වත්මන් කොටස: model:
පාඩම වුළුඃ ධෝවනය
වුළුඃ ධෝවනයෙහි මහඟුභාව ය
මා වුළුඃ දෝවනය ඉටු කර සුළු කිල්ල ඉවත් කරන්නේ කෙසේ ද?
චේතනාව
ඔහුගේ දෙඅත්ල තුන්වරක් ජලයෙන් සෝදා හරී. එය අනිවාර්ය වූ කරුණක් නො වේ.
ජලයෙන් මුඛය කලත්වා සෝදා ගැනීම. එනම් මුඛය තුළට ජලය දමා කලත්වා (ගාගල් කිරීමෙන්) පසුව එයින් බැහැර කිරීම මෙයින් අදහස් කෙරේ. මේ අයුරින් තුන්වරක් සේදීම ප්‍රියජනක ය. එක් වරක් සේදීම අනිවාර්ය වේ.
නාසය සේදීමේ දී කැලැත්වීම යනු නාසයෙන් ජලය උරා පසුව නාසයෙන් පිටවන වාතය මඟින් ජලය පිටතට බැහැර කිරීමයි. උපවාසයේ නිරත ව සිටින අයෙකු හෝ එසේ කිරීමෙන් තමාට යම් දෝෂයක් ඇති වේ නම් හෝ හැර අනෙකුත් සෑම අවස්ථාවලදී මෙම කැලත්වීම යම් තාක් දුරට අධිකව කිරීම සුන්නත් වේ. මේ අයුරින් තුන් වරක් නාසය සේදීම ද ප්‍රිය ජනක ය. එනමුත් එක් වරක් සිදු කිරීම අනිවාර්ය වේ.
ඔහුගේ මුහුණ ඔහු සෝදා ගනී: මුහුණෙහි සීමාව වනාහි දිගින් මුහුණෙහි සීමාව වනුයේ සාමාන්‍ය පරිදි ඉදිරි හිසෙහි රෝම වැඩෙන ස්ථානයේ සිට නිකටින් පහළ කොටස දක්වා වේ. පළලින් මුහුණෙහි සීමාව වනුයේ එක් කනක සිට අනෙක් කන දක්වා වූ කොටස ය. දෙකන් මුහුණෙහි සීමාව තුළ නැත. මේ අයුරින් තුන් වරක් සේදීම සුන්නාවක් වන අතර එක් වරක් සේදීම අනිවාර්ය කරුණකි.
ඇඟිලි තුඩුවල සිට වැලමිට දක්වා දෙඅත් සෝදා ගනී. වැලමිට දෙක ම සේදිය යුතු සීමාව තුළ ඇත. දකුණතින් ආරම්භ කිරීම සහ තුන් වරක් සේදීම සුන්නාහ් වේ. එක් වරක් සේදීම අනිවාර්ය වේ.
හිස තෙත් අතින් පිරිමදී: එය කෙසේදයත් ජලයෙන් තෙමා ගත් දෑත් හිසෙහි ආරම්භක කොටසෙහි තබා එය කුළල් සන්ධිය දක්වා ගෙනයාමයි. නැවතත් ආරම්භ කළ ස්ථානයට ම ගෙන ඒම සුන්නාහ් වේ. මෙය අනෙකුත් අවයව මෙන් තුන් වරක් සේදීම ප්‍රියජනක නො වේ. එක්වරක් පමණක් කළ යුතු ය.
ඔහු සිය දෙකන් තෙත් අතින් පිරිමදී: හිස පිිරිමැදීමෙන් පසුව දබරැගිලි දෙක දෙකන් තුළ ඇතුල් කර දෙකන්හි බාහිර පෙදෙස මහපට ඇගිලිවලින් පිරිමැදීම.
තම දෙපා වළලු කර දක්වා සේදීම : දකුණු පාදයෙන් සේදීම ආරම්භ කිරීම හා තුන් වරක් බැගින් සේදීම සුන්නාහ් වේ. එනමුත් අනිවාර්ය වන්නේ එක් වරකි. ඔහු කිසියම් පාවහනක් පැලඳ සිටියේ නම් කොන්දේසි ස්වල්පයක් යටතේ ඒ මත පිරිමැදීමට ඔහුට අනුමැතිය හිමි වේ.