දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම සුන්නාහ් හෙවත් නබි වදන් ගොණු කිරීම සහ වැදගත් හදීස් ග්‍රන්ථ

ඉස්ලාමීය විද්වතුන් සුන්නාහ්ව එකතු කිරීමට දැඩි ලෙස උනන්දු වූහ. එහෙයින් එය ආරක්ෂා කර ගැනීමටත් එහි සත්‍ය අසත්‍ය වෙන්කර හඳුනා ගැනීමටත්ස මස්ත මානව ඉතිහාසයේ සමාන්තර නොවන ආකාරයට එහි වාර්තාකරුවන්ගේ ඉතිහාසය පැහැදිලි කිරීමටත් එම විද්තවතුන් සිය ජීවිත කැප කළහ.

  • නබිතුමාගේ හදීස් සඳහන් වඩාත්ම කැපී පෙනෙන පොත් දැන හඳුනා ගැනීම.
  • හදීසයේ වලංගුභාවය සහ දුර්වලතාවය දැනගැනීමට ප්‍රවේශ වීමට හැකිවීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

සුන්නාහ්ව නොහොත් නබි වදන් ගොණු කිරීම

ඉස්ලාමීය විද්වතුන් සුන්නාහ්ව ගොණු කිරීමට දැඩි ලෙස උනන්දු වූහ. එහෙයින් එය ආරක්ෂා කර ගැනීමටත් එහි සත්‍ය අසත්‍ය වෙන්කර හඳුනා ගැනීමටත්ස මස්ත මානව ඉතිහාසයේ සමාන්තර නොවන ආකාරයට එහි වාර්තාකරුවන්ගේ ඉතිහාසය පැහැදිලි කිරීමටත් එම විද්තවතුන් සිය ජීවිත කැප කළහ.

නබි වදන් ගොණු කිරීම යන්නෙහි අදහස

එය ධර්ම දූතයාණන්ගෙන් වාර්තා වූ ප්‍රකාශන, ක්‍රියාවන් හා අනුමත කිරීම් ලිවීම සහ වාර්තා කිරීම වේ. එමෙන්ම ඒවා ග්‍රන්ථ ලෙස ග්‍රන්ථාරුඩ කිරීම වේ.

සුන්නාහ්ව ගොණු කිරීම සහ ඒවා ලිවීමේ ක්‍රියාවලිය පහත පරිදි අදියර කිහිපයක් හරහා ගමන් කළේය.

١
පළමු අදියර: නබි (සල්) තුමාණන්ගේ සහ එතුමාගේ සහගාමිකයන්ගේ යුගයේ ලිවීම.
٢
දෙවන අදියර: සහගාමීන්ට පසු පැමිණි අනුගාමිකයින්ගේ යුගය අවසානයේ හදීස් ගොණු කිරීම.
٣
තෙවන අදියර: පිළිවෙලට සංස්කරණය කරන ලද ග්‍රන්ථ ස්වරූපයෙන් සුන්නාහ් රචනා කිරීම.
٤
සිව්වන අදියර: නබි තුමාණන්ගේ හදීසය, වෙනත් කිසිවක් සමඟ මිශ්‍ර නොකර එය වර්ගීකරණය කිරීම, එකතු කිරීම සහ සකස් කිරීම මගින් එය වෙන් කිරීමේ අදියර.

පළමු අදියර:

නබිතුමාගේ සහ එතුමාගේ සහගාමීන්ගේ යුගයේ ලිවීම, එය සිදු වූයේ හිජ්රි පළමු සියවසේදී ය. නබිතුමා ඉස්ලාමයේ ආරම්භයේදීම එතුමාගේ ප්‍රකාශ අල්කුරානය සමඟ මිශ්‍ර විය හැක යන බියෙන් ඒවා සටහන් කිරීම තහනම් කළහ.

නබි (සල්) තුමාණන් පැවසූ බව සඊද් අල් කුද්රි (රළි) තුමාණන් මෙසේ වාර්තා කර ඇත: මා ගැන සටහන් නොකරන්න. කවරෙකු මා පිළිබඳ යමක් සටහන් කර තිබුණේ නම් එය මකා දමන්න. මා ගැන ප්‍රකාශ කරන්න. එය කම් නැත. (මුස්ලිම් 3004)

නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන්ගේ හදීස් හදවත් වල ආරක්ෂා කෙරුණු අතර ඒවා වාචිකව සම්ප්‍රේෂණය විය. පසුව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ සමහර සහාබාවරුන්ට ඒවා ලිවීමට අවසර දුන්හ.

අබ්දුල්ලාහ් බින් අම්ර් තුමාණන් මෙසේ පැවසූහ: මම අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් මා අසා ඇති සියල්ල කටපාඩම් කිරීමට අවශ්‍ය බැවින් ඒවා ලියා තැබුවෙමි. නමුත් අල්ලාහ්ගේ දූතයාණෝ කෝපයෙන් හා තෘප්තියෙන් කථා කරන මිනිසෙක් වන අතර ඔබ අසන සියල්ල ලියා තබන්නේ කෙසේද? යනුවෙන් කියා කුරෙයිෂ්වරුන් මාව තහනම් කළහ. එබැවින් මම ලිවීම නතර කළෙමි. ඒ බව මා නබිතුමාණන්ට දන්වා සිටියෙමි. එවිට එතුමාණන් තම ඇඟිල්ලෙන් මුඛය වෙත සංඥා කරමින් මෙසේ පැවසීය: " ඔබ ලියන්න, මක්නිසාද යත් මාගේ ආත්මය කාගේ අතෙහි තිබේද ඔහු මත දිවුරා පවසමි, සත්‍යය හැර අන් කිසිවක් එයින් නික්මෙන්නේ නැත. සුනන් අබී දාවූද් [3646].

අබූ හුරෙයිරා (රළි) තුමාණන් විසින් මෙසේ වාර්තා කරන ලදී: මක්කාවේ ජය තහවුරු වූ අවස්ථාවේ දී නබිතුමාණන් නැගිට දේශනාවක් පැවතිවිය. අබූ ෂාහ් නමැති යෙමන් වැසියෙකු නැගිට අහෝ නබිතුමණි මෙය මට ලියා දෙන්න අවසර ලබා දෙන්න යනුවෙන් විමසා සිිටයහ. එවිට නබිතුමාණන් මේ අබූ ෂාහ් වෙනුවෙන් ලියා දෙන්න යනුවෙන් එහි සිටි අයට පැවසූහ. (සුනන් අබූ දාවූද් 3649)

දෙවන අදියර:

හිජ්රි දෙවන සියවසේ තාබිඊන් නොහොත් සහාබාවරුන්ට පසු පැමිණි අනුගාමිකයින්ගේ යුගයේ අවසානයේ හදීස් ග්‍රන්ථාරුඩ කිරීම. මෙය නබිතුමාගේ සුන්නාහ්වන් සාමාන්‍ය ලෙස ලියා තැබීම මගින් සංලක්ෂිත වූ නමුත් එයට නිශ්චිත අනුපිළිවෙලක් නොතිබූහ. මේ පිළිබඳ අවධානය යොමු කළ පුරෝගාමියා වූයේ උමර් බින් අබ්දුල් අසීස්ගේ (රහ්) තුමාය. එතුමා ඉමාම් ඉබ්නු ෂිහාබ් අල්-සුහ්රි සහ අබු බකර් බින් හසම් යන විද්වතුන් අමතා සුන්නාහ් ව එකතු කරන මෙන් නියෝග කළහ. එමෙන්ම නොයෙකුත් ප්‍රදේශ වලට මෙසේ පණිවිඩ යවා තැබුවේය : නබිතුමාණන්ගේ හදීස් පිළිබඳ අවධානය යොමු කරන්න. ඒවා එකතු කර කටපාඩම් කරන්න; මන්ද දැනුම යල්පැන යාම ගැනත් විද්වතුන්ගේ නික්මයාම ගැනත් මම බිය වෙමි.

එතුමාගේ අණට අනුව ඉමාම් අල්-සුහ්රිතුමාණන් හදීස් ලියා තැබූ පළමු පුද්ගලයා වන අතර, එය සුන්නාහ් සහ හදීස් පොදුවේ ග්‍රන්ථාරුඩ කිරීමේ ආරම්භය විය.

තෙවන අදියර:

ඇදහිල්ල, ආගමික දැනුම, පාරිශුද්ධත්වය, සලාතය සහ වෙනත් ආගමික කරුණු පරිච්ඡේදවලට අනුව හෝ අබු බක්ර්තුමාගේ සියළු වාර්තාවන්, පසුව උමර්තුමාගේ සියළු වාර්තාවන් යන පිළිවලට සකස් කර ඇති ග්‍රන්ථ ආකාරයෙන් සුන්නාහ්ව සම්පාදනය කිරීම.

මෙම අදියරයෙහි, ඉමාම් මාලික් බින් අනස් (රහ්) තුමාගේ මුවත්තා නමැති ග්‍රන්ථය සම්පාදනය කරන ලදී. සහ මෙම අදියර සංලක්ෂිත වූයේ නබි තුමාණන්ගේ කියමන් පිළිවලකට සැකසීම සහ ඒවා සහාබාවරුන්ගේ සහ තාබිඊන්වරුන්ගේ කියමන් හා ඔවුන්ගේ ආගමික තීන්දු සමඟ මිශ්‍ර වීම යනාදී කරුණු මගිනි.

සිව්වන අදියර

අවශ්‍ය සුළු ප්‍රමාණයක් හැර සහාබාවරුන්ගේ සහ අනුගාමිකයින්ගේ කියමන් සමඟ නබිතුමාණන්ගේ කියමන් මිශ්‍ර නොකර ඒවා තනිවම වර්ගීකරණය, එකතු කිරීම සහ සැකසීමේ අදියරය මෙයයි. මෙම අදියර හිජ්රි තුන්වන සියවස ආරම්භයේදී ආරම්භ වූ අතර, මේ ආකාරයට සම්පාදනය කරන ලද වඩාත් ප්‍රසිද්ධ ග්‍රන්ථ වනාහි: මුස්නද් අහ්මද්, මුස්නද් අල්හුමෙයිදී සහ අනෙකුත් ග්‍රන්ථ යනාදියයි.

හදීස් ග්‍රන්ථාරුඩ කිරීම හිජරි තුන්වන සියවසේ මැද භාගයේදී එහි ඉලක්කය කරා ළඟා විය. එය කෙසේදයත් ඉමාම් බුහාරි (රහ්) තුමාණන් විසින් (සහීහ් හදීස් පමණක් අඩංගු) සහීහ් අල් බුහාරි යන ග්‍රන්ථය ද ඉමාම් මුස්ලිම්තුමා විසින් සහීහ් අල් මුස්ලිම් යන ග්‍රන්ථය ද සම්පාදනය කරන ලදී. එමෙන් ම සුනන් (නැමැති සහීහ් හා සහීහ් නොවන හදීස් සඳහන්) ග්‍රන්ථ ද ඉන් අනතුරුව සම්පාදනය විය. සුනන් අබූ දාවූද්, අත් තිර්මිදි, අන් නසාඊ, ඉබ්නු මාජාහ්, සුනන් අද් දාරමී, හා වෙනත් ප්‍රසිද්ධ ග්‍රන්ථ යනාදි ය ඉන් අතුරිනි.

නබි වදන් අඩංගු වැදගත් ග්‍රන්ථ කිහිපයක්

නබි වදන් අඩංගු බොහෝ ග්‍රන්ථ අතරින් වඩාත් ප්‍රසිද්ධ වන්නේ ග්‍රන්ථ හයකි. ඒවා නම්: සහීහ් අල් බුහාරි, සහීහ් මුස්ලිම්, සුනන් අබූ දාවූද්, ඉබ්නු මාජාහ්, අන් නසාඊ, අත් තිර්මිදි යන ඒවා ය.

සුනන් ඝනයට අයත් ග්‍රන්ථ අතුරින් වඩාත් ප්‍රසිද්ධ ග්‍රන්ථ වනාහි: මුස්නද් අල් ඉමාම් අහ්මද්, මුවත්තා අල් ඉමාම් මාලික් යන ග්‍රන්ථ වේ.

ප්‍රධාන ග්‍රන්ථ හය පිළිබඳ හැඳීන්වීම

සමස්ථ මුස්ලිම් ප්‍රජාව විසින් පිළිගත් ප්‍රසිද්ධ හදීස් ග්‍රන්ථ වනාහි හයකි. ඒවා වනාහි:

අල් ජාමිඋස් සහීහ් ලිල්ඉමාම් අල් බුහාරි (විපත හිජ්රි 256)

මෙය ධර්ම දූතයාණන්ගේ හදීස් වලින් කතුවරයා වෙත ලැබුණු විශ්වාසයන්, නැමදුම්, ගනුදෙනු, සටන්, අර්ථ විවරණ සහ ගුණධර්ම යන කරුණු වලින් එකතු කරන ලද මහා ග්‍රන්ථ වලින් එකකි. එය සම්පාදනය කිරීමේ දී එම නබිවදන් හි නිරවද්‍යතාව පිළිබඳ වඩාත් සැලකිලිමත් විය. එහෙයින් ශුද්ධ වූ අල්කුර්ආනයට පසු ඉතා නිවැරදි ග්‍රන්ථය නම් මෙය වේ.

අල් ජාමිඋස් සහීහ් ලිල් ඉමාම් මුස්ලිම් ( විපත හිජ්රි 261)

මෙයද ප්‍රධාන ග්‍රන්ථ අතුරින් එකකි. මෙය සම්පාදන කිරීමේ දී නිරවද්‍යතාව පිළිබඳ එතුමා වඩාත් සැලකිලිමත් වූ ව ද නිරවද්‍යතාව සඳහා තැබූ කොන්දේසි බුහාරිතුමාණන්ගේ කොන්දේසි වලට වඩා ලිහිල් ය. බුහාරි ග්‍රන්ථයට පසු දෙවන ස්ථානය හිමි වන ග්‍රන්ථය මෙයයි.

සුලයිමාන් බින් අල් අෂ්අස් අස් සජස්තානී තුමාණන්ගේ සුනන් අබූ දාවූද් (විපත හිජ්රි 275)

එය සුනන් ග්‍රන්ථ වලින් එකකි. සුනන් යනු එහි සම්පාදකයින් ඉස්ලාමීය නීති විද්‍යාවේ පරිච්ඡේද අනුව එම ග්‍රන්ථ සකස් කර ඇත. එමෙන්ම එහි සහීහ් සහ හසන් යන ඝනයට අයත් හදීස් එකතු කර ඇති අතර ළඊෆ් නැමැති දුර්වල ඝනයට අයත් නබි වදන් ඔවුන් එහි ගැන සඳහන් කළේ කලාතුරකිනි.

අල් ජාමිඋස් සහීහ් ලිල් ඉමාම් අත් තිර්මිදි (විපත හිජ්රි 279)

මෙය ධර්ම දූතයාණන්ගේ හදීස් වලින් කතුවරයා වෙත ලැබුණු විශ්වාසයන්, නැමදුම්, ගනුදෙනු, සටන්, අර්ථ විවරණ සහ ගුණධර්ම පිළිබඳ කරුණු වලින් එකතු කරන ලද මහා ග්‍රන්ථ වලින් එකකි. එය සම්පාදනය කිරීමේ දී එම නබිවදන් හි නිරවද්‍යතාව පිළිබඳ වඩාත් සැලකිලිමත් නොවූ හෙයින් එහි සහීහ් හා හසන් ඝනයට අයත් පිළිගත හැකි නබි වදන් ද ළඊෆ් ඝනයට අයත් පිළිගත නොහැකි හදිස් ද සඳහන් වේ.

අබූ අබ්දුර් රහ්මාන් අහ්මද් බින් ෂුඅයිබ් අන් නසාඊතුමාණන්ගේ සුනන් අන් නසාඊ (විපත හිජ්රි 303)

මෙය ද ආගමික එය නීති විද්‍යාවේ පරිච්ඡේද අනුව සම්පදනය කරන ලද ග්‍රන්ථයකි. එහි ද සහීහ්, හසන් සහ ළඊෆ් ඝනයේ හදීස් සඳහන් වේ.

ඉමාම් මුහම්මද් බින් යසීද් බින් මාජාහ් අල් කස්වීනී තුමාණන්ගේ සුනන් ඉබ්නු මාජාහ් (විපත හිජ්රි 273)

මෙය ද ඉස්ලාමීය නීති විද්‍යාවේ පරිච්ඡේද අනුව සම්පාදනය කරන ලද ග්‍රන්ථයකි. සහීහ්, හසන්, ළඊෆ් සහ ප්‍රතික්ෂේපිත ළඊෆ් හදීස් ද මෙහි සඳහන් වේ.

ඉමාම් අල් හාෆිල් අබුල් හාජ් අල් මිස්සීතුමාණන් (විපත හිජ්රි 742) මෙසේ ප්‍රකාශ කළහ.

“සුන්නාහ්ව සම්බන්ධයෙන් ගත් කල, දෙවිඳාණන් ඒ සඳහා ප්‍රඥාවන්ත ආරක්ෂකයින් ද ඉමහත් දැනුමත්තන් සහ විවේචනාත්මක ලෙස හසුරන්නන් ඒ සඳහා පත් කළේය. ඔවුන් සීමාව ඉක්මවා කටයුතු කරන්නන්ගේ විකෘති කිරීම්, අසත්‍යවොදීන්ගේ හිමිකම්වලින් සහ නූගත් අයගේ අර්ථ නිරූපණයෙන් එම නබිවදන් ආරක්ෂා කළෝය. එහෙයින් ඒවා ආරක්ෂා කිරීම පිණිසත් ඒවා නැතිවී නොයාම පිණිසත් ඒවා සම්පාදනය කිරීම, ග්‍රන්ථාරුඩ කිරීම යනාදියෙහි විවිධ මාර්ග ඒ විද්වතුන් උපයෝගි කළහ. එයින් ග්‍රන්ථාරුඩ කිරීමෙන් ඉතා අලංකාර, ලිවීමෙන් ඉතා හොඳම, වඩාත්ම නිවැරදි, අඩුම වැරදි, වඩාත් ප්‍රයෝජනවත්, ආශිර්වාදයෙන් ඉමහත්, සැපයීමට ලෙහෙසි, එදිරිවාදියා හා එකඟවන්නා හොඳින් පිළිගත්, ප්‍රභූන් සහ මහජනතාව අතර වඩාත් ගෞරවනීය ග්‍රන්ථය වනාහි අබූ අබ්දුල්ලාහ් මුහම්මද් බින් ඉස්මාඊල් අල් බුහාරිතුමාණන්ගේ ග්‍රන්ථය වන සහීහ් බුහාරි ග්‍රන්ථයයි. දෙවනුව අබුල් හසන් මුස්ලිම් බින් හජ්ජාජ් අන් නයිසාබූරිතුමාගේ සහීහ් මුස්ලිම් ග්‍රන්ථයයි. ඒ ග්‍රන්ථ දෙකට පසු සුනන් ඝනයට අයත් සුලයිමාන් බින් අල් අෂ්අස් අස්සජසතානීතුමාණන්ගේ සුනන් අබූ දාවූද් ග්‍රන්ථයයි. පසුව අබූ ඊසා මුහම්මද් බින් ඊසා අත්තිර්මිදිතුමාණන්ගේ අල්ජාමිඋ ග්‍රන්ථයයි. පසුව අබූ අබ්දුර් රහ්මාන් අහ්මද් බින් ෂුඅයිබ් අන් නසාඊතුමාණන්ගේ සුනන් අන් නසාඊ ග්‍රන්ථයයි. පසුව ඉබ්නු මාජාහ් අල් කස්වීනි නමින් ප්‍රසිද්ධ අබූ අබ්දුල්ලාහ් මුහම්මද් බින් යසීද්තුමාණන්ගේ සුනන් ඉබ්නු මාජාහ් ග්‍රන්ථයයි. ඉහත සඳහන් කළ ඉමාම්වරුන්ගේ තත්ත්වයට මෙතුමා ළඟා නොවිය.

තවද මෙම සෑම “ග්‍රන්ථ හයක්” තුළම මේ ක්ෂේත්‍රය පිළිබඳ දැනුමැත්තන් දන්නා විශේෂත්වයක් ඇත. එබැවින් මෙම පොත් මිනිසුන් අතර ජනප්‍රිය වූ අතර ඉස්ලාමීය රටවල් තුළ ඒවා ව්‍යාප්ත විය. ඒවායින් ලැබෙන ප්‍රයෝජන ඉමහත් හෙයින් සිසුන් ඒවා ලබා ගැනීමට උනන්දු විය. .” තහ්දීබ් අල්-කමාල් (1/147).

නිවැරදි හා දුර්වල හදීස් වෙන්කර හඳුනා ගැනීම

මුස්ලිම්වරයෙකුට හදීස්වල තත්ත්වය, එය සත්‍ය ද, පිළිගත හැකි ද, දුර්වල ද, ප්‍රතික්ෂේප වූ ද යන්න දැන ගත හැක්කේ හදීස් විද්‍යාව ගැන උනන්දුවක් දක්වන සහ එහි විශේෂඥයන් වන විද්වතුන් වෙත යොමු වීමෙනි. මන්ද වාර්තාකරුවන්ගේ දංවැල සහ එහි පාඨයේ තත්ත්වය අනුව එය පිළිගැනීම සහ ප්‍රතික්ෂේප කිරීම යන කරුණු ඔවුන් අධ්‍යයනය කළ අය වෙති.

මේ පිළිබඳව බොහෝ සම්පාදනය කරන ලද සහ වර්ගීකරණය කරන ලද ග්‍රන්ථ ඇති අතර දුර්වල හදීස් වලින් නිවැරදි හදීස් දැන ගැනීමට උපකාරී වන විශ්වාසදායක විද්‍යුත් යෙදුම් සහ වේදිකා රාශියක් ඇත.

හදීස් හි තත්ත්වය දැන ගැනීමට උපකාර වන යෙදුම් සහ විද්‍යුත් වේදිකා කිහිපයක්

අද්-දුරර් අස්-සුන්නියියා නම් වෙබ් අඩවියේ ඇති හදීස් විශ්වකෝෂය. එහි ලක්ෂ සංඛ්‍යාත හදීස් ඇතුළත්ය. හදීස් පිළිබඳ දැනුම ලත් (පුරෝගාමී සහ සමකාලීන) විද්වතුන්ගේ තීන්දු සමඟ එම හදීස් එහි දැක ගත හැක. මෙම සබැඳියෙන් ඔබට ඒ වෙත ප්‍රවේශ විය හැකිය : https://dorar.net/hadith

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.