී සිට, ඔවුන් සෑම කෙනෙකුම ඔවුන්ගේ ස්වාමිපුරුෂයින් සමඟ ඔවුන්ගේ තත්වය ගැන පැවස කතාව අන්තර්ගත විය. මෙහිදී ඔවුන් අතර සිදු වූ දේ සම්පූර්ණයෙන් අවසන් කරන තුරු නබිතුමා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) ආයිෂාට සවන් දෙමින් සිටියේය.

නබිතුමා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) තම භාර්යාවන් සඳහා ඔහුව අලංකාර කර ආකර්ශනීය ලෙස පෙන්වීම.

ආයිෂා තුමියගෙන් (ඇයට අයට අල්ලාහ්ගේ තෘප්තිය හිමි වේවා!)මෙසේ විමසන ලදී: නබි තුමාණෝ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) ඔහුගේ නිවසට ඇතුළු වූ විගස කුමක් කරන්නේද? ඇය පිළිතුරු දුන්නාය: "මිස්වාක් (දත් මැදීම) කරයි." (මුස්ලිම් 253). ඇගේ තවත් වාර්තාවක ඇය මෙසේ ප්‍රකාශ කරයි: "මම අල්ලාහ්ගේ දූතයාණෝ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) ගේ හිසෙහි සහ රැවුලෙහි දිලිසෙන සුවඳ දකින තුරු ලබා ගත හැකි හොඳම සුවඳින් සුවඳ විලවුන් ගැල්වීමට පුරුදුව සිටියෙමි." (බුහාරි 5923)

තම භාර්යාවන් කෙරෙහි නබි තුමාණන්ගේ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) පක්ෂපාතීත්වය.

මෙම පක්ෂපාතිත්වයේ පැහැදිලිම රූපයක් වන්නේ කදීජා තුමියගේ (ඇයට අල්ලාහ්ගේ තෘප්තිය හිමි වේවා!) මරණයෙන් වසර ගණනාවකට පසු නබිතුමාට (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) සිදු වූ දෙයයි. එනම්, නබිතුමාගේ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) දියණිය වන zසයිනබ් (ඉස්ලාමයට පෙර ඇයව විවාහ කරගෙන බද්ර්හි සිරකරුවෙකුව සිටි) අබා අල් ආස්ව, කදීජා තුමියගේ (ඇයට අල්ලාහ්ගේ තෘප්තිය හිමි වේවා!) මාලයෙන් වන්දි මුදල ගෙවා නිදහස් කිරීමට ඉදිරිපත් වූ විට, නබිතුමා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) එම මාලය දැක ඉතා මුදු මොළොක් විය. ඔහු මෙසේ පැවසූ වේය: "ඔබලා ඇය වෙනුවෙන් ඇගේ සිරකරු නිදහස් කර ඇයට අයිති දේ ඇය වෙත ආපසු දිය යුතු යැයි සලකන්නේ නම්, (එය යහපතක් වනු ඇත)." (අබූ දාවුද් 2632). ඔහු කදීජා තුමියට (ඇයට අල්ලාහ්ගේ තෘප්තිය හිමි වේවා!) කොතරම් පක්ෂපාතීද යත්, එය අයිෂා තුමියට (ඇයට අල්ලාහ්ගේ තෘප්තිය හිමි වේවා!) ඇය කෙරෙහි ඊර්ශියාවක් ඇති කළේය, ඇය කදීජා තුමියව හමුවී හෝ ඇය සමඟ සමකාලීනව නොවිසූ තැනැත්තියක් විය. අයිෂා තුමිය (ඇයට අල්ලාහ්ගේ තෘප්තිය හිමි වේවා!) වාර්තා කරයි: "මම කදීජාට ඊර්ෂ්‍යා කළාක් මෙන් නබිතුමාගේ කිසිම භාර්යාවකට ඊර්ෂ්‍යා කළේ නැත. මම ඇයව දැක තිබුණේ නැත, නමුත් නබිතුමා ඇය ගැන නිතර සිහිපත් කළේය. ඇතැම් විට ඔහු බැටළුවන් කපා, පසුව එය කොටස් වලට කපා, පසුව එය කදීජාගේ මිතුරන් වෙත යවා ඇත. ඇතැම් විට මම ඔහුට මෙසේ කීවෙමි: "කදීජා හැර මේ ලෝකයේ වෙන කාන්තාවක් නෑ වගේ නේ", එවිට ඔහු මෙසේ කියනු ඇත: "ඇය සිටියාය, ඇය සිටියාය, මට ඇයගෙන් පුතෙක් ලැබුණා" (බුහාරි 3818, මුස්ලිම් 2435).

තම භාර්යාවන් අතර නබිතුමාණන්ගේ යුක්තිය පසඳලීම

١
ලැගුම් ගැනීම සහ නවාතැන් ගැනීමට අදාළ යුක්තිය, ඔහු භාර්යාවන් අතර රාත්‍රින් සමානව බෙදා දෙයි. එසේ ම ඔහු කිසිම වෙනසක් නැතිව ඒ සියල්ල වෙතට ම යන්නේය. හදීසි අවස්තාවක් මතු වුවහොත්, ඔවුන්ගේ අවසරය ඉල්ලා සිටී. ආයිෂා තුමිය (ඇයට අල්ලාහ්ගේ තෘප්තිය හිමි වේවා!) වාර්තා කරයි: "නබිතුමාණන්ගේ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) රෝගය උත්සන්න වූ විට සහ ඔහුගේ රෝගය දරුණු වූ විට, ඔහු මගේ නිවසේ ඔහුට සාත්තු කිරීමට (ප්‍රතිකාර කිරීමට) අවසර දෙන ලෙස ඔහුගේ භාර්යාවන්ගෙන් ඉල්ලා සිටියේය. එබැවින් ඔවුහු ඔහුට අවසර දුන්හ." (බුහාරි 198, මුස්ලිම් 418).
٢
ගමන් බිමන් යාමේදී ඔවුන් අතර ඔහුගේ යුක්තිය: ඔහු තම භාර්යාවන් අතරේ කුසපත් ඇදීමට පුරුදුව සිටියේය, එබැවින් කවුරුන් එම කුසපත ජයග්‍රහණය කරනේ ද, ඔහු එම බිරිඳ ඔහු සමඟ රැගෙන ගියේය.
٣
ඔහු කලින් විවාහක කාන්තාවක් විවාහ කර ගත්තේ නම්, ඔහු ඇයව සතුටු කිරීම සඳහා රාත්‍රී තුනක් ඇය සමඟ නැවතී, පසුව ඔහු තම සියලු ම භාර්යාවන් සමඟ කළාක් මෙන් ඇය වෙනුවෙන් (කාලයක්) වෙන් කරයි.
٤
නඩත්තුව සහ මුදල් වශයෙන් තමාට දැරිය හැකි සියල්ල බෙදාගැනීමේ දී නබිතුමා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) තම භාර්යාවන් අතර සාධාරණව කටයුතු කළේය.

නබි තුමාණෝ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) තම භාර්යාවන් අගය කිරීම හා ඔවුන්ගෙන් උපදෙස් ලබාගැනීම.

හුදයිබියා දිනයේ දී නබිතුමා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) තම භාර්යාව වූ උම්මු සලමහ් තුමියගෙන් (ඇයට අල්ලාහ්ගේ තෘප්තිය ඇති වේවා!) උපදෙස් පැතීමට වඩා පැහැදිලි සාදකයක් මේ සම්බන්ධව නොමැත. නබිතුමා (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) එදින මුස්ලිම්වරුන්ගෙන් සත්ත්වත්වපය ලබාදී තම හිස් මුඩු කරගන්නා ලෙස ඉල්ලා සිටි අවස්තාවේ කිසිවෙක් එය කිරීමට ඉදිරිපත් නොවුනේය. එවිට ඔහු උම්මු සලමහ් තුමිය වෙත ගොස් ජනතාව කළ දේ ගැන කියා සිටියේය. එවිට උම්මු සලමහ් තුමිය පැවසුවාය: "අල්ලාහ්ගේ නබිතුමනි, ඔබ එයට කැමති ද? එසේනම් පිටතට ගොස් ඔබේ සත්ව කැපය කරන තුරු ඔවුන්ගෙන් කිසිවෙකුට වචනයක්වත් කතා නොකරන්න. ඔබේ හිස මුඩු කිරීමට ඔබේ කරණවෑමියා කැඳවා එය කරගන්න." එබැවින් ඔහු පිටතට ගොස් එය කරන තුරු ඔවුන්ගෙන් කිසිවෙකුට කතා නොකළේය. ඔහුගේ සත්ව කැපය ඉටු කළේය. පසුව ඔහු තම කරණවෑමියා කැඳවා, ඔහුගේ හිස මුඩු කර ගත්තේය. සියල්ලෝ ම එය දැක, ඔවුනොවුන්ද නැඟිට තම සත්ව කැපය ඉටු කර ඔවුනොවුන්ගේ හිස මුඩු කර ගත්හ.” (බුහාරි 2731).

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.