දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම අල්ලාහ්ගේ පරමාධිපත්‍යය පිළිබඳ විශ්වාසය

සර්වබලධාරී දෙවියන් යනු සෑම දෙයක ම පරමාධිපති, හිමිකරු, මැවුම්කරු සහ පෝෂකයා ය. මෙම පාඩමේදී ඔබ දේවත්වයේ ඒක දේවවාදයේ අර්ථය සහ එහි ඵල පිළිබඳව ඉගෙන ගනු ඇත.

  • අල්ලාහ්ගේ පරමාධිපත්‍යය පිළිබඳ අවබෝධය
  • අල්ලාහ්ගේ පරමාධිපත්‍යය විශ්වාස කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

උත්තරීතර අල්ලාහ්ගේ ආධිපත්‍යය පිළිබඳ විශ්වාසයෙහි අර්ථය:

සර්වබලධාරි අල්ලාහ් සෑම දෙයක ම ස්වාමියා බවත්, ඒවායෙහි හිමිකරු, මැවුම්කරු සහ සැපයුම්කරු බවත්, ඔහු ජීවය දෙන්නා, මරනයට පත් කරන්නා සහ ප්‍රයෝජනය හා හානිය සිදු කරන්නා බවත්, සියලු කාරණාවල ආධිපත්‍ය ඔහු සතුව ඇති බවත්, ඔහු සතුව යහපත ඇති බවත්, ඔහු සියල්ලටම වඩා බලවත් බවත්, ඔහුට හවුල්කරුවෙකු නැති බවත් පූර්ණ පිළිගැනීමකින් ස්ථිර කිරීම. එසේනම් මේ අයුරින් විශ්වාස කිරීම වනාහි අල්ලාහ්ට අදාල ක්‍රියාවන් හි ඒකීයත්වයට පත් කිරීම යන්නයි. එම ඒකීයත්වය පහත සඳහන් කරුණු විශ්වාස කිරීමෙන් ඇති වේ.

සැබැවින් ම පැවැත්මෙහි ඇති සියල්ලෙහි මැවුම්කරුවාණන් අල්ලාහ් බවත් ඔහු හැර අන්කිසි මැවුම්කරුවකු නොමැති බවත් විශ්වාස කිරීම. උත්තරීතර වූ අල්ලාහ් මෙසේ සඳහන් කර ඇත: "අල්ලාහ් වනාහි සියල්ලෙහි මැවුම්කරු ය." (අස් සුමර්: 62) එනමුත් මිනිසාගේ නිපැයුම් වනාහි එක් අයුරින් යම් තත්ත්වයකින් වෙනත් තත්ත්වයකට වෙනස් කිරීමක් හෝ ස්ථාපනය කිරීමක් හෝ කලස් කිරීමක් හෝ පමණි. එය සැබෑ මැවීමක් හෝ මුල සිට ම නිර්මාණයක් හෝ මරණයෙන් පසු පුනර්ජීවනයක් හෝ නො වේ.

සැබැවින් ම මැවීම් සියල්ලට පෝෂණය ලබා දෙන්නා ඔහු ය. ඔහු හැර අන්කිසි පෝෂණය ලබා දෙන්නකු නැත. උත්තරීතර වූ අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත: "මහපොළොවේ වෙසෙන කිසිදු ජීවියෙකු හෝ වේවා එහි පෝෂණය අල්ලාහ් මත මිස අන් අයෙකු මත නැත." (හූද් : 06)

සියල්ලෙහි හිමිකරු ඔහු ය. ඔහු හැර අන්කිසි හිමිකරුවකු නැත. ඒ පිළිබඳ උත්තරීතර වූ අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත: "අහස්හි ද මිහිතලයෙහි ද ඒවායෙහි ඇති දෑ හි ද ආධිපත්‍යය අල්ලාහ් සතුය." (අල් මාඉදා:120)

සියල්ලෙහි සැලසුම්කරු ඔහු ය. ඔහු හැර අන්කිසි සැලසුම්කරුවකු නැත.ඒ පිළිබඳ උත්තරීතර වූ අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත: "අහසින් මහපොළොව වෙත සියලු කරුණු ඔහු සැලසුම් කරයි." (අස් සජදා: 5)

අල්ලාහ්ගේ සැලැස්ම හා මිනිසාගේ සැලැස්ම

සාමාන්‍ය මිනිසකු‌ තම දෛනික ජීවිතය සැලසුම් කිරීම හා පිළිවෙළ කිරීම ගත් කළ, එය තමන්ට ශක්තියක් ඇති හා තමන් සතු දේ කෙරෙහි පමණක් සීමා වූ කරුණකි. එම සැලැස්ම බොහෝවිට පල දරන අතර ඇතැම් විට අසමත් වියද හැකි ය. කෙසේ නමුත් උත්තරීතර වූ අල්ලාහ්ගේ සැලැස්ම එයින් කිසිවක් බැහැර නො වන අයුරින් සියලු කරුණු එක්රැස් කරන කිසිදු බාධකයක් හෝ විරුද්ධත්වයක් නොමැතිව ක්‍රියාත්මක වන ඉතා පුළුල් සැලැස්මකි. උත්තරීතර අල්ලාහ් ඒ පිළිබඳ මෙසේ සඳහන් කර ඇත: "දැන ගනු! මැවීම හා නි‌‌‌‌යෝගය ඔහු සතු ය. සකල ලෝකයන්හි පරමාධිපති වන අල්ලාහ් උත්කෘෂ්ට විය." (අල් අඃරාෆ් 54)

අල්ලාහ්ගේ දූතයාණන්ගේ යුගයේ ජීවත් ව සිටි අරාබි මුෂ්රික්වරුන් හෙවත් අල්ලාහ්ට ආදේශ කළ අය ද අල්ලාහ්ගේ ආධිපත්‍ය පිළිගත් අයවලුන් වෙති.

අල්ලාහ්ගේ දූතයාණන්ගේ යුගයේ සිටපු දේව ප්‍රතික්ෂේපකයින් සැබැවින් ම අල්ලාහ් නිර්මාපකයකු බවත් ඔහු සියල්ලෙහි හිමිකරු බවත් ඔහුු සියල්ල සැලැසුම් කරන්නා බවත් පිළිගන්නා ලදී. එපමණින් ඔවුහු මුස්ලිම්වරුන් නො වූූහ. ඒ බව උත්තරීතර අල්ලාහ් මෙසේ සඳහන් කර ඇත: "නබිවරය! ඔබ ඔවුන්ගෙන් අහස් හා මහපොළොව නිර්මාණය කළේ කවුරුන් ද යනුවෙන් විමසුවේ නම් අල්ලාහ් ම වේ යනුවෙන් ඔවුන් පවසනුු ඇත." (ලුක්මාන්:25) එපමණින් ඔවුන් මුස්ලිම්වරුන් නො වීමට හේතුව කවරෙකු අල්ලාහ් ව ඔහු සකල ලෝකයන්හි පරමාධිපති බව එනම් ඒවායෙහි නිර්මාතෘ හා ඒවායෙහි හිමිකරු හා තම ආශීර්වාදවලින් ඒවා නඩත්තු කරන්නා බව පිළිගන්නේ ද වන්දනාමානයෙන් ද අල්ලාහ් ව ඒකීයට පත් කොට හවුල්කරුවකු නැති ඒකීය ඔහු කෙරෙහි පමණක් එම වන්දනාමානය සිදු කිරීම අනිවාර්ය වේ.

සර්වබලධාරී දෙවිඳුන් අල්ලාහ් සෑම දෙයක ම නිර්මාතෘ බව පුද්ගලයෙකු පිළිගත හැක්කේ කෙසේ ද? ජීවය සහ මරණය ලබා දෙන්නේ ඔහු ය. විශ්වයේ සැලසුම්කරු ය. එසේ තිබියදී උන්වහන්සේ හැර වෙන කෙනෙකුට නමස්කාර කරන්නේ කෙසේ ද?, මෙය ඉතා දරුණු අයුක්තිසහගත විශාල පාපයකි. එබැවිනි ලුක්මාන් ඔහුගේ පුතුට උපදෙස් ලබා ‌දුන්නේ "මාගේ පුතනුවනි! අල්ලාහ්ට ආදේශ නො තබනු. ආදේශ තැබීම නියත වශයෙන් ම බරපතල අයුක්තියකි" යන්නෙන් ය.

වරෙක දේවදූත මුහම්මද් තුමාණන්ගෙන් "අල්ලාහ් අබියස බරපතල පාපය වන්නේ කුමක් ද?" යන්න විමසන ලදී.‌එවිට එතුමාණෝ "උන්වහන්සේට ආදේශ තැබීමයි. ඔහු ඔබ ව මැව්වේය" යනුවෙන් පිළිතුරු දුන්නෝ ය.

අල්ලාහ්ගේ පරමාධිපත්‍යය පිළිබඳ විශ්වාසය මඟින් සිත්සතන්හි සන්සුන්භාවය ඇති වේ:

කිසිම සත්වයෙකුට සර්වබලධාරී දෙවියන්ගේ ඉරණමෙන් බැහැර විය නොහැකි ය; මන්ද සර්වබලධාරී දෙවියන් ඔවුන් සියල්ලන්ගේ ම මැවුම්කරු වන බැවිනි. ඔහු හැර වෙනත් මැවුම්කරුවෙකු නොමැත. ඔහු ඔවුන්ගේ පරමාධිපති වේ. එහෙයින් ඔහු ඔහුගේ නුවණට අනුව ඔහු කැමති පරිදි ඒවා හොබවනු ඇත. විශ්වයේ පාලකයා ඔහු පමණි. ඔහුගේ අවසරයෙන් මිස පරමාණුවක වෙනසක් හෝ සිදු නො වේ. මේ කරුණු පිළිබඳ හා අල්ලාහ් හැර පෝෂණය ලබා දෙන අන් කිසිවෙකුත් නැති බව කෙනෙකු ස්ථීර ලෙස අවබෝධ කර ගත්තේ නම් මෙම අවබෝධය ඔහුගේ සිතට සැනසුම ගෙනෙනු ඇත. තවද අල්ලාහ් සමඟ පමණක් සම්බන්ධතාවය ගොඩ නගා ගනු ඇත. ඔහුගෙන් පමණක් අයැදිනු ඇත. සියළු ජීවන කටයුතුවලදී ඔහු කෙරෙහි ම විශ්වසාය ඔහු ගොඩ නගා ගනී.

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.