වත්මන් කොටස: model:
පාඩම ශීත සෘතුව හා පිරිසිදුකම
වැසි ජලය පිරිසිදු හා වෙනත් ද්‍රව්‍යයක් පිරිසිදු කරන්නක් ය. උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: (තවද අපි අහසින් පිරිසිදු ජලය පහළ කළෙමු.) (අල් ෆුර්කාන්: 48) එමෙන්ම මාර්ගයේ දමා ඇති තාර වලට හෝ වැලි වලට වැදී සලාතය කරන කෙනෙකුගේ වස්ත්‍රයෙහි වැදෙන වැසි ජල අංශු ද පිරිසිදු වේ.
ශීත කාලයේ දී පරිපූර්ණ ලෙස වුළු දෝවනය ඉටු කිරීම
ජලය සීතල හෝ උණූ වුව ද වූළු දෝවනය පරිපූර්ණ ලෙස ඉටු කිරීම අල්ලාහ් වෙත කෙරෙන වත්පිළිවෙතකි. නබිතුමාණන් මෙසේ වදාලහ: පාපයන් මකා දමන උසස් වීම් ලබා දෙන දෙයක් පිළිබඳ මා ඔබ දැනුවත් කරන්න ද? එසේය, නබිතුමණි! අපව දැනුවත් කරන්න යනුවෙන් අවට සිටි එතුමාගේ හිතමිතුරන් පවසා සිටියෝය. එවිට නබිතුමාණෝ: දුෂ්කර අවස්ථාවල දී පවා වූළු දෝවනය පරිපූර්ණ කිරීම, දේවස්ථානය දෙසට අධික ලෙස පාද අඩි තබා ගමන් කිරීම, එක් සලාතයකට පසු තවත් සලාතයක් බලාපොරොත්තුවෙන් පසුවීම වේ යනුවෙන් පවසා මේවා සීමාවන් බව එතුමාණන් පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්)
-
ශීත කාලයේ දී ජලය උණු කිරීම වරදක් නොවේ. එයට අනුමැතිය ඇත. එමඟින් වූළු දෝවනයෙන් ලැබෙන කුසලෙහි කිසිදු හිඟයක් ඇති නොවේ. එමෙන් ම වුළු ඉටු කිරීමෙන් පසු අවයවයන් වියළා ගත හැකිය. ජලය උණු නොකර සීතල ජලයෙන් ම වුළු දෝවනය ඉටු කළේ නම් එය ඔහුට හානිදායක වනවා නම් හෝ පරිපූර්ණ ලෙස වුළු ඉටු කළ නොහැකි වේ නම් ජලය උණු කිරීම ඔහු අනිවාර්යයෙන් අත් නො හැර යුතු ය.
තයම්මුම් යනු අත් දෙක පොළවේ ඇති පිරිසිදු වැලි මත තබා පසුව ඒ අත් දෙකින් මුහුණ පිරිමැදීම. පසුව වම අත්ලෙන් දකුණු අත්ල ද දකුණු අත්ලෙන් වම් අත්ලද පිරිමැදීම වේ.
ජලය මදක් හෝ නොලැබීම, ජලය ස්වල්පයක් තිබිය ද ඒ වෙත තමන් අවශ්‍ය නම් - තමන් අසල ජලය නොලැබේ නම්- අධික රෝගය හෝ සීතල හේතුවෙන් ජලයෙන් වුළු දෝවනය ඉටු කිරීමට ඇති වන අතිශය දුෂ්කරතාව යන හේතූන් මත තයම්මුම් කළ හැක.
හමින් සාදන ලද පාවහන් දෙක මත පිරිමැදීම: එනම් එය දෙපා සම්පූර්ණයෙන් ආවරණය කරන මේස් හෝ හමින් සාදන ලද පාවහන් පැළඳ සිටින අවස්ථාවක වේ. කෙනෙකු වුළු දෝවනය ඉටු කර සිය හිස ජලයෙන් පිරිමැද ඉන් අනතුරුව පාද සේදීමේ දී තමන් පැළඳ ගත් පාවහන් ගැලවීම අවශ්‍ය නොවේ. පාදයේ ඉහළ කොටසින් පාවහන් මත පිරිමදී.
හමින් සාදන ලද පාවහන් දෙක මත පිරිමැදීම වලංගු වීම සඳහා වූ කොන්දේසි.
සමෙන් සාදන ලද පාවහන් මත පිරිමැදීම අනුමත වන කාල අවකාශය
පාවහන් මත පිරිමැදීමට අනුමත කාලය ප්‍රථම වරට කරන පිිරිමැදීමකින් පසුව සිට ආරම්භ වේ.
සමින් සාදන ලද පාවහන් මත පිරිමැදීමට අනුමත කාලය අවසන් වූ පසු වුළු දෝවනය ඉටු කිරීමට අපේක්ෂා කළේ නම් හෝ මහා කිලිට්ටෙන් ඉවත් වීම පිණිස හෝ වෙනත් කාරණාවන් නිසා ස්නානය කිරීමට සිදු වූයේ නම් හෝ පරිපූර්ණ පිරිසිදු කිරීමකින් පසුව ඒ යුවල පැළඳ නොගත්තේ නම් ඒ පාවහන් යුවල ඉවත් කිරීම අනිවාර්ය වේ.
اختر مستوى الشرح المناسب لك
يحتوي الدرس الآن على طبقات اختيارية تساعدك على المراجعة السريعة أو التعمق دون مغادرة الدرس.
- الملخص: نظرة سريعة في نحو دقيقة.
- الأساسي: محتوى الدرس الأصلي وهو المسار المعتمد للتقدم.
- المتعمق: تفاصيل إضافية اختيارية عند توفرها.
تقدمك وإكمال الدرس يعتمدان دائما على صفحات المستوى الأساسي.