දැනුම හැදෑරීම අනුගමය කරන්න.

ඔබ ලොග් වී නොමැත.
ඔබේ ප්‍රගතිය වර්ධනය කරගැනීමට, ලකුණු රැස් කිරීමට සහ තරඟවලට පිවිසීමට (තා) සිප්සැල මෙවලමේ දැන් ලියාපදිංචි වන්න, ලියාපදිංචි වීමෙන් පසු ඔබ ඉගෙන ගන්නා මාතෘකාවට විද්‍යුත් සහතිකයක් ලැබෙනු ඇත.

වත්මන් කොටස: model:

පාඩම වුළුඃ ධෝවනය

වුළුඃ ධෝවනය හා පිරිසිදු වීම වනාහි ඉතා මහඟු හා ශ්‍රේෂ්ඨ ක්‍රියාවන් අතරින් එකකි. මෙම ඒකකය තුළ, වුළුඃ ධෝවනයෙහි මහඟුභව හා එය ඉටු කරන ක්‍රමය ගැන ඔබ ඉගෙන ගනු ඇත.

  • වුළුඃ ධෝවනයෙහි මහඟුභව පිළිබඳ දැනුවත් වීම.
  • වුළුඃ ධෝවනය ඉටු කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් වීම.

count: තවත් සිසුවෙක් මෙම පාඩම සම්පූර්ණ කළේය.

වුළුඃ ධෝවනයෙහි මහඟුභාව ය

වුළුඃ ධෝවනය හා පිරිසිදු වීම මුස්ලිම්වරයකුගේ නිලයන් උසස් කරවන ශ්‍රේෂ්ඨ ක්‍රියාවන් අතරන් වේ. එය ඉටු කිරීමේ දී කෙනෙකු අල්ලාහ්ගෙන් කුලිය අපේක්ෂා කර අවංක ලෙස සිය චේතනාව පවත්වා ගන්නේ නම් එමඟින් අල්ලාහ් ඔහුගේ පාපයන් කමා කරනු ඇත. නබි (සල්) තුමාණන් මෙසේ වදාල ඇත: මුස්ලිම් වූ අල්ලාහ්ගේ ගැත්තෙකු වුළුඃ ධෝවනය කරනු පිණිස සිය මුහුණ සේදුවේ නම් සිය දෙනෙතින් දුටු පාපයන් සියල්ල එම ජලයත් සමඟ මුහුණින් බැහැර වී යනු ඇත. ඔහු සිය දෑත සෝදන විට සිය දෑත් ස්පර්ෂ කළ පාපයන් එම ජලයත් සමඟ බැහැර වි යනු ඇත. ඔහු සිය දෙපා සෝදන විට ඔහුගේ දෙපා ගමන් කර සිදු කළ පාපයන් එම ජලයත් සමඟ බැහැර වී යනු ඇත. මෙය ඔහු පාපයෙන් පිවිතුරු වූ තත්ත්වයෙන් පසු වීම සඳහා ය.

මා වුළුඃ දෝවනය ඉටු කර සුළු කිල්ල ඉවත් කරන්නේ කෙසේ ද?

චේතනාව

මුස්ලිම්වරයකු වුළුඃ ඉටු කිරීමට සිතුවේ නම් ඒ පිළිබඳ චේතනාව ඇති කර ගැනීම ඔහුට අනිවාර්ය වේ. එයින් අදහස් වන්නේ තමා සිදු කිරීමට යන ක්‍රියාවෙන් සුළු කිල්ල ඉවත් කරන බව මනසින් හා සිහියෙන් අභිමත කිරීමයි. තවද චේතනාව වනාහි සියළු ක්‍රියා සඳහා වූ කොන්දේසියකි. ඒ බව නබි (සල්) තුමාණන් ද මේ අයුරින් අවාධාරණය කර ඇත. "සැබැවින් ක්‍රියාවන් සියල්ල චේතනාවන් සමඟ ය" (බුහාරි 1, මුස්ලිම් 1907) චේතනාවෙන් පසු ක්‍රියාවන් අතර දිගු වෙන්වීමකින් තොර ව පහත දැක්වෙන අනුපිළිවෙලට අනුව වුළුඃ ඉටු කිරීමට ආරම්භ කරයි.

"බිස්මිල්ලාහ්" යනුවෙන් ඔහු පවසයි.

දෙඅත්ල සේදීම

ඔහුගේ දෙඅත්ල තුන්වරක් ජලයෙන් සෝදා හරී. එය අනිවාර්ය වූ කරුණක් නො වේ.

මුඛය කලත්වා සේදීම.

ජලයෙන් මුඛය කලත්වා සෝදා ගැනීම. එනම් මුඛය තුළට ජලය දමා කලත්වා (ගාගල් කිරීමෙන්) පසුව එයින් බැහැර කිරීම මෙයින් අදහස් කෙරේ. මේ අයුරින් තුන්වරක් සේදීම ප්‍රියජනක ය. එක් වරක් සේදීම අනිවාර්ය වේ.

නාසය සේදීමේ දී කැලැත්වීම.

නාසය සේදීමේ දී කැලැත්වීම යනු නාසයෙන් ජලය උරා පසුව නාසයෙන් පිටවන වාතය මඟින් ජලය පිටතට බැහැර කිරීමයි. උපවාසයේ නිරත ව සිටින අයෙකු හෝ එසේ කිරීමෙන් තමාට යම් දෝෂයක් ඇති වේ නම් හෝ හැර අනෙකුත් සෑම අවස්ථාවලදී මෙම කැලත්වීම යම් තාක් දුරට අධිකව කිරීම සුන්නත් වේ. මේ අයුරින් තුන් වරක් නාසය සේදීම ද ප්‍රිය ජනක ය. එනමුත් එක් වරක් සිදු කිරීම අනිවාර්ය වේ.

මුහුණ සේදීම.

ඔහුගේ මුහුණ ඔහු සෝදා ගනී: මුහුණෙහි සීමාව වනාහි දිගින් මුහුණෙහි සීමාව වනුයේ සාමාන්‍ය පරිදි ඉදිරි හිසෙහි රෝම වැඩෙන ස්ථානයේ සිට නිකටින් පහළ කොටස දක්වා වේ. පළලින් මුහුණෙහි සීමාව වනුයේ එක් කනක සිට අනෙක් කන දක්වා වූ කොටස ය. දෙකන් මුහුණෙහි සීමාව තුළ නැත. මේ අයුරින් තුන් වරක් සේදීම සුන්නාවක් වන අතර එක් වරක් සේදීම අනිවාර්ය කරුණකි.

දෙඅත් සෝදා ගැනීම.

ඇඟිලි තුඩුවල සිට වැලමිට දක්වා දෙඅත් සෝදා ගනී. වැලමිට දෙක ම සේදිය යුතු සීමාව තුළ ඇත. දකුණතින් ආරම්භ කිරීම සහ තුන් වරක් සේදීම සුන්නාහ් වේ. එක් වරක් සේදීම අනිවාර්ය වේ.

හිස තෙත් අතින් පිරිමැදීම.

හිස තෙත් අතින් පිරිමදී: එය කෙසේදයත් ජලයෙන් තෙමා ගත් දෑත් හිසෙහි ආරම්භක කොටසෙහි තබා එය කුළල් සන්ධිය දක්වා ගෙනයාමයි. නැවතත් ආරම්භ කළ ස්ථානයට ම ගෙන ඒම සුන්නාහ් වේ. මෙය අනෙකුත් අවයව මෙන් තුන් වරක් සේදීම ප්‍රියජනක නො වේ. එක්වරක් පමණක් කළ යුතු ය.

දෙකන් පිරිමැදීම

ඔහු සිය දෙකන් තෙත් අතින් පිරිමදී: හිස පිිරිමැදීමෙන් පසුව දබරැගිලි දෙක දෙකන් තුළ ඇතුල් කර දෙකන්හි බාහිර පෙදෙස මහපට ඇගිලිවලින් පිරිමැදීම.

දෙපා සේදීම

තම දෙපා වළලු කර දක්වා සේදීම : දකුණු පාදයෙන් සේදීම ආරම්භ කිරීම හා තුන් වරක් බැගින් සේදීම සුන්නාහ් වේ. එනමුත් අනිවාර්ය වන්නේ එක් වරකි. ඔහු කිසියම් පාවහනක් පැලඳ සිටියේ නම් කොන්දේසි ස්වල්පයක් යටතේ ඒ මත පිරිමැදීමට ඔහුට අනුමැතිය හිමි වේ.

වුළු ඉටු කිරීම පිළිබඳ (වීඩියෝ) දෘශ්‍ය පැහැදිලි කිරීමක්

ඔබ පාඩම සාර්ථක ව සම්පූර්ණ කර ඇත.


පරීක්ෂණය ආරම්භ කරන්න.