වත්මන් කොටස: model:
පාඩම අල්ලාහ්ගේ පරමාධිපත්‍යය පිළිබඳ විශ්වාසය
උත්තරීතර අල්ලාහ්ගේ ආධිපත්‍යය පිළිබඳ විශ්වාසයෙහි අර්ථය:
සැබැවින් ම පැවැත්මෙහි ඇති සියල්ලෙහි මැවුම්කරුවාණන් අල්ලාහ් බවත් ඔහු හැර අන්කිසි මැවුම්කරුවකු නොමැති බවත් විශ්වාස කිරීම. උත්තරීතර වූ අල්ලාහ් මෙසේ සඳහන් කර ඇත: "අල්ලාහ් වනාහි සියල්ලෙහි මැවුම්කරු ය." (අස් සුමර්: 62) එනමුත් මිනිසාගේ නිපැයුම් වනාහි එක් අයුරින් යම් තත්ත්වයකින් වෙනත් තත්ත්වයකට වෙනස් කිරීමක් හෝ ස්ථාපනය කිරීමක් හෝ කලස් කිරීමක් හෝ පමණි. එය සැබෑ මැවීමක් හෝ මුල සිට ම නිර්මාණයක් හෝ මරණයෙන් පසු පුනර්ජීවනයක් හෝ නො වේ.
සැබැවින් ම මැවීම් සියල්ලට පෝෂණය ලබා දෙන්නා ඔහු ය. ඔහු හැර අන්කිසි පෝෂණය ලබා දෙන්නකු නැත. උත්තරීතර වූ අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත: "මහපොළොවේ වෙසෙන කිසිදු ජීවියෙකු හෝ වේවා එහි පෝෂණය අල්ලාහ් මත මිස අන් අයෙකු මත නැත." (හූද් : 06)
සියල්ලෙහි හිමිකරු ඔහු ය. ඔහු හැර අන්කිසි හිමිකරුවකු නැත. ඒ පිළිබඳ උත්තරීතර වූ අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත: "අහස්හි ද මිහිතලයෙහි ද ඒවායෙහි ඇති දෑ හි ද ආධිපත්‍යය අල්ලාහ් සතුය." (අල් මාඉදා:120)
සියල්ලෙහි සැලසුම්කරු ඔහු ය. ඔහු හැර අන්කිසි සැලසුම්කරුවකු නැත.ඒ පිළිබඳ උත්තරීතර වූ අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත: "අහසින් මහපොළොව වෙත සියලු කරුණු ඔහු සැලසුම් කරයි." (අස් සජදා: 5)
අල්ලාහ්ගේ සැලැස්ම හා මිනිසාගේ සැලැස්ම
අල්ලාහ්ගේ දූතයාණන්ගේ යුගයේ ජීවත් ව සිටි අරාබි මුෂ්රික්වරුන් හෙවත් අල්ලාහ්ට ආදේශ කළ අය ද අල්ලාහ්ගේ ආධිපත්‍ය පිළිගත් අයවලුන් වෙති.
සර්වබලධාරී දෙවිඳුන් අල්ලාහ් සෑම දෙයක ම නිර්මාතෘ බව පුද්ගලයෙකු පිළිගත හැක්කේ කෙසේ ද? ජීවය සහ මරණය ලබා දෙන්නේ ඔහු ය. විශ්වයේ සැලසුම්කරු ය. එසේ තිබියදී උන්වහන්සේ හැර වෙන කෙනෙකුට නමස්කාර කරන්නේ කෙසේ ද?, මෙය ඉතා දරුණු අයුක්තිසහගත විශාල පාපයකි. එබැවිනි ලුක්මාන් ඔහුගේ පුතුට උපදෙස් ලබා දුන්නේ "මාගේ පුතනුවනි! අල්ලාහ්ට ආදේශ නො තබනු. ආදේශ තැබීම නියත වශයෙන් ම බරපතල අයුක්තියකි" යන්නෙන් ය.
වරෙක දේවදූත මුහම්මද් තුමාණන්ගෙන් "අල්ලාහ් අබියස බරපතල පාපය වන්නේ කුමක් ද?" යන්න විමසන ලදී.එවිට එතුමාණෝ "උන්වහන්සේට ආදේශ තැබීමයි. ඔහු ඔබ ව මැව්වේය" යනුවෙන් පිළිතුරු දුන්නෝ ය.
කිසිම සත්වයෙකුට සර්වබලධාරී දෙවියන්ගේ ඉරණමෙන් බැහැර විය නොහැකි ය; මන්ද සර්වබලධාරී දෙවියන් ඔවුන් සියල්ලන්ගේ ම මැවුම්කරු වන බැවිනි. ඔහු හැර වෙනත් මැවුම්කරුවෙකු නොමැත. ඔහු ඔවුන්ගේ පරමාධිපති වේ. එහෙයින් ඔහු ඔහුගේ නුවණට අනුව ඔහු කැමති පරිදි ඒවා හොබවනු ඇත. විශ්වයේ පාලකයා ඔහු පමණි. ඔහුගේ අවසරයෙන් මිස පරමාණුවක වෙනසක් හෝ සිදු නො වේ. මේ කරුණු පිළිබඳ හා අල්ලාහ් හැර පෝෂණය ලබා දෙන අන් කිසිවෙකුත් නැති බව කෙනෙකු ස්ථීර ලෙස අවබෝධ කර ගත්තේ නම් මෙම අවබෝධය ඔහුගේ සිතට සැනසුම ගෙනෙනු ඇත. තවද අල්ලාහ් සමඟ පමණක් සම්බන්ධතාවය ගොඩ නගා ගනු ඇත. ඔහුගෙන් පමණක් අයැදිනු ඇත. සියළු ජීවන කටයුතුවලදී ඔහු කෙරෙහි ම විශ්වසාය ඔහු ගොඩ නගා ගනී.